Lead Story
WindForce PLC සමාගම සිය ප්‍රථම ජාල-මට්ටමේ (grid-scale) බැටරි බලශක්ති ගබඩා පද්ධතිය (BESS) සහ නව පාවෙන සූර්ය බලශක්ති බලාගාරය විවෘත කිරීමත් සමඟ, එහි සමස්ත පුනර්ජනනීය බලශක්ති උත්පාදන ධාරිතාව මෙගාවොට් 268 (268 MW) දක්වා සාර්ථකව වර්ධනය කරගෙන ඇත. කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) වෙත අද (18) උදෑසන සිදුකළ දැනුම් දීමට අනුව මෙම ව්‍යාපෘති ද්විත්වයම අද (18) දිනයේ දී…
Featured
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විලාසිතා සන්නාමයක් වන NOLIMIT, 2026 සැප්තැම්බර් 04 වන දින One Galle Face සාප්පු සංකීර්ණයේ දෙවන මහලේ සිය 31 වෙනි ශාඛාව විවෘත කරමින් කොළඹ නගරය තුළ සිය සන්නාම පැවැත්ම තවදුරටත් ශක්තිමත් කළේය. මෙම නව ශාඛාව, NOLIMIT හි අඛණ්ඩ ව්‍යාප්තියේ මෙන්ම නවීන හා පාරිභෝගික කේන්ද්‍රීය සාප්පු අත්දැකීම් නිර්මාණය කිරීම සඳහා වන සමාගමේ කැපවීම සනිටුහන්…
ශ්‍රී ලංකාවේ ටයිල් නිර්මාණ ක්ෂේත්‍රයේ දශක පහක ගමනක් සනිටුහන් කරන LANKATILES, සිය 61 වැනි ප්‍රදර්ශනාගාරය ගල්කිස්සේදී විවෘත කරමින් පාරිභෝගිකයන් වෙත තවත් සමීප වීමේ සිය ගමනේ නව පියවරක් තැබීය. නාගරික ජීවන රටාව සහ දිගු කලක් පුරා ගොඩනැගුණු ගෘහ නිර්මාණ අනන්‍යතාව එකිනෙකට මුසු වූ ගල්කිස්ස, කොළඹ නගරයට ආසන්නව පිහිටි සුවිශේෂී ප්‍රදේශයකි. එවැනි පසුබිමක විවෘත කෙරුණු නව LANKATILES…
ශ්‍රී ලංකාව කෙරෙහි ජාත්‍යන්තර අවධානය වැඩි වශයෙන් යොමු වෙමින් පවතින පසුබිමක, Priceline/Booking.com හි සම නිර්මාතෘවරයෙකු වන ජෙෆ් හොෆ්මන් සමඟ සුවිශේෂී ගෝලීය ව්‍යාපාරික සංවාදයක යෙදෙමින්, ගෝලීය ව්‍යවසායකත්ව චින්තනය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් වෙත සමීප කිරීමට ස්ටෙෆාන් ද අල්විස් කටයුතු කරයි. ශ්‍රී ලාංකේය ව්‍යාපාරික මාධ්‍ය ක්ෂේත්‍රයේ සහ ව්‍යවසායකත්ව නායකත්වයේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලාංකික ව්‍යවසායකයෙකු සහ ව්‍යාපාරික…
සම, කොණ්ඩය සහ ශරීරය වෙනුවෙන් වෛද්‍ය අධීක්ෂණය යටතේ රූපලාවන්‍ය සත්කාර සිදුකරන මෙරට ප්‍රමුඛතම සන්නාමයක් වන 360 Skin Clinic හි නවතම ශාඛාව මීගමුව නගරයේ දී පසුගිය දා විවෘත කරන ලදී. මේ ඔස්සේ මීගමුව ප්‍රදේශය තුළ රූපලාවන්‍ය සහ සෞන්දර්යාත්මක සත්කාර ක්ෂේත්‍රය පිළිබඳ නව පරිච්ඡේදයක් ආරම්භ වී ඇති අතර ජනතාව වෙත උස්සම මට්ටමේ ගුණාත්මක රූපලාවන්‍ය අත්දැකීමක් පිරිනමයි. Dr….
