videos

ප්‍රාග්ධන ලාභ බද්ද ගැන හර්ෂගෙන් පැහැදිලි කිරීමක් – කොටස් ගනුදෙනුත් අදාළයි VIDEO

ඉඩම් මිල ඉහළ යාමට වියදම් කර ඇත්තේ ආණ්ඩුව බවත්, එබැවින් එම වියදම් කරපු ප්‍රමාණයෙන් සුළු ප්‍රමාණයක් අයකර ගැනීම සාධාරණ බවත් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. ඊයේ (28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඒ මහතා මේ බව සඳහන් කළේය. එවැනි බදු හරහා වක්‍ර බදු අඩු කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා මෙහිදී…

(0)Comments | June 29, 2016 10:21 am

විදෙස් ආයෝජන ගලා යාම් ලංකාවට සෘජුවම බලපාලා – කොටස් වෙ‍ළෙඳපොළ ප්‍රධාන විධායක කියයි VIDEO

ආසියාතික කලාපයේ ආයෝජිත විදෙස් අරමුදල් නැවත වරක් ඇමරිකාවට ගෙන යන ප්‍රවණතාවක් තිබෙන බවත් ශ්‍රී ලංකාවට ද එහි සෘජු බලපෑම එල්ල වී තිබෙන බවත් කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ අද දෙරණ Biz 24×7 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රජීව බණ්ඩාරනායක මහතා කියා…

(0)Comments | June 28, 2016 6:29 am

අපනයන වෙළෙඳපොළට බලපෑම් එල්ලවිය හැකියි – වාණිජ මණ්ඩල ප්‍රධාන ආර්ථික විද්‍යාඥ කියයි VIDEO

යුරෝපා සංමයෙන් බ්‍රිතාන්‍ය ඉවත් වීමට එරට බහුතර ජනතාවගේ කැමැත්ත පළවීම තුළ එහි බලපෑම ශ්‍රී ලංකාවට ද එල්ල විය හැකි බව ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ අනුෂ්ක විජේසිංහ මහතා පැවසීය. අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයනවලින් 10%…

(0)Comments | June 24, 2016 9:56 am

ශ්‍රී ලංකාවේ අපිට ඕස්ට්‍රේලියාවේ ඉඩම් මිල දී ගන්න පුළුවන් විදිය මෙන්න VIDEO

ඕස්ට්‍රේලියාවේ දේපළ ව්‍යාපෘතිවල ආයෝජනය කළ හැකි ආකාරය පැහැදිලි කිරීමට Dwelling Group හි අධ්‍යක්ෂ නවීන් ද සිල්වා මහතා අද දෙරණ Biz 24×7 සමඟින් එක්විය. ශ්‍රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවේ දේපළ ව්‍යාපෘතිවල ආයෝජනය කළ හැකි ආකාරයත්, එයින් ලැබෙන ප්‍රතිලාභය යළි ශ්‍රී ලංකාවට රැගෙන එන්නේ කෙසේද යන්න පිළිබඳවත් ඒ මහතා මෙහිදී සවිස්තරාත්මකව පැහැදිලි කරන ලදී. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්…

(0)Comments | June 15, 2016 7:01 am

ව්‍යාපාරයක් පටන් ගන්න අවශ්‍ය ප්‍රාග්ධනය අපි දෙනවා

ව්‍යවසායකයින් සවිබල ගැන්වීමේ අරමුණින් ආරම්භ කරන ලද වෙන්චර් එන්ජින් වැඩසටහන පිළිබඳ පුළුල් විග්‍රහයක් කිරීමට බ්ලූ ඕෂන් කැපිටල් කළමනාකාර අධ්‍යක්ෂ, ප්‍රජිත් බාලසුබ්‍රමනියම් මහතා අද දෙරණ Biz 24×7 එක්විය. ඒ මහතා සමගින් කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.

