Top News

කොටස් ගනුදෙනු ගාස්තුවේ වෙනසක්

2017 මාර්තු 15 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා අයකරනු ලබන ගාස්තුවල වෙනසක් සිදුකරනු ලබන බව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව නිවේදනය කර සිටී. මේ අනුව මෙතෙක් කලක් රුපියල් මිලියන 50 ක් දක්වා වූ සාමාන්‍ය කොටස් ගනුදෙනු ගාස්තුව සඳහා වන සීමාව රුපියල් මිලියන 100 ක් දක්වා ඉහළ යනු ඇත. එහිදී…

(0)Comments | February 6, 2017 12:02 pm

PIA – ශ්‍රීලංකන් ගනුදෙනුවටත් දූෂණ චෝදනාවක්

ශ්‍රීලංකන් ගුවන්සේවයට අයත් ගුවන් යානා තුනක් අර්ධ කල්බදු පදනම මත පාකිස්තානයේ ජාතික ගුවන්සේවය වන PIA ගුවන්සේවය විසින් ලබා ගැනීම හරහා සිදුවූ ගනුදෙනුව සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක බව පාකිස්තානු මාධ්‍ය වාර්තා කර සිටී. පාකිස්තානු පුවත්පතක් වන The Nation පුවත්පත අනාවරණය කරන පරිදි මෙම ගනුදෙනුවේ විනිවිදභාවය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇතැයි වාර්තා වේ. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබන…

(0)Comments | February 6, 2017 11:52 am

බ්ලූ ඕෂන් සමාගම ඵෙතිහාසික 21වැනි ව්‍යාපෘතියට මුල්ගල තබයි

කොළඹ 04 ලෙයාර්ඞ්ස් පාරේ නවතම ඉදිකිරිම සුබ මොහොතින් ඇරඹේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රකටතම සහාධිපත්‍ය ඉදිකිරිම් සමාගමක් වන – බ්ලූ ඕෂන් සමුහ ව්‍යාපාරය තම විසිඵක්වන ව්‍යාපෘතියට මුල්ගල තැබීම, කොළඹ 04 (බම්බලපිටිය), ලෙයාර්ඞ්ස් පාරේ, අංක 15 දරණ ස්ථානයෙදි, පෙබරවාරි 2 වනදා (බ‍්‍රහස්පතින්දා) මහත් උත්සවශ‍්‍රීයෙන් පැවැත්විණි. අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ රජයේ ආශිර්වාදයෙන් පැවැත්වූ මෙම අවස්ථාවට මුදල් අමාත්‍ය රවි කරුණානායක…

(0)Comments | February 6, 2017 8:03 am

කොටස් තැරැව්කරුවන්ට මිලියන 100 ක් අනිවාර්යයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ ක්‍රියාත්මක කොටස් හා ණය තැරැව්කාර සමාගම් සඳහා බලපවත්වන අවම කොටස්කාර අරමුදල් ප්‍රමාණය ලබන වසරේ සිට රුපියල් මිලියන 100 ක් දක්වා ඉහළ දමා ඇති බව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව දැනුම් දී සිටී. මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ සියලූම හිමිකම් හෝ ණය සුරැකුම් ගනුදෙනු සිදුකරන කොටස් තැරැව්කරුවන් විසින් නඩත්තු කළ යුතු…

(0)Comments | February 6, 2017 6:31 am

වර්ල්ඩ් කැපිටල් සෙන්ටර් අතුරුදහන්

අල් අමාන් වර්ල්ඩ් කැපිටල් සෙන්ටර් ව්‍යාපෘතිය සඳහා 2017 පෙබරවාරි 04 වන දින මුල්ගල් තබන බවට අදාළ සමාගම පසුගිය කාලය පුරාවටම දැවැන්ත ප්‍රචාරණ ව්‍යාපාරයක් ගෙන ගියේය. කෙසේ වෙතත් අද දෙරණ කළ සොයා බැලීමක දී වාර්තා වූයේ මෙම ව්‍යාපෘතිය මෙතෙක් ආරම්භ කර නොමැති බවයි. මේ සම්බන්ධයෙන් විමසීම සඳහා අල් අමාන් සමූහය සම්බන්ධ කිරීමට කළ උත්සාහයක දී අදාළ…

