Lead Story
සංචාරක පැමිණීම් සම්බන්ධයෙන් නවතම දත්ත වාර්තා ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කර ඇති අතර ඊට අනුව 2026 ඔක්තෝබර් 11 දින වන විට මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්යාව 1,751,019ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඔක්තෝබරයේ මුල් දින 11 තුළ සංචාරකයින් 57,340කගේ පැමිණීමත් සමඟ මෙලෙස දාහත්ලක්ෂ පනස්දහසේ සීමාව සපුරා ගැනීමට ශ්රී ලංකාවට මේ වන…
Featured
2026 වසරේ බලපෑම් ඇති කරමින් පවතින එල් නිනෝ දේශගුණික තත්ත්වය හමුවේ ශ්රී ලංකාවේ කෘෂිකර්මාන්ත ක්ෂේත්රය මුහුණ දිය හැකි අවදානම් අවම කිරීමේ අරමුණින්, කොමර්ෂල් බැංකුවේ සංවර්ධන ණය දෙපාර්තමේන්තුව විසින් කෘෂිකාර්මික ක්ෂේත්රය ඒ සඳහා සූදානම් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. දේශගුණික විපර්යාස හේතුවෙන් සිදුවන හානිවලට පසුව ප්රතිචාර දැක්වීම වෙනුවට, කල්තියා අවදානම් හඳුනාගෙන ඒවාට මුහුණ දීමට කෘෂිකර්මාන්ත ක්ෂේත්රය…
දශක ගණනාවක් පුරා රටේ සංවර්ධනය වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් ඉටුකළ ශ්රී ලාංකේය විශ්රාමික ජ්යෙෂ්ඨ පුරවැසියන් ඇගයීමට ලක් කරමින්, මෙවර විශ්රාමික දිනය නිමිත්තෙන් DFCC බැංකුව සිය උණුසුම් කෘතවේදී ප්රණාමය පුදකර සිටියි. රාජ්ය සේවයේ මෙන්ම විවිධ ක්ෂේත්රයන්හි නිරත වෙමින් ලබාදුන් විශිෂ්ට දායකත්වයට අමතරව, විශ්රාම දිවියට එළඹීමෙන් පසුවද තම පවුලට, දරු මුනුබුරන්ගේ අනාගතයට සහ සමස්ත සමාජයට මගපෙන්වමින් ඉටුකරන අතිමහත්…
ශ්රී ලංකාවේ ශීඝ්රයෙන් වර්ධනය වන ගෘහස්ත කේක් සහ බේකරි ආශ්රිත නිෂ්පාදක (Home-baking) ප්රජාවට අවශ්ය දැනුම, අත්දැකීම් සහ සබඳතා ලබාදෙමින් ඔවුන් සවිබල ගැන්වීම වෙනුවෙන් සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් සමාගම විසින් ‘සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මාස්ටර්ස් ක්ලබ්’ (Serendib Flour Master’s Club) නිල වශයෙන් ආරම්භ කර ඇත. මෙම උත්සවය 2026 සැප්තැම්බර් 17 වන දින කොළඹ Sheraton හෝටල් පරිශ්රයේදී සාර්ථකව පැවැත්විය. මෙම…
2026 සැප්තැම්බර් 19 වන දින සිට ක්රියාත්මක වන පරිදි ශ්රී ලංකාවේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සෑම මගියෙකුටම අසුන් පටි පැළඳීම නීතිමය වශයෙන් අනිවාර්ය කර ඇත්තේ, මාර්ග ආරක්ෂාව තේරීමක් නොව අත්යවශ්ය වගකීමක් බවට පත් කරමිනි. මෙම නව රෙගුලාසිය වඩාත් ආරක්ෂිත ගමනාගමනයක් උදෙසා තැබූ වැදගත් පියවරක් වන අතරම, වැඩි සාමාජිකයන් සංඛ්යාවක් සිටින පවුල් සඳහා මෙය යම් ප්රායෝගික…
