Top News

සියලු කොටස් පන්දහසේ කඩඉම පසුකරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (22) දින ගනුදෙනු අතරවාරයේ දී ඒකක 5,000 සීමාව ඉක්මවා යනු ලැබීය. 2020 මාර්තු 13 දින කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 5,000 සීමාවෙන් මෙපිටට පැමිණි අතර එතැන් සිට මේ දක්වා කාල සීමාව තුළ සියලු කොටස් මිල දර්ශකය එම කඩඉම පසු කළ පළමු අවස්ථාව මෙයයි. මේ අතර…

(0)Comments | June 22, 2020 2:13 pm

වෙළෙඳ අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්. 2020 අප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මාසයේ දී 117%ක ඉහළ යාමක්

රේගු දත්තවලට අනුව, 2020 මැයි මාසය සඳහා වෙළඳ අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 602 ක් උපයා ගෙන තිබූ අතර එය අප්‍රේල් මස අපයා ගත් ඇ.ඩො.මි. 277.4 හා සසඳන විට 117.16% ක වර්ධනයකි. මැයි අපනයන කාර්යසාධනයත් සමඟ ශ්‍රී ලංකා ‍අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ප්‍ර‍කාශ කර සිටියේ, අප්‍රේල් සිට මැයි දක්වා මෙතරම් ශක්තිමත් ප්‍ර‍ගතියක් දැකීම සතුටට කරුණක් වන…

(0)Comments | June 22, 2020 1:33 pm

‘ආසිරි – ඇබර්ඩීන්‘ තවත් සයිටම් අර්බුදයකට මුලපිරීමක් ද?

අද (22) දින කොළඹ නගරයේ ස්ථාන කිහිපයකම දර්ශනය වූ පෝස්ටරයකින් කියැවුණේ, පෞද්ගලික විශ්වවිද්‍යාලයක් සම්බන්ධ ප්‍රවෘත්තියකි. මෙරට ප්‍රමුඛතම ආරෝග්‍යශාලා ජාලයක් වන ආසිරි රෝහල් සමූහය විසින් එක්සත් රාජධානියේ ඇබර්ඩීන් සරසවිය සමඟ එක්ව දියත් කිරීමට සැරසෙනවා යැයි සඳහන් වෛද්‍ය උපාධි පාඨමාලාවක් මේ සඳහා ප්‍රස්තුථ වී ඇත. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් මෙම පෝස්ටර් ව්‍යාපාරය දියත් කර තිබිණ. සම…

(0)Comments | June 22, 2020 1:17 pm

රජයේ විධායක නිලධාරීන්ට ජපානයේ පශ්චාත් උපාධි හැදෑරීමේ අවස්ථා. ජපන් යෙන් මිලියන 269ක ප්‍රදානයක්

රාජ්‍ය අංශයේ විධායක නිලධාරීන්ට ජපානයේ පිළිගත් විශ්වවිද්‍යාලයන්හිදී පශ්චාත් උපාධි පාඨමාලාවන් හැදෑරීමේ අවස්ථා ලබා දීම සඳහා 2010 වර්ෂයේ සිට මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපාන ආධාර වැඩසටහන ක්‍රියාත්මක වන අතර, ඒ යටතේ 2020 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ සිට අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට නියමිත රාජ්‍ය නිලධාරින්ට පහසුකම් සලසා දීම සඳහා ජපාන රජය විසින් ජපන් යෙන් මිලියන 269…

(0)Comments | June 22, 2020 11:14 am

S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්. CTC, LOLC, සෙන්ට්‍රල් ෆිනෑන්ස්, මෙල්ස්ටාකෝප්, රිචඩ් පීරිස් සහ සෙලාන් බැංකුව ඇතුළට

S&P Dow Jones Indices විසින් 2020 පළමුවන අර්ධ වර්ෂය සඳහා කරනු ලබන දර්ශක සැකසීමට අනුව S&P ශ්‍රී ලංකා 20 දර්ශකයට අදාලව පහත දැක්වෙන වෙනස්කම් වූ බව කොළඹ කොටස් හුවමාරුව මෙසේ දැනුම් දෙයි. 2017 මාර්තු මස සිදුකල දර්ශක ක්‍රමවේදී සංශෝධනයට අනුව අර්ධ වාර්ෂිකව දර්ශකය සැකසීම ආරම්භ කල අතර ජුනි හා දෙසැම්බර් යන මාස තුල මෙය සිදු…

