Top News

ලුම්බිණි රඟහල නවීකරණයට පියවර

වර්ෂ 1952 දී ඉදි කරන ලද ලුමිබිණි රඟහලෙහි දැනට පවතින පහසුකම් ප්‍රමාණවත් නොවන අතර එහි ශබ්ද පරිපාලන පද්ධතිය, ආසන ප්‍රමාණය, සනීපාරක්ෂක පහසුකම් කාලයට ඔබින සේ යාවත්කාලීන වී නොමැත. එබැවින්, එය නවීකරණය හා ප්‍රතිසංස්කරණය කිරීම පිණිස සැලසුම් කර ඇති ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරිය හරහා ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා නිර්මාණය කර ඉදිකිරීමේ පදනම යටතේ ජාතික තරඟකාරී ප්‍රසම්පාදන…

(0)Comments | July 23, 2020 12:55 pm

වාර්තාගත අඩු පොළියකට මහ බැංකුව රු. බිලියන 35ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව අද (22) දින කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී රු. බිලියන 35.1 ක වටිනාකමකින් යුතු බිල්පත් නිකුත් කළ බව නිවේදනය කර සිටී. දින 91, 182 හා 364 යන පරිණත කාල කාණ්ඩයන් 3ක් යටතේ පිළිවෙලින් රු. මිලියන 6,401 ක්, රු. මිලියන 11,385 ක් හා රු. මිලියන 17,314 ක් වශයෙන්…

(0)Comments | July 22, 2020 3:51 pm

චීන ටයර් නිෂ්පාදන සමාගමක් ශ්‍රී ලංකාවට

ටයර් නිෂ්පාදනයෙහි නිරත චීන සමාගමකට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආරාධනය කර ඇති බවත්, එම සමාගමේ රබර් අවශ්‍යතාවයෙන් සියයට 35 ක ප්‍රමාණයක් අනිවාර්යයෙන් ශ්‍රී ලංකාව තුළින් සපුරා ගත යුතු බවට නියම කර ඇති බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඊයේ (21) මහනුවර පැවති මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා…

(0)Comments | July 22, 2020 12:56 pm

එළවළු, සීනි, මාළු, බිත්තර, සහල් මිල ඉහළට. ජූනි මාසයේ දී උද්ධමනය උඩ යයි

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 මැයි මාසයේ පැවති සියයට 5.2හි සිට 2020 ජුනි මාසයේ දී සියයට 6.3 දක්වා ඉහළ ගියේ ය. ආහාර කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. ඒ අනුව, 2020 මැයි මාසයේ දී සියයට 11.1හි පැවැති…

(0)Comments | July 22, 2020 11:26 am

ETI – ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් තැන්පත්කරුවන්ට වන්දි මුදල් ගෙවීම ජූලි 25 සිට. උපරිමය රු. ලක්ෂ 6යි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ඊ. ටී. අයි. ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී. එල්. සී. යන ආයතනවල ව්‍යාපාර කටයුතු 2020.07.13 දින සිට බලපැවැත්වෙන පරිදි තහනම් කිරීමෙන් අනතුරුව එම ආයතන දෙකෙහි තැන්පත්කරුවන්ට ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක අරමුදල මගින් රක්ෂණ වන්දි මුදල් ගෙවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පියවර…

(0)Comments | July 22, 2020 11:08 am

කොටස් වෙළෙඳපොළේ සමාගම්වල ආයෝජනයෙන් සේවක අර්ථසාධක අරමුදලට රු. බිලියන 39 කට අධික අලාභයක්

ශ්‍රී ලංකාවේ විශාලතම සමාජ ආරක්ෂණ අරමුදල වන, සේවක අර්ථසාධක අරමුදල (EPF) විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් හි සිදුකර තිබෙන හිමිකම් (Equity) ආයෝජනවලින් 2020 පළමු කාර්තුව අවසාන වන විට වාර්තා කර තිබෙන අලාභය රුපියල් බිලියන 39 ඉක්මවා ඇති බව නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ. සේවක අර්ථසාධක අරමුදල විසින් රු. බිලියන 84.05 ක් ලැයිස්තුගත සමාගම් කොටස් 83…

(0)Comments | July 21, 2020 3:55 pm

පහත වැටී ඇති ගම්මිරිස් මිල නංවන්න ජනපතිගෙන් නිලධාරීන්ට ඉලක්කයක්

2015ට පෙර ගම්මිරිස් කිලෝවකට රුපියල් 1,300- 1,500ත් අතර මිලක් ලැබිණ. දැන් එය රුපියල් 450ත් – 500ත් දක්වා පහත වැටී තිබේ. අමු ගම්මිරිස් කිලෝවකට ලැබෙනුයේ රුපියල් 150ත්- 175ත් අතර මිලකි. මෙලෙස පහත වැටී ඇති ගම්මිරිස් මිල ඉහළ නංවා වගාකරුවන් ආරක්ෂා කර දෙන්නැයි පසුගිය දිනවල දිස්ත්‍රික්ක කිහිපයක චාරිකා කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ගොවීහූ ඉල්ලා සිටියහ. ප්‍රශ්නයට…

(0)Comments | July 21, 2020 12:51 pm

සෙංකඩගල ෆිනෑන්ස් හි ස්ථාවරත්වය වර්ධනය කරමින් FMO වෙතින් ඇ.ඩො. මිලියන 25 ක ණය ආයෝජනයක්

සෙංකඩගල ෆිනෑන්ස් පී.එල්.සී ආයතනය, නෙදර්ලන්තයේ Nederlandse Financierings – Maatschappij voor Ontwikkelingslanden (FMO) බැංකුව වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 25 ක පස් අවුරුදු හරිත ණය ආයෝජන පහසුකමක් ලබා ගත් බව පසුගියදා නිවේදනය කළේය. නෙදර්ලන්ත රජය සහ නෙදර්ලන්ත වාණිජ බැංකුවල සම හිමිකාරිත්වය දරමින් සංවර්ධන බැංකුවක් ලෙස ක‍්‍රියාත්මක වන FMO, ගෝලීය වශයෙන් ව්‍යවසායකයින් බලගැන්වීමේ කාර්යයේ ගාමක බලවේගයක් ලෙස කීර්තිමත්…

(0)Comments | July 21, 2020 12:40 pm

2020 මුල් කාර්තුවේ දී රැකියා විරහිත පිරිස හාරලක්ෂ අසූදහස ඉක්මවයි

2020 පළමු කාර්තුවේදී මෙරට රැකියා විරහිත පුද්ගලයින් සංඛ්‍යාව 483,172 ක් බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ. මේ අනුව 2020 මුල් කාර්තුව තුළ දී මෙරට රැකියා වියුක්ති අනුපාතිකය 5.7% ක් ලෙසින් වාර්තා වී තිබේ. 2019 පළමු කාර්තුවේ දී මෙරට රැකියා වියුක්ති අනුපාතිකය 4.7% ක් ලෙසින් සටහන්ව ඇති අතර මේ…

(0)Comments | July 21, 2020 11:30 am

ක්‍රෙඩිට් කාඩ් භාවිතය පහළට

පසුගිය 2020 අප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මාසයේ දී මෙරට ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයේ පැහැදිලි පහළ යාමක් දක්නට ලැබේ. ශ්‍රී ලංකා බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් නිකුත් කර ඇති ක්‍රෙඩිට් කාඩ්පත් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ. 2020 අප්‍රේල් මාසය අවසානයෙ දී මෙරට සක්‍රීය ක්‍රඩිට් කාඩ්පත් සංඛ්‍යාව 1,822,046…

(0)Comments | July 20, 2020 5:53 pm