January, 17, 2023
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යාමක් අද (17) දිනයේ දී වාර්තා විය.
එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 113.72 කින් ඉහළ ගොස් ඒකක 8,376.30 ක් ලෙසින් වාර්තා වූ අතර S&P SL20 දර්ශකය ඒකක 79.43 කින් ඉහළ ගොස් ඒකක 2,607.51 ක් ලෙසින් වාර්තා විය.
මෙය පිළිවෙලින් පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 1.38% ක හා 3.14% ක වර්ධනයකි.
රු. බිලියන 1.24 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය.
අද දින එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් සමාගමේ කොටස් මිල ඉහළ යාම සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට වැඩි දායකත්වයක් ලබා දෙන ලදී. එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් කොටසක මිල රු. 192.50 ක් දක්වා රු. 20.50 කින් හෙවත් 11.92% ක වර්ධනයක් අද දින වාර්තා කර තිබුණි.
දෛනික පිරිවැටුමට වැඩිම දායකත්වය සොෆ්ට්ලොජික් කැපිටල් සමාගමෙන් ලැබී තිබුණු අතර එය රු. මිලියන 246.11 කි. මීට අමතරව සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් (රු. මිලියන 168.22), එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් (රු. මිලියන 152.43), බ්රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් (රු. මිලියන 119.62) හා LOLC ෆිනෑන්ස් (රු. මිලියන 112.44) අද දිනයේ දී රු. මිලියන 100 ඉක්මවා පිරිවැටුම් වාර්තා කළ සෙසු සමාගම් වේ.
January, 17, 2023
Varun Beverages Lanka Pvt Ltd යනු ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ සිසිල් බීම නිෂ්පාදකයෙකු වන අතර, ඔවුන් එක්සත් ජනපදයෙන් පිටත PepsiCo හි විශාලතම සැපයුම්කරු වේ. ඔවුන් විසින් සිය ස්වේච්ඡා EPR (Extended Producer Responsibility) වැඩසටහන යටතේ 'පිරිසිදු හරිත ශ්රී ලංකාවක්' නමින් ව්යාපෘතියක් පසුගියදා දියත් කරන ලදී. මෙම ව්යාපෘතිය යටතේ, භාවිතා කරන ලද ප්ලාස්ටික් බෝතල් එකතු කිරීම සඳහා ශ්රී ලංකාවේ දුම්රිය ස්ථානවල PET බෝතල් එකතු කිරීමේ බඳුන් ස්ථාපිත කිරීම සිදු කෙරිණි. දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සහයෝගයෙන් ක්රියාත්මක වන මෙම වැඩසටහනට Eko Plasco (Pvt) Ltd සහ Negombo Recycling Club විසින් සිය දායකත්වය දක්වයි.
මෙම ව්යාපෘතියේ සමාරම්භක උත්සවය කොටුව දුම්රිය ස්ථානයේ දී පැවැත්වුණු අතර මරදාන සිට අලුත්ගම දක්වා සෑම දුම්රිය ස්ථානයකටම PET බෝතල් එකතු කිරීමේ බඳුන් ලබා දීම එහිදී සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවෙහි, Varun Beverages Lanka හි, Eko Plasco (Pvt) Ltd හි සහ Negambo Recycling Club MRF Site හි ප්රධාන නිලධාරීන් රැසක් සහභාගී වූ අතර ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතා ද සහභාගී විය.
'පිරිසිදු හරිත ශ්රී ලංකාවක්' ව්යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් Varun Beverages Lanka Pvt Ltd හි නීති අනුකූලතා සහ තිරසාරත්වය පිළිබඳ ප්රධානී එරේෂා කුඹුරුලන්ද මහත්මිය මෙසේ සිය අදහස් දැක්වීය. “අපගේ ස්වේච්ඡා EPR වැඩසටහන යටතේ දියත් කරන ලද ව්යාපෘතියක් වන 'පිරිසිදු හරිත ශ්රී ලංකාවක්' තුලින් සමාගමක් වශයෙන් අපට රට වෙනුවෙන් වගකීම් ඉටු කිරීමට හොඳ අවස්ථාවක් ලැබෙනවා. දුම්රිය ස්ථානවල මෙම බඳුන් හරහා එකතු කර ගන්නා භාවිතා කරන ලද ප්ලාස්ටික් බෝතල් ප්රතිචක්රීකරණ මධ්යස්ථාන වෙත යවනු ලබනවා. මෙමගින් දුම්රිය ස්ථාන පිරිසිදු වීම පමණක් නොව ප්ලාස්ටික් දූෂණයෙන් පරිසරය සුරැකීම ද සිදු වෙනවා."
