• Ada Derana BIZ Sinhala
  • SLT-MOBITEL 5G
  • sri lanka

SLT-MOBITEL 5G අත්හදා බැලීමේ අත්දැකීම් අඛණ්ඩව ඉදිරියට

October, 10, 2022

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සිය පූර්ව-වාණිජ 5G පර්යේෂණ ජාලය දිවයින පුරා ව්‍යාප්ත කිරීම වෙනුවෙන් ආරම්භ කළ 5G තාක්ෂණය අත්හදා බැලීමේ ව්‍යාපෘතිය අඛණ්ඩව ඉදිරියට ගෙන යනු ලබයි.

ඒ අනුව, පසුගියදා NSBM හරිත සරසවියේදී 5G තාක්ෂණය අත්හදා බැලීම සිදු වූ අතර එහිදී 5G හි පුළුල් භූමිකාව පිළිබඳව සිසුන් දැනුවත් කිරීම සහ ඊළඟ පරම්පරාවේ තාක්‍ෂණය, කාර්මික විපර්යාසය මෙහෙයවීමට සහ ඩිජිටල් විප්ලවයක් කරා යෑමට 5G උත්ප්‍රේරකය වන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම අවස්ථාවෙහි අවධානය යොමු විය.

  • Ada Derana BIZ Sinhala
  • September
  • sri lanka
  • tourist arrivals

2022 අඩුම සංචාරක පැමිණීම සැප්තැම්බරයේ දී

October, 10, 2022

පසුගිය සැප්තැම්බර් මාසයේ දී මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 29,802 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා පෙන්වා දේ.

මෙහි ඇති විශේෂත්වය නම් 2022 වර්ෂයේ තනි මාසයක් තුළ පැමිණ ඇති අඩුම සංචාරක සංඛ්‍යාව ලෙසින් මෙය සටහන් වීමයි.

මීට පෙර මෙම වසර තුළ අඩුම මෙරට සංචාරක පැමිණීමේ පහළම අගය වාර්තා වී තිබුණේ පසුගිය මැයි මාසයේ දීය. එය 30,207 කි.

2022 මුල් මාස 09 තුළ පැමිණ තිබෙන මුළු සංචාරකයින් ප්‍රමාණය 526,232 ක් වේ.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ 2022 සැප්තැම්බර් මාසය තුළ සංචාරක ඉපයීම් එක්සත් ජනපද ඩොලර් මිලියන 53.6 ක් බවයි.

ඒ අනුව 2022 මුල් මාස 09 තුළ මුළු සංචාරක ඉපයීම් ඩොලර් මිලියන 946.4 ක් වේ.

  • Ada Derana BIZ Sinhala
  • European Union
  • Mediation Boards Commission
  • national awareness campaign
  • sri lanka

සමථ මණ්ඩල කොමිෂන් සභාවේ ජාතික දැනුවත් කිරීමේ ව්‍යපාරය, යුරෝපා සංගමයේ අරමුදල් සහයෙන් දියත් කෙරේ

October, 10, 2022

ශ්‍රී ලංකාවේ සමථ මණ්ඩල කොමිෂන් සභාව විසින් අධිකරණ අමාත්‍යංශය සමඟ එක්ව ශ‍්‍රී ලංකාවේ සමථකරණ වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීම සඳහා ″ගිනි සිසිල රැ නීරුම් නෙරුප්පුම්‶ ජාතික මාධ්‍ය ප‍්‍රචාරණ ව්‍යාපාරය සැප්තැම්බර් 27 වෙනි දින කොළඹ දී දියත් කරන ලදි.

බ්‍රිතාන්‍ය කවුන්සිලයේ එළිමහන් තණතිල්ලේදී පැවති මෙම එළිදැක්වීමේ උත්සවය සම්භාවනීය අමුත්තන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදුවිය. අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්ත පෙරේරා, සමථ මණ්ඩල කොමිසමෙහි ලේකම් ප‍්‍රියනාත් පෙරේරා , සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපති විනිසුරු යාපා, සමථ මණ්ඩල කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන්, ශ‍්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ යුරෝපා සංගමයේ තානාපති එච්.ඊ. ඩෙනිස් චයිබි, ශ‍්‍රී ලංකාව සහ මාලදිවයිනේ යුරෝපා සංගමයේ නියෝජිත පිරිස, බ්‍රිතාන්‍ය කවුන්සිලයේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ඒඩ‍්‍රියන් චැඞ්වික්, බ්‍රිතාන්‍ය කවුන්සිලයේ ශ‍්‍රී ලංකා අධ්‍යක්ෂ මරියා රෙහ්මාන් සහ ආසියානු පදනමේ මෙරට නියෝජිත දිනේෂා ද සිල්වා යන මහත්ම මහත්මීන් මේ සඳහා සහභාගී වූහ.

