ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි බත්තරමුල්ල ශ්රී ජයවර්ධනපුර “ජාතික සඳුන් උයන” ඉදිකිරීම් කටයුතු මේ දිනවල සිදුකෙරේ. සඳුන් ගස් දහසක් සහිතව ඉදිකෙරෙන ශ්රී ලංකාවේ ප්රථම විවේක මධ්යස්ථානය වශයෙන් මෙය හැඳින්වීමට හැකිවන අතර දුර්ලභ සඳුන් ගස් දහසක සෙවණේ විවේකීව ගත කිරීමට ජනතාවට අවස්ථාව හිමිවීම නැවුම් අත්දැකීමක් වන බව නාගරික සංවර්ධන හා…
2020 ජනවාරි – ජූලි කාලපරිච්ඡේදය තුළ දී රජයේ ආදායම් හා ප්රදාන 2019 වසරේ මුල් මාස 07 හා සැසදීමේ දී රු. බිලියන 1,033.0 සිට රු. බිලියන 765.4 ක් දක්වා රු. බිලියන 267.6කින් පහළ ගොස් ඇත. මෙය 25.9% ක අඩු වීමකි. මේ සඳහා රජයේ බදු ආදායම රු. බිලියන 944.4 සිට රු. බිලියන 670.4 ක් දක්වා රු. බිලියන…
2020 දෙවන කාර්තුව අවසාන වන විට මෙරට විරැකියා අනුපාතිකය 5.4% ක් බව ශ්රී ලංකා මහ බැංකුවේ සතිපතා ආර්ථික දර්ශක වාර්තාව පෙන්වා දේ. මෙම අනුපාතිකය 2019 දෙවන කාර්තුවේ දී 4.9%ක් ලෙසින් සටහන් වූ අතර 2019 වාර්ෂික විරැකියා අනුපාතිකය 4.8% ක් විය. 2020 පළමු කාර්තුවේ දී විරැකියා අනුපාතිකය 5.7% ක් ලෙසින් වර්තා වුණි. මේ අතර ශ්රම බලකා…
ශ්රී ලංකාවේ ප්රමුඛතම වාණීජ බැංකුවක් වන යුනියන් බැංකුවෙහි අනුබද්ධිත ආයතනයක් වන UB ෆිනෑන්ස් ආයතනය ශ්රී ලංකා මහ බැංකුවෙහි ප්රාග්ධන මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් 2020 දෙසැම්බර් 31 වන දින වන විට රුපියල් බිලියන 1.6 ක වටිනාකමකින් යුත් හිමිකම් නිකුතුවකට යොමු වී තිබේ. යුනියන් බැංකුව විසින් 2011 දී පවරාගැනීමෙන් පසු කෙටි කාලයක් තුළදී පැහැදිලි ප්රගතියක් අත්කරගනිමින් මේ වනවිට…
2020 දෙවන කාර්තුවට අදාළ දළ දේශීය නිෂ්පාදිතයේ දත්ත නිකුත් කිරීම 2020 දෙසැම්බර් 15 දින දක්වා ප්රමාද කරනු ලබන බව ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ 2020 තුන්වන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ ඇස්තමේන්තු සමඟ ඉහත ඇස්තමේන්තු එදිනට ප්රකාශයට පත් කරනු ලබන බවයි. මෙහිදී වැඩිදුරටත් ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව මෙසේ කියා…
2020 ඔක්තෝබර් 18 Hirdaramani සමූහයේ සේවක සේවිකාවන් අතර සාමාන්ය ආරක්ෂක පියවරක් වශයෙන් සිදුකරන ලද PCR පරීක්ෂණ වලදී, කහතුඩුව Hirdaramani Industries හි සාමාජිකයෙකුට COVID-19 ආසාදනය වී ඇති බව තහවුරු විය. මෑතකදී COVID-19 රෝගය ව්යාප්ත වීම ආරම්භ වීමත් සමග මේ දක්වාම අපගේ සියලුම කර්මාන්තශාලා වල විශේෂ කණ්ඩායම් යොදවා නිතිපතා PCR පරීක්ෂණ සිදුකරන ලදි. රෝගය වැළඳී ඇති බවට…
ශ්රී ලංකා මහ බැංකුව සෞභාග්යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකම යටතේ ණය 61,907ක් සඳහා රුපියල් බිලියන 178ක් අනුමත කරයි 2020 ඔක්තෝබර් මස 15 වන විට, කොවිඩ්-19 වසංගතයෙන් පීඩාවට පත්වූ ව්යාපාර විසින් එවන ලද ණය අයදුම්පත් 61,907ක් සඳහා ශ්රී ලංකා මහ බැංකුව අනුමැතිය ලබා දී ඇත. සෞභාග්යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකමෙහි අදියර තුනම යටතේ ලියාපදිංචි…
2000 අංක 56 දරණ කල්බදු මූල්යකරණ පනත යටතේ කල්බදු මූල්යකරණ පහසුකම් ලබා දීම සඳහා ශ්රී ලංකා මහ බැංකුව යටතේ ලියාපදිංචි වී ඇති ආයතන ලැයිස්තුවක් මහ බැංකුව ප්රසිද්ධියට පත් කර තිබේ. මේ අතර එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ලියාපදිංචියකින් තොරව, කල්බදු මූල්යකරණ කටයුතු (finance leasing business) පවත්වා ගෙන යාම කල්බදු මූල්යකරණ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවයි….
2020 අගෝස්තු මාසයට සාපේක්ෂ ව 2020 සැප්තැම්බර් මාසයේ දී නිෂ්පාදන ක්රියාකාරකම් ඉහළ වේගයකින් වර්ධනය විය. විශේෂයෙන් ම ආහාර හා පාන වර්ග නිෂ්පාදන සහ රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන උප අංශවල, නිෂ්පාදනය සහ නව ඇණවුම්වල සිදු වු ඉහළ යාම නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ මෙම ඉහළ යාම කෙරෙහි ප්රධාන වශයෙන් හේතු විය. සේවා අංශයෙහි වර්ධනයක් අඛණ්ඩ ව…
තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ රාජ්ය අංශයට අවශ්යය සැපයීම් ටෙන්ඩර් වැඩි අවස්ථා දේශීය කර්මාන්ත ව්යාපාරිකයින්ට ලබා දීමට රජය තීරණය කරයි. ඒ සදහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මේ පිලිබඳව වූ චක්රලේඛය මුදල් අමාත්යාංශය විසින් (9.10.2020) නිකුත් කර ඇත. පරිගණක මෘදුකාංග හා දෘඩාංග, ඉදිකිරීම් කර්මාන්තය හා ගෘහ භාණ්ඩ හා ආශ්රිත නිපැයුම් මීට ඇතුලත් වේ. තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ රුපියල් මිලියන…
Video Story