• Ada Derana BIZ Sinhala
  • Medihelp
  • Nugegoda
  • sri lanka

නුගේගොඩ සහ ඒ අවට ප‍්‍රදේශයන් වෙත ගුණාත්මත සෞඛ්‍යසේවාවක් ලබා දීම උදෙසා Medihelp රෝහල් සමූහය Central Medical Centre සමඟ එක්වෙයි

October, 19, 2022

ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ මූලික ප‍්‍රතිකාර සැපයීමෙහිලා පුරෝගාමී සහ විශාලතම රෝහල් ජාලය වන MediHelp hospitals සමූහය නුගේගොඩ සහ ඒ අවට ප‍්‍රදේශ වෙත ගුණාත්මක තත්වයේ සෞඛ්‍ය සේවා ලබා දීමේ අරමුණෙන් MediHelp hospitals හි සභාපති වෛද්‍ය සරත් පරණවිතාන මහතා සමඟ හවුල්කාරිත්වයකට එළඹුණි. මෙම නව හවුල්කාරිත්වය හරහා 132 එස්. ද එස්. ජයසිංහ මාවත, නුගේගොඩ යන ලිපිනයේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානය මගින් ජනතාව සඳහා දැරිය හැකි මිලකට උසස් තත්වයේ මූලික සෞඛ්‍ය සේවා ලබා ගත හැකි වනු ඇතග

අභියෝගාත්මක ආර්ථික පසුබිම තුළ ඵැාසයැකච රෝහල් සමූහය සිය සේවා ජාලය රට පුරා ව්‍යාප්ත කරන්නේ ජනතාවගේ සෞඛ්‍ය යහපැවැත්ම සහතික කිරීම සඳහාය. MediHelp රෝහල් සමූහය Central Medical Centre ප‍්‍රතිසංස්කරණය කර නවීනතම වෛද්‍ය උපකරණ සහ පහසුකම් සමඟ ඊට නව මුහුණුවරක් ලබාදෙනු ඇත. නුගේගොඩ MediHelp hospitals වෙතින් ලබා ගත හැකි සේවාවන් පිලිබඳව වැඩි විස්තර 0112 281281 යන දුරකථන අංකය ඇමතීමෙන් ලබා ගත හැක.

වසර ගණනාවක් පුරා ඵැාසයැකච රෝහල් සමූහය එහි සේවාවන් රෝගීන්ගේ රෝගීතත්වයන්ට ගැලපෙන අයුරින් උපරිම සෞඛ්‍ය සේවාවක් සැපයීම වෙනුවෙන් ඉහළ මට්ටමේ සෞඛ්‍ය සේවා වෘත්තිකයන් කණ්ඩායමක් යොදවා ඇත. MediHelp රෝහල් සමූහයේ ඇති ඉඩකඩ සහිත නවීන පහසුකම් හේතුවෙන් රෝගීන් අතර අංක එකේ තේරීමක් බවට මේ වන විට පත්ව ඇත.

” Central Medical Centre මෙන්ම විශේෂයෙන් දශක හතරකට අධික කාලයක් සුව සේවා ක්ෂේත‍්‍රය තුළ කීර්තිමත් ගෞරවනීය චරිතයක් වූ වෛද්‍ය සරත් පරණවිතාන මහතා සමඟ අත්වැල් බැඳගැනීමට ලැබීම ගැන අපි අතිශයින් සතුටු වෙනවා. ශ‍්‍රී ලංකාවේ පරම්පරා ගණනාවක රෝගීන් විශ්වාසය තබා ඇති සෞඛ්‍ය සේවා විශේෂඥයකු මෙන්ම වෛද්‍යවරයකු සහ වසර 37කට අධික කාලයක් සෞඛ්‍ය සේවා විශිෂ්ටත්වය ලබාදීමේ පළපුරුද්ද ඇති රටේ වේගයෙන්ම වර්ධනය වන මූලික සෞඛ්‍ය සේවා ජාලය අතර ශක්තිමත් බැඳීමක් නිර්මාණය වී තිබෙනවා. මෙම හවුල්කාරිත්වය හරහා නුගේගොඩ සහ ඒ අවට නගරවල ජනතාවට විශ්වාසනීය, පූර්ණ සෞඛ්‍ය සේවාවක් ලබාදීමට හැකි වෙනවා.” යනුවෙන් Medihelp රෝහල් සමූහයේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී නිශාන්ත ජයමාන්න මහතා පැවසුවේය.

Central Medical Center ^Pvt& Ltd හි සභාපති සහ වෛද්‍ය අධ්‍යක්ෂවරයා වන වෛද්‍ය සරත් පරණවිතාන මහතාට සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වසර 45 කට වැඩි පළපුරුද්දක් ඇති අතර MBA උපාධි දෙකක් හිමිකරගත් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම සහ එකම විශේෂඥ වෛද්‍යවරයා ඔහුයි. ඉන්දියාවේ මනිපාල් විශ්වවිද්‍යාලයෙන් සෞඛ්‍ය සේවා පිළිබඳ MBA උපාධියක් සහ එක්සත් රාජධානියේ Cardiff Metropolitan University වෙතින් MBA උපාධියක් ඔහුට හිමිය. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් පවුල් සෞඛ්‍ය, ළමා සෞඛ්‍ය පිළිබඳ ඩිප්ලෝමාව සහ පවුල් වෛද්‍ය විද්‍යාව පිළිබඳ MD උපාධියක් ලබා ඇත.

මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් වෛද්‍ය සරත් පරණවිතාන මහතා පැවසුවේ, ”වසර ගණනාවක් පුරා Medihelp උසස් තත්වයේ විශ්වාසදායක මූලික සෞඛ්‍ය සේවා ලබාදෙමින් කීර්ති නාමයක් දිනා ඇති අතර අපගේ සෞඛ්‍ය සේවාව ඉහළ නැංවීමට සහ පුළුල් කිරීමට ඔවුන් සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම සතුටක්. Medihelp රෝහල් සමූහය රෝගීන්ට දැරිය හැකි මිලකට, ගුණාත්මක මූලික සෞඛ්‍ය සේවාවන් වෙත ඇති ප‍්‍රවේශය පුළුල් කරමින් රෝගීන්ගේ සෞඛ්‍ය යහපැවැත්ම සහතික කරනවා.” යනුවෙනි.

  • Ada Derana BIZ Sinhala
  • Lifebuoy
  • sri lanka
  • Sri Lanka Scout Association
  • World Handwashing Day

ලෝක දෑත් සේදීමේ දිනයට සමගාමීව ලයිෆ්බෝයි විසින් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සමඟ හවුල්කාරිත්වයකට

October, 19, 2022

යුනිලීවර් ශ්‍රී ලංකා හි ප්‍රමුඛතම සනීපාරක්‍ෂක සබන් සන්නාමය වන ලයිෆ්බෝයි විසින් ප්‍රජාවන් අතර දිගු කාලීන සනීපාරක්‍ෂක චර්යාවන් ඇති කිරීමේ සිය අඛණ්ඩ ප්‍රයත්නයේ තවත් එක් පියවරක් පසුගියදා සනිටුහන් කරන ලදී. ලෝක දෑත් සේදීමේ දිනයට සමගාමීව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සමඟ අත්වැල් බැඳගනිමින්, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේදී පැවැත්වුණු 13 වන ජාතික කබෝරියට  (Cuboree) සහභාගී වූ දරුවන්ට දෑත් සේදිමෙහි ඇති වටිනාකම අවධාරණය කර දීම මෙම අවස්ථාවේදී සිදුවිය.