ශ්රී ලංකාවේ ප්රමුඛතම සහ උසස්ම ප්රමිතියෙන් යුතු නැවුම් එළකිරි සන්නාමය වන අඹේවෙල, Global Business Excellence Awards 2026 හිදී ‘Most Iconic Brand’ සහ ‘Best Dairy Brand’ යන ගෞරවනීය සම්මාන ද්විත්වය දිනා ගැනීමට සමත් වී ඇත. මෙම විශේෂ ඇගයීම, දේශීය කිරි නිෂ්පාදන ක්ෂේත්රය තුළ අඹේවෙල දක්වන විශිෂ්ටත්වය පමණක් නොව, පසුගිය දශක දෙකක කාලය පුරා ශ්රී ලාංකේය පාරිභෝගිකයන්ගේ…
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ලිමිටඩ් (SLIC General), පරිසර අමාත්යාංශය යටතේ ක්රියාත්මක වන Sri Lanka Climate Fund (Pvt) Ltd වෙතින් නිල හරිතාගාර වායු විමෝචන නිරීක්ෂණ සහතිකය හිමිකර ගැනීමට සමත් විය. මේ හරහා එම සමාගමේ හරිතාගාර වායු විමෝචන වාර්තාකරණ සහතිකය ISO 14064-1:2018 ජාත්යන්තර ප්රමිතීන්ට අනුකූල බවත්, එය ISO 14064-3:2019 ප්රමිතියට අනුව විධිමත්ව සහතික කර ඇති බවට තහවුරු…
2026 සැප්තැම්බර් 25 සිට ඔක්තෝබර් 01 දක්වා ක්රියාත්මක වූ ජාතික ළමා සතියට සමගාමීව, ජෝන් කීල්ස් පදනම සහ John Keells Properties සමාගම එක් වී ‘ජෝන් කීල්ස් ප්රජා ශක්ති’ ආයතනික සමාජ වගකීම යටතේ කොළඹ 02 ප්රදේශයේදී දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදි. ‘දරුවන් ලොව දිනන්නට, ආදරෙන් සුරකින්නට’ යන තේමාව යටතේ 2026 සැප්තැම්බර් 30 දින ගැලවීමේ හමුදා මූලස්ථාන…
පරම්පරා ගණනාවකට පෙර වතුකරයේ දරුවෙකුගේ ජීවිතයේ මුල්ම වසර කිහිපය ආරම්භ වූයේ පුල්ලේ මඩු පිහිටුවීම සඳහා පරිවර්තනය කරන ලද ලයින් කාමරයක කොනක එල්ලා තිබූ රෙදි තොටිල්ලකිනි. එහිදී බිළිඳුන්ට සහ කුඩා දරුවන්ට රැකවරණය ලබා දුන්නේ ඔවුන්ගේ මව්වරුන්ගේ දළු නෙලීමේ කටයුතුවලට බාධාවක් නොවන බව සහතික කරමින්ය. එහෙත් අද වතුකරයේ ළමා රැකවරණ පද්ධතිය එම පැරණි “පුල්ලේ මඩු” සංකල්පයෙන් ප්රතිශ්ඨාපනය…
ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන CIC Holdings, ජාතික හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග පතිරගේ සිය නිල පෝෂණ හා සුවතා සහකරු ලෙස කටයුතු කිරීම සඳහා නිල වශයෙන් අත්වැල් බැඳගෙන තිබේ. මෙම සහයෝගීතාවයේ ප්රධාන අරමුණ වන්නේ 2028 ඔලිම්පික් ක්රීඩා උළෙල ඉලක්ක කරගනිමින්, ශ්රී ලංකා ක්රීඩා ඉතිහාසයේ පළමු ඔලිම්පික් රන් පදක්කම මව්බිමට දිනා…
පෑන් ඒෂියා බැංකුව සිය ‘තිරසර කෘෂිකාර්මික ණය වැඩසටහන – 2026’ යටතේ උතුරු මැද පළාතේ කෘෂිකර්මාන්තයේ යෙදෙන සුළු පරිමාණ ගොවීන්ට සූර්ය බලයෙන් ක්රියාත්මක වාරි පද්ධති සඳහා මූල්ය පහසුකම් දීමට පියවර ගෙන තිබේ. Our Movement of Lanka (OML) සංවිධානය සමඟ ක්රියාත්මක කරන මෙම වැඩසටහන මඟින් ගොවීන්ගේ ඉන්ධන වියදම් අවම කරමින් කෘෂිකාර්මික කටයුතුවල කාර්යක්ෂමතාව සහ තිරසරභාවය ඉහළ නැංවීමට…
