Top News

කොළඹ කොටස් වෙළෙඳපොළෙන්, අනුරාධපුර දිගනේගම විද්‍යාලයට පුස්තකාලයක්

දිවයිනේ අතිශය දුෂ්කර ප්‍රදේශවල දරුවන්ගේ අධ්‍යාපන අයිතිය තවදුරටත් තහවුරු කරමින් හා එහි ගුණාත්මක භාවය ඉහළ නැංවීමට දිරිය ලබාදෙමින් අනුරාධපුර ඉතා දුෂ්කර හුදකලා පාසලක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති දිගනේගම විද්‍යාලයට පුස්තකාලයක් ලබා දීම පසුගියදා සිදුවිය. 1954 දී ස්ථාපනය කරන ලද දිගනේගම විද්‍යාලය 100 කට අධික අධි දරීද්‍රතාවෙන් පෙළෙන දරුවන් සඳහා 1 වසර සිට 11 වසර දක්වා…

(0)Comments | February 6, 2017 5:01 am

නිදහස් දිනයට ගූගල් උත්තමාචාර

ශ්‍රී ලංකාවේ අභිමානවත් 69 වන නිදහස් දිනය සැමරීම සඳහා ගූගල් සමාගම ද එක් වී තිබේ. මෙහි දැක්වෙන්නේ ඒ වෙනුවෙන් සිය මුල්පිටුව හැඩගැන්වීමට ගූගල් සමාගම කටයුතු කර තිබූ ආකාරයයි.

(0)Comments | February 3, 2017 7:25 pm

2016 ඔක්තෝබර් වාහන ආනයන සියයට 55 කින් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් 2016 ඔක්තෝබර් මාසය සඳහා වන විදේශීය අංශ ක්‍රියාකාරීත්ව වාර්තාව අද දිනයේ දී එළිදක්වනු ලැබීය. මෙම වාර්තාවට අනුව 2016 ඔක්තෝබර් මාසයේ දී ආනයනය කරන ලද වාහන සඳහා දරනු ලැබූ වියදම ඇමරිකානු ඩොලර් මිලියන 64.6 ක් ලෙසින් වාර්තා වේ. 2015 ඔක්තෝබර් මාසයේ දී මෙරටට වාහන ආනයනය සඳහා ඩොලර් මිලියන…

(0)Comments | February 3, 2017 7:24 am

Hanjin බංකොලොත්

ලොව විශාලතම බහාලුම් ප්‍රවාහන නාවුක සමාගමක් වන දකුණු කොරියාවේ Hanjin Shipping Co Ltd සමාගාමේ බුංවත්භාවය පෙබරවාරි 17 වන දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සියොල් මධ්‍යම දිස්ත්‍රික් අධිකරණය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. Hanjin සමාගම ලොව හත් වැනියට විශාලතම බහාලුම් ප්‍රවාහන නෞකා සමාගම වූ අතර පසුගිය අගෝස්තු මාසයේ දී සිය බුංවත්භාවය ප්‍රකාශයට පත්කිරීම සඳහා අධිකරණ…

(0)Comments | February 3, 2017 6:08 am

බස් එකක් දුවන්න බැරි අය එයාර් බස් දුවන්න හදනවා – රවී

ශ්‍රීලංකන් ගුවන් සේවය සම්බන්ධයෙන් ඇතැම් සමාගම් විවිධ දේ ප්‍රකාශ කරමින් සිටින බවත් එවැනි ප්‍රකාශ නිකුත් කිරීමට තවමත් අවස්ථාවක් එළඹ නොමැති බවත් අද (02) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. කබීර් හෂීම් අමාත්‍යතුමන්ගේ අමාත්‍යංශය මේ පිළිබඳව නිවැරදි උත්තරයක් ලබා දෙනු ඇති බව පැවසූ මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී කියා සිටියේ ආණ්ඩුව හෝ කැබිනට්…

