videos

වැට් සංශෝධන කඩිනමින් ක්‍රියාත්මක වීම වැදගත් – IMF අවධාරණය කරයි VIDEO

දුෂ්කර වාතාවරණයක් යටතේ වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලද ආර්ථික වැඩපිළිවෙල ක්‍රියාවට නංවා, ජූනි මාසය අවසන් වන විට සපුරාලිය යුතු සියලු කාර්යසාධන මට්ටම් සපුරාලීම පිළිබඳව තම ප්‍රශංසාව හිමි වන බව මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායමේ ප්‍රධානී Jaewoo Lee මහතා පැවසීය. අද (23) ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා…

(0)Comments | September 23, 2016 12:19 pm

අයවැයෙන් වාහන මිලට වෙන දේ VIDEO

මෙවර අයවැයේ දී වාහන මිල ගණන් පිළිබඳ කිසිදු වෙනසක් සිදුනොවන බව මුදල් අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කළ බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පැවසීය. ඊයේ (21) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙරෙන්චිගේ මහතා කියා සිටියේ මේ වන විට ආනයනකරුවන්ට වාහන විකිණීමට…

(0)Comments | September 22, 2016 5:56 am

වැඩි මුදලක් ගෙවන්න කැමති සංචාරකයින් ලංකාවට එනවා VIDEO

සුඛෝපභෝගී පහසුකම් සොයා ලොව නං දෙස විසිරී සිටින සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණීම් සිදුවෙමින් පවතින බව සීගිරිය වෝටර් ගාඩ්න් හෝටලයේ සාමන්‍යාධිකාරී අසේල වෑවිට මහතා පැවසීය. අද දෙරණ Biz 24×7 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය. ලොව ඉහළ වියදමක් දැරීමට යොමුවුණු සංචාරකයින් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක හෝටලයක් ලෙසින් සීගිරිය වෝටර් ගාඩ්න් හෝටලය හැඳින්විය හැකිය….

(0)Comments | August 30, 2016 6:43 am

ලංකාවේ ආයෝජනය නොකරන්න වොක්ස්වැගන් තීරණය කරලා – නි. ඇමති එරාන් කියයි

වොක්ස්වැගන් සමාගම හට ජාත්‍යන්තරව මුහුණ දීමට සිදු වූ ප්‍රශ්න හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිදුකිරීමට සැලසුම් කර තිබූ ආයෝජනය දැනට නොකිරීමට තීරණය කර ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පැවසීය. අද දෙරණ ‘මොකද වුණේ‘ ප්‍රවෘත්ති විශේෂාංගය සමඟ එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

(0)Comments | August 29, 2016 7:58 am

ප්‍රාග්ධන බද්ද මේ අවුරුද්දේ සම්මත කරගන්නවා – අගමැති කියයි VIDEO

“ප්‍රාග්ධනය වෙනුවෙන් අපි තමයි බද්ද දාලා තියෙන්නේ. ඒ බද්ද මේ අවුරුද්දේ දී අපි සම්මත කර ගන්නවා. මීට ඉස්සෙල්ලා මේක තිබුණේ නැහැ“, යනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජාතික සේවක සංගම් මූලස්ථාන පරිශ්‍රයේ පැවති උත්සව අවස්ථාවක දී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැක්වූ අදහස් පහතින් නැරඹිය හැකිය.

(0)Comments | August 26, 2016 5:09 am

කොළඹ නගරයේ ඉදිවන LRT ප්‍රවාහන පද්ධතිය සැලසුම් වෙන හැටි – VIDEO

මෙගාපොලිස් සැලසුම් යටතේ කොළඹ නගරයේ ඉදිවීමට නියමිත LRT ප්‍රවාහන පද්ධතිය පිළිබඳ සුවිශේෂී සම්මුඛ සාකච්චාවක් සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ඩිමන්ත ද සිල්වා මහතා අද දෙරණ Biz සමඟ එක්විය. LRT ප්‍රවාහන පද්ධතිවල ආරම්භය, විකාශනය හා වර්තමානයේ අද එහි තත්ත්වය පිළිබඳ වැදගත් කරුණු රැසක් ආචාර්ය ඩිමන්ත සිල්වා විසින් මෙහිදී පැහැදිලි කරන ලදී. මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,…

(0)Comments | August 16, 2016 6:38 am

මගේ දර්ශනය වුණේ ලංකාවේ සේවා සැපයුමේ වෙනසක් ඇති කිරීමයි – ලස්සන ෆ්ලෝරා සභාපති වෛද්‍ය මලවිගේ කියයි – VIDEO

ලස්සන ෆ්ලෝරා සමාගමේ සභාපති විශේෂඥ වෛද්‍ය ලසන්ත මලවිගේ මහතා අද දෙරණ Biz 24×7 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ, ශ්‍රී ලංකාවේ සේවා සැපයුමේ වෙනසක් ඇති කිරීම සිය දර්ශනය වූ බවයි. විශේෂඥ වෛද්‍ය ලසන්ත මලවිගේ මහතා සමඟ කළ සම්පූර්ණ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.

(0)Comments | August 16, 2016 4:41 am

ජනාධිපති අපනයන සම්මාන උළෙල 20 වන වරටත් – VIDEO

ජනාධිපති අපනයන සම්මාන උළෙල ඊයේ (09) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. අපනයන ක්ෂේත‍්‍රයට දායකවූවන් ඇගයීම වෙනුවෙන් අපනයන සංවර්ධන මණ්ඩලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙල මෙවර පැවැත්වූයේ 20 වන වරටය. 2014/2015 වර්ෂයන්ට අදාළව ක්ෂේත‍්‍ර 10 ක් ඔස්සේ සම්මාන 113 ක් මෙහිදී ප‍්‍රදානය කෙරුණු අතර ජනාධිපතිතුමා අතින්…

(0)Comments | August 10, 2016 4:33 am

ගුවන් අනතුර ගැන එමිරේට්ස් ප්‍රධානියා මෙසේ කියයි VIDEO

“ත්‍රිවේන්ද්‍රම් සිට සිට ඩුබායි බලා පියාසර කළ අපගේ EK521 ගුවන් යානය ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී අනතුරකට මුහුණ පෑවා. මෙහිදී අපගේ ගුවන් මගීන් කිසිවකුට ජීවිත හානියක් සිදුනොවීම පිළිබඳ අපි සතුටු වෙනවා. මෙවැනි තත්ත්වයක දී අපගේ පළමු ප්‍රමුඛතාවය වන්නේ අපගේ මඟීන් සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීමයි“, යනුවෙන් එමිරේට්ස් ගුවන් සේවයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී…

(0)Comments | August 4, 2016 5:49 am

පොදු මහජනතාවට බරක් නොවන ආකාරයට මූල්‍ය විනය ක්‍රියාත්මක විය යුතුයි – ජනාධිපති ආර්ථික සමුළුවේ දී කියයි VIDEO

දෛනික ජීවිතයේ දී පොදු මහජනතාවට බරක් නොවන ආකාරයට හා ඔවුන් ආර්ථික අපහසුකම්වලට පත්නොවන අයුරින් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති හා මූල්‍ය විනය ක්‍රියාමත්මක විය යුතු බව අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. අද (02) දින ආරම්භ වූ ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2016 සමාරම්භක සැසිය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. මෙහිදී…

(0)Comments | August 2, 2016 4:57 am