මෙම ජාතික කබෝරියට සහභාගී වූ දරුවන් 12,000කට අධික ප්‍රමාණයකට විවිධ ක්‍රියාකාරකම් මගින් නිවැරදිව දෑත් නොසේදිමෙන් සිදුවිය හැකි බලපෑම පිළිබඳව දැනුවත් කිරීම සහ දෑත් සේදීමේ පහසු පියවර හඳුන්වා දීම මෙහිදී සිදුවිය. මෙම මුලපිරීම මගින් දරුවන් තුල පවත්නා ස්වභාවික නායකත්ව හැකියාවන් උපයෝගී කරගනිමින්,  තමන් ඉගෙනගත් දෑත් සේදීමේ පියවරයන් තවත් 5 දෙනෙකු සමඟ බෙදාගැනීමට ඔවුන්ව දිරිමත් කරන ලදී.

මෙම වටිනා පණිවිඩය තවදුරටත් ඉදිරියට ගෙනයාම උදෙසා දරුවන්ව දෑත් සේදීමේ ප්‍රධාන අධ්‍යාපන නිලධාරීන් (Chief Education Officers) ලෙස කටයුතු කිරීමට දිරිගැන්වීමද මෙහිදී සිදු විය. තවද ලංකාව පුරා පවතින පාසල් වලින් තෝරාගත් පාසල් 9ක් සඳහා, තම පාසල් පරිශ්‍රය තුළ දෑත් සේදීමේ මධ්‍යස්ථාන පිහිටුවා ගැනීම උදෙසා  රුපියල් 100,000ක මුදලක් ලබා දීම ද ඉදිරියේදී දෑත් සේදීමේ ප්‍රධාන අධ්‍යාපන නිලධාරීන්ගේ නායකත්වයෙන් යුතුව සිදු කිරීමට නියමිතය. ලයිෆ්බෝයි විසින් දරුවන් සඳහා සබන් කැට සහ කබෝරි (Cuboree) අත්පොත් පිරිනැමීම සිදු කල අතර තෝරාගත් පාසල් සඳහා ප්‍රමාණවත් තරමින් ලයිෆ්බෝයි දෑත් සේදීමේ සබන් දියර (Hand Wash) ලබා දීමද සිදු කෙරුණි.

මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් යුනිලීවර් ශ්‍රී ලංකා හි අලෙවි අධ්‍යක්ෂිකා - (පුද්ගලික සත්කාර සහ රූපලාවන්‍ය සහ යහපැවැත්ම), නිලූෂි ජයතිලක මහත්මිය මෙසේ පැවසීය "මෙවර ලෝක දෑත් සේදීමේ දිනයට සමගාමීව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සමඟ අත්වැල් බැඳගනිමින්, දෑත් සේදීමේ වටිනාකම අපගේ අනාගත පරපුර සමඟ බෙදා ගැනීමට අවස්ථාව උදාවීම අපට ඉතා ගෞරවයට කරුණක්. ශ්‍රී ලංකාව තුල දශකයකට වඩා වැඩි කාලයක් පුරාවට දෑත් සේදීමේ වටිනාකම කියාපාන සන්නාමයක් වශයෙන් ලයිෆ්බෝයි අපි, තවදුරටත් එම කර්තව්‍ය ඉදිරියට ගෙනයමින් දරුවන්ට ඔවුන්ගේ අධ්‍යාපනයේ මුල් අවධියේදීම මූලික සෞඛ්‍ය පුරුදු ඉගැන්වීම සහතික කිරීමට බැදී සිටිනවා".

2007 වසරේ සිට ලයිෆ්බෝයි විසින් යහපත් සනීපාරක්‍ෂක පුරුදු පවත්වා ගැනීම සහ සබන් යොදා දෑත් සේදීමේ අවශ්‍යතාවය පැහැදිලි කිරීම තුලින් රෝගාබාධ වළක්වමින් ජීවිත බේරා ගැනීමේ මෙහෙයුමක යෙදී සිටී. දෑත් සේදීම දිරිමත් කිරීම  සහ නිවැරදි දෑත් සේදීමේ ක්‍රමවල නියැලීමේ වැදගත්කම පිළිබඳව දරුවන් දැනුවත් කිරීම උදෙසා ලයිෆ්බෝයි විසින් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව පාසල් සහ පොදු ස්ථාන පුරා දෑත් සේදීමේ ඒකක 100 කට අධික සංඛ්‍යාවක් ස්ථාපනය කර ඇත. තවද සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව පාසල්වල සනීපාරක්ෂක පහසුකම් සහ ජල නල පද්ධති වැඩිදියුණු කිරීම ද, ප්‍රජා පිරිසිදු කිරීමේ වැඩසටහන් පැවැත්වීමද සිදුකොට ඇත. 2021 දී ‘H for Handwashing’ ව්‍යාපාරය දියත් කිරීමෙන් පසු, සන්නාමය විසින් ශ්‍රී ලාංකිකයන් මිලියන 3.6 කට අධික සංඛ්‍යාවක් වෙත ළඟා වී ඇති අතර, දෑත් සේදීමේ පණිවිඩය මුදාහැරීමේ අරමුණින් අධ්‍යාපනඥයින් සමඟින් අත්වැල් බැඳගෙන ඇත.

ලයිෆ්බෝයි හි ඉතිහාසය 1894 වර්ෂය දක්වා දිව යන අතර,  දුර්වල සනීපාරක්ෂාව සහ පැතිර යන වසංගතවලට එරෙහිව සටන් කිරීම සඳහා ආරම්භක නිෂ්පාදනය බ්‍රිතාන්‍යයේ දී  දියත් කොට ඇත. ලයිෆ්බෝයි විසින් සමාජ පන්තීන්හි වෙනස්කම් අවම කිරීම වෙනුවෙන් පෙනී සිටි අතර සනීපාරක්ෂාව සහ පිරිසිදුකම දැරිය හැකි මිලකට ලබා දීමට කටයුතු කිරීම තුලින් අවදානමට ලක්විය හැකි පවුල්වල ජීවිත වෙනස් කරන ලදී. ආරම්භයේ සිටම, ලයිෆ්බෝයි දෛනිකව අත්‍යවශ්‍ය අංගයක් වූ අතර පවුලේ සෑම සාමාජිකයෙකුම රෝග වලින් ආරක්ෂා කොට හොඳ සනීපාරක්ෂාවක් ඇති කිරීමට කටයුතු කරන ලදී.

අද වන විට ලයිෆ්බෝයි සබන් කැටයකට වඩා පරිණාමය වී ඇති අතර, විවිධ අවශ්‍යතාවයන්ට සරිලන හෑන්ඩ් වොෂ්, බොඩි වොෂ් සහ හෑන්ඩ් සැනිටයිසර් වැනි නව ප්‍රභේද රාශියක් හඳුන්වා දී ඇත. තවද ලයිෆ්බෝයි, ලොව පුරා රටවල් 30කට අධික සංඛ්‍යාවක අලෙවි වන අතර ලොව අංක එකේ  විෂබීජ නාශක සබන් සන්නාමය බවටද පත්වී ඇත.

  • Ada Derana BIZ Sinhala
  • BOI
  • investors
  • sri lanka

ආයෝජකයින් සඳහා සුපිරි පහසුකම් මධ්‍යස්ථානයක් විවෘත වෙයි

October, 19, 2022

දශක හතරක් පුරා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය දේශීය හා විදේශීය ආයෝජකයන් සමඟ ගනුදෙනු කිරීමේ අත්දැකීම් මුල් කොට ගෙන ආයෝජකයන්ගේ අවශ්‍යතා මනාව අවබෝධ කොටගෙන ඔවුන්ට අවශ්‍ය කරන පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානයක් ආයෝජන මණ්ඩලයේ මේ වන විට ස්ථාපිත කර ඇත.

