Top News

ඉඩම් ලියාපදිංචිය පරිගණක ගත කිරීම සාර්ථකයි

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සහ ඉඩම් අමාත්‍යංශය ඒකාබද්ධව ක්‍රියාවට නංවන ලද මෙරට ඉඩම් ලියාපදිංචිය පරිගණක ගත කිරීමේ ව්‍යාපෘතිය සාර්ථකව සිදුකෙරෙමින් පවතින බව නිවේදනය කර සිටී. මේ වන විට කොළඹ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල බල ප්‍රදේශයේ ඉඩම් පිලිබඳව රජය සිදු කරනු ලබන කටයුතු වඩාත් කාර්යක්‍ෂමව සහ විධිමත්ව සිදු කිරීමට…

(0)Comments | January 2, 2017 6:50 am

ඩයලොග් මුල් පුටුව හාන්ස්ගෙන් සුපුන්ට

ඩයලොග් ආසියාටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක ධූරය සඳහා සුපුන් වීරසිංහ, 2017 ජනවාරි 01 වැනි දින සිට පත්වීම් ලැබ තිබේ. ඒ සමූහයේ ප්‍රධාන විධායකවරයා වූ ආචාර්ය හාන්ස් විජයසූරිය එම තනතුරට සමුදීමත් සමඟිනි. මේ අතර ඩයලොග් ආසියාටා සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසින් ආචාර්ය හාන්ස් විජයසූරිය තවදුරටත් කටයුතු කරන අතර දකුණු ආසියානු කලාපීය ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙසින්…

(0)Comments | January 2, 2017 5:33 am

2016 දී සියයට 9.66 කින් කොටස් වෙළෙඳපොළ පල්ලම් බසී

2016 වසර අවසානයේ දී සියයට 9.66 කින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය පහළ ගොස් තිබේ. මේ අනුව 2016 වසර ආරම්භයේ දී ඒකක 6,894.50 ක් ලෙසින් වාර්තා වූ එහි අගය 2016 වසරේ අවසාන ගනුදෙනු දිනය වූ දෙසැම්බර් 30 වන දින අවසානයේ දී දැක්වුණේ ඒකක 6,228.26 ක් වශයෙනි. මේ අනුව 2016 වසර තුළ දී ඒකක…

(0)Comments | January 2, 2017 12:07 am

මුදල් ප්‍රතිපත්තිය යෝග්‍ය බව මහ බැංකුව තීරණය කරයි

පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව 2016 දෙසැම්බර් 30 වැනි දින පැවති මුදල් මණ්ඩල හමුවේ දී තීරණය වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් සියයට 7 සහ සියයට 8.5 මට්ටමේ තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කරන ලදී. තවද ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය සියයට…

(0)Comments | January 2, 2017 12:03 am

අමානා බැංකුව විදෙස් සහාය පතයි

බැංකු පනතේ 19 වැනි වගන්තියට අනුව නියම කර ඇති අවම ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් විදේශීය ආයෝජකයන් සමඟ මේ වන සාකච්ඡා පවත්වමින් සිටින බව අමානා බැංකුව කියා සිටී. 2017 අයවැය යෝජනාවලට අනුව බලපත්‍රලාභී වාණිජ බැංකුවල මූලික ප්‍රාග්ධන අවශ්‍යතාවය රුපියල් බිලියන 10 සිට රුපියල් බිලියන 20 දක්වා ඉහළ දමන ලදී.තවද බලපත්‍රලාභී විශේෂිත බැංකුවල අවම ප්‍රාග්ධනය රුපයිල් බිලියන…

(0)Comments | January 2, 2017 12:02 am

ගුවන් ටිකට් මිල රු. 3,000 කින් ඉහළට

ශ්‍රී ලංකාවේ තොටුපළකින් ගුවන්ගත වීමේ හෝ නැව් නැගීම වෙනුවෙන් ගෙවිය යුතු බද්ද (Airport tax) 2017 ජනවාරි 01 වන දින සිට ඇමරිකානු ඩොලර් 50 දක්වා ඉහළ දමා තිබේ. මෙය 2017 අයවැය යෝජනාවන්ට අනුව සිදුකරනු ලැබූ බදු සංශෝධනයකි. මේ අනුව මෙතෙක් ඇමරිකානු ඩොලර් 30 ක්ව පැවති මෙම ගුවන් තොටුපළ බද්ද, 2017 ජනවාරි 01 දින සිට ඩොලර් 50…

(0)Comments | January 1, 2017 6:40 pm

හම්බන්තොට ලංකා ලුණු සමාගම කෝටි 99ක ලාභයක් ලබයි

හම්බන්තොට ලංකා ලුණු සමාගම පසුගිය වසර දෙක තුළ රුපියල් කෝටි 99ක ශුද්ධ ලාභයක් ලබා ඇති බව එහි සභාපති අයුබ් ඛාන් මහතා පැවසීය. රජයේ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුවේ පසුගිය දා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පෙන්වා දුන් අතර රුපියල් මිලියන 330 අලාභයක් ලබමින් තිබුණු මෙම ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට හැකි වූ බව…

(0)Comments | January 1, 2017 7:21 am

මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවට මුල්ගල තැබීම 03 දා

කුලියාපිටිය මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවට මුල්ගල තැබීමේ මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන ජනවාරි 03 වැනිදා පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාව තුළ නව ආයෝජන අවස්ථා පුළුල් කරමින් කුලියාපිටියේ ලබුයාය, මහනුගලන්ද වත්තේදී මෙම මෝටර් රථ නිෂ්පාදනය කර්මාන්ත ශාලාව ඉදි කරනු ලබයි. අධ්‍යාපන අමාත්‍ය අකිල් විරාජ් කාරියවසම් මහතා ඇතුළු පිරිසක් මෙම…

(0)Comments | December 31, 2016 4:21 am

ලොතරැයි මිල ඉහළට – ජනවාරියේ සිට රුපියල් 5 ක බද්දක්

ලොතරැයි සඳහා නිෂ්පාදන බද්දක් හඳුන්වා දීමට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පියවර ගෙන තිබේ. මේ අනුව අහඹු ලෙස දිනුම් අදිනු ලබන අයිතිකරුවන් සඳහා අංක කරන ලද ප්‍රවේශ පත්‍ර විකිණීමෙන් සහ ත්‍යාග ප්‍රදානයෙන් මුදල් උපයනු ලබන සෑම ලොතරැයියක් සඳහා ම 15% ක් හෝ ප්‍රවේශ පත්‍රයකට රු. 5/- ක් යන දෙකෙන් වැඩි අගය මත නිෂ්පාදන බද්දක්…

(0)Comments | December 30, 2016 6:49 am

අද දවසේ කොටස් වෙළෙඳපොළට ආ දැවැන්තයා – මෙල්ස්ටාකෝප්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගම් සමූහයක් වන මෙල්ස්ටාකෝප් ලිමිටඩ් අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වන ලදී. මේ අනුව එහි ද්විතීයික කොටස් වෙළෙඳ ගනුදෙනු අද (30) ආරම්භ විය. මෙල්ස්ටාකෝප් සමාගමේ ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 1,165,397,072 ක් කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන පුවරුවේ, විවිධාංගීකරණය කරන ලද සමාගම් කාණ්ඩය යටතේ මේ අනුව ලැයිස්තුගත වේ. මෙල්ස්ටාකෝප් ලිමිටඩ්…

(0)Comments | December 30, 2016 4:26 am