(0)Comments | June 13, 2016 5:24 am

වැට් සංශෝධනය ව්‍යාකූලයි – FCCISL සභාපති කියයි

නව වැට් බදු සංශෝධනය හේතුවෙන් මේ වන විට ව්‍යාකූලත්වයක් පැන නැඟී ඇතැයි ලංකා කර්මාන්ත හා වාණිජ මණ්ඩල සම්මේලනයේ සභාපති සරත් කහපොලආරච්චි මහතා පැවසීය. කොළඹ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඒ මහතා මේ බව කියා සිටියේය. වැට් බදු අය කිරීම සම්බන්ධයෙන් නිවැරදි අර්ථකථනයක් රජයෙන් මෙතෙක් ලැබී නැති බවත් මෙම තත්ත්වය තුළ වෙළෙඳපොළේ භාණ්ඩ මිල විශාල වශයෙන්…

(0)Comments | June 1, 2016 7:52 am

වාහන මිල යළි ඉහළට VIDEO

ආනයනික වාහනවල අවම ඒකක බද්ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය වන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පැවසීය. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඒ මහතා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ වාහනවල බදු ගණනය කිරීමේ දී වටිනාකම් තීරණය කිරීමේ විෂමතාවයක් තිබුණු බවත් එය වෙනසකට භාජනය…

(0)Comments | May 27, 2016 5:20 am

ලියකියවිලි – කොන්දේසි නැතුව වන්දි පිරිනැමීමට රක්ෂණ සමාගම් සූදානම්

ගංවතුරෙන් විපතට පත්වූ ජනතාවට රක්ෂණ වන්දි ප්‍රදානය කිරීම ලියකියවිලි හෝ කොන්දේසි නොසලකා සිදුකිරීමට අපේක්ෂා කරන බව මෙරට ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගම් පවසයි. මුදල් අමාත්‍යංශයේ උපකල්පනයට අනුව රුපියල් කෝටි 15,000ත් 20,000ත් අතර තක්සේරු අලාභයක් ජල ගැලීම් හේතුවෙන් සිදුව ඇති බව සඳහන්ය. ශ්‍රී ලංකා රක්ෂණ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ටී.එම්.ආර්.බන්සා ජයා මහතා පවසන්නේ රුපියල් ලක්ෂයට අඩු වන්දි සඳහා…

(0)Comments | May 27, 2016 4:28 am

බැඳුම්කර නිකුතු පාර්ලිමේන්තුවට වාර්තා කරන්න අගමැතිගෙන් උපදෙස්

ඉදිරියේ දී පැවැත්වෙන සෑම භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් අවසානයේ දී ඒ පිළිබඳ වාර්තාවක් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පාර්ලිමේන්තු කාරක සභාවට ඉදිරිපත් කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේ පැවති ශ්‍රීලංකන් ගුවන්සේවය පිළිබඳ පැවති කල්තබන ලද විවාදයේ අතරතුර දී පැවසීය. මේ අතර අද (19) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් මිලියන…

(0)Comments | May 19, 2016 6:05 am

ලාංකීය ප්‍රේක්ෂක ජනතාවට නැවුම් අත්දැකීමක් ගෙන දෙමින් ඩයලොග් 7th Circuit ඇරඹෙයි

ඩයලොග් ටීවී හි නවතම සිනමා නාලිකාව ඩයලොග් 7th Circuit පසුගිය දා අතිඋත්කර්ෂවත් අන්දමින් දියත් කෙරිණි. ගරු ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, ගරු නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් මෙම උළෙල සංවිධානය වී තිබිණි. ශ්‍රී ලංකාවේ දැනට ප්‍රදර්ශනය වූ මෙන්ම ප්‍රදර්ශනය වෙමින් පවතින සහ ප්‍රදර්ශනය වීමට නියමිත චිත්‍රපට 7th Circuit නාලිකාව හරහා ප්‍රේක්ෂකයාගේ ආලින්දය…

(0)Comments | May 17, 2016 5:05 am