මෙය ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බටහිර කුළුණෙහි 27වන මහලෙහි ස්ථාපිත කර තිබේ.

මෙමඟින් ආයෝජන අනුමැතිය විධිමත් කරන අතරම ආයෝජකයන්ට කාර්යක්ෂම සහ බාධාවකින් තොරව තම ආයෝජන ක්‍රියාවලිය සඳහා නියෝජිත ආයතන සම්බන්ධීකරණ ක්‍රියාවලිය ශක්තිමත්ව සිදුකර ගැනීමට අවකාශ සලසා ඇත.

ආයෝජකයින්ට තොරතුරු සැපයීමේ අංශය, අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අංශය, ආයෝජන අන්තර් නියෝජිත ආයතන, ඉංජිනේරු අනුමැතිය, පරිසර සහ නීති දෙපාර්තමේන්තු යන අංශවලින් මෙම ආයෝජන පහසුකම් මධ්‍යස්ථානය සමන්විත වේ.

සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේදී සහ ඳරවා ගැනීමේදී ඳහුනාගෙන ඇති ප්‍රදාන බාධාවක් වන්නේ ආයෝජන අනුමැතියන් ලබාදීමේ ප්‍රමාදයන් සහ ආයෝජකයන්ට දැරීමට සිදුවන අනවශ්‍ය වියදම්ය. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව තුල මෙහෙයුම් සිථාපිත කිරීමට බලාපොරොත්තු වන ආයෝජකයෙකුට රේඛීය ආයතන විශාල සංඛ්‍යාවකින් අනුමැතිය ලබා ගැනීමට සිදු වී ඇත.

විදේශ ආයෝජකයා තම ආයෝජන ව්‍යාපෘතිය අනුමත කර ගැනීම ඳසහා විවිධ රේඛීය ආයතන ඳසහා ගමන් කිරීමටත් විවිධ අංශ වෙත යොමු වීමටත් සමස්ථ ආයෝජනයන් අනුමත කර ගැනීමේ ක්‍රියාවලිය ඉතා දීර්ඝ හා කාලය වැයවන ක්‍රියා පටිපාටියක් වී ඇති බව හදුනාගත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය එහිදී ආයෝජකයන්ගේ කාලය මුදල් කාර්යක්ෂම ලෙස පරිහරනය කිරීමට අවස්ථාව සලසා දෙමින් ඔවුන්ගේ විශ්වාසය දිනාගැනීම සඳහා තම ආයෝජන මධ්‍යස්ථානයේ මූලික අරමුණ ලෙස සඳහන් කළ හැක.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රධාන කාර්යභාරයක් වනුයේ ආයෝජන ක්‍රියාවලිය හා ක්‍රමවේදයන් ඩිජිටල්කරණයට ලක් කිරීමයි. මෙහිදී මෙම මධ්‍යස්ථානය සුවිශේෂි පරිගණක කළ පද්ධතියකින් සමන්විත වේ. මෙමගගින් තම ව්‍යාපාර අවශ්‍යතා සඳහා මෙම මධ්‍යස්ථානය වෙත ලගා විය හැකි ආයෝජකයින් පිළිබඳ තොරතුරු සහ ආයෝජකයින් අයදුම්පත් ඉදිරිපත් කල පසු එම තොරතුරුද ආයෝජන මණ්ඩල කළමණාකරන තොරතුරු පද්ධතිය හා යාවත්කාලීන වේ.

විශේෂයෙන් රේඛීය නියෝජිතා ආයතන අනුමැතිය ලබා ගැනීමේදී සපයන ලද සේවාවන් මත, ආයෝජකයින්ගේ ප්‍රතිචාර ලබා ගැනීම මගින් මෙම මධ්‍යස්ථානයේ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව සංසන්දනය කිරීම සඳහා කාර්ය සාධන තක්සේරු කිරීමේ පද්ධතියක් ස්ථාපිත කොට ඇත.

  • Ada Derana BIZ Sinhala
  • sri lanka
  • SriLankan Airlines
  • Visitor’s choice Airlines of the Year

ශ්‍රීලංකන් ගුවන් සමාගම කීර්තිමත් ජාත්‍යන්තර සම්මාන දෙකකින් පිදුම් ලබයි

October, 19, 2022

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය සහ වන්වර්ල්ඩ් සන්ධානයේ සාමාජිකයෙකු වන ශ්‍රීලංකන් ගුවන් සේවය 06 වැනි දකුණු ආසියා සංචාරක සම්මාන උළෙලේ දී   “Visitor’s choice Airlines of the Year”  සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය. ‍‍‍ මෙම සම්මාන උළෙල  2022  සැප්තැම්බර් මස 30 වැනි දින අති උත්කර්ෂවත් අන්දමින්  මාලදිවයිනේ, Huduranfushi හි Adaaran Select හි  පවත්වන ලදී.

මෙම අවස්ථාවට මාලදිවයිනේ උප ජනාධිපති ගරු ෆයිසාල් නසීම්, මාලදිවයිනේ සංචාරක අමාත්‍ය ආචාර්ය අබ්දුල්ලා මවුසූම්, දකුණු ආසියා සංචාරක සම්මාන උළෙලේ සභාපති ඉස්මයිල් හමීඩ් යන මහත්වරු ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වූහ. ශ්‍රීලංකන් ගුවන් සමාග‍මේ ශ්‍රී ලංකා සහ ඉන්දියන් සාගර රටවල කලාපීය කළමනාකරු ජයන්ත අබේසිංහ මහතා සහ ශ්‍රීලංකන් මාලදිවයිනේ කළමනාකරු ෆවුසාන් ෆරීඩ් මහතා විසින් මෙම ගෞරවනීය සම්මානය ලබාගන්නා ලදී.

එසේම 2022 ඔක්තෝම්බර් 3 වන දින පැවති මාලදිවයින් සංචාරක ස්වර්ණ ජුබිලි සම්මාන උළෙලේ දී සංචාරක කටයුතු සඳහා වන ජනාධිපති රන් සම්මානය (The President's Gold Award)  ද ශ්‍රීලංකන් ගුවන් සේවය හිමිකරගන්නා ලදී‍. මාලදිවයිනේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය ලබාදුන් සහයෝගය මෙහිදී ඇගයීමට ලක්විය. මාලදිවයිනේ අතිගරු ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා අතින්  ශ්‍රීලංකන් ගුවන් සේවයේ ලෝක ව්‍යාප්ත විකුණුම් සහ බෙදාහැරීම් ප්‍රධානී දිමුතු තෙන්නකෝන් මහතා මෙම  සුවිශේෂී සම්මානය ලබාගත්තේය.

ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් දිනාගත් සම්මාන දෙක දකුණු ආසියාව තුළ ගුවන් සේවයේ ශක්තිය සහ ස්ථාවරත්වය පෙන්නුම් කිරීමකි. ගුවන් සමාගම දැනට ඉන්දියාව පුරා නගර නවයකට සතියකට ගුවන් ගමන් 90ක් ක්‍රියාත්මක කරයි. බංග්ලාදේශයට සහ පකිස්ථානයට සතිපතා ගුවන් ගමන් හත බැගින් සහ නේපාලයට සතිපතා ගුවන් ගමන් පහක් සිදුකරයි.

