videos

තත්ත්වයන් වෙනස් වෙද්දී මම මගේ අදහස වෙනස් කරගන්නවා – මහ බැංකු අධිපති කියයි VIDEO

පවතින තත්ත්වයන් හි වෙනස්කම් සිදුවන විට ඊට අනුරූප ලෙසින් තමා තම අදහස වෙනස් කරගන්නා (When the facts change, I change my mind.) බව ප්‍රකට ආර්ථික විද්‍යාඥ ජෝන් මෙනාඩ් කේන්ස් පවසා තිබෙන බවත් එය තමා මෙහිදී ප්‍රකාශ කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. අද පෙරවරුවේ මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය…

(0)Comments | July 29, 2016 6:54 am

ක්ෂණික පිළියම් ආර්ථිකයට හිතකර නැහැ – මහ බැංකු අධිපති කොටස් වෙළෙඳපොළේ දී කියයි VIDEO

ලෝකයේ ඉහළ මට්ටමේ කොටස් වෙළෙඳපොළක් අපට තිබෙන බවත් එය තව තවත් ශක්තිමත් කරන්නට සැලසුම් ගණනාවක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. අද පෙරවරුවේ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සමාරම්භය හා එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අධිපතිවරයා කියා සිටියේ දේශීය හා විදේශීය…

(0)Comments | July 28, 2016 6:25 am

හිල්ටන්, හයට් හා ලංකා හොස්පිටල් ගැන තීරණයක් වසර අවසානයේ දී VIDEO

ඇතැම් ආයතනවල අභිවෘද්ධිය සඳහා රාජය හා පෞද්ගලික යන අංශ දෙකේම සහයෝගීතාව ලබා ගැනීමට සිදුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ කොළඹ දී පැවති ඉන්දියානු ප්‍රධාන විධායක නිලධාරීවරුන්ගේ සමුළුව අමතමිනි. මෙලෙසින් අවධානය යොමු කොට ඇති ආයතන අතර හිල්ටන්, හයට් හා ලංකා හොස්පිටල් යනාදී සමාගම් පිළිබඳව අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කරන…

(0)Comments | July 13, 2016 6:23 am

Brexit සුලමුල හා ප්‍රතිඵල VIDEO

පසුගිය දින කිහිපය තුළ ලොව පුරා මහත් ආන්දෝලනයට තුඩුදුන් කාරණාවක් වූයේ බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බවට එරට බහුතර ජනතාව විසින් ජනමත විචාරණයකින් තීන්දු කිරීමයි. මෙම තත්ත්වය ගෝලීය වශයෙන් දේශපාලන හා ආර්ථික බලපෑම් රැසකට හේතු විය හැකි කාරණයක් බව විද්වත් මතයයි. මේ පිළිබඳව පුළුල් කතිකාවතක් ගොඩනැගීමට TV දෙරණ අලුත් පාර්ලිමේන්තුවේ දී පසුගිය දා පියවර…

(0)Comments | July 10, 2016 2:27 pm

බදු ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස්විය යුතුයි – CCC ප්‍රධාන අර්ථ ශාස්ත්‍රඥ කියයි VIDEO

දැනට පවතින බදු ක්‍රමය අනුව 80% ක් වක්‍ර බදු ලෙසත් 20% ක් සෘජු බදු ලෙසත් අයකර ගන්නා බවත් මෙම ක්‍රමය මුළුමනින්ම වෙනස් විය යුතු බවත් ලංකා වාණිජ මණඩලයේ ප්‍රධාන අර්ථ ශාස්ත්‍රඥ අනුෂ්ක විජේසිංහ මහතා පැවසීය. වත්මන් ගෝලීය හා දේශීය ආර්ථික ප්‍රවණතාවන් පිළිබඳ විවරණයකට අද දෙරණ සමඟ සුවිශේෂී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා…

(0)Comments | July 8, 2016 5:15 am

විශ්වාසය සුරැකීම පළමු කාර්යයි – මහ බැංකු අධිපති VIDEO

ශ්‍රී ලංකා මහ බැංකුවේ කීර්තිනාමය හා විශ්වාසනීයත්ය රැක ගැනීම තම ප්‍රමුඛ කාර්යය බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ පස්වරුවේ දී මහ බැංකු අධිපතිවරයා ලෙස සිය පළමු මාධ්‍ය හමුවට එක්වෙමිනි. “ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ආයතනයක්. මෙම පත්වීමේ දී අභියෝග රැසකට…

(0)Comments | July 6, 2016 4:35 am

රාජ්‍ය සේවය තරඟකාරී කරන්නේ කෙසේද? VIDEO

මෙරට රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම සඳහා පීඩනයට මුහුණ දිය හැකි රාජ්‍ය සේවකයින් පිරිසක් බිහි කළ යුතු බව ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා පැවසීය. අද දෙරණ Biz 24×7 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය. සුනිල් හෙට්ටිආරච්චි මහතා සමඟ කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.

(0)Comments | July 6, 2016 4:08 am

නව මහ බැංකු අධිපතිගේ පළමු කතාව මෙන්න VIDEO

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙසින් වැඩ භාර ගත් ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පළමු වරට මහ බැංකු කාර්ය මණ්ඩලය, මීට සුළු මොහොතකට පෙර අමතන ලදී. මෙහිදී ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් මෙම ස්ථානයේ සිටීම තමන් ලැබූ ගෞරවයක් බවයි. ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මහ බැංකු කාර්ය මණ්ඩලය අමතමින් සිදුකළ සම්පූර්ණ කතාව…

(0)Comments | July 4, 2016 7:31 am

වැට් ගැන අන්තිම සාකච්ඡාව හෙට VIDEO

වැට් බද්ද පිළිබඳ නිවැරදි පැහැදිලි කිරීමක් මේ දක්වා සිදු වී නොමැති බවත් ජූලි 04 වන දින මේ සම්බන්ධයෙන් අවසාන සාකච්ඡාව පවත්වන බවත් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. මෙහිදී ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ලංකාවේ සිටින සියලු ම වෙළෙඳ ව්‍යාපාරිකයින් මෙම සාකච්ඡාව සඳහා කැඳවන බවයි. මෙම හමුව මුදල් අමාත්‍යාංශයේ දී පැවත්වීමට නියමිත අතර එම සාකච්ඡාවෙන් පසු…

(0)Comments | July 3, 2016 6:41 am

කොට්ලර් ව්‍යාපාරික වැඩසටහන සහ ශ්‍රී ලංකා කොට්ලර් මධ්‍යස්ථානය දියත් කෙරේ

ව්‍යාපාර ලෝකය පිළිබඳ අනාගත දැක්මක් ඇති ව්‍යාපාරික නායකයන්ගෙන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගෞරවනීය ජ්‍යෙෂ්ඨ විද්වතුන්ගෙන් සමන්විත ඒකාබද්ධ ව්‍යුහයක් තුළින් පාලනය වන ශ්‍රී ලංකාව තුළ ඇති එකම ව්‍යාපාරික පාසල වන කොළඹ ව්‍යාපාර සහ කළමනාකරණ පාසල (Colombo School of Business Management) උසස් අධ්‍යාපනය, වෘත්තීයමය අධ්‍යාපනය සහ විධායක අධ්‍යාපනය නව නැඹුරුවකට යොමු කරන අතර කාර්ය මණ්ඩල පුහුණුව සහ වෙළෙඳපොළ…

(0)Comments | June 30, 2016 10:44 am