“ආර්ථික අර්බුදය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව දැඩි අසීරුතාවයකට පත්ව සිටින මෙම කාලසීමාව තුළ මෙම වටිනා ව්යාපෘතිය ආරම්භ කිරීම පිළිබඳව Varun Beverages Lanka වෙත අපගේ ප්රණාමය පුද කරනවා.. ඒ වගේම අපි රටේ අනෙකුත් සංවිධානවලටත් ආරාධනා කරනවා Varun Beverages Lanka විසින් සිදු කරන ආකාරයේ ව්යාපෘති ආරම්භ කරන්න කියලා." ශ්රී ලංකා දුම්රිය සාමාන්යාධිකාරී ගුණසිංහ මහතා මෙසේ සිය අදහස් දැක්වීය.
මෙම 'පිරිසිදු හරිත ශ්රී ලංකාවක්' EPR මුලපිරීම තුලින්, Pepsi විසින් භාවිතා කරන ලද PET/ප්ලාස්ටික් බෝතල් ප්රතිචක්රීකරණය කිරීම මගින් පරිසර දූෂණය අවම කිරීමටත්, එම බෝතල් නිවැරදිව බැහැර කිරීම සම්බන්ධයෙන් දුම්රිය මගීන්ගේ දැනුවත්භාවය වැඩි දියුණු කිරීමටත් බලාපොරොත්තු වේ.


January, 17, 2023
2022 ඔක්තෝබර් මාසයේ දී රජයේ සමස්ත ආදායම රු. බිලියන 1,586.0 ක් බව ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මෙය 2021 වසරේ ඔක්තෝබර් මාසයේ රාජ්ය ආදායම වූ රු. බිලියන 1,154.8 ට වඩා 37.33% ක වැඩිවීමක් වේ.
එහිදී 2021 වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව රජයේ බදු ආදායම රු. බිලියන 1,403.7 ක් දක්වා 35.59% කින් හා බදු නොවන ආදායම රු. බිලියන 182.3 ක් දක්වා 52.42% කින් ඉහළ ගොස් ඇත.
තවද 2022 වසරේ රජය ලද ප්රදානවල වටිනාකම ද රු. බිලියන 2.2 ක් දක්වා 22.22% කින් වැඩි වී තිබේ.
මේ අනුව 2022 ඔක්තෝබර් මාසය තුළ රජයේ ආදායම් සහ ප්රදානවල මුළු වටිනාකම රු. බිලියන 1,588.3 ක් වේ.

January, 17, 2023
2022 ඔක්තෝබර් මාසය අවසන් වන විට මධ්යම රජයේ සමස්ත නොපියවූ රාජ්ය ණය ප්රමාණය රු. බිලියන 25,000 සීමාව හෙවත් රු. ට්රිලියන 25 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්රී ලංකා මහ බැංකුව පෙන්වා දේ.
මහ බැංකුවට අනුව 2022 ඔක්තෝබර් මාසය අවසන් වන මධ්යම රජයේ මුළු ණය ප්රමාණය රු. බිලියන 25,210.7 ක් ලෙසින් වාර්තා වේ.
මෙලෙස ශ්රී ලංකා මධ්යම රජයේ සමස්ත නොපියවූ රාජ්ය ණය ප්රමාණය රු. ට්රිලියන 25 සීමාව ඉක්මවා ගොස් ඇත්තේ ඉතිහාසයේ පළමු වරටය.
2022 සැප්තැම්බර් මාසය අවසන් වන විට මෙම අගය දැක්වුණේ රු. බිලියන 24,945.9 ක් ලෙසයි.
මෙලෙස 2022 ඔක්තෝබර් මාසයේ දී මධ්යම රජයේ ණය ඉහළ යාමට හේතු වී ඇත්තේ දේශීය ණය සැලකිය යුතු ලෙස ඉහළ යාමයි.
2022 සැප්තැම්බර් මාසය අවසානයේ දී රු. බිලියන 13,345.6 ක් ලෙසින් සටහන් වූ මධ්යම රජයේ දේශීය ණය ප්රමාණය 2022 ඔක්තෝබර් මාසය වන විට රු. බිලියන 13,596.9 ක් දක්වා රු. බිලියන 251.3 කින් වැඩි වී ඇත.
