videos

ලක්ෂ ‍දෙකේ රක්ෂණ අභියෝගය භාර ගන්න අපි සූදානම් VIDEO

12 වන ජාත්‍යන්තර ක්ෂුද්‍ර රක්ෂණ සමුළුව (12th International Microinsurance Conference) අද (15) දින කොළඹ දී ආරම්භ විය. 2016 නොවැම්බර් 15-17 තෙදින පුරා පැවැත්වෙන මෙම සමුළුවට රටවල් 50 කින් 400 කට වැඩි පිරිසක් එක්වීමට නියමිතය. සමුළු ආරම්භයට පෙර අද (15) පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් සංවිධායක කමිටු සභාපති ආචාර්ය ජගත් අල්විස් මහතා කියා සිටියේ රක්ෂණ,…

(0)Comments | November 15, 2016 10:28 am

අයවැයෙන් වාහන මිල වෙනස් වන හැටි ගැන ආනයනකරුවෝ මෙසේ කියති VIDEO

2017 අයවැය යෝජනා තුළින් පසුගිය වසරේ දී වාහන ආනයනය සඳහා එන්ජින් ධාරිතාව මත පදනම්ව නිෂ්පාදන බදු පැනවීමේ ක්‍රමවේදය යතුරු පැදි සඳහා ද හඳුන්වා දීමට පියවර ගැනිණි. තවද කිලෝවොට් 100 ට අඩු ඉලෙක්ට්‍රික් මෝටර් රථ සඳහා නිෂ්පාදන බද්ද අඩු කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කෙරිණි. කෙසේ වෙතත් නිෂ්පාදන විශේෂ විධි විධාන බද්ද යටතේ ආනයනික මෝටර් රථ සඳහා…

(0)Comments | November 12, 2016 6:16 am

අධිසුඛෝපභෝගී ‘Genting Dream‘ කොළඹ වරායට පැමිණෙයි

ලොව විශාලතම මගී නෞකාවක් වන, අධිසුඛෝපභෝගී Genting Dream නෞකාව පසුගිය ඔක්තෝබර් 31 වැනි දින කොළඹ වරායට පැමිණෙන ලදී. මඟීන් 2,000 කට වැඩි පිරිසකට ගමන් කළ හැකි මෙම නෞකාව අද වන විට ලොව තිබෙන දෙවැනියට විශාලතම සු‍ඛෝපභෝගී මඟී නෞකාව ලෙසින් සැලකේ. මුම්බායි සිට සිංගප්පූරුව බලා ගමන් ගන්නා අතරවාරයේ දී කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ නැංගුරම් ගන්නා ලද…

(0)Comments | November 4, 2016 7:28 am

පර්පචුවෙල් ට්‍රෙෂරීස් ලාභය ගැන තීරණයක් ගන්න මහ බැංකුවට හැකියාවක් නැහැ – මහ බැංකු අධිපති කියයි VIDEO

ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනු සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරනු ලැබූ අභ්‍යන්තර විමර්ශනයේ වාර්තාව ඔක්තෝබර් 31 වැනි දින පැවති මුදල් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරනු ලැබූ බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. ඊයේ (01) පැවති මාධ්‍ය හමුවක දී වැඩිදුරටත් අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම සම්බන්ධ මෙම වාර්තාව…

(0)Comments | November 2, 2016 6:23 am

තොරතුරු තාක්ෂණ ව්‍යවසායකයින්ට Venture capital අරමුදල් මහඟු පිටිවහලක් – OMAK ටෙක්නොලජි CEO එහන්ත සිරිසේන කියයි VIDEO

ව්‍යාපාරික අදහස් සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කරනු ලබන Venture capital ක්‍රමවේදය පිළිබඳව පුළුල් වශයෙන් සාකච්ඡා කිරීම සඳහා BOV කැපිටල් හි අධ්‍යක්ෂ, ප්‍රජිත් බාලසුබ්‍රමනියම් මහතා සහ OMAK ටෙක්නොලජි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එහන්ත සිරිසේන මහතා, අද දෙරණ Biz 24×7 සමඟින් එක්වූහ. Restaurant management systems සංවර්ධනය කිරීම සහ Mobile applications සංවර්ධනය කිරීම ප්‍රධාන ව්‍යාපාරය…