SATA යනු දකුණු ආසියාවේ සංචාරක අංශයට සම්බන්ධ ආයතනවලට ඔවුන්ගේ පහසුකම් සහ සේවා විශිෂ්ටත්වය සඳහා පිළිගැනීමක් ලබා දෙන කලාපීය සංචාරක සම්මානයකි. SATA සහ එහි ප්‍රමිතිය කලාපීය සහ ජාත්‍යන්තර ආයතන 16 කට අධික සංඛ්‍යාවක් විසින් අනුමත කර ඇත.   SATA හි අරමුණ වන්නේ කලාපයේ සංචාරක කර්මාන්තය තුළ සේවා ප්‍රමිතීන් දිරිමත් කිරීම සහ ඉහළ නැංවීමයි. එහිදී ජයග්‍රාහකයින් තෝරාගනු ලබන්නේ කලාපීය රටවල විනිසුරු මඩුල්ල හරහා සහ අන්තර්ජාලය හරහා ඡන්දය ප්‍රකාශ කිරීමෙනි.

ශ්‍රීලංකන් ගුවන් සේවය වසර ගණනාවක් පුරා මාලදිවයන වෙත මෙහෙයුම් සිදුකර ඇති අතර දැනට මාලදිවයිනේ ගමනාන්ත දෙකකට - Male සහ Gan Island වෙත ක්‍රියාත්මක වන එකම ජාත්‍යන්තර ගුවන් සේවය වේ. ශ්‍රීලංකන් සතියකට 23 වතාවක් මාලදිවයිනට පියාසර කරන අතර යුරෝපය සහ මැදපෙරදිග සිට කොළඹ හරහා මගීන්ට පහසු සම්බන්ධතා සපයයි.

  • Ada Derana BIZ Sinhala
  • Chanithma
  • Junior National Squash Championship
  • Nevindu
  • Ritzbury
  • sri lanka

රිට්ස්බරි ‘ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශුරතාවලියේ ’ ජය නෙවිදු හා චනිත්මා දිනාගනී

October, 19, 2022

ශ්‍රී ලාංකික ජනතාවගේ ප්‍රියතම චොක්ලට් සන්නාමය වන සිලෝන් බිස්කට් සමාගමේ ' රිට්ස්බරි' අනුග්‍රහකත්වයෙන් පවත්වනු ලැබූ 33 වන ‘රිට්ස්බරි ජාතික කනිෂ්ඨ ස්කොෂ් (squash) ශුරතාවලිය’ පසුගියදා (squash) නිමාවට පත් විය.

මෙවර ශුරතාවලියට, දිවයින පුරා පාසල් රැසක් නියෝජනය කරමින්, වයස අවුරුදු  09,11,13,15,17 සහ 19 න් පහළ වයස් කාණ්ඩ යටතේ, ඉහළ දක්ෂතාවයන් සහිත කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300කට වැඩි පිරිසක් සහභාගී වු අතර අවසන් තරගාවලිය කොළඹ එස්.එස්.සී. ස්කොෂ් ක්‍රීඩාංගනයේදී  පවත්වන ලදී.

CBL Foods International සමාගමේ සාමාන්‍යාධිකාරී (අලෙවි) නිලුපුල් ද සිල්වා මහතා මෙම අනුග්‍රාහකත්වය පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ, “ශ්‍රී ලංකාව තුළ ජාතික තලයේ ක්‍රීඩාවක් වශයෙන් ස්කොෂ් ක්‍රීඩාව නංවාලීමේ වැදගත්කම අප වටහාගෙන සිටිනවා. අපගේ මෙම මෙහෙවර හේතුවෙන් දේශීය ක්‍රීඩකයන්ට ජ්‍යත්තන්තර තලයට පිවිසීමට හැකිවීම අපට ඉමහත් ආඩම්බරයක් වන අතර, අප මෙම ශුරතාවලිය සදහා අඛණ්ඩ අනුග්‍රහකත්වය ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. තවද, ක්‍රීඩාව ජාතියේ අභිමානය වශයෙන් සලකන රිට්ස්බරි, මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයට වසර 16ක් මුළුල්ලේ සත්කාරකත්වය දැක්වීම සම්බන්ධයෙන් අභිමනවත් ඉතිහාසයකට උරුමකම් කියනවා," යනුවෙනි.

මෙම ශුරතාවලියේදී ඩී.එස්.සේනානායක විද්‍යාලයේ නෙවිඳු ලක්මන් සහ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ චනිත්මා සිනාලි, අවුරුදු 19න් පහළ බාලක සහ බාලිකා ශූරීන් ලෙස තේරීපත් වූ අතර තවද ඔවුන් දෙදෙනා වසරේ ජාතික කනිෂ්ඨ බාලක, බාලිකා සම්මානයන් ද දිනා ගන්නා ලදී.

මේ අතර  වසරේ නැගී එන ක්‍රීඩකයාට හිමි සම්මානය මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලයේ මොහොමඩ් රිල්වාන් හිමිකරගත් අතර වසරේ නැගී එන ක්‍රීඩිකාව ලෙස අනුලා විද්‍යාලයේ පුන්සරා නිරූෂි වික්‍රමසිංහ සම්මාන දිනාගන්නා ලදී .

රට පුරා ස්කොෂ් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා සමාගමේ අධිෂ්ඨානශීලී කැපවීම ප්‍රදර්ශනය කරමින්, රිට්ස්බරි අඛණ්ඩව 14 වැනි වරටත් ශූරතාවලිය සංවිධානය කිරීම සඳහා ශ්‍රී ලංකා ස්කොෂ් (SLS) සමඟ ගිවිසුම්ගතව ඇත. SLS හි සභාපති සුරේන් කොහොබන්ගේ මෙම සහයෝගිතාව පිළිබද අදහස් දක්වමින් පැවසුවේ, “රිට්ස්බරි පසුගිය දශකය පුරා අපගේ සාර්ථකත්වයේ හවුල්කරුවෙකු වීම අගය කරන අතර ඒ මගින් ස්කොෂ් ක්‍රීඩාව ඉහළ මට්ටමකට ගෙනයාමට අපට අවස්ථාව උදා වුණා. සෑම වසරක මෙන්ම මේ වසරේදීත් මෙම සහයෝගිතාව රටේ ස්කොෂ් ක්‍රීඩාව ඉහළ නැංවීමට හේතු වූ බව අප විශ්වාස කරනවා," යනුවෙනි.

ස්කොෂ් ක්‍රීඩාව මේ වනවිට වාර්සික ක්‍රීඩා දින දර්ශනයේ ප්‍රධාන ඉසව්වක් ලෙස හඳුනාගෙන ඇති අතර, ඒ හරහා, මේ වන විටත් ජාත්‍යන්තර මට්ටමේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් බිහි වී ඇත.  එය ස්කොෂ්  ක්‍රීඩාවේ ප්‍රගතිය සහ එය දිස්ත්‍රික් වශයෙන් ප්‍රචලිත කිරීම සඳහා රිට්ස්බරි දරන උත්සාහයේ ප්‍රබල පිළිබිඹුවකි.

