Top News

අවුරුදු දෙකහමාරකට ප්‍රමාණවත් වාහන තොග රට තුළ තිබෙනවා – මෝටර් රථ ආනයන සීමා කිරීම ගැන ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර කියයි

ශ්‍රී ලංකාව තුළ මේ වන විට වසර දෙකහමාරකට ප්‍රමාණවත් වන පරිදි වාහන තොග තිබෙන බවත් ආනයන සීමා පනවා තිබෙන්නේ රටට අනවශ්‍ය භාණ්ඩවලට බවත් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පවසයි. මෙහිදී ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ වාහන ආනයන කර්මාන්තය යනු තනිකරම විදේශ විනිමය රටින් පිටතට ඇදී යන කර්මාන්තයක් බවයි. ඊයේ (24) දෙරණ 360 සංවාදාත්මක වැඩසටහන හා…

(0)Comments | August 25, 2020 10:57 am

වැඩි කෘෂි අස්වැන්නකට ජනපතිගෙන් යෝජනා

රාජ්‍ය සහ පෞද්ගලික මට්ටමින් බීජ සහ පැළ නිෂ්පාදනයට පියවර … කෘෂි නවෝත්පාදනයට පර්යේෂණ … පොහොර භාවිතයේ නව පෙරළියක් … ශක්තිමත් දේශීය ආර්ථිකයක් ගොඩනගනු පිණිස කෘෂි අස්වනු වැඩි කිරීමට කාලය එළැඹ ඇතැයි පෙන්වා දෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ සඳහා යෝජනා රැසක් ඉදිරිපත් කරයි. කොවිඩ් වසංගතය නිසා බිඳ වැටෙමින් පවතින සෙසු රටවල ආර්ථිකයන් නිරීක්ෂණය කොට දේශීය…

(0)Comments | August 25, 2020 10:18 am

ඔයිල් පාම් වගාව තහනම් කිරීම පිළිබඳව ඉක්මන් කතිකාවක් කර්මාන්තකරුවන් රජයෙන් ඉල්ලයි

තවාන්වල මේ වනවිටත් තිබෙන පැල වගා කිරීමට අවසර ලබාදෙන ලෙසට ඉල්ලීමක් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ රජයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ පාම් ඔයිල් කර්මාන්තයට අදාළව ගත් තීරණ වලට ගරු කරන අතරම මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි අවධියේදී 2014 වසරේදී කැබිනට් තීරණයකට අනුව මෙරටට ආනයනය කළ මේ වනවිටත් පැල තවාන්වල මෝරමින් තිබෙන ඔයිල් පාම් පැල වගා කිරීමට ප‍්‍රායෝගික විසඳුමක්…

(0)Comments | August 24, 2020 5:36 pm

යුරෝපා සංගමයෙන් ශ‍්‍රී ලංකාවේ කුරුඳු අපනයන කර්මාන්තය සඳහා සහාය

කුරුඳු පුහුණු විද්‍යායතනයේ නව කුරුඳු සැකසුම් ඒකකයක් ආරම්භ කෙරේ කුරුඳු පුහුණු විද්‍යායතනය (CTA) විසින් කොස්ගොඩ ප‍්‍රදේශයේ Bought Tree Factory (BTF) නමින් හඳුන්වනු ලබන කුරුඳු සැකසුම් ඒකකයක් ඉදිකිරීම ආරම්භ කිරීම සඳහා මුල්ගල තැබීමේ උත්සවය පසුගියදා පවත්වනු ලැබීය. මෙම අවස්ථාවට, යුරෝපා සංගමයේ ශ‍්‍රී ලංකා හා මාලදිවයින් සහයෝගිතා අධ්‍යක්‍ෂ ෆ‍්‍රෑන්ක් හෙස්, එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානයේ (UNIDO) ජාත්‍යන්තර…

(0)Comments | August 24, 2020 4:39 pm

රුපියල් ට්‍රිලියනයක ශේෂ පත්‍රයක් සහිතව සම්පත් බැංකුව ජාතිය උදෙසා වඩා හොඳ අනාගතයක් නිර්මාණය කිරීමේ අරමුණින් සියලු පාර්ශවයන් සමඟ එකට අත්වැල් බැඳගනිමින් කටයුතු කරයි

Covid-19 වසංගතය පැතිරීයාමේ කේන්ද්‍රය, චීනය සහ නැගෙනහිර ආසියාවේ සිට ඇමරිකා එක්සත් ජනපදය හා යුරෝපයට මාරුවීමත් සමඟ ගෝලීය ආර්ථිකය දැඩි පසුබෑමට ලක් විය. බොහෝ රටවල් වසංගතය පාලනය කිරීමේ අරමුණින් දිගුකාලීනව බලපැවැත්වෙන පරිදි ඇඳීරිනීතිය පැනවීම සහ සංචරණ සීමාකිරීම සිදු කරන ලද අතර 2020 මාර්තු මස සිට එය ලොවපුරා ආර්ථික ක්‍රියාකාරකම් වලට දැඩි ලෙස බලපෑම් සිදු කරන ලදී….