(0)Comments | June 19, 2020 5:13 pm

කොවිඩ් වසංගතයෙන් පසු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නංවාලීමට HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි

COVID 19 වසංගතයෙන් පසු සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයින් නැවත නගා සිටු වීමට සහාය වීම දරන ප‍්‍රයත්නයේ ප‍්‍රතිඵලයක් ලෙස හැටන් නැෂනල් බැංකුව රුපියල් බිලියන 5ක සහන අරමුදලක් දියත් කර ඇති අතර බැංකුවේ සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයින්ගේ සැලකිය යුතු ප‍්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා එම අරමුදල යොදා ගනු ඇත. ‘COVID 19  වසංගතය පැතිරීමේ අවදානම පාලනය කිරීම…

(0)Comments | June 19, 2020 4:25 pm

කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි මූලික ක්‍රියාකාරකම් ඩිජිටල්කරණ ක්‍රමවේදයකට  පරිවර්තනය කිරිමේ පරිසරයක් තුල එහි මුලික ක්‍රියාපටිපාටියන් හා යාන්ත්‍රණ ක්‍රමවේදය සාර්ථකව හඳුනා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) අතර ඒකාබද්ධ කමිටුවක් පිහිටුවන ලදී. මෙම වැඩසටහනේ පළමු අදියර ලෙස  මුද්‍රිත ගිණුම් ප්‍රකාශ විද්‍යුත් ක්‍රමවේදයට පරිවර්තනය කිරීමටත්, කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත…

(0)Comments | June 19, 2020 2:52 pm

මහ බැංකුවේ ‘සෙට් එකට‘ ද ෆිනෑන්ස් ගොඩගැනීමට කැක්කුමක් නොතිබූ බව හිටපු මහ බැංකු අධිපති කබ්රාල් කියයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වසා දැමීමට තීරණය කරන ලද ‘ද ෆිනෑන්ස්‘ මූල්‍ය සමාගම නැවත ගොඩනගා රටේ ආර්ථිකමය වැඩකොටස්වලට සහ මූල්‍යමය ස්ථාවරත්වය රැක ගැනීම සඳහා නැවත ස්ථාපනය කරන්නට මහ බැංකුව කටයුතු කළ යුතු බවත්, නමුත් දැනට එහි සිටින පිරිස (සෙට් එක) සමඟ එය සිදුකිරීමට නොහැකි බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි….

(0)Comments | June 19, 2020 2:34 pm

යුරෝපා සංගමයෙන් ජනපතිට ධනාත්මක ප්‍රතිචාර

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (18) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී යුරෝපා සංගමයේ කොළඹ සිටින තානාපතිවරු හමුවී කොවිඩ් – 19 අර්බුදයෙන් පසු ආර්ථිකය නැවත ගොඩනැංවීම පිළිබඳව සාකච්ඡා කළේය. වසංගතය හේතුවෙන් උද්ගත වූ සෞඛ්‍ය අභියෝග ආමන්ත්‍රණය කිරීම සඳහා මහජන සෞඛ්‍ය සේවාව කඩිනමින් යොදා ගැනීමට ශ්‍රී ලංකාව ක්‍රියා කළ බව රාජපක්ෂ මහතා පැවසීය. පොලීසියේ සහ ආරක්ෂක අංශවල සහයෝගය ඇතිව මහජන සෞඛ්‍ය…

(0)Comments | June 19, 2020 10:49 am

‘සොෆ්ට්ලොජික් ඉන්වෙස්ට්’ ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නව ආයෝජන දැක්මකට පිවිසෙයි

සොෆ්ට්ලොජික් කැපිටල් සමාගමෙහි වත්කම් කළමනාකරණ ආයතනය වන සොෆ්ට්ලොජික් ඉන්වෙස්ට් (Softlogic Invest), සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාවෙන් (SEC) බලපත‍්‍රය ලබා ගැනීමෙන් පසු මෑතකදී Softlogic Equity Fund සහ Softlogic Money Market Fund නමින් ඒකක භාර අරමුදල් දෙකක් ආරම්භ කර ඇත. මසකට රුපියල් 5000/- ක අවම ආයෝජනයක් සමඟ මෙම ආයෝජන ක‍්‍රම දෙක  ඕනෑම පුද්ගලයෙකුට ආරම්භ කළ හැකිය. ශ්‍රී ලාංකේය…

(0)Comments | June 19, 2020 10:40 am