Top News

Toyota කර්මාන්ත ශාලාවක් ශ්‍රී ලංකාවට

අගය එකතු කරන ලද කෘෂිකාර්මික නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්ත සඳහා ජපන් ආයෝජකයන්ට කර්මාන්ත අමාත්‍ය විමල්ගෙන් ඇරයුමක් කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වුව ද ශ්‍රී ලංකාවේ ආයෝජනය පිණිස ජපන් ආයෝජකයන් ඉදිරිපත්ව සිටීම පිළිබඳව බෙහෙවින් සතුටු වන බවත් අප රට කෘෂිකර්මාන්තය පදනම් කරගත් රටක් බැවින් අගය එකතු කරන ලද කෘෂිකාර්මික නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්ත සඳහා ජපන් ආයෝජකයන්ට ඇරයුම් කර සිටින…

(0)Comments | October 9, 2020 11:20 am

දාස සමූහ ව්‍යාපාරයෙන් ‘දාස‘ මාස්ක් වෙළෙඳපොළට. උපරිම සිල්ලර මිල රු. 20යි

ශ්‍රී ලංකාවේ ඇඟලුම් වෙළෙඳ කර්මාන්තයේ නිරත ඉපැරණි ආයතනයක් වන දාස සමූහ ව්‍යාපාරය විසින් නිෂ්පාදනය කරන ලද මුහුණු ආවරණ,  අද (08) දින වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ  ප්‍රධානත්වයෙන් යුතුව වෙළෙඳපොළට හඳුන්වා දෙන ලදී. මෙම මුහුණු ආවරණයක උපරිම සිල්ලර මිල රු. 20 ක් වේ. මෙම අවස්ථාවේ දී අදහස් දක්වමින් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධණ මහතා මෙසේ කියා සිටියේය….

(0)Comments | October 8, 2020 6:40 pm

මහා සභා රැස්වීම්වලට කොවිඩ්-19 හරස් වෙයි

පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ මහජන ඒකරාශීවීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ දී ඇති උපදෙස් අනුව යමින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් කිහිපයක්, කලින් සැලසුම් කරන ලද වාර්ෂික මහා සභා රැස්වීම් (Annual General Meetings) දින නියමයක් නොමැතිව කල් දමා තිබේ. පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම අද (08) දින නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ 2020 ඔක්තෝබර් 14 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර…

(0)Comments | October 8, 2020 5:42 pm

සමාගම් මැදුරේ මහජන සේවා නවතී

කෝවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මහජනතාව ඒකරාශි වීම වැලැක්වීම සදහා සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ මහජන සේවා ලබා දීමේ කටයුතු නැවත දැනුම් දෙන තුරු අද (08.10.2020) දින සිට තාවකාලිකව අත්හිටුවා ඇත. එසේ වුවද සමාගම් සංස්ථාගත කිරීම, සමිති ලියාපදිංචි කිරීම හා පොදු කොන්ත්‍රාත් ලියාපදිංචි කිරීම ඇතුළු සේවා, මාර්ගගත ක්‍රමය ඔස්සේ (ඔන්ලයින්) ලබා ගත හැකි වන අතර එම පහසුකම්…

(0)Comments | October 8, 2020 4:02 pm

කොටස් වෙළෙඳපොළේ සුවිශේෂී පිබිදීමක්. සියලු කොටස් ඒකක 171කින් ඉහළට. පිරිවැටුම රු. බිලියන 2.9 ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ අද (08) දිනයේ දී කැපී පෙනෙන කාර්යසාධනයක් වාර්තා කරමින් සියලු කොටස් මිල දර්ශකය පෙර දිනයට සාපෙක්ෂව ඒකක 171.32 ක වර්ධනයක් වාර්තා කළේය. මෙය 3.09% ක දැවැන්ත වර්ධනයක් වන අතර දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 5,724.54 ක් ලෙසින් සටහන්ව තිබිණ. මේ අතර දිනයේ ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 2.9ක් ලෙසින් සටහන්…

