December, 1, 2022
ශ්රී ලංකාවේ පළමු, දෙවන සහ එකම පුද්ගලික හිමිකාරිත්වය ඇති තුල්හිරිය සහ ගිරිඋල්ල ඇඟලූම් නිදහස් වෙළඳ කලාපවල හිමිකාරිත්වය දරණ MAS Fabric Park (MFP) සිය 16 වැනි සංවත්සරය පසුගියදා සමරනු ලැබීය. එහිදී මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ රෙදිපිළි සංවර්ධනය හා අගය එකතු කිරීම පිළිබඳවයි. MFP තුල්හිරිය ඇඟලූම් නිදහස් වෙළඳ කලාපය අක්කර 165ක් සහ ගිරිඋල්ල ඇඟලූම් නිදහස් වෙළඳ කලාපය අක්කර 45ක් පුරා නිස්කලංක සහ හරිත පරිසරයක පිහිටා ඇත. මෙම කලාපය තුළ MAS සැපයුම් දාමය වඩාත් උපායමාර්ගිකව සහ සකී්රයව කි්රයාත්මක වෙයි.
MFP විසින් ලෝක සෞඛ්ය සංවිධානයේ (WHO) ප්රමිතීන්ට අනුකූලව කාර්මික අවශ්යතා සහ මිනිස් පරිභෝජනය සඳහා මධ්යගත ජල පිරිපහදු සහ බෙදා හැරීමේ පහසුකම් වැනි ජාත්යන්තර මට්ටමේ තාක්ෂණික සේවා සපයයි. මීට අමතරව මධ්යම විදුලිය බෙදා හැරීමේ පද්ධතියක්, මධ්යගත වාෂ්ප සහ තාප බලශක්ති සැපයුමක් සහ ජීව විද්යාත්මක හා රසායනික පිරිපහදු කිරීම සඳහා ශ්රී ලංකාවේ විශාලතම ඒකාබද්ධ මධ්යගත අපජල පවිත්රාගාරයක් මෙම කලාපයේ පිහිටා ඇත. MFP යනු ශ්රී ලංකාවේ විශාලතම වහල මත සවිකර ඇති සූර්ය බලශක්ති උත්පාදක යන්ත්රය සතු ආයතනය වන අතර රට පුරා ව්යාප්ත වී ඇති ස්ථාපනයන් 19ක් මගින් නිපදවන මුළු බලශක්ති ප්රමාණය මෙගාවොට් 23කි. තුල්හිරියේ අක්කර 10ක තනි වහලක් මත මෙගාවොට් 4.2ක් ජනනය කරන සූර්ය පැනල සවිකර ඇති අතර එය මෙරට වහලයක් මත සවිකර ඇති විශාලතම සූර්ය පැනල පද්ධතිය වේ. MFP යනු ශ්රී ලංකාවේ විශාලතම වහල මත සවිකර ඇති multi-site සූර්ය බලශක්ති උත්පාදක යන්ත්රය සතු ආයතනය වන අතර ස්ථාපනයන් 19 මගින් උත්පාදනය කරන මුළු බලශක්ති ප්රමාණය මෙගාවොට් 23කි. තුල්හිරිය කලාපයේ අක්කර 10ක තනි වහලක් මත මෙගාවොට් 4.2ක් උත්පාදනය කිරීමට හැකි සූර්ය පැනල පද්ධතියක් සවිකර ඇති අතර එය මෙරට විශාලතම සූර්යබල ස්ථාපනයද වේ.
තුල්හිරිය කලාපයට තුරුවදුල නම් වූ අක්කර 10ක ජෛව විවිධත්වයෙන් අනූන වනාන්තරයක් අයත් වන අතර මෙය රාජ්ය නොවන ආයතනයක් විසින් ක්රියාත්මක කරන ලද සහ සංවර්ධනය කරන ලද දේශීය වනාන්තර ජෛව විවිධත්වයේ අනුරුවකි.
වාෂ්ප හා තාප බල ශක්තිය නිපදවීම සඳහා රොන්මඩ ජෛව ස්කන්ධය භාවිතා කරන මෙම තිරසාර කාර්මික කලාප දෙක තුළ කිසිවක් අපතේ නොයයි. එපමණක් නොව අවශේෂ බොයිලේරු අළු Eco Bricks බවට පරිවර්තනය කරන අතර ඒවා වාණිජ වශයෙන් සහතික කළ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීම සහ ගෘහස්ථව නිෂ්පාදනය කිරීම සඳහා යොදාගනු ලැබේ.
