December, 12, 2022
කීර්තිමත් Stafford සමූහ ව්යාපාරයේ සාමාජිකයෙකු වන Spectrum Trading Company (Pvt) Ltd විසින් ශ්රී ලංකාවේ ප්රමුඛතම බලශක්ති සමාගමක් වන Lanka IOC සමඟ එක්ව ශ්රී ලංකාවේ ප්රථම සම සන්නාමගත, දේශීයව නිෂ්පාදිත ලිහිසි තෙල් සන්නාමය වන SERVO ecoPLUS පසුගියදා එළිදක්වන ලදී. SERVO ecoPLUS යනු උසස් තත්ත්වයේ දැරිය හැකි මිලකින් යුත් ලිහිසි තෙල් වෙනුවෙන් දේශීය වෙළඳපොලෙහි පවතින අවශ්යතාවය සපුරාලීම උදෙසා නිෂ්පාදනය කරන ලද ලිහිසි තෙල් වර්ගයකි.
Spectrum Trading Co. (Pvt) Ltd හි කළමනාකාර අධ්යක්ෂ වෛද්ය කාලිංග කළුපෙරුම මහතා මෙම හවුල්කාරිත්වය පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. "අප විසින් ලංකා IOC සමඟ ඇති කරගත් මේ හවුල්කාරිත්වය ඉදිරි වසර ගණනක් පුරාවට අපට යහපත් ප්රතිථල ලබාදෙන බව මට විශ්වාසයි. මෙම SERVO ecoPLUS මඟින් වර්තමානයේ වෙළඳපොල තුල උසස් තත්ත්වයේ, දැරිය හැකි මිලක ලිහිසි තෙල් සඳහා පවතින අඩුව පුරවනවා. SERVO දේශීයව නිෂ්පාදනය කරන අතරම පෙට්රල් සහ ඩීසල් වාහනවලට එකසේ යොදා ගත හැකි වීම, වෙළඳපොලේ ඇති අනෙකුත් බොහෝ ලිහිසි තෙල් වලින් එය වෙනස් කොට දක්වන්න පුළුවන්. මෙම හවුල්කාරිත්වය තවදුරටත් දීර්ඝ කරමින් ඉදිරියේදී තවත් මෙවැනි නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දීමටත් අපි බලාපොරොත්තු වෙනවා.”
Lanka IOC, ශ්රී ලංකාවේ ප්රමුඛ බලශක්ති සමාගමක් වන අතර රට තුළ ග්රීස් නිෂ්පාදන කර්මාන්තශාලාවක් පිහිටුවන ලද එකම සමාගම වේ. ඔවුන්ගේ ත්රිකුණාමලයේ ඇති නවීනතම නිෂ්පාදන කර්මාන්තශාලාව තුල මෝටර් රථ, කාර්මික සහ සමුද්ර යන අංශයන් යටතේ SERVO ලිහිසි තෙල් නිෂ්පාදනය කරයි. ecoPLUS දේශීයව නිෂ්පාදනය කරනු ලබන අතර එමඟින් රටට විශාල විදේශ විනිමයක් ඉතිරි කරනු ලබයි. Lanka IOC සෑම විටම ඉතා තරඟකාරී මිල ගණන් යටතේ හොඳම තත්ත්වයේ ලිහිසි තෙල් පිරිනැමීමේ ප්රමුඛස්ථානය ගෙන සිටී.
December, 12, 2022
2022 වසර පුරාවට පැවති අස්ථාවර ආර්ථික තත්වයන් මධ්යයේ වුවද සම්පත් බැංකුව තම ශක්තිමත් ප්රාග්ධන පසුබිම හා අඛණ්ඩ ද්රවශීලතා පැතිකඩයන් පවත්වා ගැනීමට සමත් විය. ක්රියාශීලීව අභියෝග හඳුනා ගැනීම හා ඒ සඳහා සුදුසු ක්රමෝපායන් ක්රියාත්මක කිරීම බැංකුවේ ශක්තිමත් බව හා තිරසාර බව තව දුරටත් වැඩිදියුණු කිරීමට උපකාරී විය. තවද වත්මන් ආර්ථික අර්බුධය කළමනාකරණය කිරීම සඳහා සියලුම තම පාර්ශ්වකරුවන්ට සහාය වන අතරම, අභ්යන්තර ප්රේෂණ ප්රවර්ධනය කිරීම සහ අපනයන ආදායම රටට ගලා ඒමට දිරිමත් කිරීම මඟින් ජාතික ආර්ථිකය නගා සිටුවීම බැංකුව සක්රීයව කටයුතු කරන ලදී. ග්රාමීය ආර්ථිකය නගා සිටුවීම සඳහා බැංකුවේ ප්රමුඛතම වැඩසටහනක් වන “වැවට ජීවයක්” වැඩසටහන යටතේ බහුවිධ ව්යාපෘති ක්රියාත්මක කිරීමෙන් බැංකුව තම ආයතනික සමාජීය වගකීම් (CSR) ක්රියාකාරකම් ද වේගවත් කරන ලදී.
බැංකුව 2022 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ කාල සීමාව ස`දහා බදු පසු ලාභය රුපියල් බිලියන 7.2 ක් හා බදු පෙර ලාභය රුපියල් බිලියන 9.3 ක් වාර්තා කරන ලද අතර එය 2021 වර්ෂයේ අනුරූප කාලපරිච්ඡේදය හා සැස`දීමේදී පිළිවෙලින් 19.8% ක හා 24,4%ක පහළ යාමක් වන අතර එම`ගින් රට තුළ පවතින අස්ථාවර ආර්ථිකය තත්වය මැනවින් පිළිබිඹු වේ. එසේම 2022 සැප්තැම්බර් 30 දින වන විට සමූහය බදු පසු ලාභය හා බදු පෙර ලාභය පිළිවෙලින් රුපියල් බිලියන 7.7ක් හා රුපියල් බිලියන 10.2ක් වාර්තා කරන ලද අතර එය 2021 වර්ෂයේ අනුරූප කාලපරිච්ඡේදය හා සැස`දීමේදී 21.6%ක හා 24.3%ක පහත වැටීමකි.
බැංකුව 2022 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ කාල සීමාව සඳහා බදු පසු ලාභය රුපියල් බිලියන 7.2 ක් හා බදු පෙර ලාභය රුපියල් බිලියන 9.3 ක් වාර්තා කරන ලද අතර එය 2021 වර්ෂයේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේදී පිළිවෙලින් 19.8% ක හා 24.4% ක පහළ යාමක් වන අතර එමඟින් රට තුළ පවතින අස්ථාවර ආර්ථිකය තත්වය මැනවින් පිළිබිඹු වේ. එසේම 2022 සැප්තැම්බර් 30 දින වන විට සමූහය බදු පසු ලාභය හා බදු පෙර ලාභය පිළිවෙලින් රුපියල් බිලියන 7.7ක් හා රුපියල් බිලියන 10.2ක් වාර්තා කරන ලද අතර එය 2021 වර්ෂයේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේදී 21.6% ක හා 24.3% ක පහත වැටීමකි.