(0)Comments | August 24, 2020 4:31 pm

කොවිඩ්-19 වසංගත තත්වය පැවතිය ද හේලීස් පළමු කාර්තුව සඳහා විශිෂ්ට ප‍්‍රතිඵල වාර්තා කරයි

පෙර නොවූ විරූ අභියෝග මධ්‍යයේ සිය ඔරොත්තු දීමේ හැකියාව විදහා දක්වමින් හේලීස් සමූහය 2019 වසරේ පළමු කාර්තුව සඳහා වාර්තා කළ රුපියල් මිලියන 285.26ක ලාභය හා සසඳන විට 2020 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 1.17ක පෙර බදු ලාභයක් වාර්තා කිරීමට සමත් වී ඇත. මෙම මූල්‍ය සාර්ථකත්වය මඟින් සමූහයේ අපනයන අරමුණු කරගත් ව්‍යාපාරවල කාර්යසාධනය සහ…

(0)Comments | August 24, 2020 2:22 pm

ආර්ථික කටයුතු අසාමාන්‍ය අයුරින් සිදුවන කාලයක දී ඒවා ගණනය කිරීමට නවීන ක්‍රමවේද අවශ්‍යයි – ආචාර්ය නන්දලාල් වීරසිංහ

සාමාන්‍ය ආර්ථික ක්‍රියාකාරකම් සිදුවන කාලයක දී සාමාන්‍ය පරිදි යොදා ගන්නා දර්ශක භාවිත කරමින් දළ දේශීය නිෂ්පාදිතය ගණනය කළ ද අසාමාන්‍ය කාලයක දී පෙර කී සාමාන්‍ය දර්ශක ඇසුරෙන් එය ගණනය කිරීමේ දී දුර්වලතාවයක් දැකිය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ පසුගිය කාලයේ දී වැඩ…

(0)Comments | August 24, 2020 11:30 am

2020 ජූලි මාසයේ දී උද්ධමනයේ පහළ යාමක්

ජා.පා.මි.ද. මත පදනම් වූ උද්ධමනය 2020 ජූලි මාසයේ දී පහළ යන ලදී ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ජුනි මාසයේ පැවති සියයට 6.3හි සිට 2020 ජූලි මාසයේ දී සියයට 6.1 දක්වා පහළ ගියේය. 2019 ජූලි මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා…

(0)Comments | August 24, 2020 10:54 am

ශ්‍රී ලංකා මහ බැංකුව 4% කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමයේ ඉල්ලුම්පත් භාරගැනීමේ අවසාන දිනය 2020 සැප්තැම්බර් 30 දක්වා දීර්ඝ කරයි

2020 අගෝස්තු 19 වන දින පැවති මුදල් මණ්ඩල රැස්වීමේදී 4% කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමයේ කාලසීමාව දීර්ඝ කිරීමට මුදල් මණ්ඩලය තීරණය කළේය. ඒ අනුව, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර සහ පුද්ගලයින්ට සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකම යටතේ සිය ණය අයදුම්පත් 2020 සැප්තැම්බර් 30 දක්වා අදාළ බලපත්‍රලාභී බැංකුවලට ඉදිරිපත් කළ හැකිය. ඉහත පහසුකම යටතේ…

(0)Comments | August 21, 2020 9:08 pm

මූල්‍ය පාරිභෝගිකයින්ගේ පැමිණිලි සහ දුක්ගැනවිලි වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව පිහිටුවයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 1949 අංක 58 දරණ මූල්‍ය නීති පනතේ, සංශෝධිත, 33 වන වගන්තියේ විධිවිධාන යටතේ නියාමනය කරනු ලබන ආයතන සම්බන්ධයෙන් ශ්‍රි ලංකා මහ මහ බැංකුව වෙත යොමු කරනු ලබන සියලුම පැමිණිලි, දුක්ගැනවිලි හා විමසීම් පිලිබදව සේවය සැපයීම සඳහා සම්බන්ධ කර ගත හැකි මධ්‍යස්ථානය ලෙස “මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව” නමින් නව දෙපාර්තමේන්තුවක් ශ්‍රි…

(0)Comments | August 21, 2020 3:19 pm