MAS Athena ඉගෙනුම් සහ සංවර්ධන මධ්යස්ථානය MFP හි අනිවාර්ය අංගයකි. එය බහුවිධ පුහුණු සහ සම්මන්ත්රණ පහසුකම්, ශ්රවණාගාරය, ක්රීඩා පිටි, භෝජන සංග්රහ, නවාතැන් සහ විවේක පහසුකම් මෙන්ම රැස්වීම්, සම්මන්ත්රණ සහ ප්රදර්ශන (MICE) පැවැත්වීමේ පහසුකම් වලින් ද යුක්තය. සියලූම ආයතනික සහ විනොදාත්මක අවශ්යතා එකම ස්ථානයකින් සපුරාලිය හැකි ශ්රී ලංකාවේ එකම විසඳුම මෙයයි.
අද වන විට MFP විසින් රැකියා අවස්ථා 12,000ක් නිර්මාණය කර ඇති අතර Trischel Fabric, MAS Linea Intimo, MAS Fabrics Matrix, Textprint, MAS Intimates Thurulie සහ MAS Kreeda Methliya ආදී තාක්ෂණික රෙදිපිළි නිෂ්පාදකයින් සඳහා කේන්ද්රස්ථානය වන්නේ මෙයයි. මෙම නිෂ්පාදන කම්හල් ලොව ඉහළම වෙළඳනාම සඳහා ඇඟලූම් නිෂ්පාදනය කරයි.
මෙම 16 වන සංවත්සරයට සමගාමීව උත්සවයක් පවත්වන ලද අතර මෙම උත්සවයට 1968 සහ 1971 අතර කාලයේ දී මෙම සුවිශේෂී සන්ධිස්ථානය ගොඩනැගීමට ඉවහල් වූ තාක්ෂණික කණ්ඩායමට අයත් කිහිප දෙනෙකු පැමිණ සිටීයහ.
MFP තිරසාර කාර්මික නිෂ්පාදනයේ හොඳම භාවිතයන් සමඟින් නව්යකරණය වෙමින් සහ වෙනස් වෙමින් MAS හි අරමුණ යථාර්තවත් කරන අතර MFP නිෂ්පාදනයක් මිල දී ගන්නා ඕනෑම ගෝලීය පාරිභෝගිකයෙකුට තමන් මිලදී ගන්නා භාණ්ඩය සදාචාරාත්මකව නිෂ්පාදනය කර ඇති බවට සහතික විය හැක.


December, 1, 2022
ශ්රී ලංකාවේ වඩාත් ම ජනප්රිය ළදරු සත්කාරක සන්නාමය වන බේබි ෂෙරමි සිය නිෂ්පාදනවල ආරක්ෂිත ප්රමිතීන් ඉහළ නංවමින්, තත්ත්වයෙන් වඩාත් උසස් ළදරු සත්කාරක නිෂ්පාදන පෙළක් ලබා දීමේ අරමුණින් බේබි ෂෙරමි Safety Institute නමින් නව ආයතනයක් ස්ථාපිත කෙරුණි. නවීනතම පර්යේෂණ සහ සංවර්ධන පහසුකම්වලින් සමන්විත මෙම ආයතනය රටේ සමස්ත ළදරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් සිදු කෙරෙන සුවිශේෂී ආයෝජනයකි. ශ්රී ලංකාවේ වඩාත් ජනප්රිය මෙන් ම අංක එකේ ළදරු සත්කාරක සන්නාමය වන බේබි ෂෙරමි, ළදරු සත්කාරක නිෂ්පාදන ක්ෂේත්රයේ ආරක්ෂිත ප්රමිතීන් ඉහළ නැංවීමේ පුරෝගාමියා ද වේ. නිෂ්පාදන සුරක්ෂිතතාවයේ දිනෙන් දින වෙනස්වන හා විකාශනය වන ස්වභාවය ඉතා හොඳින් අවබෝධ කරගෙන සිටින බේබි ෂෙරමි සන්නාමය විසින් මෙම නව Safety Institute ආරම්භ කිරීම මගින්, මෙරට ළදරු සත්කාරක නිෂ්පාදන ක්ෂේත්රය ආශ්රිත ආරක්ෂාව ඉහළ නැංවීම උදෙසා සිය කැප වීම තහවුරු කිරීමට සමත් වූ බව පැවසිය හැකිය.