2022 සැප්තැම්බර් 30න් අවසන් කාලඡේදය සඳහා සම්පත් බැංකුව ප්රකාශයට පත් කරන ලද මූල්ය ප්රතිඵල
= ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල 82% කින් එනම් රුපියල් 164.75කින් තියුණු ලෙස අවප්රමාණය වීම හේතුවෙන් විදේශ විනිමය ආදායම 276% ක ඉහළ වර්ධනයක් වාර්තා කිරීම.
= කාඩ්පත් හා වෙළෙඳාම් ආශ්රිත මෙහෙයුම් මූලික කරගෙන ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම 69.5% කින් සැලකිය යුතු ලෙස ඉහළ යාම
= ඇති විය හැකි ආර්ථික අවිනිශ්චිතතාවයන් ආවරණය වන අයුරින් ණය අත්තිකාරම් හා ආයෝජනයන් සඳහා රුපියල් බිලියන 48.8ක ඉහළ අපහායන අයකිරීමක් හඳුනා ගැනීම
අරමුදල් මත පදනම් වූ ආදායම
2022 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ මුල් මාස 9 තුළදී මුළු පොලී ආදායම 67.7% කින් වැඩි වූ අතර එය පෙර වර්ෂයේ අනුරූප කාල පරිච්ඡේදයේ වාර්තා වූ රුපියල් බිලියන 63 සිට රුපියල් බිලියන 106 දක්වා වැඩි වීමකි. මෙයට මූලික වශයෙන් හේතු වූයේ 2022 වසරේදී වාර්තා වූ පොලී අනුපාත ඉහළ යාමයි. 2022 සැප්තැම්බර් 30 දින වන විට සාමාන්යය බර තබන ලද ප්රමුඛ ණය අනුපාතය (AWPLR) 25.95% ක් දක්වා ඉහළ ගිය අතර එය 2021 සැප්තැම්බර් 30 දින සිට පදනම් ලකුණු 1,953ක් හා 2021 වසර අවසානයට සාපේක්ෂව පදනම් ලකුණු 1,734 ක ඉහල යාමකි. එසේම වසරක භාණ්ඩාගාර බිල්පත් කූපන් අනුපාතය 2022 සැප්තැම්බර් 30 වන විට 29.85% ක් දක්වා ඉහල ගිය අතර එය 2021 සැප්තැම්බර් 30 දිනට සාපේක්ෂව පදනම ලකුණු 2,284 ක ඉහළ යාමකි.
වෙළෙඳපොල පොළී අනුපාත ඉහළ යාම හේතුවෙන් බැංකුවේ පොළී වියදම පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේදී 57.3% කින් ඉහල ගොස් එනම් රුපියල් බිලියන 52.8ක් ලෙස වාර්තා කරන ලදී. බැංකුවේ විචක්ෂණශීලී වත්කම හා වගකීම් කළමනාකරණය හේතුවෙන් ශුද්ධ පොලී ආදායම 79.4% කින් ඉහල යන ලදී.
අරමුදල් මත පදනම් නොවූ ආදායම
වාර්තා කරන කාලපරිච්ඡේදය තුළදී බැංකුවේ ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම (NFCI) පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 69.5% කින් සැලකිය යුතු ලෙස හා සැසඳීමේදී ඉහළ යන ලදී. මෙම ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම ණය හා අත්තිකාරම්, ණය කාඩ්පත්, වෙළෙඳ හා විද්යුත් නාලිකා වැනි අංගයන්ගෙන් ලද ආදායමෙන් සමන්විත වන අතර එය කාඩ්පත් හා වෙළෙඳාම් ආශ්රිත මෙහෙයුම් ගාස්තු හා කොමිස් ආදායමෙහි සිදු වූ වර්ධනය හේතුවෙන් සැලකිය යුතු ලෙස ඉහල යන ලදී.
2022 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වන මුල් මාස 9 සඳහා ශුද්ධ අනෙකුත් මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 18 ක් විය. මෙය 320% ක වාර්ෂික වර්ධනයක් වන අතර ඒ කෙරෙහි ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල, රුපියල් 164.75කින් අවප්රමාණය වීම හේතු විය. 2022 වසර තුලදී, පෙර වර්ෂයේ වාර්තා වූ රුපියල් මිලියන 98ක අලාභයට සාපේක්ෂව බැංකුව රුපියල් බිලියන 3ක ශුද්ධ වෙළෙඳ අලාභයක් වාර්තා කළේය. මුළු විදේශ විනිමය ආදායම පසුගිය වසරේ සලකා බලනු ලබන කාලපරිච්ඡේය තුළදී වාර්තා කළ රුපියල් බිලියන 3.8ට සාපේක්ෂව මෙම වසරේදී රුපියල් බිලියන 14.5ක් විය.
අපහායන අයකිරීම්
2022 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ මාස නවය සඳහා බැංකුව රුපියල් බිලියන 48.8ක මුළු අපහායන අයකිරීමක් හඳුනාගන්නා ලදී. මෙය පසුගිය වර්ෂයේ අනුරූප කාලපරිච්ඡේදයේ වාර්තා වූ රුපියල් බිලියන 9.8ට සාපේක්ෂව 396% ක ඉහල යාමකි. මෙය ණය හා අත්තිකාරම් සඳහා රුපියල් බිලියන 37.7කින්ද අනෙකුත් මූල්ය උපකරණ සඳහා රුපියල් බිලියන 10.3කින්ද සමන්විත විය. මීට අමතරව අනෙකුත් බැඳීම් හා අසම්භාව්යයන්ට එරෙහිව රුපියල් මිලියන 839ක් වෙන් කරන ලදී.
ණය හා අත්තිකාරම් සඳහා අපහායන අයකිරීම්
පිරිහෙමින් පවතින සාර්ව ආර්ථික තත්වයන් නිරූපණය වන අයුරින් බැංකුව විසින් සාර්ව ආර්ථිකය තව දුරටත් පහල යාමට ඇති සම්භාවිතාව සඳහා ගැලපෙන බර තැබීම් වැඩි කරන ලද අතරම ආර්ථික සාධක ගැලපුම් (EFA) ආකෘතියද නැවත සමාලෝචනය කිරීම හේතුවෙන් සලකා බලනු ලබන කාල පරිච්ඡේදය සඳහා ඉහළ සැලකිය යුතු ඉහල අපහායන ප්රතිපාදනයක් හඳුනා ගන්නා ලදී. තවද ආර්ථිකය තුළ ණය අවධානම ඉහල ගිය ක්ෂේත්රයන් නැවත සමාලෝචනය කළ අතර නව කර්මාන්තය (ක්ෂේත්ර) කිහිපයක් ණය අවදානම ඉහල ගිය ක්ෂේත්ර වශයෙන් හඳුනාගන්නා ලදී. මීට අමතරව උද්ධමනය ඉහල යාම, ඉහල පොලී අනුපාත හා බදු වැඩි කිරීම තුළින් ඇතිවන බලපෑම ද අපහායන ප්රතිපාදන හඳුනාගැනීමේදී සලකා බැලූ අනෙකුත් සාධක වේ.
