videos

ත්‍රීවීල් නිසා රැකියා පුරප්පාඩු ලක්ෂ 2 ක් ඇති වෙලා – BOI සභාපති කියයි

වර්තමානයේ දී ආයෝජන මණ්ඩල අනුමත කර්මාන්ත ශාලාවන් හි රැකියා පුරප්පාඩු ලක්ෂ දෙකක් පමණ ඇති වී තිබෙන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති උපුල් ජයසූරිය මහතා පැවසීය. අද දෙරණ සමඟ අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ කර්මාන්තශාලා හිමියන් මේ තත්ත්වය නිසා බරපතළ ගැටළුවකට මුහුණ දී සිටින බවයි. අද වන විට රටේ ත්‍රීරෝද රථ හිමිකරුවන් ලක්ෂ 10…

(0)Comments | October 10, 2016 9:50 am

ශ්‍රී ලංකාවේ සිටින්නේ පරිත්‍යාගශීලී ජනතාවක් – මහේල කියයි VIDEO

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට පිළිකාර ප්‍රතිකාර ඒකකයක් ලබා දීමේ අරමුණින් ගමන් ගන්නා Trail පා ගමන පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම ව්‍යාපෘතිය යටතේ පළමු පා ගමන 2011 වසරේ දී ආරම්භ වූ අතර යාපනය තෙලිප්පලෙයි පිළිකා ප්‍රතිකාර රෝහල ඉදිකිරීම වෙනුවෙන් එය ක්‍රියාවට නැංවිණි. එම පළමු ව්‍යාපෘතිය සාර්ථ්කත්වයට පත් වීමෙන්…

(0)Comments | October 10, 2016 5:13 am

SMS – ඊමේල් නීතිය ඉදිරියේ සාක්ෂි ලෙස පිළිගන්නවා VIDEO

ඉ-වාණිජ්‍ය හා පරිගණක ක්ෂේත්‍රෙය් නව ප්‍රවණතාවන් හි නෛතික තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නීතිඥ සුනිල් අබයරත්න මහතා අද දෙරණ Biz 24×7 සමඟින් එක්විය. ඉලෙක්ට්‍රොනික වාණිජ්‍ය කටයුතු සඳහා යොමු වීමේ දී සම්ප්‍රදායික වාණිජ කටයුතුවලින් බැහැර වීමක් දක්නට ලැබුණත් මූලික වාණිජ නීති සංකල්ප අතර වෙනසක් සිදුව නොමැති බව ඒ මහතා මෙහිදී පැවසීය. “පරිගණක ආශ්‍රයෙන් බොහෝ කටයුතු…

(0)Comments | October 7, 2016 7:57 am

අයවැයෙන් වාහනවලට වෙන දේ ගැන රවී මෙසේ කියයි VIDEO

ඇමරිකාවේ එක්සිම් බැංකුවේ ප්‍රධාන නිලධාරිවරයා පළමු වරට ශ්‍රී ලංකාවට පැමිණි බවත්, ශ්‍රී ලංකාව සුපිරි ගණයේ ආයෝජන කරන තැනක් ලෙස සලකා සම්පූර්ණ සහාය ලබා දෙන බව ඔහු කියා සිටි බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ (05) මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය. මෙය සතුටට කරුණක් බවත් ණයට වඩා ආයෝජන මෙරටට ගෙන ඒම සිය වෑයම බවත් අමාත්‍යවරයා මෙහිදී…

(0)Comments | October 5, 2016 5:53 am

MAS හෝල්ඩින්ස් සහ රාජකීය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයෙන් Trail SL 2016 ට මුදල් ප්‍රදාන

ශ‍්‍රී ලංකාවේ ඇඟලූම් ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම සමාගමක් වන MAS හෝල්ඩින්ස් සමාගම සහ මෙම වසරේ සිය 125 වැනි සංවත්සරය සමරන රාජකීය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය Trail SL 2016 වැඩසටහනට සිය සහයෝගය ලබාදීමට තීරණය කර ඇත. පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කරන ලද අතර, මේ යටතේ MAS හෝල්ඩින්ස් සමාගම ඇමරිකානු ඩොලර් 100,000 ක දායකත්වයක් සමගින් ප්ලැටිනම්…