නව බේබි ෂෙරමි Safety Institute මගින් වඩාත් ආරක්ෂිත ළදරු සත්කාරක නිෂ්පාදන සැපයීම සඳහා පියවර 8කින් යුත් ආරක්ෂණ ක්රියාවලියක් හඳුන්වා දෙයි. මෙම පියවර අටේ ආරක්ෂණ ක්රියාවලියට පාරිභෝගිකයින් සමඟ නිෂ්පාදන සම-නිර්මාණය කිරීම, අමුද්රව්ය ප්රවේශමෙන් තෝරා ගැනීම, අමුද්රව්යවල ගුණාත්මකභාවය හා ආරක්ෂාව තක්සේරු කිරීම, ඇසුරුම් ප්රමිතිය හා ආරක්ෂාව තහවුරු කිරීම ,නිෂ්පාදන ආරක්ෂිත බවට සායනිකව පරීක්ෂා කර තහවුරු කර ගැනීම, ජාත්යන්තර මට්ටමේ නිෂ්පාදන ක්රියාවලියක් අනුගමනය කිරීම, නිෂ්පාදනවල ගුණාත්මකභාවය හා ආයු කාලය තක්සේරු කිරීම සහ අඛණ්ඩ වැඩි දියුණු කිරීම් හා ඇගයීමේ ක්රියාවලිය ආදිය අයත් වේ.
බේබි ෂෙරමි Safety Institute ශ්රී ලංකාවේ ළදරුවන් වෙනුවෙන් ආරක්ෂිතම ළදරු සත්කාරක නිෂ්පාදන හඳුන්වා දීම වෙනුවෙන් ම කැප වූ පර්යේෂණ හා සංවර්ධන මධ්යස්ථානයකින් සමන්විත වේ. සුරක්ෂිතබව සහතික කළ බේබි ෂෙරමි ළදරු නිෂ්පාදන අඛණ්ඩව වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කරමින්, ළදරු සත්කාරක නිෂ්පාදන කර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට මෙන් ම නිෂ්පාදන සුරක්ෂිතතාව වෙනුවෙන් ඉහළ ප්රමිතීන් සැකසීම සඳහා ද බේබි ෂෙරමි Safety Institute ඇරඹීම ඉදිරි පිම්මක් ලෙස හැඳින්විය හැකිය.
බේබි ෂෙරමි Safety Institute පිළිබඳව අදහස් දක්වමින් හේමාස් කන්සියුමර් බ්රෑන්ඩ්ස් හි කළමනාකාර අධ්යක්ෂිකා සබ්රිනා ඒසුෆලි මහත්මිය පැවසුවේ, “බේබි ෂෙරමි ළදරු සත්කාරක නිෂ්පාදනවල ආරක්ෂිත ප්රමිතීන් ඉහළ නැංවීමට අපි නිරන්තරයෙන් කැපවෙනවා. මෙම නව Safety Institute ආයතනය ආරම්භ කිරීමත් සමඟ ම, ආරක්ෂිත ප්රමිතීන්ට අනුකූලව අපගේ නිෂ්පාදන කටයුතු සිදුකිරීම සහ ශ්රී ලංකාවේ ළදරුවන් සඳහා වඩාත් සුරක්ෂිත නිපැයුම් වෙළෙඳපොළ වෙත නිකුත් කිරීමට ඇති අපගේ කැපවිම තුළින් සමස්ත ළදරු සත්කාරක නිෂ්පාදන ක්ෂේත්රයට ඉතා හොඳ ආදර්ශයක් සැපයීමට අපට හැකි වනු ඇති බව අප විශ්වාස කරනවා. දශක හයක් පුරා අපි ශ්රී ලාංකේය දෙමාපියන්ගේ ළදරු සත්කාරක නිෂ්පාදන අවශ්යතා සපුරාලමින් සිටිනවා. ඒ වගේ ම ඔවුන් අප කෙරෙහි තබා ඇති විශ්වාසය රැකගනිමින් ඔවුන්ගේ ළදරුවන් වෙනුවෙන් හොඳ ම දේ ලබා දීමට අපි හැකි උපරිමයෙන් කටයුතු කරනවා." යනුවෙනි.