(0)Comments | November 1, 2016 11:54 am

2021 දී ශ්‍රී ලංකාවට සංචාරකයින් මිලියන 3 ක් VIDEO

වර්තමානයේ දී මෙරට ආර්ථිකයට විදේශ විනිමය ලබා දෙන තෙවන මාර්ගය බවට සංචාරක කර්මාන්තය පත්ව තිබෙන බව NSBM සරසවියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ඩේමියන් ප්‍රනාන්දු මහතා පැවසීය. අද දෙරණ Biz 24×7 සමඟ වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ පසුගිය වසර 4 ක කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය මිලියනයකින් වර්ධනය වී ඇති බවයි. මෙම ප්‍රවණතාව අඛණ්ඩව…

(0)Comments | October 28, 2016 9:51 am

නගර සැලසුමේ දී මෘදු යටිතල පහසුකම් ගැන අවධානය යොමු කළ යුතුයි VIDEO

මාර්ග, ගොඩනැගිලි වැනි දෘඩ යටිතල පහසුකම් මෙන්ම සමාජයේ ජනතාව, ඔවුන්ගේ ආකල්ප, අවශ්‍යතා, අභිලාෂයන් පිළිබඳවද මහ නගර සැලසුමේ දී සැලකිලිමත් විය යුතු අංශ බව ලර්න් ඒෂියා ආයතනයේ ප්‍රතිපත්ති විශ්ලේෂිකා ආචාර්ය සුජාතා ගමගේ මහත්මිය පැවසීය. ආචාර්ය සුජාතා ගමගේ මහත්මිය මේ බව කියා සිටියේ අද දෙරණ Biz 24×7 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. මෙම සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නැරඹිය…

(0)Comments | October 28, 2016 8:30 am

කැල්ටෙක්ස් ‘මහ මගට යහ මගක්‘ ශක්තිය වැඩිවෙයි VIDEO

මෙරට මාර්ග ආරක්ෂාව පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා පසුගිය වසර 12 ක කාලයක් පුරාවට ක්‍රියාත්මක වූ කැල්ටෙක්ස් ‘මහ මගට යහ මගක්‘ වැඩසටහන පිළිබඳ මාධ්‍ය හමුවක් පසුගිය දා පැවැත්විණි. මෙහිදී කැල්ටෙක්ස් ‘මහ මගට යහ මගක්‘ සඳහා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව, ශාන්ත තෝමස් විද්‍යාලයේ 82 වන කණ්ඩායම සහ TV දෙරණ, ෂෙව්රොන් ලංකා ලුබ්රිකන්ට්ස් පීඑල්සී සමඟ අත්වැල් බැඳ…

(0)Comments | October 21, 2016 5:59 am

කොටස් වෙළෙඳපොළේ සීනුව නාද කිරීමට SheTrades එක්වෙයි – VIDEO

ජීනිවා හි ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයේ (ITC) “කාන්තාවන් සඳහා වෙළඳාම” (SheTrades) සහ “කාන්තාවන් ආර්ථික සවිබල ගැන්වීම” යන ව්‍යපෘති පිළිබඳව දැනුවත් කිරීම සඳහා කොළඹ කොටස් වෙළඳපොළේ දී සීනුව නාද කිරීමේ උත්සව‍යක් අද (13) දිනයේ දී සංවිධානය කරන ලදී. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය (ITC) සම සංවිධානයකත්වයෙන් ශ්‍රි ලංකාවේ දී 2016 ඔක්තෝම්බර් 12 සහ…

(0)Comments | October 13, 2016 10:10 am

විශ්‍රාම වැටුපට ලියාපදිංචි විය හැකි ඔන්ලයින් ක්‍රමවේදයක් හඳුන්වා දෙයි – VIDEO

ආර්ථික හා සාමාජයීය වශයෙන් තෘප්තිමත් විශ්‍රාමික ප්‍රජාවක් බිහිකිරීම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛ අරමුණ බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩයස් මහතා පැවසීය. පසුගිය දා අද දෙරණ Biz 24×7 සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය. විශ්‍රාම යාමට නියමිතව සිටින නිලධාරීන් හට ඔන්ලයින් ක්‍රමයක් මඟින් තමන්ගේ විශ්‍රාම වැටුප ලබා ගැනීම සඳහා ලියාපදිංචි…

(0)Comments | October 11, 2016 7:48 am