Top News

නවාරා ගැන ලංකෙම් මෙසේ කියයි

කොටස් තැරැව්කාර සමාගමක් වන නවාරා සිකියුරිටීස් (පුද්) සමාගම අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් පළ වී තිබෙන මාධ්‍ය වාර්තා පදනම් විරහිත බව ලංකෙම් සිලෝන් පීඑල්සී කියා සිටී. කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත මේ බව දැනුම් දෙමින් ලංකෙම් සිලෝන් පීඑල්සී හි කළමනාකාර අධ්‍යක්ෂ ඩී.එල්. විතාරණ විසින් වැඩිදුරටත් කියා සිටින්නේ ලංකෙම් සිලෝන් පීඑල්සී හෝ ඊට අනුබද්ධ සමාගමක් වන කළම්බු ‍ෆෝට්…

(0)Comments | March 13, 2017 4:40 am

බැඳුම්කර කොමිසමට අද දවස තීරණාත්මකයි

2015 වසරේ සිදුවූ ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අද (13) දිනයේ දී භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ. අද දෙරණ වාර්තාකරු පැවසුවේ අද පෙරවරු 9.30 ට පමණ හිටපු අධිපතිවරයා බැඳුම්කර කොමිසම හමුවට පැමිණි බවයි….

(0)Comments | March 13, 2017 4:18 am

නිමල්ගෙන් පසු හොරණට මොහාන් එයි

හොරණ වැවිලි සමාගමේ නව විධායක සභාපතිවරයා වශයෙන් එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන මොහාන් පණ්ඩිතගේ මහතා පත්ව තිබේ. මේ අතර සමාගෙම් නව කළමනාකාර අධ්‍යක්ෂවරයා වශයෙන් රොෂාන් රාජදුරෙයි මහතා පත් කර ඇත. මෙම පත්කිරීම් අද දින සිට වහාම බලපැවැත්වෙනු ඇත.

(0)Comments | March 10, 2017 10:15 am

PARKLAND බිල්ඩිම රුපියල් 8 බැගින් මහජනයාට විකුණයි

කොළඹ 02 PARKLAND පරිශ්‍රයේ හිමිකරුවා වන RIL Property Ltd සමාගම, මූලික මහජන කොටස් නිකුතුවක් කිරීමට තීරණය කර තිබේ. මෙහිදී ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් මිලියන 120 ක් රුපියල් 8.00 බැගින් නිකුත් කිරීම සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කර තිබූ අයදුම්පත අනුමත කර ඇත. රුපියල් මිලියන 960 ක අරමුදල් සම්පාදනය කර ගැනීම සඳහා සිදුකරනු ලබන…

(0)Comments | March 10, 2017 7:36 am

මෙරට විශාලතම පුද්ගලික වාණිජ බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව 2016 සාර්ථකව නිමකරයි

නව ශාඛා ඇතිකිරීම, ස්වයංක‍්‍රීයකරණය සහ තාක්ෂණික නවෝත්පාදනයන් තුළින් සේවා සම්පාදනයේ සංධිස්ථාන රැසක් පසුකරයි කොමර්ෂල් බැංකුව 2016 වාර්තා කළ ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනය පදනම් වූයේ එම වසර තුල බැංකුව විසින් සේවා සම්පාදනයේ පසුකළ කැපී පෙනෙන සංධිස්ථානයන් කීපයක් මත බව බැංකුව නිවේදනය කර තිබේ. පසුගියදා එළිදැක්වූ මූල්‍ය වාර්තා වලට අනුව ශ‍්‍රී ලංකාවේ වඩාත් ලාභදායී පුද්ගලික වාණිජ බැංකුව…

(0)Comments | March 10, 2017 6:21 am

වරාය අධිකාරියට රුපියල් බිලියන 11ක ලාභයක්

2016 වර්ෂයේදී, එනම් පසුගිය වර්ෂයේදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය රුපියල් බිලියන 11ක ලාභයක් ලැබීමට සමත් වූ බවත් එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 83ක වැඩි වීමක් බවත් වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. වාර්ෂික ප්‍රගති සමාලෝචන මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව අවධාරණය කළ අතර අභියෝග රැසකට මුහුණ දීමෙන් පසුව මෙම ජයග්‍ර‍හණය අත් කර ගැනීමට…

(0)Comments | March 10, 2017 5:05 am

සභාපති පුටුවලින් නිමල් නැගිටියි

හොරණ වැවිලි සමාගම, ලංකා සෙරමික්, ලංකා වෝල්ටයිල්ස්, ස්විස්ටෙක් (සිලෝන්) හා ලංකා ටයිල්ස් යන ලැයිස්තුගත සමාගම්වල සභාපතිවරයා හා විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු වූ නිමල් පෙරේරා අදාළ තනතුරුවලින් ඉල්ලා අස් වී තිබේ. එසේම වැලිබල් වන් පීඑල්සී හි තමන් දැරූ නියෝජ්‍ය සභාපතිධූරයෙන් ද නිමල් පෙරේරා ඉල්ලා අස් වී ඇත. මේ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් එම සමාගම්වල…

(0)Comments | March 9, 2017 7:59 am

තිදෙනෙකුගෙන් ආරම්භ කළ ව්‍යාපාරයේ දැන් 1,500 ක් සිටිනවා

2016 වසරේ දී ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය පැවැත්වූ සම්මාන ප්‍රදානයේ දී මහා පරිමාණ අංශයේ හොඳම ව්‍යවසායකයාට හිමි ප්ලැටිනම් සම්මානය දිනා ගැනීමට සමත් වූ SMS හෝල්ඩිංග්ස් සමාගමේ සභාපති/ කළමනාකාර අධ්‍යක්ෂවරයා වන ෂෙහාන් සෙනෙවිරත්න මහතා මෙවර අද දෙරණ Biz 24×7 සමඟින් එක්විය. එහිදී සාකච්ඡාව ආරම්භ කරමින් සෙනෙවිරත්න මහතා කියා සිටියේ 2001 වසරේ දී සේවකයින්…

(0)Comments | March 9, 2017 7:46 am

මහින්ද්‍රා KUV 100 එකලස් කිරීම ශ්‍රී ලංකාවට

ඉන්දියාවේ මහින්ද්‍රා ඇන්ඩ් මහින්ද්‍රා සමාගමේ මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් නුදුරේදීම ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ. මහින්ද්‍රා මෝටර් රථ ඇතුළු නිෂ්පාදිත මෙරට බලයලත් අලෙවි ආයතනය වන අයිඩියල් මෝටර්ස් හි සභාපති නලින් වෙල්ගම විසින් දේශීය පුවත්පතක් වෙත මේ බව අනාවරණය කර තිබේ. මෙහිදී වැඩිදුරටත් වෙල්ගම මහතා විසින් කියා සිටින්නේ කොළඹට ආසන්න හොරණ…

(0)Comments | March 9, 2017 7:39 am

ෆාමසි ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි

ෆාමසි ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. දිවයින පුරා පිහිටි ෆාමසි පිළිබදව සංගණනයක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය හරහා සිදු කිරීමෙන් පසු ලියාපදිංචිය පිළිබද තීරණයක් ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි. සමස්ත ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමය සංවිධානය කළ ඖෂධ ශාලා හිමියන් සහ ඖෂධවේදීන්…

(0)Comments | March 9, 2017 6:46 am