හේමාස් කන්සියුමර් බ්රෑන්ඩ්ස් හි පර්යේෂණ හා සංවර්ධන අධ්යක්ෂ දිමුතු ජයසිංහ මහතා පැවසුවේ, " බේබි ෂෙරමි Safety Institute ආයතනය ළදරු සත්කාරක නිෂ්පාදන ක්ෂේත්රය සංවර්ධනය කිරීම වෙනුවෙන් ගනු ලැබූ සුවිශේෂී පියවරක්. එම ආයතනය, ගෝලීය වශයෙන් හොඳ ම භාවිතයන් සහ ආරක්ෂණ ප්රමිතීන් සැලකිල්ලට ගනිමින් ආරක්ෂිත, ඒ වගේ ම විශ්වසනීය ළදරු නිෂ්පාදන හඳුන්වා දීමට අවශ්ය නවීන තාක්ෂණික හා අනෙකුත් පහසුකම්වලින් සමන්විතයි." යනුවෙනි.
මෙම වසර මුල දී, බේබි ෂෙරමි විසින් සිය 60 වන සංවත්සරය සමරනු ලැබූ අතර, ඊට සමගාමීව ශ්රී ලාංකේය ළදරුවන්ට ආරක්ෂිත ලෝකයක් නිර්මාණය කිරීමේ අරමුණින් ‘දරු පැටියාට සුරක්ෂිත ලොවක්’ යන තේමාව යටතේ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ මාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන් ගණනාවක් දියත් කෙරිණි. බේබි ෂෙරමි Safety Institute එම අරමුණ සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ක්රියාත්මක කෙරුණු තවත් සුවිශේෂී පියවරක් ලෙස හඳුන්වා දිය හැකිය.
බේබි ෂෙරමි යනු හේමාස් කන්සියුමර් බ්රෑන්ඩ්ස් සමාගමේ ප්රධානතම ළදරු සත්කාරක සන්නාමය වන අතර, එම සන්නාමය පුළුල් පරාසයක විහිදුණු ළදරු සත්කාරක නිෂ්පාදන පෙළකින් සමන්විතය. මෙරට අංක 1 ළදරු සත්කාරක සන්නාමය වන බේබි ෂෙරමි සබන් සහ ක්රීම්වල සමට සුමුදු බව හා එහි සුරක්ෂිත බව සායනිකව තහවුරු කර ඇත. බේබි ෂෙරමි ළදරු සබන් නිෂ්පාදන SLS ප්රමිති සහතිකය ද හිමි කර ගෙන ඇත. IFRA අනුකූල සුවඳ පමණක් භාවිත කරමින්, ගෝලීය හා දේශීය ආරක්ෂණ ප්රමිතීන් අනුගමනය කරමින් නිෂ්පාදනය කෙරෙන බේබි ෂෙරමි ජාත්යන්තර වශයෙන් කීර්තිමත් LMD සඟරාව මගින් 2020 හා 2021 වසරවලට අදාළව සිදුකරන ලද සන්නාම ශ්රේණිගතකිරීම් හි ඉදිරියෙන් ම සිටින සන්නාමයකි. ඊට අමතරව බේබි ෂෙරමි Brand Finance Lanka විසින් සිදුකරනු ලබන වාර්ෂික සන්නාම ශ්රේණිගත කිරීමෙහි අඛණ්ඩව වසර 2ක් ළදරු සත්කාරක නිෂ්පාදන අංශයේ වඩාත් ආදරය දිනූ සන්නාමය ලෙසින් ද නම් කෙරිණි.

December, 1, 2022
එළඹෙන 2023 වසරේ දී ලක්ෂ 15 ක සංචාරකයින් ප්රමාණයක් ශ්රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත් 2024 දී එම ඉලක්කය ලක්ෂ 30 ක් බවත් සංචාරක අමාත්ය හරීන් ප්රනාන්දු මහතා පවසයි.
අද (01) පැවති මාධ්ය හමුවක දී අමාත්යවරයා මේ බව කියා සිටියේය.