සංචාරක ව්යාපාරයේ සහ ඒ හා සමානව බලපෑමකට ලක් වූ අනෙකුත් කර්මාන්තවල ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් අපහායන ප්රතිපාදනවල ප්රමාණවත් භාවය බැංකුව විසින් සමාලෝචනය කරන ලද අතර එමඟින් තනි තනිව සැලකිය හැකි ගනුදෙනුකරුවන් සඳහාද ප්රමාණවත් අපහායන ප්රතිපාදනයන් හඳුනාගන්නා ලදී. 2021 දෙසැම්බර් හා 2022 ජූනි අවසානයේදී සහනදායී ණය යෝජනා ක්රමයන්ගෙන් බැහැර වූ ඇතැම් ගනුදෙනුකරුවන් වත්මන් ආර්ථික තත්වයන් හේතුවෙන් තවදුරටත් ණය සහන අයදුම් කිරීම හේතුවෙන් බැංකුව එම ගනුදෙනුකරුවන් සඳහා අතිරේක අපහායන ප්රතිපාදන (Overlay) හඳුනා ගැනීමද අඛණ්ඩව සිදු කරන ලදී. මීට අමතරව පවතින ආර්ථික පසුබෑම් හමුවේ ඇති විය හැකි අහිතකර බලපෑම් දරා ගැනීමේ හැකියාව මත ගනුදෙනුකරුවන් අදියර 1 සිට 2 දක්වා මාරු කිරීමට බැංකුව අඛණ්ඩව පියවර ගන්නා ලදී.
ඉහත ප්රයත්නයන්හි ප්රතිඵලයක් ලෙස පවතින ආර්ථික තත්වයන් හේතුවෙන් ඇති විය හැකි අලාභයන් අවශෝෂණය කර ගැනීම සඳහා 2022 සැප්තැම්බර් 30 දින වන විට 9.8% ක ඉහළ සමස්ත අපහායන ප්රතිපාදන ආවරණයක් බැංකුව විසින් හඳුනාගන්නා ලදී.
අනෙකුත් මූල්ය උපකරණ මත වූ අපහායන අයකිරීම්
සම්පත් බැංකුව විසින් 2022 සැප්තැම්බර් 30 වන දිනට ශ්රී ලංකා ජාත්යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සඳහා රුපියල් මිලියන 9,040 ක් හා ශ්රී ලංකා සංවර්ධන බැඳුම්කර සඳහා රුපියල් මිලියන 935ක්ද වෙන් කරන ලදී. 2022 මැයි මස දී ශ්රී ලංකාවේ ස්වෛරීත්ව ශ්රේණිගත කිරීම ‘C’ සිට ‘RD ’ දක්වා පහත වැටීමත්, ණය ප්රතිව්යුහගතකරණය සඳහා රජය විසින් ගෙන ඇති ක්රියාමාර්ගත් මේ සඳහා බලපාන ලද ප්රධාන කරුණු 2ක් විය. සමාලෝචිත කාල පරිච්ඡේදය අවසානයේදී, ශ්රී ලංකා සංවර්ධන බැඳුම්කර හා ශ්රී ලංකා ජාත්යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සඳහා බැංකුව විසින් වෙන් කරන ලද මුළු ප්රතිපාදන රුපියල් 21.6ක් විය. මේ අතර වාර්තා කරනු ලබන කාල සීමාව තුළදී කල් පිරුණු ශ්රී ලංකා සංවර්ධන බැඳුම්කර ශ්රී ලංකා රුපියල් බවට පත් කිරීම හේතුවෙන් විදේශ ව්යවහාර මුදලින් නම් කරන ලද උපකරණවල සංයුතිය සැලකිය යුතු ලෙස අවම කර ගැනීමට බැංකුව සමත් විය.
ශුද්ධ මෙහෙයුම් ආදායම
සලකා බලනු ලබන කාලය තුළදී මුළු මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 40කින් වර්ධනය විය. කෙසේ වුවද අපහායන අයකිරීම්ද රුපියල් බිලියන 39කින් ඉහළ යාම හේතුවෙන් ශුද්ධ මෙහෙයුම් ආදායමේ වර්ධනය 3.7කට සීමා විය.
මෙහෙයුම් වියදම්
වාර්තා කරනු ලබන කාල පරිච්ඡේදය සඳහා මෙහෙයුම් වියදම රුපියල් බිලියන 20.5ක් වූ අතර එය පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයේදී වාර්තා කරන ලද රුපියල් බිලියන 16.6ට සාපේක්ෂව 23.6% ක ඉහළ යාමකි. ශ්රී ලංකා රුපියලේ අවප්රමාණය වීම හා ඉහළ යන උද්ධමනය මේ සඳහා ප්රධාන හේතූන් විය. මෙහෙයුම් වියදම්වල වර්ධනයක් තිබියදීත් 2021 වසරේ අනුරූප කාල පරිච්ඡේදයේ වාර්තා කළ 39.6% ට සාපේක්ෂ්ව බැංකුවේ ආදායම් පිරිවැය අනුපාතය පදනම් ලකුණු 1,460කින් එනම් 25% ක් දක්වා සැලකිය යුතු ලෙස පහත වැටිණි. ආදායම් පිරිවැය අනුපාතයෙහි මෙම පහත වැටීමට ප්රධාන වශයෙන් හේතු වූයේ සමස්ත මෙහෙයුම් පිරිවැයේ ඉහළ යාම ඉක්මවා සමස්ත මෙහෙයුම් ආදායම ඉහල යාමයි.
බදු වියදම්
එකතු කළ අගය මත බද්දට පෙර ලාභය 17.6% ක පහත වැටීමක් තිබුණද 2022 ජනවාරි 01 දින සිට ක්රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බදු අනුපාතය 15% සිට 18% දක්වා ඉහළ දැමීම හේතුවෙන් මූල්ය සේවාවන් මත එකතු කළ අගය මත බදු වියදම 9.3% කින් ඉහල යන ලදී.
2022 ඔක්තෝබර් මස 11 වැනි දින නිකුත් කරන ලද දේශීය ආදායම් පනතේ (සංශෝධන) කෙටුම්පත පාර්ලිමේන්තුව විසින් බලාත්මක කර නොමැති බැවින් වාර්තා කරනු ලබන කාලසීමාව සඳහා පනත් කෙටුම්පතේ යෝජිත වෙනස්කම් බැංකුව විසින් සලකා බලා නොමැත.
ප්රධාන අනුපාතයන්
සාමාන්යය කොටස් හිමියන්ගේ කොටස්වල ප්රතිලාභය (බදු පසු) 2021 වසර අවසානයේ වාර්තා කළ 11.05% ට සාපේක්ෂව 2022 සැප්තැම්බර් 31 දින වන විට 8.08% ක් දක්වා පහත වැටී ඇත. සාමාන්ය වත්කම් මත ප්රතිලාභය (බදු පෙර) 2021 වර්ෂයේ වාර්තා කරන ලද 1.44% ට සාපේක්ෂව 2022 සැප්තැම්බර් මස 30 දින වන විට 0.96% ක් විය.