වසරේ ජාතික කනිෂ්ඨ බාලක ක්‍රීඩක, ඩී.එස්.සේනානායක විද්‍යාලයේ නෙවිඳු ලක්මන් සහ,වසරේ ජාතික කනිෂ්ඨ බාලිකා ක්‍රීඩිකා  සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ චනිත්මා සිනාලි

වසරේ නැගීඑන ක්‍රීඩිකාව අනුලා විද්‍යාලයේ පුන්සරා නිරූෂි වික්‍රමසිංහ සහ වසරේ නැගීඑන ක්‍රීඩික, මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලයේ මොහොමඩ් රිල්වාන්

  • Ada Derana BIZ Sinhala
  • DHL Express
  • Great Place to Work®
  • sri lanka

DHL Express, 2022 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථාන අතරේ ඉහළම පිළිගැනීමට පාත්‍ර වේ

October, 19, 2022

  • ශ්‍රී ලංකාවේ 'හොඳම බහුජාතික සමගාම' ලෙස ගෞරවයට පාත්‍ර වී ඇත
  • ශ්‍රී ලංකාවේ 'කුඩා ව්‍යවසාය' කාණ්ඩය සඳහා වන රන් සම්මාන දිනා ගැනීම
  • අඛණ්ඩව 8වන වසරටත් Great Place to Work® (සේවය කිරීමට ඇති හොඳම සේවා ස්ථානය) ලෙස පිළිගෙන ඇත
  • DHL Express අඛණ්ඩව සිව්වන වසරටත් ආසියාව තුළ අංක #1 හොඳම සේවා ස්ථානය ලෙස තවදුරටත් හිමිකම් කියයි

DHL Express Sri Lanka යනු Great Place to Work® ආයතනය චිසින් 2022 වසරේ ප්‍රකාශයට පත්කර ඇති ශ්‍රී ලංකාව තුළ සේවය කිරීමට ඇති හොඳම සේවා ස්ථාන 50 න් එකකි. පසුගියදා පැවති සම්මාන ප්‍රදානෝත්සවයේදී DHL Express Sri Lanka, එහි ශක්තිමත් සහ අද්විතීය සමාගම් සංස්කෘතිය යළි අවධාරණය කරමින් හොඳම බහුජාතික සමාගමට හිමි සම්මානය සහ කුඩා ව්‍යවසාය කාණ්ඩය සඳහා වන රන් සම්මානය ද හිමිකර ගනු ලැබීය.

මීට අමතරව, DHL Express අඛණ්ඩව සිව්වන වරටත් Great Place to Work® නාමකරණය යටතේ ආසියාවේ අංක #1 හොඳම සේවා ස්ථානය ලෙස තේරී පත්ව ඇති අතර සමාගම ආසියානු ලැයිස්තුවේ ඉහළින්ම රැදෙමින් පසුගිය වසර හතක කාලය තුළ එම ජයග්‍රහණය හය වරක් සමරා තිබීම විශේෂත්වයකි. ආසියානු පැසිෆික් කලාපයේ රටවල් සහ ප්‍රදේශ 19 ක් 2022 වසරේ 'සේවය කිරීමට ඇති හොඳම සේවා ස්ථාන' (Great Place to Work) ලෙසට සහතික කර ඇත.

වසර අටක් පුරාවට අඛණ්ඩව DHL Express Sri Lanka, සේවය කිරීමට ඇති හොඳම සේවා ස්ථානය ලෙසින් පිළිගැනීමට පාත්‍ර වී ඇති අතර, ඒ තුළින්  සේවකයින් හට ඉහළ වටිනාකමක් සහ සුවිශේෂී සේවා පරිසරයක් නිර්මාණය කිරීම සඳහා සමාගමේ සක්‍රීය දායකත්වය පිළිබිඹු කරවයි.

DHL Express Sri Lanka හි ප්‍රධාන විධායක කළමණාකරු දිමිත්‍රි පෙරේරා මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසීය. ''මේ වසරේ වැඩ කිරීමට සුදුසු ස්ථානයක් ලෙස නැවත වරක් පිළිගැනීමට පාත්‍ර වීමට හැකියාව ලැබීම ගැන අපි සතුටු වෙනවා. සමාගම් හිමිකාරීත්වය විසින් ධනාත්මක සංස්කෘතියක් ගොඩනැගීමට ඉහළ මට්ටමේ සිට මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා සේම ඒ සඳහා සමාගමේ සියලුම සේවකයින් විශාල සහයක් ලබා දෙනවා. සුවිශේෂී ප්‍රතිඵල අත්පත් කර ගැනීම සඳහා සියලු දෙනාම එක්ව ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව අවබෝදයක් සහිත ජයග්‍රාහී කණ්ඩායමක් ලෙස අපගේ සේවකයින්ට දියුණු වීමට සහ විශිෂ්ඨ වීමට හැකි පසුබිමක් අපි නිර්මාණය කර තිබෙනවා. මෙම සම්මාන හිමිවීම හරහා මිනිසුන්ට ඔවුන්ගේ උදාර අරමුණු ඉටු කර ගැනීමට සහ ඔවුන්ගේ හා ව්‍යාපාරයේ හොඳම අනුවාදය බවට පත්විය හැකි සේවා ස්ථානයක් ගොඩනැගීමට අප නිරතුරුව කැපවීමෙන් කටයුතු කරනවා.''

වසංගත තත්ත්වයෙන් පසුව DHL Express Sri Lanka, සිය කණ්ඩායම් අතර සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කරමින් සේවකයන් අතර සන්නිවේදනය ඩිජිටල්කරණය කරනු ලැබීය. සමාගම විසින් සේවකයින්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍යය පිළිබඳව ඉහළම ප්‍රමුඛතාවයක් ලබා දෙමින් ඔවුන්ගේ පෝෂණ අවශ්‍යතාවයන් සහ සැලකිලිමත් පරිසරයක් වැඩි දියුණු කිරීම සඳහා වන ගවේෂණ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබයි.

DHL Express හි මෙරට දේශීය ශ්‍රේණිගත කිරීම් ද එහි මව් සමාගමේ තත්ත්වයන්ට හා සමානවේ. ආසියාවේ හොඳම සේවා ස්ථාන ලැයිස්තුවේ අංක එකේ ස්ථානය හිමි කර ගැනීම හරහා සමාගම ජාත්‍යන්තර ලොජිස්ටික් සේවා සපයන්නා වශයෙන්, එහි 'ගෞරවය සහ ප්‍රතිඵල' (Respect & Result) යන්නා වූ ගුණාංග තුළින් සාධාරණව හා සුහදතාවය වර්ධනය කෙරෙන ශක්තිමත් සමාගම් සංස්කෘතියක් පෙන්නුම් කර ඇත.

සමස්තයක් වශයෙන්, සමාගමේ පුද්ගල උපාය මාර්ගය සහ සේවකයින් එහි ප්‍රධාන වත්කම් ලෙස සලකන බවට නැවත වරක් පසක්කර දෙමින් DHL Express කිහිප දෙනෙකුට පමණක් සීමා නොවී සිය සමස්ත ප්‍රජාව වෙනුවෙන් අඛණ්ඩව සේවාවන් සපයන විශිෂ්ඨ සේවා ස්ථානයක් ලෙස ස්ථාපිතව ඇත.    අද වන විට 370,00 කට අධික සේවක පිරිසක් ඇගයීමට ලත් පුහුණු පාඨමාලා සඳහා සහභාගී වී තිබේ. සමාගමෙහි 27% ක් කාන්තාවන් නියෝජනය වන අතර සේවකයන් පැය 10,000 කට වඩා වැඩි කාලයක් සිය කැමැත්තෙන්ම ස්වේච්ජා සමාජ සේවා කටයුතු සඳහා සහභාගී වී ඇත.