“මේ අවුරුද්ද අවසානය වෙද්දී අපේ ඉලක්කය තිබ්බේ ලක්ෂ 8ක සංචාරකයෝ ගෙන්න ගන්න.මම විශ්වාස කරනවා අද වෙනකොට දෙසැම්බර් පළවෙනිදා ලක්ෂ හත හමාරක් වෙන්න තව ලක්ෂයක්, එකයි විස්සක් විතර තව ඕන වෙනවා අපිට. හැබැයි මට විශ්වාසයි දෙසැම්බර් මාසය කියන්නේ ලංකාවේ පිටරට හිටපු අපේ ඩයස්පෝරාව, ඔවුන් අවුරුදු දෙක තුනකට ලංකාවට ඇවිත් නැහැ. මේ දෙසැම්බර් මාසයේ අපිට විශාල සංචාරකයෝ ප්රමාණයක් ලංකාවට එන මාසයක් බවට පත්වෙයි. ජනවාරි පෙබරවාරිවල දැනටම බුකින් ඉතාමත්ම හොඳින් ලැබිලා තියෙනවා කියලා අපිට දැනගන්නට ලැබෙනවා. 2023 අපේ ඉලක්කය ලක්ෂ 15 දක්වාත්, 2024 දී ලක්ෂ 30 ක් දක්වාත්, සම්පූර්ණ ජම්ප් එකක් ගන්න, ඒ ජම්ප් එක ගන්න අවශ්ය අවුරුද්ද වෙන්නේ 2023.“
December, 1, 2022
හරිත පරිසරයක් සඳහා ස්ථිරසාර ලෙස කැපවී සිටින සෙලින්කෝ ලයිෆ් විසින් මිනුවන්ගොඩ ප්රදේශයේ හරිත ශාඛා ගොඩනැගිල්ලක් සඳහා මෑතකදී මුල්ගල තැබූ අතර නව ගොඩනැගිල්ල අඩු වියදම් ‘ප්රීකාස්ට්’ කොන්ක්ර්රීට් තාක්ෂණයක් අනුගමනය කරනු ලබන සමාගමේ ප්රථම ශාඛාව වෙයි.
සමාගමට අයත් ඉඩමකදී ඉදිකෙරෙන මෙම නව ගොඩනැගිල්ල සඳහා සියලූ පරිසර හිතකාමී පිවිතරයන් අනුගමනය කෙරෙන අතර, එය සෙලින්කෝ ලයිෆ් සතු 47 වැනි ගොඩනැගිල්ල මෙන්ම එය සමාගම සතු ඉඩමක ක්රියාත්මක වන 32 වැනි ශාඛාවද වනු ඇතිය.
මිනුවන්ගොඩ, වේයන්ගොඩ පාරේ අංක 101 දරණ ස්ථානයේ ඉදිකෙරෙන මෙම නව දෙමහල් ගොඩනැගිල්ල වර්ග අඩි 3,270ක කාර්යාල ඉඩකින් සහ වාහන නැවැත්වීමේ ස්ථාන හතකින්ද සමන්විත වෙයි.
සෙලින්කෝ ලයිෆ් හි හරිත නිර්දේශයන්ට අනුව, මෙම නව ශාඛාව සම්පූර්ණයෙන්ම බල ගැන්වෙන්නේ, කිලෝවොට් 20ක සූර්ය බලශක්ති පද්ධතියකින් වන අතර, එමගින් ජාතික විදුලිබල පද්ධතියේ විදුලිය පරිභෝජනය ශුණ්ය වෙයි. එසේම නල ජලය භාවිතය අවම කරමින් තමන්ගේම වැසි ජලය රැස් කිරීමේ පහසුකම සහ අපජල ප්රතිචක්රීයකරණ පද්ධතියකින්ද සමන්විත වෙයි.
නව ගොඩනැගිල්ල ස්වාභාවික ආලෝකය ප්රශස්ත ලෙස භාවිත කිරීම සඳහා නිර්මාණය කෙරී ඇති අතර, බලශක්ති කාර්යක්ෂමතාව ඇති කෘත්රීම ආලෝකකරණ සහ වායු සමීකරණ පද්ධතියකින්ද සමන්විත වෙයි.
මෙම නවතම ඉදිකිරීම් ව්යාපෘතිය ගැන අදහස් දක්වමින් ‘සෙලින්කෝ ලයිෆ්’ විධායක අධ්යක්ෂ සහ ප්රධාන මූල්ය නිලධාරී පාලිත ජයවර්ධන මහතා ප්රකාශ කර සිටියේ, ‘වත්මන් ආර්ථික අර්බුදයේ පසුබිම මත සමාගම සතු දේපොළ හරහා මෙහෙයුම් පුළුල් කිරීමට අප දරණ අඛණ්ඩ උත්සාහය අපගේ ධනාත්මක අනාගතයක සාක්ෂි වන අතර, එමගින් තිරසාරභාවයේ අත්යාවශ්යතාද ඉටු කෙරෙනු ඇති,’ බවයි.
මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ වැඩිම ශාඛා ජාලය වන ශාඛා 272 ක් පවත්වාගෙන යන සෙලින්කෝ ලයිෆ් මෙරට දිස්ත්රික්ක 25 ආවරණය වන පරිදි ගම් සහ නගර 142 ක ශාඛා පවත්වාගෙන යයි.
සක්රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

සේයාරූ සටහන : සෙලින්කෝ ලයිෆ් අධ්යක්ෂවරුන් සහ අනෙකුත් ඉහළ නිලධාරීන්, මුල්ගල් තැබීමේ උත්සවයට සහභාගී වූ අයුරු දැක්වෙයි. ගොඩනැගීමට නියමිත නව ගොඩනැගිල්ල චිත්ර නිර්මාණ ශිල්පියකුගේ ඇසින් දකින අයුරුද මෙහි දැක්වෙයි.
December, 1, 2022
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇති වූ තදබදය හේතුවෙන් ආදායම් වාර්තා නියමිත දිනට ඉදිරිපත් කිරීමට නොහැකි වූවන්ට කිසිදු දඩ මුදලකින් තොරව කඩිනමින් එම වාර්තා ඉදිරිපත් කිරීමේ හැකියාව ඇතැයි මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්යවරයා පෙන්වා දෙන්නේ අවසන් දිනය වන තෙක් රැඳී නොසිට මෙම වාර්තා ඉදිරිපත් කිරීමෙන් මෙවැනි අපහසුතාවන් මග හරවා ගත හැකි බවයි.
2021/22 මුදල් වර්ෂය සඳහා ආදායම් වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය නොවැම්බර් 30 වේ. බහුතර පිරිසක් මෙම වාර්තා අවසන් දිනයේ ඉදිරිපත් කිරීමට උත්සහ කිරීම හේතුවෙන් ඊයේ (30) දිනයේ පද්ධතියේ තදබදයක් ඇති විය. මෙම තත්ත්වය පසුව මග හැරී ගිය අතර ඇතැම් පාර්ශ්වයන්ට නියමිත වේලාවට අදාළ වාර්තා ඉදිරිපත් කිරීමට නොහැකි වී තිබිණි.
අමාත්යවරයා පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් ප්රමාද වූ වාර්තා වෙනුවෙන් අය කෙරෙන දඩ මුදල දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාගේ බලතල ප්රකාරව නිදහස් කිරීමට කටයුතු කරන බවයි.
December, 1, 2022
පසුගිය අඟහරුවාදා (29) කොළඹ ට පැමිණි Mein Schiff 5 නෞකාව ඊයේ (30) දිනයේ දී හම්බන්තොට වරායට සේන්දු වී තිබුණි.
මේ අතර මෙම නෞකාවේ පැමිණි විදේශිකයින් විශාල ප්රමාණයක් ඊයේ දිනයේ දී යාල ජාතික වනෝද්යානයේ චාරිකාවක නිරත වී තිබේ.
වසර දෙකහමාරකට පසු යාල ජාතික වනෝද්යානයට වෙත පැමිණි විශාලතම සංචාරකයින් ප්රමාණය මෙය බව සංචාරක අමාත්ය හරින් ප්රනාන්දු මහතා පවසයි.
මෙම සංචාරකයින් යාල වනෝද්යානයේ සිරි නරඹන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් සංචාරක අමාත්යවරයා සිය ෆේස්බුක් ගිණුමෙහි පළ කර තිබුණු අයුරු පහතින් දැක්වේ.









December, 1, 2022
පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට නියමිත දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පතට අනුව අපනයන බදු වැඩිකිරීම සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්යාංශ නිලධාරීන්ට රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නියෝග කළේය.
දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත, රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී පසුගිය (28) දා සලකා බැලූ අවස්ථාවේදී කමිටු සභාපතිවරයා විසින් මෙම නියෝගය ලබා දෙන ලදී.
