ශ්‍රී ලංකාව තුළ පරිභෝජනය කරන ඖෂධවලින් සියයට 90ක්ම ගෙන්වන්නේ විදේශවලින් බවත්, ඉදිරි වසර 5ක කාලයෙන් පසු විදේශයන්ගෙන් ඖෂධ ගෙන්වීම මුළුමනින්ම නතර කිරීමට අවශ්‍ය සැලසුම්වලට අනුව කටයුතු කරමින් යන බවත් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. අද (19) දින අනුරාධපුරයේ දී මාධ්‍ය වෙත අදහස් දක්විමන් ඔහු මේ බව කියා සිටියේය….
කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ අඩපන වූ පාවහන් සහ සම්භාණ්ඩ කර්මාන්ත ක්ෂේත්‍රයට නව පනක් ලබාදිමේ අරමුණින් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ දේශීය කර්මාන්ත නගාසිටුවීමේ සංකල්පය මත ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සම්භාන්ඩ නිෂ්පාදන හා පාවහන් සංවර්ධන මධ්‍යස්ථානයේ මැදිහත්වීමෙන් ‘Made in Sri Lanka’ දීපව්‍යාප්ත දේශීය සම්භානණ්ඩ නිෂ්පාදන අලෙවි ප්‍රවර්ධන සල්පිල් මාලාවක් දියත්කර…
මෙරට පුනර්ජනනීය බලශක්ති කර්මාන්තය වෙනුවෙන් දේශීය කර්මාන්ත නඟා සිටුවීම සඳහා ලංකාවේ සිටින සියලූම ව්‍යාපාරිකයින්ට, ධනවතුන්ට තමන් ආරාධනය කර සිටින බව සූර්යබල, සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. ඊයේ (18) සිය අමාත්‍යාංශයේ දී රාජකාරි ධූරයේ වැඩ ඇරඹීමෙන් පසු මාධ්‍ය අමතමින් ඔහු මෙම ආරාධනය සිදුකළේය. මේ අතර රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී…
වර්තමානය වන විට ක්‍රීඩාව වාණිජකරණය වී ඇති බවත් ඊට ගැළපෙන අයුරින් මෙරට ක්‍රීඩා පනත සකස් විය යුතු බවත් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. අද (18) දින සිය ධූරයේ රාජකාරි අරඹමින් ඔහු මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා, “මේ රටේ ක්‍රීඩාව හරි මාර්ගයට ගන්න…
පද්ධති (systems), ක්‍රියාමාර්ග (procedures) වෙනස් කිරීමට යාමේ දී ඊට විරුද්ධ වන පාර්ශවයක් ද සිටින බවත්, තමන් වෙත අභූත චෝදනා එල්ල කරන්නන්ට තමා කිසිසේත් බිය නොවන බවත් ශ්‍රී ලංකා සංචරණ (Sri Lanka Tourism) සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මිය පවසයි. සංචාරක ව්‍යාපාරයේ ඉදිරි වැඩ පිළිබඳව එම ක්ෂේත්‍රයේ නියතුවූවන් සමඟ අද (18) කොළඹ දී පැවති සාකච්ඡාවක දී ඇයි මේ…
දැනටමත් වසරකට ටයර් මිලියන 2 ක් නිපදවයි මෙරට ට‍්‍රක් සහ බස්රථ ටයර් අවශ්‍යතාවය සියයට 100 ක්ම සමාගමට සැපයිය හැකිබව කියයි ඉදිරි සති කිහිපය තුල රේඩියල් ටයර් නිෂ්පාදනය 45% කින් වර්ධනය කිරීමට යන්ත‍්‍ර සවිකරමින් පවතී විදේශ විනිමය ඉතිරිකර ගැනීමටත් දේශීය කර්මාන්ත නඟා සිටුවීමට රජය දරන ප‍්‍රයත්න වලට ප‍්‍රතිචාරයක් ලෙස මෙරට ට‍්‍රක්රථ සහ බස්රථ ටයර් අවශ්‍යතාවය…
සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමාගම් සමූහයේ පාරිභෝගික අංශය විසින් රුපියල් බිලියන 1.7කට ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ රසකැවිලි සමාගමක් වන ඩේන්ටී සමාගම අත්පත් කර ගනිමින් ඩේන්ටී, මයිලේඩි සහ බෙන්සන්ස් ඇතුළු ප‍්‍රසිද්ධ වෙළෙඳ නාම කිහිපයක් සිය සමාගම් සමූහයට එක් කරගෙන ඇත. සිය තේ සන්නාමය අංක 1 ස්ථානයේ රඳවා ගනිමින් සන්ෂයින් මෙම පියවර ගනු ලබන්නේ තේ වලින් ඔබ්බට ගොස් ශ්‍රී…
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) 50 වැනි වාර්ෂික මහ සභා රැස්වීම, රජයේ සෞඛ්‍යාරක්ෂණ නීති අනුව 2020 ජූනි මස 26 වැනිදා කොළඹ මරීනෝ හෝටලයේදී පැවැත්විණ. එහිදී SLIM 50 වසරක අභිමානවත් ගමන් මග තුළ පත්වූ 42 වැනි සභාපතිවරයා ලෙස රොෂාන් ප‍්‍රනාන්දු මහතා තේරී පත්වූ අතර 2020/2021 වසර වෙනුවෙන් නව කළමනාකාරීත්ව මණ්ඩලයක් හා විධායක කමිටුවක්ද එහිදී තෝරාපත් කරගන්නා…
වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අපනයන සංවර්ධනය සඳහා සිදු කළ ප්‍රථම රැස්වීම ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේ දී අද දින (18) පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ප්‍රභාෂ් සුබසිංහ මහතා, වෙළඳ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් චිත්‍රාංජලී දිසානායක මෙනවිය ඇතුළු අධ්‍යක්ෂවරුන් සහ සෙසු නිලධාරීන් සහභාගී විය….
මෙරට ඔයිල් පාම් වගාව මනා නියාමනයක් යටතේ සීමිත ලෙස ව්‍යාප්ත කිරීම වෙනුවෙන් වන රජයේ ප‍්‍රතිපත්තියේ තිබෙන අවිනිශ්චිතතාවය හමුවේ මෙරට වැවිලි සමාගම්වලට මාස දෙකකින් පමණ රුපියල් මිලියන 500 ක අලාභයක් සිදුවනු ඇතැයි එම ක්ෂේත‍්‍රයේ ඉහළම සංගමය අනතුරු අඟවයි. පාම් ඔයිල් කර්මාන්ත සංගමය (POIA) සඳහන් කරන්නේ රජයේ තීරණය අනුව ඔයිල් පාම් වගාව පුළුල් කිරීම සඳහා ආනයනය කළ…
Video Story