DHL Express Sri Lanka හි මානව සම්පත් ප්‍රධානී තාරක ද සිල්වා මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසීය ''වසංගත තත්ත්වයේ සිට අපගේ ශ්‍රම බලකාය උපායමාර්ගිකව කටයුතු කළා. වර්තමානය දක්වා අපගේ කණ්ඩායම් සාමාජිකයින් ඔවුන්ගේ විශිෂ්ඨවූ දායකත්වයන් ලබා දීම පිළිබඳව මම ආඩම්බර වෙනවා. අප කරන වැඩ කොටසේ කේන්ද්‍රස්ථානය වන්නේ මිනිසුන්. එම නිසා අපගේ ආචාර ධර්ම සැමවිටම අපගේ සේවකයින්ගේ යහපැවැත්ම තහවුරු කරනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අප සමාගමට සේවය කිරීමට ඇති හොඳම සේවා ස්ථානය ලෙස 2022 වසරේදී සම්මාන කිහිපයක් දිනා ගැනීමට අවස්ථාව ලැබුණා.''

වසර 30කට වැඩි කාලයක් පුරා ගෝලීය වශයෙන් හොඳම සේවා ස්ථාන හඳුනා ගැනීමේ පුරෝගාමියෙකු ලෙස, Great Place to Work® ආයතනය ඉහළ විශ්වාසනීයත්වයකින් යුතුව කටයුතු කරයි. එම ආයතනය විසින් ඉහළ කාර්ය සාධනයක් සහිත සමාගම් සංස්කෘතීන් ගොඩනගා ඇති සමාගම් සහතික කිරීම සඳහා සේවක ප්‍රතිචාර ලබා ගැනීමට සහ ඇගයීමට දැඩි ක්‍රමවේදයක් භාවිතා කරයි. හොඳම සේවා ස්ථාන හඳුනා ගැනීමේදී කළමනාකරණය, වැටුප්, ප්‍රතිලාභ, වර්ධනීය අවස්ථා, සංස්කෘතිය සහ රැකියා තෘප්තිය ආදී කරණු පිළිබඳව සේවකයින්ගේ ඇගයීම් මගින් ප්‍රතිඵල මෙහෙයවනු ලබයි.

ශ්‍රී ලංකාවේ පිහිටි Great Place to Work® ආයතනය ලොව පුරා විශිෂ්ඨ සේවා ස්ථාන පිළිබඳව අධ්‍යයනය කිරීමේ සහ හඳුනාගැනීමේ පුරෝගාමියෙකි. එම ආයතනය දශක තුනක කාලයක් පුරා රටවල් 58කට අධික සංඛ්‍යාවක, හොඳම සේවා ස්ථාන පිළිබඳව තේරුම් ගැනීමට සහ හඳුනාගැනීමට අධ්‍යයන කටයුතු සිදු කර ඇත. ශ්‍රී ලාංකාවේ කරනු ලබන අධ්‍යයනය පදනම් වී ඇත්තේ ගෝලීය ආකෘතියක සහ ඇමරිකාව, යුරෝපය සහ ආසියාව ඇතුළු ලොව පුරා රටවල ක්‍රියාත්මක පර්යේෂණ, පරීක්ෂණ සහ සමාන වූ අධ්‍යයනයන් සහිත දැඩි ක්‍රමවේදයක් මත පදනම්වය.

 

  • Ada Derana BIZ Sinhala
  • Commercial Bank
  • export sector
  • Exporters
  • National Chamber of Commerce
  • sri lanka

කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික වාණිජ මණ්ඩලය එක්ව අපනයන අංශයට ලබාදෙන සහයෝගය වැඩි කරයි

October, 19, 2022

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන්ද ඇතුළුව මෙරට අපනයනකරුවන්ට මූල්‍ය විසඳුම් ලබාදීමට තවත් ප‍්‍රවේශයක් නිර්මාණය කිරීම සඳහා කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික වාණිජ මණ්ඩලය (NCE) සමග උපාය මාර්ගික ඒකාබද්ධතාවයකට එළඹ තිබේ.

මෙයට අදාළ අවබෝධතා ගිවිසුමකට (MoU) පසුගියදා මෙම ආයතන දෙක විසින් අත්සන් තබන ලදී. මෙම ඒකාබද්ධතාවය තුළින් අපනයන ක්ෂේත‍්‍රයේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් කෙරෙහි කොමර්ෂල් බැංකුව දක්වන කැපවීම මෙන්ම අපනයනකරුවන්ගේ ව්‍යාපාර වර්ධනය කිරීම සඳහා පහසුකම් සැලසීමට පූර්ණ ජාත්‍යන්තර බැංකුකරණ හැකියාවන් සහ විශේෂඥතාවය ලබාදීම සිදු කරන බව බැංකුව සඳහන් කරයි.

මෙම අවබෝධතා ගිවිසුමට කොමර්ෂල් බැංකුවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සහකාර සාමාන්‍යාධිකාරී - පුද්ගලික බැංකුකරණ එස්. ගනේෂන් මහතා සහ ශ‍්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික වාණිජ මණ්ඩලයේ මෙහෙයුම් අධ්‍යක්ෂ, මේනකා වන්නිආරච්චි මහත්මිය විසින් අත්සන් කරන ලදී.

ඉහළ මට්ටමේ දේශීය වැදගත් කමක් ඇති බැංකුවක් (D-SIB) ලෙස ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් වර්ගීකරණය කර තිබෙන කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය, පුද්ගලික සහ විශේෂිත බැංකු අතුරින් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ක්ෂේත‍්‍රයට වැඩිම ණය මුදලක් ලබාදී තිබෙන තනි බැංකුව වන අතර මෙරට අපනයන වලින් 18% කට වැඩි ප‍්‍රමාණයකට කොමර්ෂල් බැංකුව විසින් පහසුකම් සපයනු ලැබේ.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100‍% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 940 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 

සේයාරු සටහන - කොමර්ෂල් බැංකුවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සහකාර සාමාන්‍යාධිකාරී - පුද්ගලික බැංකුකරණ එස්. ගනේෂන් මහතා සහ ශ‍්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික වාණිජ මණ්ඩලයේ මෙහෙයුම් අධ්‍යක්ෂ, මේනකා වන්නිආරච්චි මහත්මිය අවබෝධතා ගිවිසුම හුවමාරු කරගත් ආකාරය. මෙම අවස්ථාවට බැංකුවේ කළමනාකාරීත්වයේ නියෝජිතයින් පිරිසක්ද සහභාගී විය.

  • Ada Derana BIZ Sinhala
  • Anuradhapura
  • Cleaning Programme
  • INSEE
  • sri lanka

අනුරාධපුර නගරය පිරිසිඳු කිරීමේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීමට INSEE Ecocycle,  අනුරාධපුර මහ නගර සභාව සමඟ අත්වැල් බැඳගනී

October, 19, 2022

ශ්‍රී ලංකාවේ  අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍රය තුළ පුරෝගාමී මෙහෙවරක් ඉටුකරන INSEE Ecocycle විසින් සිය  නගර පිරිසිදු කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනේ දෙවන අදියර ලෙස අනුරාධපුර පුරාණ නගරය පිරිසිඳු කිරීමේ වැඩසටහනක් පසුගිය දා සිදුකෙරිණි. මෙම වැඩසටහන සඳහා  අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා, නාගරික කොමසාරිස්වරයා සහ අනෙකුත් සාමාජික සාමාජිකාවෝ, අනුරාධපුර නගරසභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා , තෝරාගත් පාසල්වල සිසු සිසුවියෝ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ (CSD) සාමාජික සාමාජිකාවෝ සහ INSEE  Ecocycle කණ්ඩායම ඇතුළු 100කට අධික පිරිසක් සහභාගි වූහ.

