Top News

මිනුවන්ගොඩට කොවිඩ් ආවේ ඉන්දියාවෙන් ද? ඒ ගැන සත්‍යතාවයක් නැහැ – යුද හමුදාපති

මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්තශාලාවේ කොවිඩ්-19 ව්‍යාප්ත වීමේ මූලාශ්‍රය, නිරෝධායනයකින් තොරව මෙරටට පැමිණි ඉන්දියානුවන් කිහිපදෙනෙක් නිසා වූ බවට වාර්තා පළ වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා අද (07) දින පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය. කෙසේ වෙතත් අද (07) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක දී මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විසින් කොවිඩ්-19 වැළැක්වීම සඳහා ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී,…

(0)Comments | October 7, 2020 4:46 pm

කොවිඩ් අවදානම කොළඹ ගොල්ෆ් පිටියටත්

රාජකීය කොළඹ ගොල්ෆ් සමාජයීය (Royal Colombo Golf Club) ක්‍රීඩා පිටියෙහි උද්‍යාන අලංකරණ ශිල්පියෙකු (gardener) ලෙස සේවය කරනු ලබන අයෙකුගේ දියණියක කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීම හේතුවෙන් අදාළ ක්‍රීඩා සමාජය තාවකාලිකව වසා දැමීමට එම පාලනාධිකාරිය තීරණය කර තිබේ. මෙම උද්‍යාන අලංකරණ ශිල්පියාගේ දියණිය මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ කාර්ය මණ්ඩල සාමාජිකාවකි. මේ අතර එම උද්‍යාන අලංකරණ ශිල්පියා සහ ඔහුගේ…

(0)Comments | October 7, 2020 1:38 pm

ජාතික පාසල් සංඛ්‍යාව 1,000 ක් දක්වා ඉහළ නැංවීම ඇතුළු අංශ කිහිපයක සංවර්ධනය වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 400ක ණයක්

රජයේ පාසල්වල ද්විතියික අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය උදෙසා ආසියානු සංවර්ධන බැංකු මූල්‍ය සහාය ලබා ගැනීමට තීරණය වී තිබේ. ඒ අනුව ප්‍රතිඵල මත පදනම් වූ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිණිස ආසියානු සංවර්ධන බැංකුව වෙතින් අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක් දක්වා ණය මුදලක් ලබා ගැනීම සඳහා 2020 අප්‍රේල් මස 01 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා…

(0)Comments | October 7, 2020 12:36 pm

බාසල් සම්මුතිය උල්ලංඝනය කරමින් කසළ ගෙන්වූවාට ශ්‍රී ලංකාව කෝටි 169 ක් වන්දි ඉල්ලයි

බාසල් සම්මුතිය කඩකරමින් මෙරටට ගෙන්වා ඇති කසළ බහාලුම් ප්‍රතිඅපනයනය කිරීම සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර ඇත. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ඊයේ (06) දිනයේ දී බාසල් සම්මුතියට විෂය ප්‍රකාරව හා නියමිත ක්‍රමවේදයට අනුව මේ පිළිබඳව බාසල් සම්මුතියේ ලේකම් කාර්යාලය වෙත පැමිණිලි කරනු ලැබ ඇති බවයි. තවද ශ්‍රී ලංකාවට මෙතෙක් මෙමඟින් වූ හානිය වෙනුවෙන් රු. 1,694,274,751.00…

(0)Comments | October 7, 2020 12:06 pm

මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ තත්ත්වය පිළිබඳ බ්‍රැන්ඩික්ස් සමාගමෙන් නිවේදනයක්

පවතින තත්ත්වය සම්බන්ධයෙන් බ්‍රැන්ඩික්ස් සමාගම විසින් නිවේදනයක් නිකුත් කර ඇත. සමාගම විසින් නිකුත් කරන ලද එම නිල නිවේදනය පහතින් දැක්වේ. 2020 ඔක්තෝබර් මස 6: පවත්නා තත්ත්වය හමුවේ සාමාන්‍ය ජනතාව සහ අදාළ සියලු පාර්ශ්ව දැනුම්වත් කිරීම සඳහා, අපගේ මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ පළමු COVID-19 වෛරසය ආසාදනය වූ කාර්යමණ්ඩල සාමාජිකාව හඳුනාගැනීමේ සිට මේ දක්වා අප සතු තොරතුරු ලබාදීමට කැමැත්තෙමු….