මෙම මාසය තුල දී මධ්යම රජයේ සමත් විදේශීය ණය ප්රමාණය රු. බිලියන 11,600.3 සිට රු. බිලියන 11,613.8 ක් දක්වා රු. බිලියන 13.5 කින් සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.
මධ්යම රජයේ සමස්ත නොපියවූ රාජ්ය ණය සම්බන්ධයෙන් ශ්රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් මෙසේ කියා සිටී.
2014 වසරේ දී ජාත්යන්තර මූල්ය අරමුදල විසින් ප්රකාශයට පත් කරන ලද රාජ්ය මූල්ය සංඛ්යාලේඛන සම්පාදනය කිරීමේ මාර්ගෝපදේශවලට අනුව, අනේවාසිකයන් සතුව ශ්රී ලංකා සංවර්ධන බැඳුම්කරවල ආයෝජන සහ ජාත්යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල ආයෝජන විදේශීය ණය යටතේ වර්ගීකරණය කර ඇති අතර, නේවාසිකයන් සතු ශ්රී ලංකා බැඳුම්කරවල ආයෝජන සහ ජාත්යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල ආයෝජන දේශීය ණය යටතේ වර්ගීකරණය කර ඇත.
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්රතිපත්ති අමාත්යාංශය විසින් 2022 අප්රේල් 12 වැනි දින ශ්රී ලංකාවේ විදේශ ණය සේවාකරණය පිළිබඳ අන්තර්කාලීන ප්රතිපත්තිය ඉදිරිපත් කිරීමෙන් පසුව රජය විසින් ගෙවීමට නියමිතව තිබූ යම් විදේශ ණය සේවාකරණ ගෙවීම්, රාජ්ය ණය සම්බන්ධ දත්ත සකස් කිරීමේ දී ගැලපුම් ගතකර නොමැති නිසා 2022 අප්රේල් මාසයෙන් පසු මධ්යම රජයේ නොපියවූ ණය ප්රමාණය පිළිබඳ දත්ත තාවකාලික වේ. ශ්රී ලංකාවේ විදේශ ණය සේවාකරණය පිළිබඳ අන්තර්කාලීන ප්රතිපත්තියට අනුව, බලපෑමකට ලක්වූ විදේශ ණය කාණ්ඩවල ප්රාග්ධනයට එකතු කළ යුතු, ගෙවීමට නියමිත පොලී ගෙවීම්, මෙලෙස ගැලපුම් සිදුකර නොමැති ණය සේවාකරණ ගෙවීම්වලට අයත් වේ.


January, 17, 2023
World of Statistics හි නවතම දත්තවලට අනුව ලොව ධනවත්ම නළුවන්ගේ ලැයිස්තුවේ සිව්වැනියා බවට බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් පත් වී තිබේ. ඒ ඩොලර් මිලියන 770ක වත්කම්වලට හිමිකමි කියමිනි.
ඒ අනුව ආසියාවේ ධනවත්ම නළුවා බවට ද ෂාරුක් ඛාන් පත්ව තිබේ.
ෂාරුක් ඛාන් මෙම ලැයිස්තුවේ සිව්වැනි තැනට පත්ව ඇත්තේ සුපිරි හොලිවුඩ් නළුවන් වන ටොම් කෘෘස්, ජැකී චෑන් හා ජෝර්ජ් ක්ලූනි යනාදීන් අභිබවමිනි.
මෙම ලැයිස්තුවේ පළමු තැන, ඩොලර් බිලියනයක වත්කමකට හිමිකම් කියනු ලබන ඇමරිකානු ප්රහසන නළුවකු වන Jerry Seinfeld විසින් හිමි කරගෙන ඇති ඇති අතර දෙවැනි සහ තෙවැනි ස්ථානවලට පිළිවෙලින් Tyler Perry හා Dwayne Johnson හෙවත් "The Rock" පත් ව තිබේ. Tyler Perry ගේ වත්මක ඩොලර් මිලියන 800 ඉක්මවා ඇති අතර Dwayne Johnson ගේ වත්කම ඩොලර් මිලියන 800 ක් වේ.
මෙම ලැයිස්තුවේ මීළඟට සිටින නළුවන් සහ ඔවුන්ගේ වත්කම් පහත පරිදි වේ.