(0)Comments | February 2, 2017 9:52 am

ඉඩම් බැංකුවකට කැබිනට් අනුමැතිය

අඩු ආදායම්ලාභී පවුල් සහ මධ්‍යම ආදායම්ලාභී පවුල් සඳහා නිවාස හිමිකාරිත්වය ලබා දීමේ රජයේ වැඩසටහන නියමිත කාල රාමු තුළ ඉටු වන බව සහතික කරගනිමින්, මෙම ව්‍යාපෘතිය වෙත ජාතික ප්‍රමුඛතාවක් ලබා දීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමේ අරමුණින්, මහා භාණ්ඩාගාරය යටතේ විශේෂ කාර්ය ඒකකයක් (සීමාසහිත පොදු සමාගමක්)…

(0)Comments | February 2, 2017 9:48 am

පාසැල් සිසුන්ට Coding දැනුම

‘ඩිජිටල් ශ්‍රී ලංකාවක්‘ දැක්ම තව දුරටත් සවිබල ගන්වමින් පාසැල් සිසුන් සදහා කේතකරණය (Coding) පිලිබද දැනුම ලබා දීමට පියවර ගැනේ. මෙය නියමු ව්‍යාපෘතියක් වශයෙන් ප්‍රථමයෙන් බස්නාහිර පළාතේ කොළඹ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක වල පාසැල් 14 ක ක්‍රියාත්මක කෙරේ. අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) ඒකාබද්ධව මෙය ක්‍රියාවට නංවා…

(0)Comments | February 2, 2017 9:07 am

Vitol ගේ ඩීසල් චන්දිම එපා කියයි

ගෝලීය බලශක්ති නිෂ්පාදිත හා වෙළඳ භාණ්ඩ අලෙවියේ ලොව දැවැන්තයෙකු වන නෙදර්ලන්තයේ Vitol සමාගමෙන් ආනයනය කරන ලද ඩීසල් ටොන් 40,000 ක් ප්‍රමිති පරීක්ෂණවලින් අසමත්වීම හේතුවෙන් ප්‍රතික්ෂේප කිරීමට පියවර ගත් බව ඛනිජතෙල් හා පෙට්‍රෝලියම් වායු අමාත්‍ය චන්දිම වීරක්කොඩ් මහතා පවසයි. රොයිටර් පුවත් සේවය සමඟ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටී. මේ පිළිබඳව ප්‍රතිචාර දක්වමින්, අදාළ නිෂ්පාදිත…

(0)Comments | February 2, 2017 8:04 am

Online freelancing වැඩිම පිරිස කුරුණෑගලින් – මාසයකට ලක්ෂ 2 උපයන අයත් ඒ අතර

Online freelancing හෙවත් අන්තර්ජාලය හරහා ස්වාධීනව කටයුතු කරමින් මුදල් උපයන 17,000 – 22,000 ක් අතර පිරිසක් මෙරට සිටින බවට මේ වන විට හඳුනාගෙන ඇතැයි ලර්න්ඒෂියා ආයතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහති පැවසීය. අද දෙරණ Biz 24×7 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මහාචාර්යවරයා මේ බව අනාවරණය කරනු ලැබීය. ලර්න්ඒෂියා ආයතනය විසින් සිදුකළ සමීක්ෂණයක් මගින් මේ බව අනාවරණය…

(0)Comments | February 2, 2017 7:30 am

ජාත්‍යන්තර සහතික සඳහා රජයෙන් සහන

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය විසින් දේශීය කර්මාන්තවල ඵලදායිතාවය ඉහල නැංවීම, බලශක්ති කාර්යක්ෂමතාව හා ආහාර සුරක්ෂිතතාවය වර්ධනය කිරීම සඳහා විශේෂ අනුග්‍රහයක් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත. මේ සඳහා 2017 ජනවාරි 01 දිනට වාර්ෂික පිරිවැටුම රු. මිලියන 750 ට අඩු සහ සේවක සංඛ්‍යාව 300 ට අඩු සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට ISO 9001, ISO 14001, ISO…

(0)Comments | February 2, 2017 5:33 am