(0)Comments | February 6, 2017 5:14 am

කොළඹ කොටස් වෙළෙඳපොළෙන්, අනුරාධපුර දිගනේගම විද්‍යාලයට පුස්තකාලයක්

දිවයිනේ අතිශය දුෂ්කර ප්‍රදේශවල දරුවන්ගේ අධ්‍යාපන අයිතිය තවදුරටත් තහවුරු කරමින් හා එහි ගුණාත්මක භාවය ඉහළ නැංවීමට දිරිය ලබාදෙමින් අනුරාධපුර ඉතා දුෂ්කර හුදකලා පාසලක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති දිගනේගම විද්‍යාලයට පුස්තකාලයක් ලබා දීම පසුගියදා සිදුවිය. 1954 දී ස්ථාපනය කරන ලද දිගනේගම විද්‍යාලය 100 කට අධික අධි දරීද්‍රතාවෙන් පෙළෙන දරුවන් සඳහා 1 වසර සිට 11 වසර දක්වා…

(0)Comments | February 6, 2017 5:01 am

නිදහස් දිනයට ගූගල් උත්තමාචාර

ශ්‍රී ලංකාවේ අභිමානවත් 69 වන නිදහස් දිනය සැමරීම සඳහා ගූගල් සමාගම ද එක් වී තිබේ. මෙහි දැක්වෙන්නේ ඒ වෙනුවෙන් සිය මුල්පිටුව හැඩගැන්වීමට ගූගල් සමාගම කටයුතු කර තිබූ ආකාරයයි.

(0)Comments | February 3, 2017 7:25 pm

2016 ඔක්තෝබර් වාහන ආනයන සියයට 55 කින් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් 2016 ඔක්තෝබර් මාසය සඳහා වන විදේශීය අංශ ක්‍රියාකාරීත්ව වාර්තාව අද දිනයේ දී එළිදක්වනු ලැබීය. මෙම වාර්තාවට අනුව 2016 ඔක්තෝබර් මාසයේ දී ආනයනය කරන ලද වාහන සඳහා දරනු ලැබූ වියදම ඇමරිකානු ඩොලර් මිලියන 64.6 ක් ලෙසින් වාර්තා වේ. 2015 ඔක්තෝබර් මාසයේ දී මෙරටට වාහන ආනයනය සඳහා ඩොලර් මිලියන…

(0)Comments | February 3, 2017 7:24 am

Hanjin බංකොලොත්

ලොව විශාලතම බහාලුම් ප්‍රවාහන නාවුක සමාගමක් වන දකුණු කොරියාවේ Hanjin Shipping Co Ltd සමාගාමේ බුංවත්භාවය පෙබරවාරි 17 වන දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සියොල් මධ්‍යම දිස්ත්‍රික් අධිකරණය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. Hanjin සමාගම ලොව හත් වැනියට විශාලතම බහාලුම් ප්‍රවාහන නෞකා සමාගම වූ අතර පසුගිය අගෝස්තු මාසයේ දී සිය බුංවත්භාවය ප්‍රකාශයට පත්කිරීම සඳහා අධිකරණ…

(0)Comments | February 3, 2017 6:08 am

බස් එකක් දුවන්න බැරි අය එයාර් බස් දුවන්න හදනවා – රවී

ශ්‍රීලංකන් ගුවන් සේවය සම්බන්ධයෙන් ඇතැම් සමාගම් විවිධ දේ ප්‍රකාශ කරමින් සිටින බවත් එවැනි ප්‍රකාශ නිකුත් කිරීමට තවමත් අවස්ථාවක් එළඹ නොමැති බවත් අද (02) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. කබීර් හෂීම් අමාත්‍යතුමන්ගේ අමාත්‍යංශය මේ පිළිබඳව නිවැරදි උත්තරයක් ලබා දෙනු ඇති බව පැවසූ මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී කියා සිටියේ ආණ්ඩුව හෝ කැබිනට්…

(0)Comments | February 2, 2017 9:52 am