Top News

නැවේ දී වතුරට හසුවී ඇඩ්‍රස් නැති වූණා යැයි ඇමති බන්දුල කියූ පාර්සල්වලට වුණු දේ ගැන තැපැල්පති මෙසේ කියයි

ශ්‍රී ලංකාව වෙත ගුවන් තැපෑල හරහා එවීමට තිබූ තැපැල් පාර්සල් තොගයක්, නැව් මගින් කන්ටේනර් මාර්ගයෙන් එවීම හේතුවෙන් ඒවා වතුරට හසුවී, යා යුතු ලිපින මැකී ගොස් ඇති බැවින් ඒවායේ අයිතිකරුවන් සොයාගත නොහැකි තත්ත්වයක් පැන නැඟී ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද උදෑසන ප්‍රකාශ කර සිටියේය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින්…

(0)Comments | June 18, 2020 6:27 pm

විශාලම ලැයිස්තුගත සමාගම් 50 විනිවිදභාවය පිළිබඳ වාර්තාවක් එළිදැක්වෙයි

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය අද (18) දින පුද්ගලික සමාගම්හි වාර්තාකරණයේ විනිවිදභාවය පිලිබඳ ඇගයීම් වාර්තාවක් ප්‍රථම වරට එලි දක්වනු ලැබීය. මෙම ඇගයීම්කරණයට ඇතුලත් කර ඇත්තේ 2019 පෙබරවාරි 28 වන දිනට  කොළඹ කොටස් වෙළඳපොලේ වෙළඳපොල ප්‍රාග්ධනීකරණයට අනුව ලැයිස්තුගත ඉහලම සමාගම් 50 යි. “සමාගම් වාර්තාකරණය තුළ විනිවිදභාවය (TRAC); ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත ප්‍රමුඛතම සමාගම් 50 ඇගයීම” වාර්තාව තුළින්…

(0)Comments | June 18, 2020 4:21 pm

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවතා දැමීමට රජය තීරණය කරයි

පසුගිය රජය සමයේ දී ජපානයේ JICA ආයතනයේ ආධාර මත මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් දියත් කරනු ලැබූ මාළඹේ සිට කොළඹ කොටුව දක්වා දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවතා දැමීමට රජය විසින් තීරණය කළ බව අද (18) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී සම කැබිනට් ප්‍රකාශකවරුන් වන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ අමාත්‍ය රමේෂ්…

(0)Comments | June 18, 2020 2:59 pm

කොළඹ වරාය නගරයේ නව වෙරළ තීරය ලබන වසරේ දී ජනතාවට විවෘත වේ

කොළඹ වරාය නගරයේ (PORT CITY COLOMBO) වෙරළ තීරය පොදු මහජනතාව වෙනුවෙන් ලබන වසරේ දී විවෘත කිරීම කොළඹ වරාය නගර පෞද්ගලික සමාගම (Port City Colombo pvt/ Ltd) සැලසුම් කර තිබෙන බව නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද…

(0)Comments | June 18, 2020 2:26 pm

COVID-19 වැළැක්වීමට යෙන් මිලියන 800 ක ව්‍යාපෘති නොවන ජපන් ආධාර

ශ්‍රී ලංකාව තුළ COVID – 19 වසංගතය වැළැක්වීමේ ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීමට අවශ්‍ය වෛද්‍ය උපකරණ සැපයීම සඳහා ජපාන ව්‍යාපෘති නොවන ප්‍රදාන ක්‍රමය යටතේ ජපන් යෙන් මිලියන 800 ක (දළ වශයෙන් රුපියල් මිලියන 1,360 ක) ආධාර මුදලක් ලබා දීමට ජපාන රජය එකඟතාව පළ කර ඇත. ඒ යටතේ MRI Scanner, CT Scanner, Bedside X-Ray Systems, Central Monitors, Bedside…

(0)Comments | June 18, 2020 2:13 pm

පෝට් සිටියේ ඩොලර් බිලියනයක දැවැන්ත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා දිරි දීමනා දීමට කැබිනට් අනුමැතිය

