videos

ආයතනික ව්‍යූහය තුළ ආතතියෙන් ගැළවෙන්නේ කෙසේද?

ආයතනයක් තුළ ඇතිවන ආතතිය සේවකයින්ට පමණක් නොව ආයතන ප්‍රධානීන්ට පවා පොදු දෙයක් බව මාධ්‍ය හා මානව සම්බන්ධතා උපදේශකවරයෙකු වන කුමාර චාපා බණ්ඩාර මහතා අද දෙරණ Biz 24×7 සමඟ සම්බන්ධ වෙමින් කියා සිටියේය. ඒ මහතා සමඟ කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.

(0)Comments | February 15, 2016 4:09 am

10% ක් ඉන්ටර්නෙට් පාවිච්චි කළොත් GDP 1.2% කින් වැඩිවෙනවා – ඇමති හරින් කියයි VIDEO

අන්තර්ජාල පහසුකම් යනු රට තුළ දියුණුවක් ඇති කළ හැකි ක්‍රමවේදයක් බව විදුලිසංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි. රටේ ජනතාවගෙන් 10% ක් දෙනා අන්තර්ජාලය භාවිතා කිරීමට යොමු වීම තුළින් රටේ දළ ජාතික නිෂ්පාදිතය 1.2% කින් ඉහළ යන බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය. මෙහිදී…

(0)Comments | February 2, 2016 7:20 am

ආසියාවේ PayPal ලොක්කා හෙට දිවයිනට – VIDEO

ලොව ප්‍රධාන පෙළේ ඩිජිටල්, ජංගම හා අන්තර්ජාල ගෙවීම් පියවීම් මාධ්‍යයක් වන PayPal හි ආසියානු කලාපයේ ප්‍රධානියා හෙට දිනයේ දී මෙරටට පැමිණෙන බව විදුලිසංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවසීය. ඊයේ (01) පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා මේ බව කියා සිටි අතර හොංකොං පදනම් කරගත් PayPal ආසියානු ප්‍රධානියා…

(0)Comments | February 2, 2016 5:09 am

අපි මේ තරම් දුර පැමිණයේ නිදහස් අධ්‍යාපනය නිසයි VIDEO

නිදහස් අධ්‍යාපනය ලැබිය යුතු සිසුන්ට මීටත් වඩා හොඳින් එය ලැබිය යුතු බව ගේට්වේ ජාත්‍යන්තර පාසලේ සභාපති ආචාර්ය හර්ෂ අලස් මහතා පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, අප මේ තරම් දුර පැමිණ ඇත්තේ නිදහස් අධ්‍යාපනය නිසා බවයි. පසුගිය දා අද දෙරණ Biz 24X7 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ආචාර්ය හර්ෂ අලස් මහතා මේ බව…

(0)Comments | January 27, 2016 7:47 am

IT වෘත්තිකයින් රට හැරදා යාවි – වෛද්‍ය දයාන් රාජපක්ෂ VIDEO

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කිරීමට යෝජිත වෙළෙඳ හා සේවා ගිවිසුම හේතුවෙන් මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අහිතකර බලපෑම් රැසක් එල්ල විය හැකි බව ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සභාපති වෛද්‍ය දයාන් රාජපක්ෂ මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ යෝජිත ඉන්දු-ලංකා වෙළෙඳ හා සේවා ගිවිසුම සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකදීය. මෙම ගිවිසුම මෙරට තොරතුරු…

(0)Comments | January 25, 2016 5:15 am

කොටස් ප්‍රාග්ධනය ලෙසින් ලංකාවට ආයෝජන ගෙන ඒමට කටයුතු කළ යුතුයි VIDEO

ඕස්ට්‍රේලියාවේ ආගමන ක්‍රියාපටිපාටිය පිළිබඳ මෙරට පේ්‍රක්ෂක ජනතාව දැනුවත් කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ අධිනීතිඥවරයෙකු මෙන්ම ආගමන නීති පිළිබඳ විශේෂඥවරයෙකු ද වන සුසන්ත කටුගම්පළ මහතා මෙවර අද දෙරණ Biz 24×7 සමඟ එක් විය. මෙහිදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, ශ්‍රී ලංකාවට ආයෝජන ගෙන ඒමේ දී ණය වශයෙන් පමණක් නොව කොටස් ප්‍රාග්ධනය (Equity) වශයෙන් ගෙන්වා ගැනීමට ද උනන්දු…

(0)Comments | January 25, 2016 4:36 am

පාත් ෆයින්ඩර් විධායක අධ්‍යක්ෂවරයා ඉන්දු-ලංකා ගිවිසුම් ගැන කතා කරයි VIDEO

මෑතකාලීනව දියුණු වූ සිංගප්පූරුව, තායිලන්තය, මැලේසියාව, කොරියාව වැනි කිසිදු රටක් දියුණුවට පත්වූයේ, තම ආසන්නයේ පිහිටි විශාලතම රාජ්‍යයන් සමග ගිවිසුම්වලට යාමෙන් නොවන බව පාත්ෆයින්ඩර් පදනමේ විධායක අධ්‍යක්ෂ ලක්ෂ්මන් සිරිවර්ධන මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දැනටමත් පවතින හා යෝජිත ආර්ථික වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් අද දෙරණ Biz 24×7 සමඟ සුවිශේෂී…

(0)Comments | January 22, 2016 5:44 am

ඉන්දු ලංකා ගිවිසුමට නාවුක හා IT පමණයි – ඇමති මලික් කියයි VIDEO

යෝජිත ඉන්දු-ලංකා වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් අවධානය යොමු කරනුයේ සේවා අංශ දෙකක් වෙත පමණක් බව සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පැවසීය. එනම් නැව් නිෂ්පාදනය ඇතුළු නාවුක සේවා හා තොරතුරු තාක්ෂණ සේවා අංශ දෙක පමණක් බවයි. එසේම මෙම ගිවිසුම සඳහා කිසිසේත්ම වෛද්‍ය ක්ෂේත්‍රය හෝ නීති ක්ෂේත්‍රය අන්තර්ගත නොවන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය…

(0)Comments | January 19, 2016 10:02 am

අපේ ජීවන ශෛලීන් වෙනස් වුණත් කැළිකසල බැහැර කිරීමේ පිළිවෙත් වෙනස් වෙලා නැහැ – ඔටාරා කියයි Video

මේ වන විට රට පුරා ගැටළුවක් බවට පත් වී ඇති කැළි කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ඔටාරා ඩෙල් ගුණවර්ධන මහත්මිය අද දෙරණ Biz 24×7 සමඟින් එක්විය. මෙහිදී ඇය වැඩිදුරටත් කියා සිටියේ දිනෙන් දින අප ජීවත් වන ආකාරය වෙනස් වූවත්, කැළි කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් අප තුළ ඇති පුරුදු වෙනස් වී නොමැති බවයි. මෙම පිළිවෙත්…

(0)Comments | January 18, 2016 1:02 pm

රේගුවේ තිබෙන වාහන මුදාගැනීමට අද සිට පුළුවන් Video

අයවැයට පෙර ණයවර ලිපි විවෘත කර දැනට රේගු භාරයේ ඇති රථවාහන මුදා හැරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කර සිටී. මේ අනුව අද (13) උදෑසන සිට මේ සඳහා අදාළ කොන්දේසිවලට යටත්ව ආනයකරුවන්හට සිට වාහන මුදා ගත හැකි බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා අද දෙරණ සමඟ කියා සිටියේය. මේ සම්බන්ධ සම්පූර්ණ ප්‍රවෘත්තිය…

(0)Comments | January 13, 2016 4:03 am