බලශක්ති විශේෂඥ ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා අද දෙරණ Biz 24×7 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්, පුනර්ජනනීය බලශක්ති භාවිතය අතින් ශ්රී ලංකාව ඉතා ඉහළ මට්ටමක සිටින බව පැවසීය. පහත දැක්වෙන්නේ ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා සමඟ කළ ඒ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාවයි.
UPTOWN Kandy නවතම ප්රදර්ශනාගාරය කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා හිදී පසුගිය දා විවෘත විය. ලොව විශාලතම විලාසිතා එකතුව තේමා කරගනිමින් කැන්ඩි සිලෙක්ෂන් විලාසිතා අලෙවි සහෝදරයින් විසින් UPTOWN Kandy නවතම ප්රදර්ශනාගාරය විවෘත කරන ලදී.
විදෙස් ආයෝජකයින් ශ්රී ලංකාවේ ආයෝජනය කළ යුත්තේ ඇයි යන්න පිළිබඳව විශේෂ කරුණු කිහිපයක් විශේෂ කාර්යයන් පිළිබඳ කැබිනට් අමාත්ය ආචාර්ය සරත් අමුණුගම මහතා පසුගියදා අනාවරණය කළේය. අමාත්යවරයා මේ බව සඳහන් කළේ පසුගියදා ආරම්භ වූ ශ්රී ලංකා ආයෝජන හා ව්යාපාරික හමුව 2016 (Sri Lanka Investment and Business Conclave 2016) අමතමිනි. අමාත්යවරයා එහිදී දැක්වූ අදහස් පහත වීඩියෝව තුළින්…
“රටක මූල්ය අංශය දියුණු වීම යනු එම රටේ දියුණුවයි. එසේම අප නිරන්තරයෙන් කියා සිටින්නේ රටේ ආර්ථිකයේ නායකත්වය පෞද්ගලික අංශය විසින් ගත යුතු බවයි. රටේ විශාලතම පෞද්ගලික වාණිජ බැංකුව ලෙසින් එහිදී අපට ඉතා වැදගත් වගකීමක් පැවරිලා තියෙනවා“, යැයි කොමර්ෂල් බැංකුවේ සභාපති ධර්ම ධීරසිංහ මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ අද දෙරණ Biz 24×7 සමඟ…
අදට (08) යෙදී තිබෙන ජාත්යන්තර කාන්තා දින සැමරුමට සමගාමීව ව්යාපාරික හා ආයතනික ක්ෂේත්රය තුළ කාන්තා නියෝජනය සනිටුහන් කරනු වස් කොළඹ කොටස් වෙළෙඳපොළ හා තවත් සංවිධාන කිහිපයක් එක්ව සැමරුම් උළෙලක් පසුගියදා (04) සංවිධානය කරනු ලැබීය. මෙහිදී කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු ආරම්භ වීමේ සීනුව හැඬවීමට ජාතික හා ජාත්යන්තර ආයතන කිහිපයකම නියෝජිතයෝ එක්වී සිටියහ. කොළඹ කොටස් වෙළෙඳපොළ…
ශ්රී ලංකාවේ හඳුන්කූරු ව්යාපාරය පිළිබඳ අදහස් දැක්වීමට තායි සුමේධා ව්යාපාරයේ සභාපති සුමේධ ඇල්පිටිය මහතා අද දෙරණ Biz 24×7 සමඟින් එක්විය. සුමේධ ඇලිපිටිය මහතා සමඟ කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහත දැක්වේ.
ව්යාපාරික ජීවිතයට, වෘත්තීය ජීවිතයට හා එදිනෙදා ජීවිතයට ශරීර සෞඛ්ය මනා කොට පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳව, අද දෙරණ Biz 24×7 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මාධ්ය හා මානව සම්බන්ධතා උපදේශක කුමාර චාපා බණ්ඩාර මහතා මෙසේ අදහස් දැක්වීය. පහත දැක්වෙන්නේ ඔහු සමඟ කළ ඒ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාවයි.
රටේ කිරි කර්මාන්තයට උරදීම සඳහා පෞද්ගලික අංශයෙන් කෙරෙන පුරෝගාමී ආයෝජනයක් ෆොන්ටෙරා සමාගමේ ප්රථම ශ්රී ලාංකික ආදර්ශන හා පුහුණු ගොවිපළ ඊයේ (24) දින නවසීලන්ත අග්රාමාත්ය ජෝන් කී මැතිතුමන්, තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්ය ගාමිණී ජයවික්රම පෙරේරා මැතිතුමන් සහ ෆොන්ටෙරා සභාපති ජෝන් විල්සන් මහතා අතින් විවෘත විය. මෙම අවස්ථාවට ප්රදේශවාසීහු 300 කට අධික පිරිසක්ද එක්වී සිටියහ. ඇන්කර්…
ආසියානු සංවර්ධන බැංකුව හා නෙදර්ලන්ත සංවර්ධන නියෝජිතායතනයක් වන FMO ඇතුළු ජාත්යන්තර ණය මූලාශ්ර තුනකින් ඇමරිකානු ඩොලර් මිලියන 247 ක ණය මුදලක් LOLC සමූහය වෙත ලැබී ඇත. මෙහිදී LOLC හි අනුබද්ධ සමාගමක් වන කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් පීඑල්සී වෙත FMO වෙතින් ඩොලර් මිලියන 153.1 ක් හිමිවේ. මෙය ඩොලර් මිලියන 39.2 ක ජ්යෙෂ්ඨ ණය මුදලකින් සහ තවත්…
21 වන සියවසට ගැළපෙන මානව ප්රාග්ධනය ගොඩනැගීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා අද දෙරණ Biz 24×7 සමඟ එක් විය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ 20 වන සියවසට වඩා වර්තමානයට අවශ්ය කරන මානව සම්පත බොහෝ සෙයින් වෙනස් වී ඇති බවයි. පහත දැක්වෙන්නේ ඒ මහතා සමඟ කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාවයි.
Video Story