2019 වසරේ සිට INSEE Ecocycle විසින් අනුරාධපුර ප්‍රදේශයේ එක්‍ රැස් වන ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි හා දිරාපත් නොවන ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා තිරසාර විසඳුම් ලබා දී ඇති අතර, නගරය පිරිසිදුව තබාගැනීම වෙනුවෙන් සියලු ම පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයෙන් 2020 වසරේ දී  'Ecocycle Anuradhapura City Cleaning' වැඩසටහන ආරම්භ කෙරිණි. මෙම වැඩසටහනට සමගාමීව අනුරාධපුර නගරය පිරිසිදු කිරීම සඳහා ස්වේච්ඡාවෙන් සහභාගි වූ සිසු සිසුවියන් වෙත සහතිකපත් ප්‍රදානය කෙරුණු අතර,  තිරසාර කසළ කළමනාකරණ පිළිවෙත් පිළිබඳව  තරුණ තරුණියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පැවැත්විණි.

මෙහි දී අනුරාධපුර මහ නගර සභා නිලධාරීන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයෙන් නගරය තුළ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් වැඩිදියුණු කළ හැකි විසඳුම් පිළිබඳව විශ්ලේෂණය කිරීම සඳහා ප්‍රගති සමාලෝචන සමුළුවක් ද පැවැත්වුණු අතර, මීළඟ වැඩසටහන ලෙස නොදිරන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

INSEE Ecocycle Lanka හි අධ්‍යක්ෂ සංජීව චූලකුමාර මහතා මෙම අවස්ථාවට එක්වෙමින් පැවසුවේ, "අනුරාධපුර මහ නගර සභාව සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ සහයෝගයෙන් 2020 වසරේ ආරම්භ කෙරුණු මෙම සමාජ සත්කාරක  වැඩසටහනේ දෙවන අදියරටත් ක්‍රියාත්මක කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. අපගේ ආයතනික වගකීම් ඉටුකිරීම සඳහා  මෙවැනි සමාජ සත්කාරක ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අපි රජය සමඟ ඉතා සහයෝගයෙන් කටයුතු කරනවා. අපි මෙය ජාතික අවශ්‍යතාවක් විදියට දකිනවා. ඒ වගේ ම මේ රටේ අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු විදියට ඉදිරියේ දී ත් මෙවැනි ජාතික මට්ටමේ සමාජ සත්කාරක වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට  අපි අපගේ සහයෝගය නොමඳව ලබා දෙනවා." යනුවෙනි. INSEE Ecocycle  2011 වසරේ සිට මෙරට නාගරික ඝන අපද්‍රව්‍ය ගැටලුව විසඳීම සඳහා ගම්පහ සහ කුරුණෑගල ප්‍රදේශ ඉලක්ක කරගනිමින් වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත. එමෙන් ම මෙරට පළාත් පාලන ආයතන සමඟ  සහයෝගයෙන් කටයුතු කරන INSEE  Ecocycle, එමගින් බස්නාහිර, වයඹ, මධ්‍යම, උතුරුමැද, දකුණ, ඌව සහ සබරගමුව යන පළාත් 07 ආවරණය වන පරිදි මහා පරිමාණ ආයතන හා පළාත් පාලන ආයතන 120කට වැඩි සංඛ්‍යාවක් සමඟ සහයෝගයෙන් කටයුතු කරන අතර, වසරකට ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි නාගරික ඝන අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 12,000කට අධික ප්‍රමාණයක් පරිසර හිතකාමී ලෙස කළමනාකරණය  කිරීමට සමත් වී ඇත.

INSEE Ecocycle යනු 1969 දී තායිලන්තයේ ආරම්භ කරන ලද අග්නිදිග ආසියාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයෙකු වන සියම්සිටි සිමෙන්ති පොදු සමාගමෙහි සාමාජිකයෙකු වන INSEE සිමෙන්ති නොහොත් සියම්සිටි සිමෙන්ති (ලංකා) සමාගමේ අපද්‍රව්‍ය කළමනාකරණ අංශයයි.  INSEE සිමෙන්ති සන්නාමය INSEE සන්නාමය යටතේ Sanstha, Mahawali Marine, Mahawali Marine Plus, Rapid Flow,  Rapid Flow Plus යන සිමෙන්ති නිෂ්පාදන වෙළෙඳපොළ වෙත නිකුත් කරයි.  INSEE සිමෙන්ති  හරිත ගොඩනැගිලි කවුන්සිලය මගින් පිරිනමන හරිත සහතිකය ලබා ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම හරිත සිමෙන්ති නිෂ්පාදනය වන අතර, ශ්‍රී ලංකාවේ එක ම පූර්ණ ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදකයා වන එම සමාගම LMD ශ්‍රේණිගත කිරීම මගින් වඩාත් ගෞරවණීය ආයතන අතරට ද නම් කෙරිණි.

 

  • Ada Derana BIZ Sinhala
  • CMTA
  • Electric vehicles
  • sri lanka

භාවිතා කළ විද්‍යුත් රථ වාහන ආනයනයෙන් ඇති විය හැකි අනිසි බලපෑම් ගැන පාරිභෝගිකයන්ට අනතුරු ඇඟවීමක්

October, 19, 2022

ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨතම  රථ වාහන වෙළෙද සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), භාවිතා කරන ලද විද්‍යුත් රථ වාහන ශ්‍රී ලංකාවට ආනයනය කිරීම නිසා ඇති විය හැකි අයහපත් බලපෑම්  පිළිබඳව දැඩි අවධානයක් යොමු කරයි. විද්‍යුත් රථ වාහන හරහා මෙරට පාරිභෝගිකයාට, පරිසරයට, සමාජයට සහ ආර්ථිකයට ඇති විය හැකි ඍනාත්මක බලපෑම අවම කිරීම සඳහා මෙරට දේශගුණ තත්වයන්ට අනුකූල වන ලෙස නිෂ්පාදකයාගේ නිර්දේෂයන් සහිතව  නිෂ්පාදකයා විසින් සෘජුවම කර්මාන්ත ශාලාවෙන් නැව්ගත කරන විද්‍යුත් වාහන ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේ  වැදගත්කම CMTA පෙන්වා දෙයි.

ශීත දේශගුණයක් සහිත රටවල්වලට අනුකූලව නිපද වූ  විද්‍යුත් රථ වාහන, ශ්‍රී ලංකාව වැනි නිවර්තන කලාපයක් සහිත රටවල්වලට සුදුසු නොවීමේ හැකියාවක් පවතින්නේ ඒවායේ ඉහළ වෝල්ටීයතා (HV) බැටරිවලට අවශ්‍ය සිසිලන පද්ධති  නොතිබිය හැකි බැවිනි. එනම් CMTA අවධාරණය කරන්නේ ඉහළ වෝල්ටීයතාවක් ඇති බැටරි (HV) සහ විද්‍යුත් රථ වාහනවල පද්ධති දේශීය තත්වයන්ට යෝග්‍ය විය යුතු බවයි. අදාළ රථ වාහන සන්නාමයේ බලයලත් ඒජන්තවරුන් නොවන ආනයනකරුවන්ගෙන් මිල දී ගන්නා සහ ආනයනය කරන ලද විද්‍යුත් වාහන, පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට විධිමත් වගකීම් ආවරණයක් සමඟින් නොපැමිණීමට ඉඩකඩ තිබිය හැකි බවට CMTA තවදුරටත් අනතුරු  අඟවයි. ශ්‍රී ලංකාව වෙත නැව්ගත කරන, භාවිතා කළ ලද විද්‍යුත් වාහනවල HV බැටරිවල පිටතට නොපෙනෙන හානිවීම් පැවතීමේ ඉඩකඩ ඇත.  පාරිභෝගික ආරක්ෂාව උදෙසා, බොහෝ විට නිෂ්පාදකයාගේ වගකීම් කාලය මෝටර් රථ වාහන සඳහා අවම අවුරුදු 05ක් දක්වා ද, මෝටර් බයිසිකල් සඳහා අවුරුදු 03ක් දක්වා ද ලබා දෙයි.    