Tom Cruise: $620 million
Jackie Chan: $520 million
George Clooney: $500 million
Robert De Niro: $500 million
January, 17, 2023
2023 වර්ෂය සඳහා වන රජයේ නව ආදායම් යෝජනා ක්රියාත්මක කිරීම ආරම්භ කර ඇති අතර, එමඟින් ජනනය වන ආදායම් රැස් කිරීම සඳහා යම් කාල සීමාවක් ගත වන බැවින්, රජයේ මුදල් ප්රවාහයේ සීමාවන්ට ගැළපෙන අයුරින් ජනවාරී මාසයේ සිට ඉදිරි මාස කිහිපය සඳහා රජයේ වියදම් කළමනාකරණය කර ගත යුතුව ඇත.
ඒ අනුව, විධායක නොවන නිලධාරීන්ගේ මාසික වැටුප් නියමිත දිනයන්හීදී ගෙවීමටත්, විධායක නිලධාරීන්ගේ මාසික වැටුප් නියමිත දිනට දින කිහිපයකට පසුව ගෙවීමටත්, මහා භාණ්ඩාගාරය විසින් ගනු ලැබ ඇති පියවරයන් පිළිබඳව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්රතිපත්ති අමාත්ය වශයෙන් ජනාධිපතිවරයා අමාත්ය මණ්ඩලයේ අවධානයට යොමු කරන ලදුව, ඒ සඳහා අමාත්ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී.
January, 16, 2023
2023 වසරේ මුල් දින 15 තුළ දී විදෙස් සංචාරකයින් 47,353 ක් ශ්රී ලංකාවට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
අධිකාරිය සඳහන් කරන පරිදි 2023 ජනවාරි 01-07 සතිය තුළ දී සංචාරකයින් 20,875 ක් පැමිණ ඇති අතර ජනවාරි 08-15 සතිය තුළ දී 26,478 ක් පැමිණ ඇත.
මෙම වකවානුව තුළ පැමිණ ඇති සමස්ත සංචාරකයින්ගෙන් 25%ක්ම රුසියානුවන් වීම විශේෂත්වයකි. එම ප්රමාණය 12,064 ක් වේ.




January, 16, 2023
2022 දෙසැම්බර් මාසයේ දී ඩොලර් මිලියන 475.6 ක ප්රේෂණ ප්රමාණයක් විදෙස්ගත ශ්රමිකයින්ගෙන් මෙරටට ලැබී ඇති බව ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
මේ අනුව 2022 වර්ෂය තුළ ලැබී ඇති සමස්ත විදෙස් ප්රේෂණ ප්රමාණය ඩොලර් මිලියන 3,789.5 ක් හෙවත් ඩොලර් බිලියන 3.78 ක් වේ. මෙය 2021 වසරේ ලද ඩොලර් මිලියන 5,491.5 ක් වූ සමස්ත විදෙස් ප්රේෂණ ප්රමාණයට වඩා 31% ක අඩුවීමකි.
2022 වසරේ දී ලද මෙම විදෙස් ප්රේෂණ අගය වසර 12කට පසු ශ්රී ලංකාව වාර්තා කළ අඩුම විදෙස් ප්රේෂණ ප්රමාණය ද වේ. එනම් 2010 වසරේ දී ලද ඩොලර් බිලියන 4.1 ක ප්රේෂණ ප්රමාණයෙන් පසු එක් වසරක් තුළ වාර්තා වූ අඩුම ප්රේෂණ වටිනාකම මෙය යි.
2022 දෙසැම්බර් මාසයේ දී ලද ඩොලර් මිලියන 475.6ක් වූ විදෙස් ප්රේෂණ වටිනාකම 2021 ජූනි මාසයෙන් පසු එක් මාසයක් තුළ වාර්තා වී ඇති වැඩිම ප්රේෂණ අගය වේ.


January, 16, 2023
පිළිකාවෙන් පෙළෙන දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට අනුග්රහය දැක්වීම සඳහා Indira Cancer Trust සංවිධානය වෙත සහාය වීමට SpareTime Foundation වැඩසටහන එකඟ වී ඇත. පසුගිය සතියේ ඒ සදහා ඉන්දිරා පිළිකා භාරයේදී අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී.
