Top News

ජාතික වෙළෙඳ ප්‍රතිපත්තිය යථාර්ථයක් බවට පත් කරනවා – නව වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන

නව රජයේ වෙළෙඳ අමාත්‍යවරයා ලෙසින් පත්වීම් ලද බන්දුල ගුණවර්ධන මහතා අද (13) දින සිය අමාත්‍යාංශයේ දී වැඩ භාරගනු ලැබීය. මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ, තමා ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් ඇති කිරීම සඳහා වන කැබිනට් අනුමැතිය තමා මීට පෙර ලබා ගෙන ඇති බවත්, එය ප්‍රායෝගික යථාර්ථයක් බවට පත්කිරීමට හැකියාව ලැබෙනු ඇති…

(0)Comments | August 13, 2020 4:19 pm

වේගවත් ආර්ථික පුනර්ජීවනයක් සඳහා වූ ප්‍රබල ජනවරමක්. ලංකා වාණිජ මණ්ඩලය නව රජයට සුබ පතයි

2020 මහ මැතිවරණ ජයග්‍රහණය සහ ඡන්දදායක පුරවැසියන්ගෙන් ලැබුණු පැහැදිලි බහුතර ජනවරම පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ අලුතින් තේරී පත් වූ රජය වෙත ලංකා වාණිජ මණ්ඩලය සිය සුබ පැතුම් එක් කරයි. පුරවැසියන්ගේ ජීවිත සහ ජීවනෝපායන් ආරක්ෂා කර ගනිමින් කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමේදී ලැබූ ආදර්ශමත් ප්‍රතිඵල තුළින් අතිගරු ජනාධිපතිතුමා සහ රජය ලබාගත් විශ්වාසය, ඔවුන් ලද මෙම…

(0)Comments | August 13, 2020 1:34 pm

කොවිඩ්-19 වසංගතය හමුවේ 2020 පළමු භාගයේදී ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ ලාභය 55%කින් ඉහළ යයි

ශී‍්‍ර ලංකා ටෙලිකොම් පී.එල්.සී (SLT) සමූහය 2020 මුල් භාගය සඳහා මූල්‍ය ප‍්‍රතිඵල නිකුත් කළ අතර එහි මෙහෙයුම් ලාභය 55% ක කැපී පෙනෙන වර්ධනය සහිතව  රුපියල් බිලියන් 6.9 කට ළඟාවීමට කොවිඞ් – 19 වසංගතය හමුවේ ඇති වූ අභියෝග මධ්‍යයේ වුවද සමත්ව ඇත. 2020 මුල් මාස හය තුළ සමූහ ආදායම 3.6% ක මධ්‍යස්ථ වර්ධනයක් සහිතව රුපියල් බිලියන…

(0)Comments | August 12, 2020 4:15 pm

මුදල් ඇමතිට අදාළ ආයතන හා ක්‍රියාත්මක කළ යුතු නීති අණපනත් මෙන්න

නව රජයේ කැබිනට් මණ්ඩලයේ මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පත් වී සිටී. මෙවර මුදල් අමාත්‍යාංශය යටතේ තවත් රාජ්‍ය අමාත්‍යංශ දෙකක් ස්ථාපිත කර තිබේ. එනම් මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශය සහ සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයයි. එම…

(0)Comments | August 12, 2020 3:17 pm

Ceylon Tea තේ වෙළෙඳපොළ පුළුල් කිරීමේ කාර්යභාරය කනක හේරත් ට

රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම සහයෝගීත්වයෙන් Ceylon Tea සඳහා තේ වෙළෙඳපොළ පුළුල් කිරීම ඇතුළු තවත් සුවිශේෂී ප්‍රමුඛ කාර්යභාරයන් රැසක් අන්තර්ගත පරිදි සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත භෝග වගා, තේ කර්මාන්තශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කනක හේරත් මහතා අද (12) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දී දිවුරුම් දෙන ලදී. මෙම…