Top News
මුදල්, ක්රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්යාංශය යටතේ ඇති රාජ්ය ණ්ය කළමනාකරණ කාර්යාලය විසින් දේශීය ඩොලර් බැඳුම්කර වෙන්දේසියක් කැඳවා තිබේ. වසර 1,2 සහ 3 යනාදී ලෙසින් පරිණත කාල තුනක් යටතේ මෙම නිකුතුව සිදුකිරීමට නියමිත අතර එහිදී ඩොලර් මිලියන 100ක් සම්පාදනය කර ගැනීමට සැලසුම් කර ඇත. 2026 ඔක්තෝබර් 19 සිට ඔක්තෝබර් 23 දක්වා කාලසීමාව තුළ මෙම ඩොලර්…
වැඩිදියුණු කළ ද්විපාර්ශ්වික සහභාගීත්වය සඳහා නව ක්ෂේත්ර හඳුනාගනිමින්, ශ්රී ලංකාව සහ ලිතුවේනියාව කොළඹදී සමාරම්භක දේශපාලන උපදේශන සාකච්ඡා පවත්වයි. ශ්රී ලංකාව සහ ලිතුවේනියාව 2026 ඔක්තෝබර් 05 වැනි දින කොළඹ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්යාංශයේදී ඔවුන්ගේ සමාරම්භක ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන සාකච්ඡා කැඳවූ අතර, දෙරට අතර විධිමත් රාජ්යතාන්ත්රික සබඳතා ආරම්භ කිරීමේ 30 වැනි සංවත්සරය සැමරීමට සූදානම් වන මෙම වසරේ දී, මෙම දේශපාලන…
ඉන්දියානු කාර්මික සම්මේලනයේ ව්යාපාරික දූත පිරිසක් සහ බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක මහතා අතර හමුවක් අද (13) පෙරවරුවේ බලශක්ති අමාත්යංශයේදි පැවැත්විණි. V.K.C Razak මහතා නියෝජිත පිරිසේ ප්රධානත්වය ගත් අතර ඔහු ඉන්දීය ප්රමුඛ පෙලේ පාවහන් නිෂ්පාදන සමුහයක ප්රධානියා වේ. මෙම හමුවේදි පුනර්ජනනීය බලශක්තිය, නිෂ්පාදන සහ කර්මාන්ත, සෞඛ්ය සේවා, තොරතුරු තාක්ෂණ සහ උපදේශන සේවා සම්බන්ධ ක්ෂේත්රයන්වල පවතින ආයෝජන…
ශ්රී ලංකා ආර්ථික සහ ආයෝජන සමුළුව – 2026 ජනපති ප්රධානත්වයෙන් ආයෝජන සඳහා හිතකර පරිසරයක් ගොඩනැඟීම වෙනුවෙන් විනිවිදභාවයෙන් යුත් පාලන ක්රමවේදයක් පවත්වාගෙන යාම, අවශ්ය නීති හා රෙගුලාසි සම්පාදනය කිරීම සහ අත්යවශ්ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රජය කැපවී සිටින බැවින් විශ්වාසයෙන් යුතුව ශ්රී ලංකාවේ ආයෝජන සඳහා එක්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙස්, විදෙස් ව්යාපාරික…
ජාත්යන්තර මූල්ය අරමුදලේ (IMF) නවතම ලෝක ආර්ථික දැක්ම (World Economic Outlook) වාර්තාවට අනුව, 2027 වසර සඳහා ශ්රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) වර්ධනය සියයට 3.7 දක්වා සීමා වනු ඇතැයි පුරෝකථනය කර ඇත. එහිදී මෙම වසරේ (2026) ශ්රී ලංකාවේ ආර්ථික වර්ධනය ඇස්තමේන්තු කර ඇත්තේ සියයට 4.0ක් වශයෙනි. එමෙන්ම, 2027 වසර සඳහා මෙරට උද්ධමන අනුපාතය සියයට 5.4…