දැනට පවතින අපනයන භාණ්ඩ සදහා අයකරන 14% ක බද්ද 30% දක්වා වැඩි කිරීමේදී එමගින් අපේක්ෂිත ආදායම කොපමණද යන්න එක් එක් අංශවලට අදාළ ව වෙන වෙනම දක්වන ලෙස ද කාරක සභාව මුදල් අමාත්යාංශයට සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
එසේම මීට පෙර පැවැති බදු ප්රතිශතයන් යටතේ ඒ ඒ අපනයන අංශ යටතේ ලබා ගත් ආදායම කොපමණද යන්න පිළිබදවද සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මෙහිදී කමිටු සභාපතිවරයා දැනුම් දුන්නේය.
අපනයන බදු ඉහළ නංවා රජයේ ආදායම වැඩි කර ගැනීම සදහා කෙටි කාලීනව දරන උත්සහය වෙනුවට දුර දිග බලා ක්රියා කළ යුතු බවත්, මෙරටට ඩොලර් රැගෙන එන අපනයනකරුවන් අධෛර්මත් නොවන ලෙස අපනයන බදු අය කර ගැනීම සිදු කළ යුතු බවත් කමිටුව පෙන්වා දුන්නේය. එබැවින් මෙම අපනයන බදු ප්රතිශත පහත හෙළීම පිළිබදව පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී හෝ සළකා බැලීම කළයුතු බව ද කමිටු සභාපතිවරයා මෙහිදී පැවසීය.
එසේම යෝජිත පුද්ගල ආදායම් බදු ඉහළ නැංවීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය. මේ සම්බන්ධයෙන් කලාපීය අනෙකුත් රටවල පවතින තත්ත්වයන් සමග සංසන්දනාත්මකව විශ්ලේශනයක් ඉදිරිපත් කරන ලෙස කමිටුව නිලධාරීන්ට දැනුම් දුන්නේය.
මේ අනුව උක්ත නිර්දේශවලට යටත්ව දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමැතිය හිමිවිය.
කැසිනෝ නියාමනයට අදාළ වෙනම ආයතනයක් නොතිබීම සම්බන්ධවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. මේ වන විට කැසිනෝ ව්යාපාරය සදහා අවශ්ය නෛතික විධිවිධාන සැපයීමට 2010 අංක 17 දරන කැසිනෝ ව්යාපාර (නියාමනය කිරීමේ) පනත පැවතියද අදාළ ආදායම් අයකරගැනීම ඇතුළු නියාමන කටයුතු සදහා එය ප්රමාණවත් නොවන බවත් ඒ අනුව නෛතික සංශෝධන මගින් වෙනම නියාමන අධිකාරියක් පිහිටවිය යුතු බවත් කමිටුව පෙන්වා දුන්නේය. මේ අනුව මේ සම්බන්ධයෙන් පෙර දැනුම්දුන් පරිදි ක්රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කරන ලෙසද මුදල් අමාත්යාංශ නිලධාරීන්ට කමිටුව දැනුම් දුන්නේය.
අමාත්ය නලින් ප්රනාන්දු, රාජ්ය අමාත්යවරුන් වන ප්රමිත බණ්ඩාර තෙන්නකෝන්, සුරේන් රාඝවන්, සීතා අරඹේපොල පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන අනුර ප්රියදර්ශන යාපා, එම්. ඒ සුමන්තිරන්, චන්දිම වීරක්කොඩි, මයන්ත දිසානායක, මධුර විතානගේ සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
November, 30, 2022
මහා පරිමාණ වැවිලි සමාගම් සතු ඌන උපයෝජිත ඉඩම් රජයට පවරාගැනීම පිළිබඳ මේ වන විට අවධානය යොමු කොට ඇති බවත් ඒ පිළිබඳ යෝජනාව කැබිනට් මණ්ඩලයේ අනුමතියට ඉදිරිපත් කොට ඇති බවත් අමාත්ය (වෛද්ය) රමේෂ් පතිරණ මහතා පැවසීය.
ඉදිරියේදී මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමටද සිදු වන බවද ඒ මහතා සඳහන් කළේය.
වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්යාංශයීය උපදේශක කාරක සභාව අමාත්ය (වෛද්ය) රමේෂ් පතිරණ මහතාගේ ප්රධානත්වයෙන් පසුගිය දා (25) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී හෙතෙම මේ බව පැවසීය.