CMTA දැඩිව අවධානය යොමු කරන තවත් කරුණක් වන්නේ, ඉහළ වෝල්ටීයතාවක් ඇති බැටරි (HV) බැහැර කිරීමේ ක්‍රියාවලියයි. මේවා නිසි කළමනාකරණයකින් තොරව බැහැර කළ හොත්, පරිසරයට මෙන්ම භූගත ජල පද්ධතියට ද විශාල ලෙස අහිතකර බලපෑම් ඇති කිරීමේ අවදානමක් ඇති වීමට ද ඉඩකඩ පවතියි. මේ නිසා ඉහළ වෝල්ටීයතා බැටරි සහ අනෙකුත් උපාංග අනිසි ලෙස බැහැර කිරීම නිසා ඇති විය හැකි බලපෑම අවම කිරීමට, විද්‍යුත් රථ වාහන ආනයනකරුවන් බැටරි ප්‍රතිචක්‍රීකරණ / ප්‍රතිඅපනයන සමාගමක් සමඟ එකඟතාවයකට පැමිණ සිටීම වඩාත් යෝග්‍ය  බව CMTA නිර්දේශයයි. මෙසේ අනිසි බැහැර කිරීම් සිදු කරන පුද්ගලයන්ට නීතීමය රාමුවක් ස්ථාපිත කිරීම ද වැදගත් බව CMTA   පවසන්නේ ඒ හරහා ඇති විය හැකි අහිතකර බලපෑම් අවම කළ හැකි බැවිනි.

බොහෝ විද්‍යුත් වාහනවල ඉහළ වෝල්ටීයතා බැටරි රුපියල් මිලියන 5 සිට ඉහළට හෝ  වාහනයේ CIF අගයෙන් (පිරිවැය, රක්ෂණය සහ ප්‍රවාහනය) ආසන්න වශයෙන් 50%ක් හෝ දක්වා විය හැකි බව සැළකිල්ලට ගැනීම වැදගත් වේ. එබැවින් මෙරටට ආනයනය කරන සෑම විද්‍යුත් රථ වාහනයක්ම නිෂ්පාදනයෙන් මාස 06ක් ඇතුළත ආනයනය කරන්නේ නම් එය වැදගත් වනු ඇත. එසේ කිරීමෙන් ඉහළ වෝල්ටීයතා බැටරිවලට ඇති විය හැකි අහිතකර බලපෑම් නිෂේධනය කිරීමට ඉඩකඩ හිමිවේ.       

CMTA හි සභාපති චාරක පෙරේරා, "භාවිතා කරන ලද විද්‍යුත් වාහන වෙනුවට නිෂ්පාදකයාගෙන් සෘජුවම නවතම විද්‍යුත් වාහන ආනයනය කිරීමට දිරිමත් කිරීම අත්‍යවශ්‍යයි. රථ වාහන විද්‍යුත්කරණයෙන් ශ්‍රී ලංකාවට යහපත් ප්‍රතිඵල ලැබිය හැකියි.  මෙම වාහන නිසි ලෙස ආනයනය කිරීම සහතික කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවටත්, ඒවා මෙරටට පාරිසරික හෝ ආර්ථික වශයෙන් තර්ජනයක් නොවන බවටත් සියළු බලධාරීන් සහ ආනයනකරුවන් ක්‍රියා මාර්ග ගත යුතුයි" යනුවෙන් සිය අදහස් දැක්විය.

විද්‍යුත් රථ වාහන මිල දී ගැනීමට පෙර ඒ සම්බන්ධ සියලු වැදගත් කරුණු පිළිබඳ දැනුවත් විය යුතු බවට, අන්තර්ජාතික විද්‍යුත් රථ වාහන නිෂ්පාදකයන් නියෝජනය කරන එකම සංගමය වශයෙන් CMTA, මහ ජනතාව දැනුවත් කරයි. විද්‍යුත් රථ වාහනවල ආනයනය  අධික ලෙස  සිදු වූ 2014 වසරේ දී  විද්‍යුත් රථ වාහන මාදිලි මිල දී ගත් පාරිභෝගිකයන් මුහුණ දුන් ගැටලු නැවත සිදු නොවීමට මෙවන් දැනුවත් කිරීම් මගින් හැකියාව ලැබෙයි. 

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධිත, 1919 වසරේ දී ආරම්භ කරන ලද සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) දේශීයව පත් කරන ලද බලයලත් ඒජන්තවරුන් හරහා වාහන නිෂ්පාදකයින් නියෝජනය කරන එකම වෙළඳ ආයතනයයි. මෙය ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨතම රථ වාහන වෙළෙද සංගමය ද වේ. CMTA සාමාජික ආයතන විසින් ශ්‍රී ලාංකික පුරවැසියන් දස දහස් ගණනක් සේවයේ යොදවා පුහුණු කරන අතර ඉංජිනේරු හා කළමනාකරණයේ වඩාත් හොඳ අන්තර්ජාතික ප්‍රායෝගික භාවිතයන් ලබා දෙමින් ජාත්‍යන්තර මට්ටමින් රැකියා කළ හැකි පිරිසක් නිර්මාණය කිරීමට දායක වෙයි. CMTA සාමාජිකයින් සියලු දෙනාවම ඔවුන් නියෝජනය මෝටර් රථ නිෂ්පාදකයන් විසින් නිසි ලෙස අධීක්ෂණය කරනු ලබයි. 

මීට අමතරව CMTA හි අනාගත වැඩසටහන් සදහා වාර්ෂික ආයතනික අනුග්‍රහය ලබා දීමට, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් (SLIC), HNB ලීසින් සහ SLT- මොබිටෙල් සමාගම් ඉදිරිපත් වී ඇත.

  • Ada Derana BIZ Sinhala
  • New act
  • public asset
  • sri lanka

රාජ්‍ය වත්කම් කළමනාකරණයට නව පනතක්

October, 18, 2022

2022 මුදල් වර්ෂයට අදාළ විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද අයවැය කථාවේදී ආර්ථිකය ශක්තිමත්ව ගොඩනැඟීම, රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වර්ධනය කිරීම සහ රජය සතු සම්පත් ඵලදායී ලෙස කළමනාකරණය කිරීම අරමුණු කරගෙන නව පනත් කිහිපයක් හඳුන්වා දීමේ සහ දැනට පවතින පනත් කිහිපයක විධිවිධාන සංශෝධනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙන ලදී.
ඒ අනුව, මහා භාණ්ඩාගාරය යටතේ පවතින කොම්ප්ට්‍රෝලර් ජනරාල් කාර්යාලයේ රාජකාරි කටයුතු පුළුල් කර ඊට නෛතිකභාවයක් ලබා දීමටත්, ජාතික වත්කම් ලේඛනයක් පිළියෙල කිරීමට සහ රාජ්‍ය වත්කම් සම්බන්ධ මධ්‍යගත දත්ත පද්ධතියක් හඳුන්වා දීමටත් හැකි වන පරිදි යෝග්‍ය විධිවිධාන ඇතුළත් කරමින් රාජ්‍ය වත්කම් කළමනාකරණය සඳහා නව පනතක් හඳුන්වා දීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙසට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.