AOD (Academy of Design) ආයතනය විසින් විශේෂ අධ්‍යාපනික අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් “Young Creatives Program” නමින් දෙවසරක අධ්‍යාපනික පාඨමාලාවක් ආරම්භ කර ඇත. මෙමගින් එම දරුවන්ට AOD හි චිත්‍රාගාර ඇතුළු නවීන පහසුකම් භාවිත කරමින් ප්‍රායෝගික නිර්මාණශීලී අධ්‍යාපනයක් ලැබීමට අවස්ථාව සැලසේ. කලාව සහ නිර්මාණකරණයට ලැදියාවක් දක්වන, අතිරේක සහාය අවශ්‍ය ඕනෑම දරුවෙකුට මේ සඳහා එක්විය හැක. සිසුන් සතියට…
DFCC බැංකුව, කාන්තාවන් වෙනුවෙන්ම වෙන්වූ සිය DFCC ආලෝකා මූල්‍ය යෝජනාවලිය හරහා, රජයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය බලාපොරොත්තුවෙන් සිටින සිසු සිසුවියන් දිරිමත් කිරීම සහ ඔවුන්ගේ අධ්‍යාපනික හා වෘත්තීය ගමන් මගේ මීළඟ අදියර සඳහා සූදානම් කිරීම අරමුණු කරගනිමින් සංවිධානය කරන ලද Avenza අධ්‍යාපනික සමුළුව සඳහා සිය අනුග්‍රහය පිරිනමන ලදී. ප්‍රකට තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ (ICT) අධ්‍යාපනඥ භානුක ඒකනායක මහතා…
ආසියානු කලාපයේ බොහෝ දෙනා අතර ඉතා ජනප්‍රිය සාම්ප්‍රදායික ආහාර සංස්කෘතියක් වන Hot Pot සමඟින් තවත් නවතම රසයක් භුක්ති විඳීමේ අවස්ථාව දැන් City of Dreams Sri Lanka උදා කර දී ඇත. එහි Spice 8 හිදී රස විඳිය හැකි මෙම නවමු අත්දැකීමෙහි විශේෂත්වය වන්නේ අන්තර් ක්‍රියාකාරී ආහාර සංස්කෘතියයි. මේසයක් මත උණුවෙමින් පවතින සුප් භාජනයක් වටා හිඳ තමන්…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විලාසිතා අලෙවි ජාල වෙත කාන්තා ඇගැලුම් සපයන Chance Fashion සමාගම නවීන තාක්ෂණයෙන් සමන්විත නව කර්මාන්තශාලාවක්, ප්‍රදර්ශනාගාරයක් සහ කර්මාන්තශාලා අලෙවිසැලක් මොරටුවේදී විවෘත කරමින් සිය ව්‍යාපාර මෙහෙයුම් තව දුරටත් පුළුල් කර තිබේ. අංක 73/13, නව ගාලු පාර, මොරටුව යන ස්ථානයේ පිහිටි මෙම නව ඇගළුම් කම්හල සහ ප්‍රදර්ශනාගාරය මඟින් සමාගමේ රෙදිපිළි නිෂ්පාදනය සහ සිල්ලර…
සෙලාන් බැංකුව අධ්‍යාපනය තුළින් අනාගත පරපුර සවිබල ගැන්වීම සඳහා දරන දීර්ඝකාලීන ප්‍රයත්නය තවදුරටත් ශක්තිමත් කරමින්, සිය 293 වැනි ‘පැහැසර’ පුස්තකාලය පසුගියදා රන්පොකුණුගම මහා විද්‍යාලයේදී විද්‍යාලයේදී විවෘත කළේය. මෙය සෙලාන් බැංකුව ‘පැහැසර’ පුස්තකාල 300 සන්ධිස්ථානය කරා යන ගමනේ තවත් වැදගත් සන්ධිස්ථානයකි. මෙම අවස්ථාවට බස්නාහිර පළාත් නියෝජ්‍ය කලාප අධ්‍යක්ෂ අජිත් විජේසුන්දර, සෙලාන් බැංකුවේ කලාප කළමනාකාරිනී (බස්නාහිර)…