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය, නාගරික සංවර්ධන අධිකාරිය සහ දේශීයව සංස්ථාගත කරනු ලැබ ඇති CHEC පෝට් සිටි කොළඹ (පෞද්ගලික) සමාගම අතර ත්‍රෛපාර්ශ්වීය ගිවිසුමකට 2016 අගෝස්තු මාසයේදී අත්සන් තබා ඇති අතර, ඒ අනුව එම ව්‍යාපෘතිය යටතේ ඉඩම් හෙක්ටයාර 440ක් ගොඩ කිරීමට පියවර ගනු ලැබ ඇත. අදාළ ගිවිසුමේ විධිවිධාන පරිදි එම ඉඩම්…

(0)Comments | June 18, 2020 1:53 pm

ගුවන් තැපෑලෙන් එන්න තිබූ පාර්සල් 42,000 ක් නැවෙන් ඇවිත් වතුර වැදී ඇඩ්‍රස් මැකිලා. අයිතිකරුවන් සොයා ගන්න විදියක් නැහැ – ඇමති බන්දුල

ගුවන් තැපෑල හරහා මෙරටට එවීමට තිබූ තැපැල් පාර්සල් තොගයක්, නැව් මගින් කන්ටේනර් මාර්ගයෙන් එවීම හේතුවෙන් ඒවා වතුරට හසුවී යා යුතු ලිපින මැකී ගොස් ඇති බවත්, එැබැවින් ඒවායේ අයිතිකරුවන් සොයාගත නොහැකි තත්ත්වයක් පැන නැඟී ඇති බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද (18) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා…

(0)Comments | June 18, 2020 11:45 am

ලීසිං ණය වාරික සඳහා දුන් මාස 06ක සහනය අදාළ පාර්ශ්වයන්ට අනිවාර්යයෙන් දිය යුතුයි – ජනපති අවධාරණය කරයි

මහබැංකුව දුන් සහන ආර්ථිකයත්, ජනතාවත් ශක්තිමත් කිරීමට භාවිත කිරීම රාජ්‍ය බැංකුවල වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. ගෝලීය වසංගතයෙන් ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී තිබේ. අර්බුදය ජය ගැනීමට කෘෂිකාර්මික, සුළු හා මධ්‍ය පරිමාණ ඇතුළු සියලු ව්‍යාපාර ක්ෂේත්‍රවලට ඝෘජුව සහාය වෙමින් ඒවා නගාසිටුවීම කළ යුතු බව  ජනාධිපතිතුමා කියා සිටි. මහජන බැංකුවේ ක්‍රියාකාරීත්වය විමර්ශනය කරනු…

(0)Comments | June 18, 2020 10:41 am

අගෝස්තු 01 සිට ශ්‍රී ලංකාවට එන සංචාරකයින්ට පොදු ප්‍රවාහනය තහනම්

එළඹෙන අගෝස්තු 01 දා සිට විදෙස් සංචාරකයින්ට හා විදේශ රටවල සිට එන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වෙනුවෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත කරන බව රජය පවසයි. මෙහිදී ශ්‍රී ලංකාව තුළට පැමිණෙන විදෙස් සංචාරකයින් සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිලි කරමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මිය කියා සිටියේ, සංචාරකයින් මෙරට ගෙන්වා ගැනීම…

(0)Comments | June 17, 2020 5:17 pm

මොකක්ද මේ ‘ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය‘ ?

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියලු රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2020 ජුනි 16 වන දිනෙන් ආරම්භ වන සංචිත පවත්වා ගෙන යෑමේ කාල පරිච්ඡේදයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 2.00 දක්වා පදනම් අංක 200කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (16) තීරණය කළේ ය. මූල්‍ය ආර්ථික විද්‍යාවට සහ මහ බැංකු සම්ප්‍රදායට…

(0)Comments | June 17, 2020 1:34 pm