ප්රාග්ධන අනුපාතයන්
2022 සැප්තැම්බර් 30 දින වන විට තම සියලුම ප්රාග්ධන අනුපාතයන් අවම නියාමන අවශ්යතාවන්ට වඩා ඉහළ මට්ටමක පවත්වා ගෙන යාමට බැංකුව සමත් විය. පළමු පෙළ සාමාන්ය ස්කන්ධ ප්රාග්ධන අනුපාතය සාමාන්යය ස්කන්ධ ප්රාග්ධන අනුපාතය හා මුළු ප්රාග්ධන අනුපාතය 2021 වර්ෂයේ අවසානයේ වාර්තා කළ 13.95%, 13.95% හා 17.02% ට සාපේක්ෂව 2022 සැප්තැම්බර් 30 දින වන විට පිළිවෙලින් 11.31%, 11.31% හා 13.72% ක් ලෙස වාර්තා කරන ලදී. ශ්රී ලංකා රුපියල අවප්රමාණය වීම හේතුවෙන් බර තබන ලද වත්කම් ප්රමාණය ඉහල යාම, මුදල් ලාභාංශ හා අධිභාර බදු ගෙවීම යන කරුණුවල සාමූහික ප්රතිඵලයක් ලෙස වාර්තාකරණ කාලපරිච්ඡේදය තුළදී ප්රාග්ධන අනුපාතයන් පහත වැටුණි.
වත්කම් හා වගකීම්
2022 සැප්තැම්බර් මස අවසානයේදී සම්පත් බැංකුව සතු මුළු වත්කම් ප්රමාණය රුපියල් ටි්රලියන 1.3ක් වූ අතර එය 2021 දෙසැම්බර් 31 දිනට වාර්තා වූ රුපියල් ටි්රලියන 1.2ට සාපේක්ෂව රුපියල් බිලියන 113ක (12.6% ක වර්ධනය) වර්ධනයකි. මේ සඳහා ශූද්ධ ණය හා අත්තිකාරම්, මුදල් හා මුදලට සමාන දෑ වල ඉහළ යාම හේතු විය. වර්ෂය තුළදී දේශීය මුදල් ඒකකය අවප්රමාණය වීම ශේෂ පත්රයේ වර්ධනය වීම සඳහා මූලිකව හේතු විය.
මුළු අත්තිකාරම් ප්රමාණය 2021 දෙසැම්බර් මස අවසානයට වාර්තා කරන ලද රුපියල් බිලියන 813ට සාපේක්ෂව වාර්තා කරනු ලබන කාල සීමාව තුළදී 22.6% (වාර්ෂික) වර්ධනයක් සහිතව 2022 සැප්තැම්බර් මස 30 වන විට රුපියල් බිලියන 951ක් ලෙස වාර්තා කරන ලදී. ශ්රී ලංකා මුදලින් අගය කරන ලද ණය ප්රමාණයෙහි වර්ධනය 12.1% කි (වාර්ෂික). සලකා බලනු ලබන කාල පරිච්ඡේදයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල, රුපියල් 164.75කින් අවප්රමාණය වීම හේතුවෙන් විදේශ ව්යවහාර මුදලින් අගය කරන ලද ණයවල වටිනාකම ඉහළ යන ලදී. විනිමය අනුපාතයන් වෙනස්වීමේ බලපෑම ඉවත් කළේ නම බැංකුවේ මුළු ණය හා අත්තිකාරකම් ප්රමාණයේ වර්ධනය 8.8% ක් වේ. (වාර්ෂිකව)
2022 වසරේ තුන්වන කාර්තුවේදී බැංකුව විසින් ක්රියාත්මක කරන ලද තැන්පතු ප්රවර්ධනය කිරීමේ කටයුතු හේතුවෙන් දේශීය තැන්පතු පදනම රුපියල් බිලියන 44.4 කින් වර්ධනය විය. කෙසේ වෙතත් 2021 වසර අවසානය හා සැසඳීමේදී මෙම වර්ධනය 0.8% කට සීමා විය.
ඡායාරූප විස්තරය - සම්පත් බැංකුවේ සභාපති හර්ෂ අමරසේකර මහතා (වම් පස) , සම්පත් බැංකුවේ කළමනාකරණ අධ්යක්ෂ නන්ද ප්රනාන්දු මහතා (දකුණු පස)
December, 12, 2022
ගෝලීය අලියාන්ස් SE සමූහයේ සාමාජිකයෙකු වන අලියාන්ස් ලංකා විසින් පූර්ව ප්රාරක්ෂණ පරික්ෂාව සහ මෝටර් රථ හා මෝටර් රථ නොවන රක්ෂණ වන්දි හිමිකම් සඳහා වන බාධා රහිත නව අධි තාක්ෂණික මෙවලමක් වන තාත්යාසන්න තක්සේරුකරු (Virtual Assessor) හඳුන්වා දීම පිළිබඳ නිවේදනය කරන ලදී. අනතුරකදී පාරිභෝගිකයා විසින් ඇමතුම් මධ්යස්ථානය හා සම්බන්ධ වූ විට, සුහුරු ජංගම දුරකථනය භාවිතයෙන් මෙන්ම ඒ සඳහා කිසිඳු යෙදවුමක් ස්ථාපනය කිරීමකින් තොරව මෙම මෙවලම භාවිතා කිරීමට අවශ්ය සහයෝගය ඔවුන් විසින් ලබා දෙනු ඇත. අලියාන්ස් ලංකා හි තාත්යාසන්න තක්සේරුකරු (Virtual Assessor) මෙවලම , පාරිභෝගික භවතුන් සඳහා පහසු හා වඩා හොඳ අත්දැකීමක් සඳහා වන ඉදිරි පියවරක් මෙන්ම රක්ෂණ කර්මාන්තයේ එක් සන්ධිස්ථානයක්ද වනු ඇත.
මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දැක්වූ අලියාන්ස් ලංකා හි ප්රධාන විධායක නිලධාරී, දේශීය කළමනාකරු ඇලන් ස්මී මහතා සඳහන් කර සිටියේ "බොහෝ පාරිභෝගික භවතුන් සංඛ්යාංගික නාලියන් සහ තාක්ෂණයන් වැළඳගන්නා මොහොතක රක්ෂණ ක්ෂේත්රය සංඛ්යාංගික ආවිලයනයකින් පරිවර්තනය වෙමින් පවතින කාල පරිච්ඡේදයක් මධ්යයේ පවතියි. තව දුරටත් පාරිභෝගික කේන්ද්රික වීමේ අරමුණින් යුතු අපගේ ගමනේදී, රක්ෂණ ව්යාපාරයේ බොහෝ සෙයින් ඉච්ඡාභංගතත්වයට පත්වන හා වඩා බාධාකාරී අංගයක් වන වන්දි හිමිකම් ක්රියාවලියේදී එම පාරිභෝගික අත්දැකීම් වඩා මෘදු කිරීම සඳහා තාත්යාසන්න තක්සේරුකරු (Virtual Assessor) දියත් කිරීම පිළිබඳව අපි සතුටින් දැනුම් දෙන්නෙමු. නව පාරිභෝගික භවතුන් සඳහා වන පූර්ව ප්රාරක්ෂණ පරීක්ෂණ සඳහාද තාත්යාසන්න තක්සේරුකරු (Virtual Assessor) ක්රියාත්මකව පවතියි. එමෙන්ම රක්ෂණ ඔප්පුවක් ලබා ගැනීමේ ක්රියාවලිය වඩා පහසු සහ සරල සිදු කිරීමට හැකි ආකාරයට ක්රියාවලියන් සකස් කිරීමට මෙන්ම එමගින් පාරිභෝගික අත්දැකීම් ඉහළ නැංවීමට අප කටයුතු කරමින් සිටින්නෙමු. වර්තමානයේ අලියාන්ස් ලංකා පාරිභෝගික භවතුන් හට පාරිභෝගික සේවා නියෝජිතයෙකු / නියෝජිතවරයෙකු ඇමතීම තුළින් ඔවුන්ගේ සුහුරු ජංගම දුරකථනයේ වෙබ් සෙවුමේ තාත්යාසන්න තක්සේරුකරු (Virtual Assessor) මෙවලම භාවිතයෙන් තාත්යාසන්න පරීක්ෂාවක් (Virtual inspection) නියම කරවා ගැනීමට පාරිභෝගික භවතුන්ට හැකියාව ඇත. සංඛ්යාංගික සක්රීයකරණය වෙත තැබූ මෙම විප්ලවකාරී පියවර තුළින් කිසිවෙකුටත් සම කළ නොහැකි ආකාරයෙන් පාරිභෝගික භවතුන් වෙත පහසුව සලසා දීම සඳහා වන අපගේ කැපවීම තව දුරටත් නව්යකරණය සඳහා අපි අවස්ථාවක් කරගන්නෙමු." යනුවෙනි.
අලියාන්ස් ලංකා තාත්යාසන්න තක්සේරුකරු (Virtual Assessor) මෙවලම මගින් ක්රියාත්මක කෙරෙන බාධා රහිත තාත්යාසන්න පරික්ෂා කිරීමේ ක්රියාවලිය තුළින් දැනටමත් අප සමග එක්ව සිටින පාරිභෝගික භවතුන්ගේ රථ වාහන පරික්ෂා කිරීමේ ක්රියාවලිය හා වන්දි හිමිකම් නිරාකරණය කිරීමේ ක්රියාවලිය මෙන්ම නව පාරිභෝගික භවතුන් සඳහා රක්ෂණ ඔප්පු ලබා ගැනීමේ ක්රියාවලියද වෙනසකට ලක් කෙරෙනු ඇත. අනතුරකදී හෝ නව රක්ෂණාවරණයක් සඳහා වන අවශ්යතාවයකදී ඔවුන් විසින් සිදු කළ යුත්තේ අලියාන්ස් ලංකා හි ඇමතුම් අංකය වන 0112303300 ඇමතීම පමණි. තාත්යාසන්න පරීක්ෂාවක් (Virtual inspection) සඳහා අදාළ සුදුසුකම් සපුරා ඇති නම් අලියාන්ස් ලංකා විසින් අදාළ පාරිභෝගිකයාගේ සුහුරු ජංගම දුරකථනය වෙත කෙටි පණිවුඩයක් (SMS) මගින් ඒකීය සම්පත් නිවේශකයක් (URL -Uniform Resource Locator) යොමු කරනු ඇත. එහිදී කිසිඳු යෙදවුමක් ස්ථාපනය කිරීමකින් තොරව සුහුරු ජංගම දුරකථනයේ වෙබ් සෙවුම තුළින් තාත්යාසන්න තක්සේරුකරු (Virtual Assessor) මෙවලම භාවිතා කළ හැකිය. අනතුර සිදුවූ ස්ථානය හා දුරස්ථව සම්බන්ධ වෙමින් හා අනතුරේ තොරතුරු සටහන් කර ගනිමින් සහ පාරිභෝගිකයා වෙතින් සංඛ්යාංගික අත්සන (Digital signature) ලබා ගන්නා අතරම පාරිභෝගිකයා සිටින ප්රදේශය නිවැරදිව හඳුනා ගැනීමටද අලියාන්ස් ලංකා තාත්යාසන්න පරීක්ෂණ කණ්ඩායම (Virtual Inspection Team) කටයුතු කරනු ඇත. පාරිභෝගික භවතුන් වෙත පහසුව සැලසීම වර්ධනය කරන අතරම නව තාත්යාසන්න තක්සේරුකරු (Virtual Assessor) මෙවලම මගින් වන්දි හිමිකම් නිරාකරණය කිරීම් සහ පූර්ව ප්රාරක්ෂණ පරීක්ෂණයන් සඳහා පාරිභෝගික භවතුන් සහ අලියාන්ස් ලංකා යන දෙපාර්ශවයේම වන වියදම අවම කිරීම සහ කාලය ඉතිරි කිරීමද බලාපොරොත්තු වේ.
අලියාන්ස් ලංකා ලෙස හඳුන්වනු පොදුවේ ලබන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (Allianz Insurance Lanka Ltd.) සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ^Allianz Life Insurance Lanka Ltd.& ජාත්යන්තර Allianz SE හි පූර්ණ අයිතිය යටතේ පවතින අනුබද්ධ සමාගම් ලෙස ක්රියාත්මක වේ. ප්රධාන වශයෙන් රක්ෂණ සහ වත්කම් කළමනාකරණ ක්ෂේත්ර වල ක්රියාත්මක වන ජාත්යන්තර සමූහ ව්යාපාරයක් වන Allianz SE හි ප්රධාන කාර්යාලය ජර්මනියේ මියුනිච් නගරයේ පිහිටා ඇත. ජාත්යන්තර අලියාන්ස් සමූහ ව්යාපාරයේ ශක්තිය සහ අලියාන්ස් ලංකා හි දේශීය විශේෂඥ දැනුම හා පළපුරුද්ද එක්තැන් වීම, අලියාන්ස් සමාගමට ශ්රී ලංකාව තුළ මෙබඳු සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට මහෝපකාරී වී තිබේ.
December, 12, 2022
හේමාස් කන්සියුමර් බ්රෑන්ඩ්ස් වෙතින් ගෙන එන, මෙරට වඩාත් විශ්වාසදායක මුඛ සත්කාරක සන්නාමයක් වන ක්ලෝගාර්ඩ් විසින්, මුඛ සෞඛ්යයේ වැදගත්කම ප්රවර්ධනය කිරීම සඳහා දීපව්යප්ත ප්රචාරණ වැඩසටහනක් ලෙස සිය ජංගම දන්ත වෛද්ය සායනය දියත් කළ අතර, එම ජංගම දන්ත වෛද්ය සායනය මගින් පාසල් සිසු සිසුවියන් දැනුවත් කිරීමේ සැසියක් මෙන් ම ඔවුන්ගේ දන්ත පරීක්ෂාවක් නොමිලේ සිදු කෙරිණි.
