දෙරටටම වාසිදායක වන සේ පේෂකර්ම, සිමෙන්ති, සීනි, ඖෂධ වැනි කර්මාන්ත ආශ්රිතව ශ්රී ලංකා – පාකිස්ථාන හවුල් සමාගම් ඇරඹීමේ හැකියාව පවතින බවත් ඒ සඳහා පාකිස්ථාන ආයෝජකයන් කැමැත්තෙන් සිටින බවත් පාකිස්ථාන මහ කොමසාරිස් විශ්රාමික මේජර් ජනරාල් මුහම්මඞ් සාද් කතක් මහතා පැවසීය. ඒ සඳහා ශ්රී ලංකාව තුළ කටයුතු කිරීමේ දී ආයතනික සහ නීතිමය බාධාවන් පවතින බවත් එවැනි බාධාවන්…
දිවයිනේ ප්රදේශ කිහිපයකට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය යටතේ, සෞඛ්ය අමාත්යාංශය විසින් නිකුත් කරනු ලබන මාර්ගෝපදේශයන්ට යටත්ව ඇඳිරි නීතිය ක්රියාත්මක වන ප්රදේශවල අපනයන කර්මාන්තවලට බාධාවකින් තොරව ක්රියාත්මක වීමට ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පහසුකම් සපයයි. ඇඳිරි නීතිය පනවා ඇති ප්රදේශවල පිහිටා ඇති අපනයන සමාගම්වලට අදාළ ප්රදේශවල පොලිස් ස්ථානවලින් ඇඳිරි නීති බලපත්ර ලබා ගැනීම අපනයන සංවර්ධන…
සමස්ත මූල්ය පද්ධතියෙහි ස්ථායිතාවය සහ සුරක්ෂිතතාවය පවත්වා ගෙන යාම සඳහා ශ්රී ලංකා මහ බැංකුව විසින් 2011 අංක 42 දරන මුදල් ව්යාපාර පනතේ ප්රතිපාදන අනුව සහ ඒ යටතේ නිකුත් කරන ලද විධාන අනුව, බලපත්රලාභී මුදල් සමාගම් නියාමනය සහ අධීක්ෂණය සිදුකරනු ලබයි. කෙසේ වෙතත් තමන් විසින් සිදුකරනු ලබන නියාමනය සහ අධීක්ෂණය, බලපත්රලාභී මුදල් සමාගම් ද ඇතුලුව කිසිදු…
ශ්රී ලංකාවේ ඛනිජ ආශ්රිත කර්මාන්ත ප්රවර්ධනය පිණිස තාක්ෂණ දැනුම සහ සහයෝගය ලබා දීමට තම රජය සූදානම් බව මෙරට ඉරාන තානාපති හෂීම් අෂ්ජසාඬේ මහතා පවසයි. ඊයේ (14) 73/1, ගාලු පාර, කොළඹ 03 යන ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්යාංශයේ දී කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා හමු වූ අවස්ථාවේ දී ඒ මහතා එසේ පැවසීය. ශ්රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්රයේ ප්රවර්ධනය…
ඩීමෝ හි කෘෂි ව්යාපාර සඳහා වූ අංශය වන, DIMO Agribusinesses ඔවුන් සතු දඹුල්ල කෘෂි උද්යානය හරහා කෘෂි සංචාරක ක්ෂේත්රයට ප්රවිශ්ඨ වෙයි DIMO Agribusinesses සතු කෘෂි තාක්ෂණික උද්යාන තුනක් ශ්රී ලංකාවේ දඹුල්ල ප්රදේශයේත්, පහත රට නිකවැරටිය ප්රදේශයේ හා කඳුරට තෙත් කලාපයේ ලිඳුල ප්රදේශයේත් පිහිටා තිබේ. මේ සෑම ප්රදේශයකම මෙම කෘෂි තාක්ෂණික උද්යාන ආදර්ශ ගොවිපොළවල් වශයෙන් පවත්වාගෙන…
සංවර්ධන කටයුතු ක්රියාත්මක කිරීම වේගවත් කිරීම සඳහා පවතින ඇතැම් බාධක වශයෙන් පහත සඳහන් කරුණු හඳුනාගෙන ඇත. ප්රතිපත්තිමය කරුණු හෝ නියාමන අවශ්යතාවන් සඳහා නොවන, සාමාන්ය කරුණු සඳහා ආයතන කිහිපයකින් සහ අවසානයේදී අමාත්ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම සඳහා අමාත්යාංශ විසින් කටයුතු කළ යුතු වීම. පෞද්ගලික කොන්ත්රාත්කරුවන් වෙත කළ යුතු ගෙවීම් ප්රමාද වීම හේතුවෙන් සංවර්ධන කටයුතුවල ප්රමාදයන් සිදු…
ශ්රී ලංකා මහ බැංකුවේ සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව 2020 සැප්තැම්බර් 30 දිනට ඇති නිල සංචිත වත්කම් වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 6,652.8 ක් ලෙසින් වාර්තා වේ. 2020 අගෝස්තු 31 දිනට මෙම අගය පැවතියේ ඩොලර් මිලියන 7,430.1 ක් ලෙසිනි. මේ අනුව පසුගිය සැප්තැම්බර් මාසය තුළ දී මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්රමාණය ඩොලර් මිලියන…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (13) දින වාර්තා විය. මෙහිදී පෙර දිනයට සාපේක්ෂව සියලු කොටස් මිල දර්ශකය ඒකක 38.08 කින් හා S&P SL20 දර්ශකය ඒකක 30.90 කින් පහළ යන ලදී. දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 5,802.97ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 2,303.81 ක් ලෙසත් සටහන්ව තිබිණි. අද දින…
ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් සහ ශ්රී ලංකා රජයේ අරමුදල් යටතේ ක්රියාත්මක කෙරෙන මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ සංවර්ධන ආයෝජන වැඩසටහන – අදියර 3 යටතේ වැල්ලවත්ත අපජල පිරිපහදු යන්ත්රාගාරය සැලසුම් කිරීම, ඉදිකිරීම හා ක්රියාත්මක කිරීම ප්රසම්පාදනය සඳහා සුදුසුකම්ලත් ආයතන වෙතින් ජාත්යන්තර තරගකාරී ලංසු කැඳවා ඇත. ඒ අනුව, අමාත්ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්රසම්පාදන කමිටුවේ…
පාකිස්ථාන – ශ්රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේ විධිවිධාන අනුව තීරු බදු සහන යටතේ බාස්මතී සහල් මෙට්රික් ටොන් 6,000ක් වාර්ෂිකව ආනයනය කිරීමට හැකියාව පවතී. පසුගිය කාලයේදී එම පහසුකම යටතේ බාස්මතී සහල් ආනයනය කිරීම සඳහා පෞද්ගලික අංශයට ද අවසර ලබා දී තිබූ නමුත්, නියමිත වර්ගයන්ට අයත් නොවන සහල් ආනයනය කරමින් විවිධ අක්රමිකතා සිදු කර ඇති බවට පැමිණිලි…
Video Story