2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 (2) සහ 19 (1) වගන්තිය මගින් පැවරී ඇති බලතල අනුව, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කරන ආයතන සඳහා මූල්‍යමය දණ්ඩන පැනවිය හැක. මූල්‍ය ආයතන හෝ නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර විසින් සිදුකරන අදාළ අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බැරෑරුම්කම…
2020 වර්ෂයේ ජූලි මස 13 දින සිට 23 දින දක්වා කාලය තුළදී සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකමෙහි අදියර II සහ අදියර III යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් එවන ලද ණය අයදුම්පත් 3,985ක් සඳහා රුපියල් මිලියන 11,829ක මුදල් ප්‍රමාණයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කරන ලදී. ඉහත සඳහන් නව අනුමත කිරීම් සමඟ, 2020 වර්ෂයේ…
ජාතික ආර්ථිකය පුනර්ජීවනයක් කිරීම සඳහා යෝජනා මාලායක් ඉදිරිපත් කිරීමට FCCISL සහ PwC ශ්‍රී ලංකා අතිනත ගෙන වඩාත් සුවිශේෂී වූ ජාතික ව්‍යාපාරික අධ්‍යයනයක් දියත් කරයි ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වේගවත් සහනයක් සහ ශක්තිමත් වර්ධනයක් ලබා දීමේ ධනාත්මක කාර්ය භාරය ඉටු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය (FCCISL) සහ PwC ශ්‍රී ලංකා ක්‍රමෝපායන වශයෙන් ඒකාබද්ධ…
රෙදිපිළි ආශ්‍රිත කර්මාන්ත සඳහා ප්‍රසිද්ධියක් උසුලන මහරගම නගරයේ පහසුකම් දියුණු කර දෙස් විදෙස් ජනතාවට රෙදිපිළි සහ අනෙකුත් අනෙකුත් භාණ්ඩ මිල දී ගත හැකි ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට සැලසුම් සකස් කෙරෙමින් පවතින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. පසුගිය (22) දා තලවතුගොඩ දී පැවති ජනහමුවක දී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය…
කොවිඩ් – 19 වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය මුහුණ දෙන අභියෝග ජය ගැනීම සඳහා රාජ්‍ය බැංකු පද්ධතිය සහ ඒවාට අනුබද්ධිත ආයතන විධිමත්ව හා කාර්යක්ෂමව කටයුතු කළ යුතු වේ. එහෙත්, එකී රාජ්‍ය බැංකු පිහිටුවීමේ මුල් අරමුණුවලින් බැහැරව සහ අදාළ පනත්වල විධිවිධාන හා කාර්යපටිපාටි උල්ලංඝනය කරමින් පසුගිය කාලසීමාව තුළ කටයුතු කර ඇති බව පෙනී ගොස් ඇත. එවැනි…
ශ්රී ලංකාවේ සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාරය සඳහා අනිවාර්ය 30%ක ප්‍රතිරක්ෂණ ආවරණයක් ජාතික රක්ෂණ භාර අරමුදල මඟින් ලබා දෙනු ලබයි. එසේම ජාතික රක්ෂණ භාර අරමුදල විසින් ඒ සඳහා නැවත ප්‍රතිරක්ෂණ ආවරණයක් (Retrocession) පිළිගත් ප්‍රතිරක්ෂණකරුවන්/ ප්‍රතිරක්ෂණ තැරැව්කරුවන් වෙතින් ලබා ගනී. ඒ අනුව 2020/2021 වර්ෂය සඳහා එකී නැවත ප්‍රතිරක්ෂණ ආවරණය ලබාගැනීම සඳහා ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවා ඇති අතර, අමාත්‍ය…
2015 වර්ෂයේ සිට අවස්ථා 5 කදී සීමාසහිත නැගෙනහිර හේවාගම් කෝරළයේ විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් රුපියල් මිලියන 507.59ක මුදලක් ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි ප්‍රාථමික ගැනුම්කාර සමාගමක් වශයෙන් හඳුන්වා දී ඇති එක්තරා ආයතනයක් හරහා භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කරනු ලැබ ඇත. එහෙත්, එකී ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුව අනුමත ප්‍රාථමික ගැනුම්කාර සමාගමක් නොවන බව…
මෙරට ලැයිස්තුගත බලශක්ති සමාගමක් වන වැලිබල් පවර් එරත්න පීඑල්සී සහ ලංකා විදුලිබල මණ්ඩලය, බලශක්ති මිලදී ගැනීමේ (Power Purchase Agreement) ගිවිසුමකට අත්සන් තබා තිබේ. මේ අනුව එරත්න ජලවිදුලි බලාගාරය විසින් නිපදවනු ලබන මෙගාවොට් 9.9 ක විදුලි ධාරිතාවක් ලංකා විදුලිබල මණ්ඩලය වෙත අලෙවි කෙරෙනු ඇත. මෙම ගිවිසුම සඳහා අත්සන් තැබීම 2020 ජූලි 07 දින සිදුකර තිබේ. තවද…
ශ්රී ලාංකේය පුද්ගලික රෝහල් ක්ෂේත‍්‍රය වෙත ජාත්‍යන්තර ප‍්‍රමිතියේ සුවසේවාවක් පළමු වරට හඳුන්වාදෙමින් ඔස්ටේ‍්‍රලියාවේ ACHSI අන්තර්ජාතික ප‍්‍රමිතිකරණය පළමු වරට හිමි කර ගත් හේමාස් රෝහල් සමූහය මුළු ලොවම වෙළාගත් කෝවිඞ් 19 වසංගතයට එරෙහි වූ සිය සටන තවත් තීව‍්‍ර කරමින් ලොව ප‍්‍රථම බෝවන රෝගීන් සුරැකිව සහ පහසුවෙන් රැගෙන යාහැකි කුටියක් (IPTC – infectious patient transportation chamber) පසුගිය මැයි…
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සඳහා ගල් අඟුරු ආනයනය කිරීම වෙනුවෙන් ණයවර ලිපි විවෘත කිරීම සඳහා ලංකා ගල් අඟුරු සමාගම විසින් ගල් අඟුරු ආනයනය කිරීමට අදාළව මහා භාණ්ඩාගාරය විසින් මහජන බැංකුව වෙත නිකුත් කර ඇති රුපියල් බිලියන 11ක් වටිනා භාණ්ඩාගාර ඇපකරයේ වලංගු කාල සීමාව 2020 අගෝස්තු 31 දින අවසන්වීමට නියමිතව ඇත. එකී භාණ්ඩාගාර ඇපකරයේ වලංගු කාල…
Video Story