ක්ලෝගාඩ්, සෞඛ්ය අමාත්යාංශය සමඟ එක්ව මෙම ජංගම දන්ත වෛද්ය සායනය සංවිධානය කළ අතර, අති සාර්ථක ලෙස මාස 2ක කාලයක් පුරා ක්රියාත්මක කෙරුණු එම වැඩසටහන මගින් දිවයින පුරා දරු දැරියන් 11,000 කට අධික සංඛ්යාවක් ආවරණය කෙරිණි. එමෙන් ම මෙම මාස දෙක තුළ දරු දැරියන් 6,500 කට අධික සංඛ්යාවක් නොමිලේ දන්ත පරීක්ෂාව සිදු කරගත්හ. ක්ලෝගාඩ් ජංගම දන්ත සායනය තුන්වන මාසයේ දී ත් ක්රියාත්මක වීමට නියමිත ය.
සීමිත මුඛ සෞඛ්ය පහසුකම් සහිත ග්රාමීය ප්රදේශවල පාසල් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ක්රියාත්මක වූ මෙම වැඩසටහන අතරතුර දී දරු දැරියන් වෙනුවෙන් අධ්යාපනික හා විනෝදාත්මක ක්රියාකාරකම් ද ක්රියාත්මක කෙරුණු අතර, දන්ත වෛද්ය පරීක්ෂණය අවසානයේ දී දරු දැරියන්ට සිත් ඇදගන්නා සුළු ත්යාග ද ප්රදානය කෙරිණි. එහි දී ක්ලෝගාඩ් සුරතලා වන 'චූටි ලේනා' සායනයට සහභාගි වූ දරු දැරියන් දිරිගැන්වීම ද සුවිශේෂී අත්දැකීමක් විය.
හේමාස් කන්සියුමර් බ්රෑන්ඩ්ස් සමාගමේ අලෙවි සාමාන්යාධිකාරී ඩෙරික් ඇන්තනි මහතා ප්රකාශ කළේ, “ අපගේ ජංගම දන්ත වෛද්ය සායනය නැවත ආරම්භ කරමින් මෙම ප්රචාරණ වැඩසටහන දියත් කිරීමට හැකිවීම ඇත්තට ම සතුටට කරුණක්. මේ වන විට, මෙම සායනය හරහා විශාල දරු දැරියන් පිරිසක් වෙත ළඟා වීමට අපට හැකි වූ නිසා එය අතිසාර්ථක වැඩසටහනක් වුණු බව පැවසිය යුතු ම යි. මෙම වැඩසටහනේ මීළඟ අදියරේ දී දිවයිනේ අනෙකුත් ප්රදේශ මීටත් වඩා පුළුල් ලෙස ආවරණය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා." යනුවෙනි.
ක්ලෝගාඩ් යනු ශ්රී ලංකාවේ වඩාත් ම විශ්වාසදායක මුඛ සත්කාර සන්නාමය වන අතර, ශ්රී ලාංකේය ජාතිය දත් කුහරවලින් තොර ජාතියක් බවට පත් කිරීමේ ප්රයත්නයේ කොටසක් ලෙස රට පුරා තවත් මෙවැනි ජංගම දන්ත වෛද්ය සායන අඛණ්ඩව පැවැත්වීමට ක්ලෝගාඩ් අරමුණු කරයි.
December, 12, 2022
ශ්රී ලංකා රාජ්ය මූල්ය ගණකාධිකාරීවරුන්ගේ සංගමය (APFASL) විසින් සංවිධානය කරන ලද සම්මාන උලෙළේදී හොඳම වාර්ෂික වාර්තාව සහ ගිණුම් සම්මාන-2022 සඳහා ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) ව්යවස්ථාපිත මණ්ඩල කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානය දිනා ගත්තේය. මෙම වාර්ෂික උත්සවය උසස් තත්ත්වයේ මූල්ය වාර්තාකරණය ප්රදර්ශනය කරන රාජ්ය අංශයේ ආයතන හඳුනාගෙන ඇගයීමට ලක් කරයි.
December, 9, 2022
ශ්රී ලංකා මහ බැංකුව විසින් රු. මිලියන 160,000 ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් පවත්වන බව දැනුම් දී සිටී.
එළඹෙන දෙසැම්බර් 13 වැනි දින මෙම නිකුතුව පැවැත්වෙනු ඇත.
වෙන්දේසිය සඳහා කාණ්ඩ 3ක් යටතේ බැඳුම්කර ඉදිරිපත් කිරීමට නියමිතය.
එහිදී 2024 මැයි 01 දින කල් පිරෙන ආකාරයෙන් රු. මිලියන 40,000 ක්, 2025 ජනවාරි 15 දින කල් පිරෙන ආකාරයෙන් රු. මිලියන 50,000 ක් සහ 2026 මැයි 15 දින කල් පිරෙන ආකායෙන් රු. මිලියන 70,000 ක් ලෙසින් වන භාණ්ඩාගාර බැඳුම්කර ප්රමාණයන් වෙන්දේසියට ඉදිරිපත් කෙරෙනු ඇත.

December, 9, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ සමාගමක් වන LIMRA Holdings අනුබද්ධ Kiddies & Toys International (KTI) හි අනර්ඝතම සන්නාමයක් ලෙසින් පාරිභෝගිකයින් හා අත්වැල් බැඳගත් Kids Joy සිය 15 වැනි සංවත්සරය පසුගියදා සමරනු ලැබීය. ඉකුත් 15 වසර තිස්සේම, ශ්රී ලංකාවේ අඩු ආදායම්ලාභී ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන මව්වරුන් ඇතුළුව සෑම තරාතිරකම ගර්භනී මව්වරුන් වෙත සතුට සැනසුම කැන්දමින්, Kids Joy මෙරට වෙළෙඳ පොළේ නොමැකෙන සන්නාමයක් බවට පත්ව තිබේ.
සෑම කාන්තාවකගේම ජීවිත ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන මව් පදවියට පත් වන අවස්ථාවෙහි, ශ්රී ලංකාවේ ප්රමුඛතම මාතෘ හා ළදරු නිෂ්පාදන සන්නාමයක් වශයෙන් ප්රකට Kids Joy අප, ඔවුන් හා රැඳී සිටීමට හැකි වීම ගැන සාඩම්බර ලෙස සතුටට පත් වන්නෙමු. එම උතුම් මාතෘත්වයට සහය දැක්වීම සඳහා Kids Joy වෙතින් ඉකුත් සංවත්සර සැමරුම දා ආගමික ස්ථාන වෙත රැස් කෙරුණු ගර්භනී මව්වරුන්ට ඔවුන් අපේක්ෂාවෙන් සිටින අති උතුම් මව් පදවිය වෙනුවෙන් ආශිර්වාද පිංකම් සිදු කෙරිණි. එමෙන්ම, පවුල් සෞඛ්ය සේවා නිලධාරිනියන් විසින් උපදෙස්ද ලබා දෙන ලදී. මව්වරුන් හා ළදරුවන් සමග අත්වැල් බැඳගත් සන්නාමයක් ලෙසින් එහිදී Kids Joy වෙතින් එම ගර්භනී මාතාවන්ට අත්යවශ්ය මාතෘ හා ළදරු නිෂ්පාදන ඇතුළත් සුවිශේෂී තෑගි භාණ්ඩ රැසක් නොමිලේ බෙදා දෙන ලදී.