SpareTime Global Limited ආයතනයේ, දරුවන්ගේ අධ්යාපනය නගා සිටුවීම සඳහා මුලපිරීමක් ලෙස ‘Sponsor A Child in Sri Lanka’ වැඩසටහන හරහා, අඩු ආදායම්ලාභී පවුල්වල මෙන්ම විශේෂ අවශ්යතා ඇති හෝ පිළිකා සහිත දරුවන්ගේ අධ්යාපනයට අනුග්රහය දැක්වීම , ඔවුන්ගේ පවුල්වලට අත්යවශ්ය සහ වෛද්ය අවශ්යතා සඳහා උපකාර කිරීමේ වගකීම භාරගෙන ඇත.
එය වියදම් ඉහළ යන පවුල්වලට සහනයක් වන බැවින් මෙම කටයුත්තේ නිරත වීමට මෙම SpareTime Global Limited ආයතනය තීරණය කළේය. ඕනෑම රටක, අධ්යාපනය සඳහා ඉහළම ප්රමුඛතාවයක් ලැබිය යුතු වන අතර, දරුවාගේ යහපැවැත්ම ඉතා වැදගත් වේ. මෙම විශේෂ අවශ්යතා සහිත මෙන්ම පිළිකා රෝගී දරුවන් දුෂ්කරතා රැසකට මුහුණ දෙන බැවින් පිළිකා රෝගී දරුවන් 20 දෙනෙකුට අනුග්රහය දැක්වීමට SpareTime Global Limited ජ්යෙෂ්ඨ කළමනාකාරීත්වය දැනටමත් කැපවී සිටියි. ඒ අතර ඉදිරි මාස කිහිපය තුළ මෙම සංඛ්යාව ඉහළ නැංවීමට ද සැලසුම් කර ඇත. SpareTime Global හි ජ්යෙෂ්ඨ කළමනාකාරීත්වයට අවශ්ය වූයේ පිළිකා ළමුන් සඳහා පළමු අනුග්රාහකත්වය ආරම්භ කිරීමට වන අතර, එමඟින් මෙම වටිනා කාර්යයට සහාය වීම සහ පවුල්වල අවශ්යතා සපුරාලීමට උපකාර කිරීමට පරිත්යාගශීලීන් දිරිමත් කරනු ඇත.
"SpareTime Foundation වැඩසටහන විසින් අරමුදල් සඳහා පරිත්යාගශීලීන් සම්බන්ධ කරගන්නා අතර Indira Cancer Trust මගින් හඳුනාගෙන ඇති පිළිකා සහිත දරුවන් 50 ත් 60 ත් අතර ප්රමාණයකට ඉදිරි මාස දෙක ඇතුළත අනුග්රහය ලබා දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු" යැයි SpareTime Global Limited ආයතනයේ ප්රධාන මෙහෙයුම් නිළධාරී ආසිරි හේවාපතිරණ මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් Indira Cancer Trust හි සභාපති/ භාරකාරිනී වෛද්ය ලංකා ජයසූරිය දිසානායක මහත්මිය පැවසුවේ, “මෙය සහය අත්යාවශ්ය ම මොහොතේ විශාල සහයෝගයක් වන අතර, වෛද්ය අවශ්යතා සහිත සහ පිළිකාවලින් පෙළෙන දරුවන්ට උපකාර කිරීම ඉන්දිරා හි Stand By a Child වැඩසටහනේ (SBC) කොටසකි. මෙම මුලපිරීම සඳහා අපි ඇත්ත වශයෙන්ම SpareTime Foundation වැඩසටහනට ස්තූතිවන්ත වෙමු.”
ශීර්ෂ පාඨය: ප්රධාන මූල්ය නිළධාරි රංජන ද සිල්වා සහ Indira Cancer Trust හි සභාපති/භාරකරු වෛද්ය ලංකා ජයසූරිය දිසානායක මහත්මිය SpareTime Global සහ Indira Cancer Trust සංවිධානයේහි ජ්යෙෂ්ඨ කළමනාකරුවන් සමඟ අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලදී.
January, 16, 2023
ශ්රී ලාංකික ක්රීඩකයින්ට නිරතුරුවම ශක්තියක් වන ලින්ක් සමහන් SP බාම්, රුහුණු විශ්ව විද්යාලයේ වොලිබෝල් කණ්ඩායම සඳහා සිය අනුග්රාහකත්වය දක්වමින් ඔවුන් හා අත්වැල් බැඳ ගෙන තිබේ.
