Top News

සියලු කොටස් මිල දර්ශකය සැප්තැම්බර් මස තුල ලොව වැඩිම වර්ධනයක් දැක්වූ මිල දර්ශකය බවට පත් වේ

සැප්තැම්බර් මස තුල 12% වර්ධනයක් දැක් වූ කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ලොව අනෙක් මිල දර්ශකයන් අභිබවමින්, එම මාසය තුල වැඩිම වර්ධනයක් දැක්වූ මිල දර්ශකය බවට පත්ව ඇත. සැප්තැම්බර් මස තුල කොළඹ කොටස් වෙළෙදපොළෙහි සමස්ත වෙළෙදපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 279.6ක් එකතු වීමද විශේෂත්වයකි. කොළඹ කොටස් හුවමාරුවෙහි විශාලතම සහ ද්‍රවශීලතාවයෙන් ඉහළම කොටස් 20කින්…

(0)Comments | October 2, 2020 6:33 pm

මොරිසන් සමාගම මෙරට විශාලතම ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාව විවෘත කරයි

සමස්ත ආයෝජනය ඇ.ඩො. මිලියන 18.5 ක් යුරෝපා සංගමයේ යහපත් නිෂ්පාදන ක්‍රමවේද (GMP) වලට අනුකූලව අපනයන කිරීම අරමුණයි මෙරට විශාලතම ඝන ඖෂධ නිෂ්පාදකයා වන හේමාස් හෝල්ඩින්ග්ස් පීඑල්සී සමාගමට අනුබද්ධිත මොරිසන් පීඑල්සී සමාගම, අද (2020 ඔක්තෝබර් මස 02) දින නවීන තාක්ෂණයෙන් අනූන ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාව සහ පර්යේෂණ හා සංවර්ධන පරිශ්‍රය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන…

(0)Comments | October 2, 2020 2:57 pm

CCPI උද්ධමනය – සැප්තැම්බරයේ දී සුළු පහළ යාමක්

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද. – CCPI, 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 අගෝස්තු මාසයේ පැවති සියයට 4.1හි සිට 2020 සැප්තැම්බර් මාසයේ දී සියයට 4.0 දක්වා සුළු වශයෙන් පහළ ගියේය. 2019 සැප්තැම්බර් මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය. ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය…

(0)Comments | October 2, 2020 5:35 am

පාලන මිල ඉවතට – ‘කහ‘ කරළියට. කිලෝවක් රු. 3,700 සිට

කහ ආනයනය තහනම් කිරීමත් සමඟ දේශීය වෙළෙඳපොළේ කහ සඳහා වූ මිල සීඝ්‍රයෙන් ඉහළ ගිය අතර එහිදී මිල පාලනය සඳහා 2020 අප්‍රේල් 21 දින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතාගේ අත්සනින් යුතුව අංක 2172/5 දරන අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරිණි. ඉන් කියැවුණේ කහ කුඩු අලෙවිය සඳහා කිලෝ ග්‍රෑම් 1ක් වෙනුවෙන්…

(0)Comments | October 1, 2020 11:22 pm

පොත් වසන්තය ආයෙත් ඇවිල්ලා

හැම අවුරුද්දකම සැප්තම්බර්, ඔක්තෝබර් මාසවල සාහිත්‍ය ලෝලීන්ගෙ ඇඟට දැනෙන්නෙ හරියට පොඩි කාලෙ අවුරුදු එනවා කිව්වම දැනෙනවා වගේ හැඟීමක්.නෑදෑයො බලන්න ගිහින් ලැබුණු තෑගිත් අරන් ගෙදර එනවා වගේ තමයි අලුතෙන් පොත් අරන් ගෙදර යද්දි. කොළඹට තමයි ඉතින් සාහිත්‍ය මාසෙ ඉර පායන්නෙ. පොත් ප්‍රදර්ශන, වට්ටම්, සාහිත්ය උත්සව, සාහිත්‍ය කතිකා, පොත් එළිදැක්වීම් හැමතැනම. ඒත් මේ සාහිත්‍යයේ දීප්තිමත් සූර්යාලෝකය අපේ…