“මාතෘත්වය කියන්නේ කාන්තාවකගේ ජීවිතයේ අත්විඳින ලොකුම සතුටක්. අලුත් බිලිඳා පිළිගැනීමට දෙමව්පියන් නොඉවසිල්ලෙන් බලා සිටින නිසා බිලිඳා මෙලොවට බිහිවන තෙක් ගෙවෙන්නෙ ජීවිතයේ සතුටුදායක කාල පරිච්ඡේදයක්. කෙසේ වුවත්, මේ දුෂ්කර කාලයේ ඇතැම් මව්වරුන්ට අත්යවශ්ය මාතෘ හා ළදරු නිෂ්පාදන මිලදී ගැනීමට හැකියාවක් නැහැ. ආර්ථික දුෂ්කරතා නිසාම මව් පදවිය ලබා ගැනීමේ සතුට ඔවුන්ගෙන් ඈත් වෙමින් තිබෙනවා. ඒ නිසා මේ අසීරු කාල සීමාවේ මව් පදවිය සඳහා අත්යවශ්ය නිෂ්පාදන තිලිණ කරමින්, ඒ සඳහා නිදහසේ සූදානම් වීමට ඔවුන්ට අත්වැල සැපයීමට ලැබීම අපට සතුටට කාරණයක්.” Kiddies & Toys International සමාගමේ ප්රධාන විධායක නිලධාරී අජන්ත වික්රමරත්න සඳහන් කරයි.
නිෂ්පාදනයන්හි ගුණාත්මක තත්ත්වය, සුවිශේෂීබව, දේශීයත්වය හා පාරිභෝගිකයින් හට දැරිය හැකි මිල යන මූලික කාරණා හතර මත පදනම්ව, Kids Joy නිෂ්පාදන 2007 වසරේ පටන් මෙරට වෙළෙඳ පොළට නිකුත් කෙරේ. අත්යවශ්ය මාතෘ හා ළදරු නිෂ්පාදන 20 කින් ඇරඹුණු Kids Joy නිෂ්පාදන ගමන් මග මේ වන විට දේශීය හා විදේශීය වෙළෙඳ පොළ ඉලක්ක කර නිකුත් කෙරෙන නිෂ්පාදන 150 කට අධික ප්රමාණයක් දක්වා වර්ධනය වී තිබේ. එමෙන්ම, කාලීන අවශ්යතා අනුව නවතම නිෂ්පාදන, සිය නිෂ්පාදන පෙළට එක් කිරීමටද සමාගම නිරන්තරයෙන් කටයුතු කරයි. මෙරට පාරිභෝගිකයින් වෙනුවෙන් සුපිරි වෙළෙඳ සැල්, කඩ සාප්පු, ෆාමසි, සිල්ලර වෙළෙඳ සල් යන ස්ථානයන්හි Kids Joy භාණ්ඩ ලබා ගත හැක. එමෙන්ම, ඉකුත් කාල පරිච්ඡේදයේ ස්වකීය නිෂ්පාදන ආසියානු කලාපයේ රටවල් ගණනාවකට අපනයනය කරමින්, ශ්රී ලාංකීය ආර්ථිකය නගා සිටුවීමෙහිලා සුවිශේෂී කාර්ය භාරයක්ද Kids Joy ඉටු කරමින් සිටියි. .
LIMRA Holdings සමාගමේ සභාපති / සමූහ ප්රධාන විධායක නිලධාරී, නබ්හාන් අකීල් අදහස් දක්වමින් සඳහන් කරන්නේ මෙවැන්නකි. "ආරම්භයේ පටන්ම Kiddies & Toys International සමාගමේ ජාත්යන්තර මට්ටමේ නිෂ්පාදනයක් වශයෙන් Kids Joy ස්ථාවර ප්රගතියක් අත්පත් කරගෙන තිබෙනවා. ඒ වගේම අපගේ ප්රමිතිගත නිෂ්පාදන පෙළ දිනෙන් දින විශාල වශයෙන් පුළුල් වෙමින් තිබෙන නිසා, ඉදිරි වසර දෙක තුන ඇතුළත Kids Joy ගෝලීය සන්නාමයක් ලෙස දියත් කිරීම අප ආරම්භ කර තිබෙනවා. ඒ නිසා අපගේ විදේශ වෙළඳපොළ නව දිශානතීන් කරා පුළුල් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී වැඩි අවධානයක් යොමු කෙරෙනවා. එමඟින් ශ්රී ලංකාවට විදේශ විනිමය වැඩි වශයෙන් ගෙන ඒමට සහ තවදුරටත් දේශීය ආර්ථිකයට සහාය වීමට අපට හැකියාව පවතිනවා.”
වසර 29 කට වැඩි කාලයක් පුරා ක්ෂේත්ර ගණනාවක් ඔස්සේ මෙරට නමක් දිනා සිටින LIMRA Holdings සමාගම මාතෘ හා ළදරු නිෂ්පාදන මෙන්ම, සෙල්ලම් බඩු, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ මෙන්ම, ස්මාර්ට් සහ භෞතික ආරක්ෂණ නිෂ්පාදන සහ සේවා සැපයීමේ ප්රමුඛයා වශයෙන් ශ්රී ලංකාව තුළ සහ ඉන් ඔබ්බෙහි ශක්තිමත් අඩිතාලමක් දමා තිබේ.
December, 9, 2022
විදේශීය මුදල් උපයන ශ්රී ලාංකිකයින්ට ස්ථාවර මාසික මුදලක් තැන්පත් කිරීම මගින් ඉහළ පොලී ආදායමක් සමඟ ඇමරිකානු ඩොලර් හෝ තවත් විදේශීය මුදල් වර්ග තුනකින් 10,000 ක අවමයක් කෙටි කාලයක් තුළ ඉතිරි කරගැනීමට අවස්ථාව සලසන සුවිශේෂී ආයෝජන සැලසුමක් කොමර්ෂල් බැංකුව එළිදක්වා ඇත.
මෙම ආයෝජන සැලසුම ‘Millionaire Investment Plan in Foreign Currency’ යනුවෙන් නම්කර තිබෙන අතර දැනටමත් බැංකුව විසින් සාර්ථකව පවත්වාගෙන යන ‘Millionaire Investment Plan’ මේ සඳහා ආදර්ශය බවට පත්කර ගෙන තිබෙන බව බැංකුව සඳහන් කරයි. මෙම ආයෝජන සැලසුමේ මුදල් තැන්පතු කරන්නන්ට දැනට වෙළෙඳපොළ තුළ තිබෙන තරගකාරී ආයෝජන සැලසුම් වලින් ලබාදෙනවාට වඩා ඉහළ පොලී අනුපාතයක් ලබාදෙන අතර අවුරුදු තුන, අවුරුදු හතර සහ අවුරුදු පහ යන කාල සීමාවකින් කල්පිරෙන පරිදි මෙම ආයෝජන සැලසුමේ ඇමරිකානු ඩොලර්, යූරෝ, ස්ටර්ලිං පවුම් සහ ඕස්ටේ්රලියානු ඩොලර් තැන්පත් කළ හැකිවේ.