රෙදිපිළි හා ඇඟලුම් උපාංග නිෂ්පාදකයින්ගේ සංගමය 2026/27 වර්ෂය සඳහා සිය නව විධායක කමිටු සමාජිකයින් ලෙස නොයොන් ලංකා පුද්ගලික සමාගමේ හුස්නි සලේ මහතා සංගමයේ නව සභාපතිවරයා ලෙස යලිත් වරක් පත් කර ගන්නා ලදි. මෙම පත් කිරීම පසුගිය 25වන දින හිල්ටන් හෝටලයේදී පැවති රෙදිපිළි හා ඇඟලුම් උපාංග නිෂ්පාදකයින්ගේ සංගමයේ මහ සභා රැස්වීමේදී සිදු කරනු ලැබීය. මෙම අවස්ථාව…
ශ්රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව 2026 ඊයේ (12) ආරම්භ වූ අතර එය අද (13) දිනයේ දීද කොළඹ දී පැවැත්වේ. ඊයේ සන්ධ්යාවේ පැවති ශ්රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව 2026 සමාරම්භක අවස්ථාවේ පිළිගැනීමේ කතාව සිදුකරමින් ලංකා වානිජ මණ්ඩලයේ සභාපති ක්රිෂාන් බාලේන්ද්ර මහතා පැවසුවේ, ඉදිරි වසරවලදී ඇමරිකානු ඩොලර් බිලියනයක් ඉක්මවා විදේශ සෘජු ආයෝජන මෙරටට ගෙන්වා ගැනීම සඳහා…
මේ වන විට රට තුළ ව්යාපාරකරණය සඳහා අවශ්ය විනිවිදභාවය, ආයෝජන සුරක්ෂිතභාවය සඳහා අවශ්ය නීති සම්පාදනය සහ ආයෝජනයන් සඳහා අවශ්ය යටිතලපහසුකම් සංවර්ධනය රජය විසින් ඉටු කර ඇති බවත්, රජය රජයේ වැඩ කොටස කරන බවත්, ආයෝජකයින් ඔවුන්ගේ වැඩ කොටස සිදුකරන ලෙස ඉල්ලා සිටින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඊයේ (12) සන්ධ්යාවේ කොළඹ දී පැවති, ශ්රී…
Analysis
ශ්රී ලංකාවේ පාරිභෝගිකයින් භාණ්ඩ හා සේවාවන් තෝරාගැනීමේ ක්රියාවලිය දැඩි ලෙස ඩිජිටල්කරණය වී ඇති අතර, මිලදී ගැනීමේ තීරණ සඳහා ඩිජිටල් මාධ්ය මගින් සිදුවන බලපෑම 2020 දී පැවැති 32% සිට 51% දක්වා ඉහළ ගොස් ඇත. ලංකා වාණිජ මණ්ඩලය සහ Boston Consulting Group (BCG) එක්ව ශ්රී ලංකාවේ පළාත් නවයම ආවරණය කරමින් සිදුකළ අධ්යයනයකට අනුව, 66%ක ප්රතිශතයක් කටවචනයෙන් (Word…
ශ්රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම මන්දගාමී වීම සඳහා විදේශ සෘජු ආයෝජන (FDI) ගලා ඒමේ බාධා ප්රධාන හේතුවක් වි ඇති බව එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තුව පවසයි. ඇමරිකා එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තුව (U.S. Department of State) විසින් නිකුත් කරන ලද Investment Climate Statement for Sri Lanka 2026 නවතම වාර්තාවට අනුව ශ්රී ලංකාව පසුගිය 2025 වසරේ දී සියයට…
පසුගිය දශක තුනක කාලය පුරා ශ්රී ලංකාවේ අපනයන ආර්ථිකයට විශාල ශක්තියක් ලබාදුන් ප්රධානතම කර්මාන්තයක් වන්නේ ඇඟලුම් ක්ෂේත්රයයි. රටේ සමස්ත භාණ්ඩ අපනයන ආදායමෙන් 40%කට ආසන්න කොටසක් අදත් මෙම ක්ෂේත්රයෙන් ලැබෙන අතර, පුද්ගලයන් ලක්ෂ තුනත් තුනහමාරත් අතර සංඛ්යාවකට සෘජු රැකියා සපයයි. එහෙත් ශ්රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය අද පවතින තත්ත්වයට පැමිණියේ අහම්බෙන් නොවේ. 1990 දශකයේ මුල් භාගයේ සිට…
Biz 24x7
Video story