(0)Comments | October 4, 2016 8:40 am

අගමැති නවසීලන්ත ව්‍යාපාරික ප්‍රජාව හමුවෙයි – VIDEO

සිය නවසීලන්ත සංචාරය අතරවාරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එරට ව්‍යාපාරික ප්‍රජාව හමුවීමට පසුගිය දා පියවර ගනු ලැබීය. නවසීලනත්යේ ඔක්ලන්ඩ් නුවර වෙළෙඳ හා ව්‍යවසායික මධ්‍යස්ථානයේ දී මෙම හමුව පැවැත්විණි. මෙහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ විශාල දූත පිරිසක් පිරිසක් සමඟ නවසීලන්තයට පැමිණීමට එක් හේතුවක් වූයේ දෙරට අතර සබඳතාවල දී වාණිජමය අංශය වැඩිදියුණු කරගැනීම බවයි. මෙහිදී රටවල් දෙකම…

(0)Comments | October 3, 2016 4:56 am

දෙවන කාර්තුවේ ආර්ථික වර්ධනය ගැන සෑහීමකට පත්වෙන්න බැහැ VIDEO

මෙම වසරේ දෙවන කාර්තුව තුළ දී වාර්තා වූ ආර්ථික වර්ධන වේගය පිලිබඳ සෑහීමකට පත්විය නොහැකි බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කියා සිටියේය. ආර්ථික වර්ධනය මන්දගාමී වීමට නියඟය, ගංවතුර වැනි ස්වභාවික විපත් බලපා තිබෙන බව අධිපතිවරයා මෙහිදී සඳහන් කළේය. මේ සඳහා ප්‍රධාන වශයෙන් සැසඳීම සඳහා පාදක කර ගන්නා 2015 දෙවන කාර්තුවේ දී වාර්තා…

(0)Comments | September 29, 2016 7:35 am

මෙරට ප‍්‍රථම වතාවට ඩිජිටල් තාක්‍ෂණික විශිෂ්ටතා අගයනු වස් SLT Zero One Awards සම්මාන උළෙල දියත් කෙරේ

ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ විසඳුම් සැපයුම්කරු වන ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් මෙරට ප‍්‍රථම වතාවට පැවැත්වෙන ඩිජිටල් විශිෂ්ටතා ඇගයීම් සම්මාන උළෙළ වන “SLT Zero One Awards for Digital Excellence” ආරම්භ කරන ලදි. විවිධ ඩිජිටල් ක‍්‍රියාදාම ආශ‍්‍රිතව විශිෂ්ටතා ප‍්‍රකට කරන ආයතන, පුද්ගලයන් හා සන්නාම ඇගයීමට ලක් කිරීමෙ මෙහි අරමුණයි. 2016 සැප්තැම්බර් 27 දින…

(0)Comments | September 29, 2016 4:42 am

විවෘත ආර්ථිකය හමුවේ සමහර කර්මාන්ත කඩා වැටුණා – DSI MD කියයි VIDEO

1977 වකවානුවේ දී මෙරට ආර්ථික විවෘත කිරීමත් සමඟම ඇතැම් කර්මාන්ත ඊට මුහුණ දීමට නොහැකිව කඩා වැටුණු බව සඳහා DSI සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ කුලතුංග රාජපක්ෂ මහතා පැවසීය. TV දෙරණ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහන සමඟ එක්වෙමින් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය. ‘ලෝක වෙළෙඳපොළ ජයගත හැකි නව ව්‍යාපාරික පංතියක් අවශ්‍ය කර තිබේ‘ යන්න තේමා කර ගනිමින් මෙවර…

(0)Comments | September 27, 2016 8:14 am

ඩීසල් බදු ගැන ලංකා IOC ලොක්කා මෙසේ කියයි VIDEO

මෑතක දී ඩීසල් සඳහා තිබූ බද්ද රු. 3 සිට රු. 13 දක්වා වැඩි කිරීමට පෙර ඩීසල් සඳහා වන රේගු බද්ද ද ඉහළ දැමූ බව ලංකා IOC සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ශ්‍යාම් බෝරා පවසයි. අද දෙරණ කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු මෙසේ කියා සිටියේය. මෙම පසුබිම තුළ ලංකා IOC සමාගම පමණක් නොව තෙල් සංස්ථාවද බලපෑමකට ලක්ව තිබෙන…

(0)Comments | September 24, 2016 8:26 am