Isuzu රථවාහන පිළිබඳ මෙරට බලයලත් නියෝජිතයා ලෙස කටයුතු කරන සතෝස මෝටර්ස් පී.එල්.සී. විසින් පසුගිය දා ISO 9001:2015 ජාත්‍යන්තර තත්ත්ව කළමනාකරණ සහතිකය දිනාගන්නා ලදී. මෙය පාරිභෝගික තෘප්තිය, විශිෂ්ට සේවා සැපයුම සහ උසස් කළමනාකරණය වෙනුවෙන් සමාගම දැක්වූ විශිෂ්ට කැපවීම සනාථ කළ සමාගමේ තවත් සුවිශේෂී ඉදිරි පියවරක් ලෙස හැඳින්විය හැකිය. මෙම ජාත්‍යන්තර ඇගයීම , එක්සත් රාජධානියේ Bureau Veritas…
Top News
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික සැලැස්ම සහ රාජ්‍ය අංශයේ තාක්ෂණික සංවර්ධන ප්‍රමුඛතාවන් පිළිබඳව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සහ ලෝක බැංකු සමූහයේ ප්‍රධාන තොරතුරු නිලධාරිනී, ජ්‍යේෂ්ඨ උප සභාපතිනී ඇමී ඩොහර්ටි මහත්මිය ඇතුළු නියෝජිත පිරිස සමඟ විශේෂ සාකච්ඡාවක් ඊයේ (17) දින ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ දී පැවැත්විණි. මෙහිදී ශ්‍රී ලංකාවේ ඩිජිටල් පොදු යටිතල පහසුකම් සංවර්ධනය, රාජ්‍ය…
SriLankan Aviation College ආයතනය විසින් සංවිධානය කරනු ලබන ‘The Skyline Stories’ සංවාද මාලාවේ 6 වන වැඩසටහන, පසුගියදා ශ්‍රීලංකන් ගුවන් සේවයේ 47 වැනි සංවත්සරය වෙනුවෙන් විශේෂ සංවත්සර වැඩසටහනක් ලෙස පවත්වන ලදි. එය ශ්‍රීලංකන් ගුවන් සේවයේ උන්නතියට දායක වූ පුරෝගාමී ගුවන් නියමුවන්ගේ මෙහෙවර සැමරීමක් මෙන්ම, එම මෙහෙවර අනාගතය වෙත රැගෙන යමින් සිටින නව පරපුර ඇගයීමක්ද විය. 1979…
ශ්‍රී ලංකා ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයේ මාවතට පිවිස ඇති බව මෑතකාලීන ආර්ථික සාධක රැසකින් පැහැදිලි වන බවත්, එම ස්ථාවරත්වය මත රට පරිවර්තනීය යුගයක් කරා ගෙන යාම රජයේ අරමුණ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. එමෙන්ම, රට අත්කර ගෙන තිබෙන මෙම ආර්ථික ජයග්‍රහණ ජනතාවගේ ජිවන තත්ත්වය පහසු කිරීමට සහ උසස් කිරීමට යෙදවීම රජයේ…
ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සම්පත් ගවේෂණය සහ සංවර්ධනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම හා අදාළ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා වන නියෝගයට බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමි විය. වරාය සහ සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (11) පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී මෙම අනුමැතිය ලැබිණි. 2021…
කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය, මෙම සතිය තුළ අඛණ්ඩව සිව්වන දිනයටත් අද (17) දිනයේ දී පහළ යන ලදී. මේ අතර ඊයේ (16) දිනයේ දී ඒකක 128ක පහළ යාමක් වාර්තා කර තිබුණු පසුබිමක අද (17) දිනයේ දීද ඒකක 100ක් ඉක්මවූ ප්‍රමාණයකින් සියලු කොටස් මිල දර්ශකය පහළ ගොස් තිබුණි. ඒ අනුව…
