කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර පුනර්ජීවනය කිරීම හා රටේ ආර්ථික කටයුතු යළි ගොඩ නැංවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව, රජය හා එක්ව සෞභාග්‍යා ණය යෝජනා ක්‍රමය යටතේ නවමු ව්‍යාපෘතියක් ලෙස “සෞභාග්‍යා COVID – 19 පුනරුද සහන“ ප්‍රතිමූල්‍ය පහසුකම 2020 මාර්තු මස 24 වන දින ප්‍රකාශයට පත් කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව, මෙම ණය…
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ මේ වන විට ඇති වී තිබෙන පුරප්පාඩු දෙක පිරවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යෝජනා කළ නාමයන් දෙක පිළිබඳ සාකච්ඡා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අද (24) පස්වරුවේ කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය. මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරියක වූ, හැටන් නැෂනල් බැංකුවේ හිටපු සභාපතිනි ආචාර්ය රාණි ජයමහ…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් එහි සභාපති හා අටවන පාර්ලිමේන්තුවේ හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (24) පස්වරු 06 ට කථානායක නිල නිවසේදී පැවැත්වේ. එම රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් සහභාගී වීමට නියමිත බව එහි ලේකම් හා පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ පුරප්පාඩුව…
ලීසිං හා මූල්‍ය සමාගම්වලින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇතැම් නිලධාරීන්ට විවිධ වරප්‍රසාද හිමි වන බැවින් ඔවුන් අදාළ සමාගම් සම්බන්ධයෙන් මුනිවත රකින බවට ප්‍රවෘත්තියක් පසුගිය දිනෙක පුවත්පතක පළ වී තිබිණි. කෙසේ වෙතත් ඊයේ (22) දිනයේ දී මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිසම වෙත පැමිණිල්ලක් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇති බව අද දෙරණ…
කොවිඩ්-19 වසංගත ව්‍යාප්තියත් සමඟ 2020 මාර්තු මස අග සිට අප්‍රේල් මැද දක්වා කාලපරිච්ඡේදය තුළ දී තියුණු අවප්‍රමාණය වීමේ පීඩනයකට මුහුණ දුන් ශ්‍රී ලංකා රුපියල එතැන් සිට ස්ථාවර වූ අතර, 2020 වසරේ මැයි මාසයේ දී සැලකිය යුතු අතිප්‍රමාණය වීමක් වාර්තා කළේය. මෙම ත්ත්වය හමුවේ, 2020 වසරේ අප්‍රේල් මස 09 වැනි දින දක්වා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව…
රට තුළ කොවිඩ්-19 වසංගතය පැතිරීමත් සමඟ ප්‍රධාන වයෙන් සේවා ඇනහිටීම හේතුවෙන් ශ්‍රී ලංකා රේගුවේ එකතු වූ රථවාහන නිදහස් කිරීම හේතුවෙන් 2020 වසරේ අප්‍රේල් මාසයේ දී පෙර මාසයට සාපේක්ෂව පෞද්ගලික රථවාහන ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන…
දීර්ඝ කාලයක සිට සිදු කළ අත්‍යාවශ්‍ය නොවන ආනයන, දේශීය ආර්ථිකය ගොඩනැගීමේ අරමුණ ඇතිව සීමා කර ඇති බැවින් ක්ෂේත්‍ර රැසක නිෂ්පාදන ඇරඹීමේ අවස්ථාව උදා වී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියයි. “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පොරොන්දු වූ ආකාරයට ජනතා කේන්ද්‍රීය ආර්ථිකයට ගමන් මග සකසා තිබේ. දේශීය සහ අන්තර්ජාතික වෙළෙඳපොළ ජයගැනීම කර්මාන්තකරුවා හමුවේ ඇති වත්මන් අභියෝගය බව…
ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (2013 = 00) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 අප්‍රේල් මාසයේ පැවති සියයට 5.9හි සිට 2020 මැයි මාසයේ දී සියයට 5.2 දක්වා තවදුරටත් පහළ ගියේ ය. 2019 මැයි මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. මේ අතර, 2020 අප්‍රේල් මාසයේ…
වත්මන් තත්ත්වය තුළ ශ්‍රීලංකන් ගුවන් සේවය සමඟ කොන්ත්‍රාත් පදනම මත එක් වී සිටි සේවකයින් 907 දෙනෙකුගේ පමණක් සේවය ලබා ගැනීම නවතා තිබෙන බවත් කිසිදු ස්ථිර සේවකයෙකුගේ රැකියා අහිමි වීමක් සිදුවී නොමැකි බවත් ශ්‍රීලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා පවසයි. ඊයේ (22) පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ…
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ආර්ථිකයට සිදු වූ බාධාවන් හමුවේ 2020 වසරේ අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය දැඩි බලපෑමකට ලක් විය. 2020 වසරේ අප්‍රේල් මාසයේ දී සංචාරක පැමිණීම් නවතා දැමුණු අතර, සමාජ හා ආර්ථික කටයුතු අර්ධ වශයෙන් සීමා කිරීමෙන් ශ්‍රී ලංකාවේ වෙළෙඳ භාණ්ඩ අපනයන අංශයට සැලකිය යුතු ලෙස බලපෑමක් ඇති විය. ආනයන ආශ්‍රිත සැපයුම්…
Video Story