(0)Comments | October 8, 2020 3:45 pm

ඉහළ පෙළේ චීන දූත පිරිසක් අද කොළඹට

හිටපු චීන විදේශ අමාත්‍ය සහ වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික යැං ජියේචි මැතිතුමාගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ චීන බලවතුන්ගෙන් සමන්විත දූත පිරිසක් අද (ඔක්තෝබර් 08) දින කොළඹට සම්ප්‍රාප්ත වීමට නියමිතය. ගෝලීය කොරෝනා වසංගතයෙන් අනතුරුව දකුණු ආසියානු කලාපයේ නිරත වන ප්‍රථම චීන සංචාරය වන මෙම සංචාරය, ගෝලීය වසංගතයට එරෙහිව සටන් කිරීම සහ ආර්ථික සබඳතා පුනර්ජීවනය…

(0)Comments | October 8, 2020 2:24 pm

කැලණිවැලි දුම්රිය අවිස්සාවේල්ලෙන් ඔබ්බට?

කැලණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ලේ සිට ඉදිරියට ගමන් ගැනීම පිළිබඳව ශක්‍යතා වාර්තාවකින් ලැබෙන ප්‍රතිඵල අනුව තීරණය කරනු ලබන බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි. අද (08) දින පාර්ලිමේන්තුවේ දී, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුණ ලියනගේ මහතා කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය. මෙහිදී කරුණු දැක්වූ ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා, “දැනට…

(0)Comments | October 8, 2020 1:21 pm

ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවෙන් කොමර්ෂල් බැංකුවේ ඩොලර් මිලියන 50 ක කොටස් ආයෝජනයක්

කොමර්ෂල් බැංකුවේ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 115,197,186 ක් පුද්ගලික කොටස් නිකුතුවක් ලෙස ඩොලර් මිලියන 50 කට (රුපියල් බිලියන 9.215 කට) ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවට ලබාදීමට අවශ්‍ය නිළ කටයුතු මේ වනවිට සම්පූර්ණ කර ඇතැයි කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත. මෙය කොමර්ෂල් බැංකුව සිදුකරන පළමු විදේශීය පුද්ගලික කොටස් වෙන්කිරීම බවත්, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව විසින් කොවිඞ්-19 වසංගත තත්ත්වයෙන් පසු…

(0)Comments | October 8, 2020 11:26 am

ඉන්දියාවෙන් හෝ වෙනත් රටකින් පැමිණි කිසිඳු පාර්ශ්වයක් මිනුවන්ගොඩ කර්මාන්තශාලාවට පැමිණ නැහැ – බ්‍රැන්ඩික්ස් අවධාරණය කරයි

සිය සමාගමට අයත් මිනුවන්ගොඩ කර්මාන්තශාලා පරිශ්‍රයට ඉන්දියාවෙන් හෝ වෙනත් රටකින් කිසිදු පාර්ශවයක් පිවිස නොමැති බව බ්‍රැන්ඩික්ස් සමාගම අවධාරණය කර සිටී. මේ සම්බන්ධයෙන් සමාගම නිකුත් කළ නිල නිවේදනය පහතින් දැක්වේ.   බ්‍රැන්ඩික්ස් නිල නිවේදනය: මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාව පිළිබඳ මතුවී ඇති ගැටළු සම්බන්ධ පැහැදිලි කිරීම ඉන්දියාවෙන් හෝ වෙනත් රටකින් පැමිණි කිසිඳු පාර්ශ්වයක් මිනුවන්ගොඩ කර්මාන්තශාලාවට පිවිස නොමැත විශේෂ…

(0)Comments | October 7, 2020 6:55 pm

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බාහිර පුද්ගලයින්ගේ පැමිණීම අත්හිටුවයි

රටෙහි පවතින වර්තමාන කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවාවන් ලබා ගැනීම සඳහා බාහිර පුද්ගලයන්ගේ පැමිණීම අද (2020.10.07) දින සිට නැවත දැනුම්දෙන තුරු අත්හිටුවා ඇති බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්, නදුන් ගුරුගේ මහතා පවසයි. එසේ වුවද මහජනතාවට අවශ්‍ය වන සියළුම බදු සේවාවන් ලබා ගැනීම සඳහා සියළුම සේවා මාර්ගගත ක්‍රමය ඔස්සේ (e-service) ලබා ගත හැකි…

(0)Comments | October 7, 2020 5:01 pm