මැදපෙරදිග කලාපයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය හමුවේ උද්ගත වූ සාර්ව ආර්ථික අවිනිශ්චිතතාවන් හේතුවෙන් 2026 වසරේ දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික විශ්වාසය යම් තරමක මන්දගාමීත්වයක් පෙන්නුම් කළද, ගෝලීය නොසන්සුන්තාවන් සමනය වීමත් සමඟ තෙවන කාර්තුවේදී එය නැවත යථා තත්ත්වයට පත්වනු ඇතැයි ශ්‍රී ලංකා ව්‍යාපාරික අංශය අපේක්ෂා කරයි. ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් නිකුත් කරන ලද නවතම ව්‍යාපාරික…
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ (SriLankan Airlines) නව වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ලෙස පසුගියදා පත් කරන ලද විපුල් මිස්රා (Vipul Misra) මහතා සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා අතර විශේෂ හමුවක් පසුගියදා (15) ශ්‍රී ලංකන් ගුවන් සමාගම් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්. මංගල මහතා ද සහභාගී විය. මෙම හමුවේදී ශ්‍රීලංකන් ගුවන්…
එක්සත් ජනපද ඩොලරයේ රුපියල් අගය අද (17) දිනයේ දීද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (17) දිනයේ දී ඩොලරයේ ගැනුම් මිල රු. 326.31 සිට රු. 327.90ක් දක්වා ත්, විකුණුම් මිල රු. 335.48 සිට රු. 336.92ක් දක්වා ත් ඉහළ ගොස් ඇත….
Analysis
ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය 2026 වසරේදී ද සිය ධනාත්මක වර්ධනය අඛණ්ඩව පවත්වාගෙන ගිය අතර, වසරේ පළමු මාස හත තුළ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 10 සන්ධිස්ථානය පසුකර යාමට සමත් විය. 2026 ජනවාරි-ජූලි කාලසීමාව තුළ ඇස්තමේන්තුගත භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 10,487.80 ක් දක්වා ළඟා වී ඇති අතර, එය 2025 වසරේ අදාළ…
කොළඹ දිස්ත්‍රික්කය සඳහා සම්පාදනය කරන ලද ඉඩම් තක්සේරු දර්ශකය 2025 වසරේ පළමු භාගයට සාපේක්ෂව 2026 වසරේ පළමු භාගයේ දී සියයට 5.9ක මධ්‍යස්ථ වේගයකින් වර්ධනය විය. ඉඩම් තක්සේරු දර්ශකයෙහි අනු දර්ශක ත්‍රිත්වයම මෙම කාලපරිච්ඡේදය තුළ දී ඉහළයෑමක් පෙන්නුම් කළ අතර නේවාසික අනු දර්ශකය සියයට 6.7කින් ද, වාණිජ අනු දර්ශකය සියයට 5.7කින් ද කාර්මික අනු දර්ශකය සියයට…
රජයේ මූල්‍ය නොවන වත්කම් කළමනාකරණය සඳහා වත්කම් කළමනාකරණ චක්‍රලේඛ අංක 06/2023 නිකුත් කරමින් මාර්ගගත මූල්‍ය නොවන වත්කම් කළමනාකරණ පද්ධතිය (NFAMS) හඳුන්වා දී ඇත. 2026 මැයි 18 වන දිනට NFAMS හි වාර්තා කර ඇති පරිදි, රාජ්‍ය ආයතනවල සමස්ත වාහන සංඛ්‍යාව 96,027ක් ලෙස වාර්තා කර ඇත. මෙයින් වාහන 92,116 (96%) ක් ධාවන තත්ත්වයේ පවතින වාහන ලෙසත්, 3,911…
Biz 24x7
Video story