(0)Comments | October 1, 2020 9:15 pm

ආයෝජකයින්ගේ මතය Moody’s මතයට වඩා හාත්පසින් වෙනස් – රාජ්‍ය අමාත්‍ය කබ්රාල්

ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළේ හා LMD Business Confidence දර්ශකයේ වර්ධනය දෙස බැලීමේ දී මෙරට සහ විදෙස් ආයෝජකයින්ගේ මතය මනාව පිළිබිඹු වන බවත්, එය Moody’s ආයතනයේ මතයට වඩා හාත්පසින්ම වෙනස් බවත් මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. අද (30) මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක දී රාජ්‍ය අමාත්‍යවරයා මේ…

(0)Comments | September 30, 2020 3:22 pm

ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම රාජ්‍ය ආදායමෙන් මනාව පැහැදිලි වෙනවා – මුදල් ලේකම් ආටිගල

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම රාජ්‍ය ආදායමෙන් මනාව පැහැදිලි වන බවත් එය පසුගිය අගෝස්තු මාසයේ දී රු. බිලියන 144 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා පවසයි. අද (30) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවක දී ලේකම්වරයා මේ බව කියා සිටියේය. මේ අතර මෙම මාධ්‍ය හමුවට එක් වූ…

(0)Comments | September 30, 2020 2:24 pm

වැවිලිකරුවන්ගේ සංගමයේ මහා සභාවේ දී නව වැටුප් ව්‍යුහයක අවශ්‍යතාවය පිළිබඳව නව රජයේ අවධානයට

සියලූම වැවිලි අංශ නියෝජනය කරන වතු කම්කරුවන්ගේ වඩාත් වැදගත්ම ගැටළුව වන වැටුප් සංශෝධනය පිළිබඳව මෙන්ම රජය විසින් කටුපොල් වගාව සඳහා පනවා ඇති තාවකාලික තහනම සම්බන්ධයෙන් ලබන වසරේ මුල සිට ලංකා වැවිලිකරුවන්ගේ සංගමයට (PAC) ඉතා අභියෝගාත්මක හා තීරණාත්මක අනාගතයකට මුහුණ දීමට සිදුවනු ඇති බව මෑතකදී බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවති ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 166 වන වාර්ෂික…

(0)Comments | September 30, 2020 11:07 am

MarCom Collectives අගමැති හමුවෙයි

ජාතික ආර්ථිකයට ක්ෂේත්‍රයේ දායකත්වය හුවා දක්වමින් එය නැවත නඟා සිටුවීම සඳහා ප්‍රතිපත්තිමය සහයෝගය අපේක්ෂා කරයි. MarCom Collective හි කැඳවුම්කරුවන්, සංගම් 9 ක සභාපතිවරුන් සහ Ernst & Young Sri Lanka හී නියෝජිතයන් කිහිප දෙනෙකුගෙන් යුත් ඉහළ නිළධාරීන් පිරිසක් පසුගියදා අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වූහ. ඒ කොළඹ අරලියගහ මැදුරේදීය. මෙය ආර්ථික ප්‍රගමනය වෙනුවෙන්…

(0)Comments | September 30, 2020 10:13 am

දේශීය කුකුළු කර්මාන්තය වෙනුවෙන් පර්යේෂණ ව්‍යාපෘතියක්. වසර 5කට බ්‍රිතාන්‍ය පවුම් හත්ලක්ෂයක ප්‍රදානයක්

එක්සත් රාජධානියේ Royal Veterinary College සමඟ පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එක්ව (සම සහභාගිත්වයෙන්) එක්සත් රාජධානියේ ගෝලීය අභියෝග සඳහා පර්යේෂණ අරමුදලෙහි මූල්‍ය දායකත්වය සහිතව One Health Poultry Hub යනුවෙන් පර්යේෂණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනයේ වර්ධනයක් ඇති කිරීමත්, දේශීය කුකුළු කර්මාන්තය අපනයන ක්ෂේත්‍රයට යොමු කිරීමේදී පැන…

(0)Comments | September 29, 2020 4:15 pm