Top News

රාජ්‍ය අංශයේ මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා ජපන් රජයේ ආධාර

රාජ්‍ය අංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්හට ජපානයේ පිළිගත් විශ්වවිද්‍යාලයන් හිදී පශ්චාත් උපාධි පාඨමාලාවන් හැදෑරීමේ අවස්ථාව ලබා දීම සඳහා 2010 වසරේදී ජපාන රජය විසින් මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපාන ආධාර වැඩසටහන ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදි. ඒ අනුව, මෙම වැඩසටහනෙහි  පළමු කාර්යරාමුව (2010-2013) සහ දෙවන කාර්යරාමුව (2014-2017)  පිළිවෙළින් 2013 හා 2017 වසරවලදී සාර්ථකව අවසන් කරන…

(0)Comments | July 13, 2020 2:18 pm

ETI – ස්වර්ණමහල් බංකොලොත්. ව්‍යාපාර කටයුතු අත්හිටුවන්න මුදල් මණ්ඩලය තීරණය කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 31 වන වගන්තිය ප්‍රකාරව, 2020 ජූලි මස 13 වන දින සිට බලපැවැත්වෙන පරිදි ETI ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී යන ආයතන දෙකෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම සඳහා 2020 ජූලි මස 10 වන දින තීරණය කර තිබේ. 2011 වසරේ සිට පැවති…

(0)Comments | July 13, 2020 12:32 pm

විශේෂ තැන්පතු ගිණුමට ඩොලර් මිලියන 87 ක් ලැබෙයි. දිරිගැන්වීම සඳහා තවදුරටත් ක්‍රියාමාර්ග

රට තුළ ව්‍යාප්ත වූ කොවිඩ් – 19 (Covid – 19) වසංගත තත්ත්වයේ බලපෑම්වලින් මිදීම සඳහා ක්‍රියාත්මක ජාතික ප්‍රයත්නයට සහාය ලබා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා රජය විසින් 2020.04.08 දින විශේෂ තැන්පතු ගිණුම හඳුන්වා දෙන ලදී. ඒ සඳහා යහපත් ප්‍රතිචාර ලැබෙමින් පවතින බව දැකිය හැකි අතර, මේ වන විට ආසන්න වශයෙන් ඇ.එ.ජ. ඩොලර් මිලියන 87 ක මුදලක්…

(0)Comments | July 13, 2020 12:30 pm

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (13) පෙරවරු 11.00 ට ආරම්භ වුවත් පෙරවරු 11.02 ට ගනුදෙනු අත්හිටුවනු ලැබීය. S&P SL20 දර්ශකය පූර්ව දිනයට සාපේක්ෂව 5%ක් ඉක්මවූ ප්‍රමාණයකින් පහළ යෑම මීට හේතුවයි. පෙරවරු 11.32 ට ගනුදෙනු සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළ යළි විවෘත වීමට නියමිතය. ගනුදෙනු අත්හිටුවන ලද අවස්ථාවේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 131.28 (2.63%)…

(0)Comments | July 13, 2020 11:14 am

ශ්‍රී ලංකා මහ බැංකුව කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර සඳහා රුපියල් බිලියන 60ක් කාරක ප්‍රාග්ධන ණය ලෙස අනුමත කරයි

2020 ජූලි 10 දිනෙන් අවසන් වූ සතිය තුළ දී නව ණය අයදුම්පත් 2,066ක් සඳහා රුපියල් මිලියන 6,978ක මුදල් ප්‍රමාණයක් අනුමත කිරීමත් සමඟ 2020 ජූලි මස 10 වන දින වන විට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් “සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද ණය සහන” පහසුකම යටතේ ව්‍යාපාර 22,306ක් සඳහා රුපියල් මිලියන 60,250ක මුදල් ප්‍රමාණයක් අනුමත කරන ලදී. 2020 ජූලි…

(0)Comments | July 10, 2020 5:43 pm

77 න් පසු මුල්වරට ආනයන වියදමට වඩා වැඩි අපනයන ආදායමක් ජූනි මාසයේ දී

ශ්‍රී ලංකාවට 1977 දී විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වා දීමෙන් පසු ඉතිහාසයේ පළමු වතාවට 2020 ජූනි මාසයේ දී මෙරට අපනයන ආදායම, ආනයන වියදම ඉක්මවා ගොස් ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. ඊයේ (09) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව අනාවරණය කරන ලදී. මෙහිදී අදහස් දැක් වූ අමාත්‍ය රමේෂ්…

(0)Comments | July 10, 2020 12:57 pm

රත්‍රං මිල අහස උසට නගී. පවුමක් රුපියල් ලක්ෂයයි

මේ වන විට කැරට් 24 ග්‍රෑම් 8 ක බරින් යුතු රත්‍රං පවුමක මිල රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. Colombo Gold Centre ෆේස්බුක් පිටුව දක්වා ඇති ආකාරයට ඊයේ (09) දින කැරට් 24 රන් පවුමක් රු. 100,000 ක් ලෙසත් කැරට් 22 රන් පවුමක් රු. 91,700 ක් හා කැරට් 21 රන් පවුමක් රු. 87,500…

(0)Comments | July 10, 2020 12:14 pm

ශ්‍රී ලංකාවට ‘දේපළ වෙළෙඳාම් ආයෝජන භාර‘ හඳුන්වාදීමට සුරැකුම්පත් කොමිසමෙන් තීරණයක්

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව විසින් ‘දේපළ වෙළෙඳාම් ආයෝජන භාර‘ (Real Estate Investment Trusts – REITs) ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව එහි සභාපති ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා පවසයි. 2020 අගෝස්තු මුල දී මෙම හඳුන්වාදීම සිදුකිරීමට බලාපොරොත්තු වන බව සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටී. “අපි අගෝස්තු මාසයේදී දේපළ වෙළෙඳාම් ආයෝජන භාර දියත්…

(0)Comments | July 10, 2020 11:04 am

ජනාධිපතිතුමා කලින් විමසීමක් කළා නම් ඒ සිද්ධිය වෙන්නේ වෙනත් ආකාරයකට – මහ බැංකු අධිපති

පසුගිය ජූනි 16 වෙනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මහ බැංකු නිලධාරීන් අතර පැවති ආන්දෝලනාත්මක රැස්වීමට පෙර මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් යම් යම් තීන්දු කිහිපයක් ගෙන තිබූ බවත්, ඒවා ජනාධිපතිතුමාට සන්නිවේදනය කිරීමට අවස්ථාවක් ඊට පෙර නොලැබුණු බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා පවසයි. අද (09) ශ්‍රී ලංකා මහ බැංකු…

(0)Comments | July 9, 2020 5:47 pm

මහ කන්නයේ යූරියා – ට්‍රිපල් සුපර් පොස්පේට් ප්‍රසම්පාදනය මිඩ්ගල්ෆ් ඉන්ටර්නැෂනල් හා ස්විස් සිංගප්පූර් ඕවර්සීස් වෙත

2020 අගෝස්තු මාසයේ අවශ්‍යතාවන් සඳහා සීමාසහිත ලංකා පොහොර සමාගම (ලක් පොහොර) සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම (කොමර්ෂල් පොහොර) යන ආයතන වෙත පොහොර ප්‍රසම්පාදනය කිරීම පිණිස ජාත්‍යන්තර තරගකාරී මිල ගණන් කැඳවා ඇත. එම මිල ගණන් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශය සැලකිල්ලට ගෙන පහත සඳහන් පරිදි…

(0)Comments | July 9, 2020 4:25 pm