(0)Comments | October 6, 2020 5:44 pm

ඉහළ උච්ඡාවචන මැද කොටස් වෙළෙඳපොළ අදත් පහළට

ඊයේ (05) දිනයේ දී ඉතිහාසයේ තනි දිනයක් තුළ දරුණුතම කඩා වැටීම (ඒකක 462.99 ක්) වාර්තා වූ කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (06) දිනයේ දී ඉහළ උච්ඡාවචනයන් මැද ඒකක 52.57 ක පහළ යාමක් වාර්තා කළේය. ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය දැක්වුණේ ඒකක 5,534.61 ක් ලෙසිනි. ඒකක 5,587.18 ක් ලෙසින් ඊයේ…

(0)Comments | October 6, 2020 5:13 pm

කොළඹට නව රථගාල් 08ක්. මහල් 10ක පළමු ඉදිකිරීමේ වැඩ ඇරඹෙයි. රු. බිලියනයක ව්‍යාපෘතියක්

කොළඹ නගරයේ වාහන තදබදය අවම කිරීම සඳහා රථගාල් 08 ක් ඉදිකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ. එහි ප්‍රථම අදියර අද (06) වැනි දින කොළඹ කොටුව ලේක්හවුස් ආයතනය පසුපස පිහිටි ටෙලිකොම් රථගාල ඉදිකිරීමෙන් ආරම්භ කෙරිණු අතර මෙම ව්‍යාපෘතියට වැය…

(0)Comments | October 6, 2020 4:37 pm

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සියයට 15 ක පොළියක් ගෙවනවා – රාජ්‍ය අමාත්‍ය කබ්රාල්

රුපියල් ලක්ෂ 15 ක් දක්වා වන ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් වෙනුවෙන් සියයට 15ක පොළී අනුපාතයක් මේ වන විට ගෙවනු ලබන බවත් අවශ්‍ය නම් බැංකුවක් වෙත ගොස් ඒ බව තහවුරු කරගත හැකි බවත් මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. අද (06) දින පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා…

(0)Comments | October 6, 2020 1:33 pm

බණ්ඩාරනායක ගුවන්තොටේ ආනයන භාණ්ඩ පර්යන්ත ගොඩනැගිල්ල ඉදිකිරීමේ රු. බිලියන 2.37 ක කොන්ත්‍රාත්තුව නවලෝක කන්ස්ට්‍රක්ෂන් වෙත

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි ආනයන භාණ්ඩ පර්යන්ත ගොඩනැගිල්ල ඉදිකිරීම – අදියර 1 සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම පිණිස 2019 මැයි මස 07 දින පැවති අමාත්‍ය මණ්ඩල ‍රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, එකී ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් තරගකාරි ලංසු කැඳවා ඇති අතර, ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය සැලකිල්ලට ගෙන, අදාළ කොන්ත්‍රාත්තුව රුපියල්…

(0)Comments | October 6, 2020 1:23 pm

මුහුදු කූඩැල්ලන් – හක් බෙල්ලන් ඇල්ලීමට දුන් කිමිඳුම් අවසර පත්‍ර තාවකාලිකව අත්හිටුවයි

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් යාපනය අර්ධද්වීපයේ බටහිර වෙරළ තීරයේ මුහුදු කූඩැල්ලන් (Sea-Cucumber) සහ හක් බෙල්ලන් (Conch Shells) යන මුහුදු ජීවීන් එක් රැස් කිරීම සඳහා විශේෂ කිමිඳුම් අවසර පත්‍ර නිකුත් කරනු ලබයි. ඒ අනුව, එම කටයුතුවල නිරත වන කිමිඳුම් කණ්ඩායම් එම ප්‍රදේශයේ වෙරළ තීරයේ තාවකාලිකව පදිංචිව සිටිමින් එම කටයුතුවල නිරත වෙති. එම කාර්යය සඳහා…

(0)Comments | October 6, 2020 12:13 pm