ඉකුත් දශක දෙක තුළ රුහුණ විශ්ව විද්යාලයේ වොලිබෝල් කණ්ඩායම අන්තර් විශ්වවිද්යාලීය වොලිබෝල් තරගාවලි ගණනාවක් ඔස්සේ සිය ක්රීඩා කෞෂල්යය විදහා දක්වමින් එම තරගාවලිය තුළ වැඩි වාර ගණනක් කිරුළු පැළඳි කණ්ඩායමක් ලෙස කීර්ති නාමයක් දිනා තිබේ.
ලින්ක් සමහන් SP බාම්, රුහුණු විශ්ව විද්යාලයේ වොලිබෝල් කණ්ඩායමට අනුග්රහය දැක්වීමත් සමඟ, එම කණ්ඩායම අන්තර් විශ්වවිද්යාලයීය වොලිබෝල් තරගාවලිය සඳහා පෙර නොවූ විරූ උද්යෝගයකින් සහභාගී විය. මෙලෙස වොලිබෝල් ක්රීඩාවේ ජවය නංවන ලින්ක් සමහන් SP බාම්, කැක්කුම් සහ වේදනාවන් සඳහා ආරක්ෂාකාරී ක්ෂණික සහනයක් ලබා දෙන නිෂ්පාදනයකි. සමහන් SP බාම් wdhq¾fõofha m%;HCI ශාකමය ඖෂධ වර්ග 6ක් සහ ශාකමය වාෂ්පශීලී තෙල් වර්ග 9ක් ඇතුළත් කර, වත්මන් පාරිභෝගික අවශ්යතාවන්ට ගැලපෙන පරිදි නවීන විද්යාව හා තාක්ෂණය ඉවහල් කර ගනිමින් නිෂ්පාදනය කර තිබේ.
"වොලිබෝල් ක්රීඩාව කියන්නේ ශ්රී ලංකාවේ ජාතික ක්රීඩාවයි. රුහුණු විශ්වවිද්යාලයේ වොලිබෝල් කණ්ඩායම පසුගිය දශක දෙක තුළ අන්තර් විශ්ව විද්යාලයීය වොලිබෝල් තරගාවලියෙහි හොඳ නමක් දිනා තිබෙන කණ්ඩායමක්. නිරතුරුවම, මෙරට තරුණ තරුණියන්ගේ ක්රීඩා ප්රයත්නයන් සඳහා සහය දක්වන සමාගමක් වශයෙන් අපි, මෙම දක්ෂ වොලිබෝල් කණ්ඩායමට සහය වෙමින් ඔවුන්ගේ ජයග්රහණයේ මාවත සකස් කිරීමේ කාර්යභාරය වෙනුවෙන් කැප වෙනවා. ඒ වගේම ලින්ක් සමහන් SP බාම් ක්රීඩකයන්ට වේදනා සහ කැක්කුම් වලින් නොනවතින ක්රීඩා දිවියකට තමන්ගේ ළඟ නිතර තබා ගත හැකි අගනා නිෂ්පාදනයක්." ලින්ක් නැචුරල් ප්රඩක්ට්ස් සමාගමේ අලෙවි ප්රධානී රොමේරෝ ලින්ඩන් එලෙස අදහස් දැක්විය.
ලින්ක් නැචුරල්, සමහන් ඇතුළු බොහෝ නිෂ්පාදන ලොව පුරා රටවල් ගණනාවකට අපනයනය කරන ප්රමුඛතම දේශීය සමාගමකි. ඉපැරණි ආයුර්වේද දැනුම, විද්යාත්මක ක්රමවේද සහ අති නවීන තාක්ෂණය මුසු කර වඩාත් සෞඛ්ය සම්පන්න, දිගු හා ක්රියාශීලී ජීවිතයක් ගත කිරීමට හැකි වන පරිදි, උසස් තත්ත්වයේ සෞඛ්යාරක්ෂිත නිෂ්පාදන තිලිණ කිරීමේ උදාර දැක්ම සහිතව ලින්ක් නැචුරල් කටයුතු කරයි. ලින්ක් සමහන් SP බාම් ලින්ක් නැචුරල් සමාගමේ තවත් වැදගත් නිෂ්පාදනයකි. වත්මන් පාරිභෝගිකයින්ගේ ජීවන රටාවට ගැලපෙන පරිදි වේදනා සහ කැක්කුම් වලදී පහසුවෙන් භාවිත කළ හැකි සේ 3g, 7g, 20g සහ 50g ප්රමාණවලින් ඇසුරුම් කර SP බාම් වෙළෙඳ පොළට නිකුත් කර තිබේ.
Video Story