(0)Comments | August 12, 2020 1:15 pm

වෙළෙඳ ඇමති බන්දුල

අභිනව කැබිනට් මණ්ඩලයේ වෙළෙඳ අමාත්‍යවරයා ලෙසින් බන්දුල ගුණවර්ධන මහතා අද (12) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය. පාරිභෝගිකයින්ගේ අයිතීන් ආරක්ෂා කරමින් තරඟකාරී දේශීය වෙළෙඳ ජාලයක් හරහා ජනතාව වෙත අවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ලබාදීම සඳහා කටයුතු කිරීම වෙළෙඳ අමාත්‍යාංශයේ විෂය පථය වේ. මේ අතර වෙළෙඳ අමාත්‍යාංශයට අදාළ කාර්යයන් හා කර්තව්‍යයන් ලෙසින්, “සෞභාග්‍යයේ දැක්ම“ ප්‍රතිපත්ති…

(0)Comments | August 12, 2020 11:30 am

බැංකු, මූල්‍ය ආයතන ශක්තිමත් කිරීමේ වගකීම කබ්රාල් ට. බැඳුම්කර හා කොටස් වෙළෙඳපළ ආකර්ෂණීය කරවීමත් පැවරෙයි

නව රජයේ මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසින් හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය. මුදල් අමාත්‍යවරයාගේ උපදෙස් හා මඟපෙන්වීම මත ‘ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක්‘ ඇති කිරීම සඳහා අදාළ නීති සහ අණපනත්වලට අනුකූලව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය…

(0)Comments | August 12, 2020 10:54 am

ශ්‍රී ලංකාව හා මියන්මාරය අතර සෘජු ගුවන් ගමන් ඇරඹීමට සාකච්ඡා

ශ්‍රී ලංකාව හා මියන්මාරය අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම වෙනුවෙන් සාකච්ඡාවක් පසුගිය දා පවත්වා තිබේ. මියන්මාරයේ ශ්‍රී ලංකාවේ තානාපති ආචාර්ය නලින් ද සිල්වා සහ මියන්මාරයේ පුද්ගලික ගුවන්සේවා සමාගමක් වන Myanmar Airways International (MAI) හි ප්‍රධාන විධායක නිලධාරී සරවනන් රාමසාමි හා ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ටනේස් කුමාර් අතර මෙම සාකච්ඡාව පැවති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත්…

(0)Comments | August 11, 2020 4:16 pm

බැඳුම්කර හා කොටස් වෙළෙඳපළ ආකර්ෂණීය කරවීමේ වගකීම මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයාට පැවරෙයි

නව රජයේ අමාත්‍ය මණ්ඩල ව්‍යූහය මේ වන විට ගැසට් කර තිබේ. අමාත්‍යාංශ 28 කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40 කින් සමන්විත අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් හට පැවරෙන කාර්යභාරයන් ද එම ගැසට් නිවේදනයේ අන්තර්ගත වේ. මුල් වරට මෙවර ප්‍රාග්ධන වෙළෙඳපොළට අදාළවද රාජ්‍ය අමාත්‍යාංශයක් ස්ථාපිත කර තිබීම විශේෂත්වයකි. මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ලෙසින් නම් කර…

(0)Comments | August 11, 2020 1:27 pm

මහජනතාවට නිවේදනයක් – සිම්පත් යෙදීම ලියාපදිංචි විදුලි සංදේශ උපකරණවලට පමණයි

ලියාපදිංචිය නොකළ විදුලි සංදේශ උපකරණ ජාලවලට සම්බන්ධ කිරීම අත්හිටුවීමට තීරණයක් විදුලි සංදේශ උපකරණ මිලදී ගැනීමේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වෙළඳ ආයතනයකින් මිලදී ගැනීමට නිරන්තරයෙන් කල්පනාකාරී වන ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මහජනතාවට දැනුම් දී සිටී. මෙහිදී නියාමන කොමිසම වැඩිදුරටත් පවසන්නේ, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදංචි නොකළ විදුලි සංදේශ උපකරණ…

(0)Comments | August 11, 2020 11:14 am