මෙම සැලසුමට අනුව තැන්පතු කරුවන්ට තමන් තෝරා ගන්නා කාලයකදී කොපමණ මුදලක් ඉතිරි කළහැකි දැයි තීරණය කරගැනීමට අවස්ථාව සලසා තිබෙන අතර ඇමරිකානු ඩොලර්, යූරෝ, ස්ටර්ලිං පවුම් සහ ඕස්ටේ්රලියානු ඩොලර් වලින් 10,000 ක්, 25,000 ක්, 50,000 ක්, 100,000 ක් සහ 250,000 ක් ලෙස තමන්ගේ හැකියාව අනුව ආයෝජනය කිරීමට කොමර්ෂල් බැංකුව විසින් අවස්ථාව ලබාදී තිබේ.
උදාහරණයක් ලෙස වසර පහකින් කල් පිරෙන ලෙස යම් විදේශීය මුදලකින් 10,000 ක් ආයෝජනය කරන්නේ නම් ගනුදෙනුකරුවන්ට මාසිකව තැන්පත් කිරීමට සිදුවන්නේ ඇමරිකානු ඩොලර් වලින් නම් 133.50 ක්, යූරෝ වලින් නම් 146.50 ක්, ස්ටර්ලිං පවුම් වලින් නම් 142.75 ක් සහ ඕස්ටේ්රලියානු ඩොලර් වලින් නම් 139 ක් බව බැංකුව සඳහන් කරයි.
මෙම විශේෂ විදේශ මුදල් ආයෝජන සැලසුම විදේශීය රටවල සේවය කරන ශ්රී ලාංකිකයින්ට, ඕනෑම තැනක සිටින ශ්රී ලාංකේය ද්විත්ව පුරවැසියන්ට, වෙනත් රටක ස්ථීර නේවාසික තත්ත්වය හෝ පුරවැසිභාවය හිමි ශ්රී ලාංකිකයින්ට, ශ්රී ලාංකාවෙන් පිට හෝ ඇතුළත නේවාසිකව සිටින අයට සහ ශ්රී ලංකාවේ සිටින විදේශීය මුදල් උපයන ශ්රී ලාංකිකයින්ට විවෘත කළ හැකි බව බැංකුව සඳහන් කරයි. මෙම ගිණුමක් විවෘත කිරීමට සුදුසුකම් ලැබීම සඳහා ගනුදෙනුකරුවන් වයස අවුරුදු 18 සම්පූර්ණ කර හෝ එයට වඩා වැඩි වයසකින් යුක්ත විය යුතු අතර තමන්ගේ කැමැත්ත පරිදි මාසිකව විදේශ මුදල් තැන්පත් කිරීමේ අවස්ථාව මෙහි තිබෙන බව කොමර්ෂල් බැංකුව පවසයි.
මෙම ආයෝජකයින් කොමර්ෂල් බැංකුවේ පුද්ගලික විදේශීය මුදල් ගිණුමක් (PFC) පවත්වාගෙන යා යුතු අතර මාසිකව තැන්පත් කිරීමට එකඟ වන මුදල එය මෙම ආයෝජන සැලසුමට විදේශ මුදල් වලින් පේ්රෂණය කළ හැකිවේ. මෙහිදී, කල් පිරීමේදී ලබාදීමට එකඟවී තිබෙන ආයෝජන මුදල ගනුදෙනුකරුවාගේ පුද්ගලික විදේශීය මුදල් ගිණුමට බැංකුව විසින් බැර කරනු ඇත.
ශ්රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ්රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 269 ක් සහ ස්වයංක්රීය යන්ත්ර 943 ක් ක්රියාත්මක කරයි. ශී්ර ලංකාවේ සුළු සහ මධ්යම පරිමාණයේ ව්යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්රයේ ඩිජිටල් නව්යකරණය සඳහා ප්රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්ර මූල්යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.
December, 9, 2022
මෙරට කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාර සංවර්ධන සමාජ සත්කාරක මෙහෙයුමක් ලෙස ඇසට්ලයින් ෆිනෑන්ස් ලිමිටඩ් විසින් සංවිධානය කරන ‘දේශයට ජවයක්’ වැඩමුළුවේ පළමු අදියර 2022 දෙසැම්බර් මස 10 වන දින පෙ.ව. 9.30 සිට මාතර, කඹුරුගමුව, තල් අරඹේ පිහිටි DPMC සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වෙනවා.
මේ වැඩමුළුවේ දේශකයා ලෙස කටයුතු කරනු ලබන්නේ ජ්යේෂ්ඨ වරලත් ගණකාධිකාරී සහ ආසියා පැසිෆික් මුදල් හා ව්යවසායකත්ව සංවර්ධන ආයතනයේ සභාපති, සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයින් සදහා ජාතික පුහුණු උපදේශක චාමින්ද කුමාරසිරි මහතා විසින්.
වර්තමානයේ පවතින ආර්ථික වටපිටාව තුළ තම ව්යාපාරයට එල්ල වන බලපෑම් කළමනාකරණය කරගනු ලබන ආකාරය, මූල්ය කළමනාකරණය සහ සාක්ෂරතාව පිළිබදව සුළු හා මධ්ය පරිමාණ ව්යාපාරිකයින් දැනුවත් විය යුතු දේ, නව ව්යාපාරික අවස්ථා හදුනා ගනිමින් ඒ ඔස්සේ අභියෝග ජයගැනීමේ මාර්ගය ඇතුළු බොහෝ දේ පිළිබදව මෙම වැඩමුළුවේදී කතා කරනවා.
ඔබේ තොරතුරු 0777426703ට වට්ස්ඇප් කරල මේ වැඩමුළුවට ලියාපදිංචි වෙන්න. මුලින්ම එන 100 දෙනාට තමයි මේ සදහා සහභාගි වෙන්න අවස්ථාව හිමි වෙන්නෙ.
ඇසට්ලයින් ෆිනෑන්ස් විසින් මෙය නොමිලේම ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස සිදු කරනු ලබනවා.
December, 9, 2022
පසුගිය දෙසැ. 06 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්රකාරව, බැංකුකරණය සහ මූල්ය සේවා පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද සාමාජික මන්ත්රීවරුන්ගේ නම් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ඊයේ (08) දින පාර්ලිමේන්තුවට නිවේදනය කරන ලදි.
ඒ අනුව ශෙහාන් සේමසිංහ, අනුප පස්කුවල්, චමල් රාජපක්ෂ, ගාමිණී ලොකුගේ, සම්පත් අතුකෝරල, සංජීව එදිරිමාන්න, කරුණාදාස කොඩිතුවක්කු, කෝකිලා ගුණවර්ධන, මුදිතා ප්රිශාන්ති සහ යදාමිණී ගුණවර්ධන යන මහත්ම මහත්මීන්ගේ නම් මෙසේ කථානායකවරයා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
Video Story