2020 යල කන්නයේ රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 50 ක සහතික මිල ගණන් යටතේ මිලදී ගැනීමේ කටයුතු රජය මේ වනවිට ආරම්භ කර ඇත. පසුගිය වසරවල නාඩු වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 38 ක හා සම්බා වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 41 ක මිල ගණන් යටතේ මිලදී ගනු ලැබු අතර,…
රජයේ කොන්ත්‍රාත් සහ සැපයුම්කරුවන්ට බැංකුවලින් ණය පහසුකම් ලබා ගැනීම සඳහා ගත් ක්‍රියාමාර්ගයක් රජයේ විවිධ සංවර්ධන කටයුතුවලට සම්බන්ධ වී මෙතෙක් බිල්පත් ගෙවා අවසන් කර නොමැති ඉදිකිරීම් ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රවල රජයේ කොන්ත්‍රාත්කරුවන් සහ සැපයුම්කරුවන් වෙත බැංකු මගින් ණය පහසුකම් ලබා ගැනීම සඳහා, අදාළ බැංකු වෙත භාණ්ඩාගාරය මගින් ‘හිඟ බිල්පත් නිරවුල් කිරීම තහවුරු කිරීමේ ලිපි’ නිකුත් කිරීම ආරම්භ…
පසුගියදා පැවැති ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදයේ 59 වන වාර්ෂික මහා සම්මේලනයේදී කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය 2020/21 වර්ෂය සඳහා එහි සභාපති ලෙස SLCPI විසින් ඒකමතිකව තෝරා ගන්නා ලදී. හේමාස් ෆාමසූටිකල්ස් හි කළමනාකාර අධ්‍යක්ෂවරිය සහ වර්තමානයේ හේමාස් සමූහයේ ප‍්‍රධාන විධායක නිළධාරිනිය වන චෙල්ලරාජා මහත්මිය, දෙවන වසරටත් නව නිළධාරී මණ්ඩලය හා සාමාජිකත්වය සමඟ සංසදයේ ප‍්‍රධානියා ලෙස කටයුතු…
2020 වසෙර් මැයි මාසෙය් දී හ්‍රී ලංකා රුපියල සැලකිය යුතු අතිප්‍රමාණය වීමක් වාර්තා කළේය. මෙම තත්ත්වය හමුවේ, 2020 අප්‍රේල් මස 09 වැනි දින වන විට එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 9.1කින් අවප්‍රමාණය වූ රුපියල, එතැන් සිට අතිප්‍රමාණය වූ අතර, 2020 වසරේ ජූලි මස 13 වැනි දින තෙක් වූ කාලය තුළ දී සියයට 2.3ක සමස්ත අවප්‍රමාණය…
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ධරණීය සංවර්ධනය පිළිබද 2020 ඉ-රාජ්‍යය සමීක්ෂණ වාර්තාවට අනුව අන්තර්ජාතික ඉ-රාජ්‍ය සංවර්ධන ඇගැයුම් ක්‍රියාවලියේ උප කලාපීය ප්‍රමුඛ ස්ථානයට ශ්‍රී ලංකාව පැමිණ තිබේ. ඉ-රාජ්‍ය සංවර්ධන ක්‍රියාවලිය රටක සංවර්ධනයේ කැඩපතක් ලෙස සැලකේ.මෙම වාර්ථාව පෙන්වා දෙන ආකාරයට ලෝකයේ අනෙකුත් රටවල් හා සංසංදනය කිරීමේදී ශ්‍රී ලංකාව 94 වන ස්ථානයේ සිට 85 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට හැකිවී…
2020 වසරේ මැයි මස දෙවන සතියේ දී සමාජ හා ආර්ථික කටයුතු සීමා කිරීම් බොහොමයක් ඉවත් කිරීමත් සමඟ විදේශීය අංශය ස්ථාවර වීමේ සලකුණු පෙන්නුම් කළේය. මැයි මාසයේ දී භාණ්ඩ ආනයන සැලකිය යුතු ලෙස අඩු වීමත් සමඟ, අත්‍යවශ්‍ය නොවන ආනයන සඳහා පනවන ලද සීමා කිරීම්වල බලපෑම නිරීක්ෂණය කළ හැකි විය. මේ අතර, අප්‍රේල් මාසයේදී සැලකිය යුතු ලෙස…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (13) දින ගනුදෙනු අවසානයේ දී ඒකක 4,879.76 ක් ලෙසින් සටහන් වූ අතර එය පූර්ව ගනුදෙනු දිනට සාපේක්ෂව ඒකක 112.86 ක් හෙවත් 2.26% ක පහළ යාමක් ලෙසින් වාර්තා වේ. මේ අතර S&P SL20 දර්ශකය දිනය අවසානයේ දී ඒකක 68.09 කින් පහළ ගොස් ඒකක 2,072.10 ක් ලෙසින් වාර්තා විය….
ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. ආයතනයේ තැන්පත්කරුවන් වෙත රුපියල් ලක්ෂ 6ක උපරිමයකට යටත්ව රක්ෂණ වන්දි ගෙවීම 2020 ජූනි මස 07 වන දින ආරම්භ කරන ලද අතර දිවයින පුරා මහජන බැංකු ශාඛා 63ක් මගින් මේ වන විට ගෙවීම් සිදු කෙරේ. ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. ආයතනය මගින් තහවුරු කරන ලද තැන්පත්කරුවන් 147,000කට පමණ රක්ෂණ වන්දි ගෙවීම සඳහා අවශ්‍ය…
ETI ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී යන ආයතන වල ව්‍යාපාර කටයුතු අත්හිටුවීමත් සමඟ, ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාපිත, ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ හා ද්‍රවශීලතා ආධාරක ක්‍රමය මඟින් එහි පවත්නා නීති හා රෙගුලාසි ප්‍රකාරව, රක්ෂිත තැන්පතුකරුවන් හට වන්දි ගෙවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව, ETI ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ…
“මූලික වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීම වන්නේ මූල්‍ය සමාගම්වල තැන්පත්කරුවන් ආරක්ෂා කිරීම මිස එම සමාගම්වල සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කිරීම නොවේ“, යනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී, අර්බුදයට පත් මූල්‍ය ආයතනවල සේවය කර රැකියා අහිමි වූ සේවකයින් සම්බන්ධයෙන් වගකිව යුත්තේ කවුරුන්දැයි යනුවෙන්…
Video Story