අමාත්යවරයා මේ බව සඳහන් කළේ මහා පරිමාණ සමාගම් සතු ඉඩම් ප්රමාණය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා විසින් විමසන ලද කරුණක් සම්බන්ධයෙන් පැහැදිලි කරමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්යවරයා පෙන්වා දුන්නේ මහා පරිමාණ වැවිලි සමාගම් අලුත් පැළ වගා කිරීම මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ නවතා ඇති බවයි. ඒ වෙනුවට පවතින වගාව පවත්වාගෙන යාම හෝ එම ඉඩම් වල පවතින ගස් කපා විකිණීමට කටයුතු කරන බව ඒ මහතා පෙන්වා දුන්නේය. එසේම රජයේ පොදු කටයුත්තකට කුඩා ඉඩම් ප්රමාණයක් හෝ ඔවුන් ලබා නොදෙන බවද අමාත්යවරයා මෙහිදී පැවසීය.
මේ අනුව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පෙන්වා දුන්නේ මෙම ඌන උපයෝජිත ඉඩම් රජයට පවරා ගැනීම සම්බන්ධයෙන් අවශ්ය නීති කෙටුම්පත් කටයුතු සඳහා තම පාර්ශ්වයේ සහයෝගය ලබා දෙන බවයි. එසේම මහා පරිමාණ ඌන උපයෝජිත ඉඩම් රජයට පවරාගෙන එම ඉඩම් සුළු පරිමාණ තේ වගාකරුවන්ට ලබා දී මෙරට තේ කර්මාන්තය නගා සිටුවීමට කටයුතු කරන ලෙසද ඒ මහතා යෝජනා කළේය.
එසේම තේ පොහොර සහ පළිබෝධනාශක වෙළඳ පොළෙහි අළෙවි වන මිල ගණන් සම්බන්ධයෙන් සහ ඒවායේ ප්රමාණවත් බව සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා විය. තවද ප්රාදේශිය වශයෙන් පවතින වැවිලි කර්මාන්තය ආශ්රිත ගැටලු සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය.
මෙම කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, ඉසුරු දොඩන්ගොඩ, ගුණතිලක රාජපක්ෂ, උපුල් මහේන්ද්ර රාජපක්ෂ, වීරසුමන වීරසිංහ, වී රාධක්රිෂ්නන්, සුදත් මංජුල සහ අකිල එල්ලාවල ඇතුළු මන්ත්රීවරු රැසක් සහභාගී වූහ.
November, 30, 2022
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි කැපීපෙනෙන වර්ධනයක් අද (30) දිනයේ දී වාර්තා විය.
මේ අනුව අද දිනය තුළ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 276.02 ක හෙවත් 3.30% ක ඉහළ යාමක් වාර්තා කරන ලද අතර S&P SL20 දර්ශකය ඒකක 2,730.08 ක හෙවත් 3.40% ක වර්ධනයක් වාර්තා කර තිබුණි.
දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,651.23 ක් හා S&P SL20 දර්ශකය ඒකක 2,730.08 ක් ලෙසින් සටහන් විය.

සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාමක් වාර්තා වූ අඛණ්ඩ සිව්වෙනි දිනය අදයි.
අද දින සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාම සඳහා සම්පත් බැංකුව, බ්රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස්, LOLC හෝල්ඩිංග්ස්, වැලිබල් වන් සහ හේලීස් යන සමාගම් ඉහළ දායකත්වයක් ලබා දෙන ලදී.

රු. බිලියන 3.35 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වී තිබුණි.
මෙහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 2.99 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 3.02 ක් ලෙසින් සටහන්ව තිබුණි අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 361.93 ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 322.69 ක් ලෙසින් වාර්තා වුණි.
November, 30, 2022
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 66.0හි සිට 2022 නොවැම්බර් මාසයේ දී සියයට 61.0ක් දක්වා පහළ ගියේය.
එම ප්රවණතාවම අනුගමනය කරමින්, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2022 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 85.6හි සිට 2022 නොවැම්බර් මාසයේ දී සියයට 73.7 දක්වා පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2022 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 56.3හි සිට 2022 නොවැම්බර් මාසයේ දී සියයට 54.5 දක්වා පහළ ගියේය.
2021 ඔක්තෝබර් මාසයේ සිට ඉහළ යෑමේ ප්රවණතාවක් අනුගමනය කරන ලද කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, පළමු වරට පසුගිය ඔක්තෝබර් මාසයේ දී පහළ යන ප්රවණතාවයක් පෙන්නුම් කරන ලදී.
ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද වාර්තාවක මේ බව සඳහන් වේ.
Video Story