"ගිනි සිසිල (නීරුම් නෙරුප්පුම්)” යනු සාම්ප‍්‍රදායික ගිනි නැටුමකට යොමු වන දෘෂ්ටිවාදයකි. එහිදී සිදුකරන්නේ නර්තන ශිල්පියෙකු විසින් තම මුඛයෙන් ගින්නක් නිවා දැමීමයි. ප‍්‍රජා මැදිහත්වීම හරහා ආරවුල් විසඳීම සඳහා සංවාදය භාවිතා කිරීමේ වැදගත්කම මෙම රූපණය තුළින් පෙන්වාදෙනු ලබයි. මෙම සමාරම්භක උත්සවය පුවත්පත්, රූපවාහිනිය, ගුවන්විදුලිය සහ ඩිජිටල් මාධ්‍යයන් හරහා සැබෑ ජීවිතය තුළ මැදිහත්කරණය මඟින් සමථයකට පත් කරන ලද සාර්ථක කතා 24ක් එළිදැක්වීම සංකේතාත්මකව සනිටුහන් කළේය. සවස් යාමයේ දී ඒ අතුරින් තෝරාගත් කතාන්දරයන් කිහිපයක්, සජීවී විනෝදාස්වාද වැඩසටහන් සහ මෙම ව්‍යාපෘතියේ පූර්ව ප‍්‍රචාරක පටයක් ප‍්‍රදර්ශනය කිරීම ද සිදුවිය. සම්භාවනීය අමුත්තන් කිහිපදෙනෙකු සභාව ආමන්ත‍්‍රණය කිරීමද කැපී පෙනුණි. රැස්ව සිටි පිරිස අමතමින් අධිකරණ අමාත්‍ය ගරු. ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේ ”විකල්ප ආරවුල් නිරාකරණ යාන්ත‍්‍රණයක් ලෙස සමථකරණය ප‍්‍රවර්ධනය කිරීම මේ මොහොතේ අධිකරණ අමාත්‍යාංශයේ ප‍්‍රධාන ප‍්‍රමුඛතාවයකි. ශ‍්‍රී ලංකාවේ සමථ ක‍්‍රියාවලිය වැඩිදියුණු කිරීම සඳහා යුරෝපා සංගමයේ දායකත්වය මම බෙහෙවින් අගය කරමි.” යනුවෙනි.

මෙම ව්‍යාපාරයේ ප‍්‍රධාන අරමුණ වන්නේ ශ‍්‍රී ලංකාව තුළ උනන්දුව මත පදනම් වූ සමථකරණ ක‍්‍රියාවලිය සහ ප‍්‍රවේශය පැහැදිලි කරමින් සියලූම ප‍්‍රජා අතර සමථකරණය භාවිතය ප‍්‍රවර්ධනය කිරීමයි. සමථකරණ සේවාවන්හි ස්වභාවය, එහි ප‍්‍රයෝජන පිළිබඳව වැඩි පිරිසක් දැනුවත් කරමින්, එමඟින් විකල්ප ආරවුල් විසඳීමේ සේවාවන් සඳහා වඩා හොඳ ප‍්‍රවේශයක් ලබාදීම මෙහි මූලික අරමුණයි. එසේම නඩු පැවරීම හා සසඳන විට වියදම දැරිය හැකි, තිරසාර සහ කාලය ඉතිරි කිරීමේ ක‍්‍රියාවලියක් බවට මහජනතාව දැනුවත් කිරීමට ද එය උපකාරී වනු ඇත.

මෙහිදී අදහස් දැක්වූ ශ‍්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ යුරෝපා සංගම් තානාපති එච්.ඊ. ඩෙනිස් චයිබි මහතා ප‍්‍රකාශ කළේ, සමථ මණ්ඩලය මඟින් ශ‍්‍රී ලංකාව පුරා සපයන සමථකරණ සේවාවන් පිළිබඳව දැනුවත් කිරීම අරමුණු කරගත් මෙම ව්‍යාපාරය දියත් කිරීම යුරෝපා සංගමය අගය කරන බවයි. සමථකරණය යනු පුද්ගල ආරවුල් විසඳීමේ හා ඒවා උත්සන්න වීම වලක්වා සම්බන්ධ වූ පුද්ගලයන්ට සහනයක් ලබාදෙන මෙන්ම අධිකරණ පද්ධතිය ඉහවහා යාම වලක්වන ඉතා කාර්යක්ෂම හා ඵලදායී මාධ්‍යයක් බව ඒ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

මෙම ව්‍යාපාරය මෙහෙයවනු ලබන්නේ යුරෝපා සංගමයේ මූල්‍ය අනුග‍්‍රාහකත්වයෙන්, ආසියානු පදනම සමඟ එක්ව බි‍්‍රතාන්‍ය කවුන්සිලය මඟින් කි‍්‍රයාත්මක කෙරෙන වසර හතරක යුක්ති ප‍්‍රවේශ ව්‍යාපෘතියක් වන ඵලදායීව ආරවුල් නිරාකරණයට සහයවීමේ (SEDR) ව්‍යාපෘතිය මගිනි. යුරෝ මිලියන 7ක ව්‍යාපෘතියක් වන මෙය, ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක වන යුරෝපා සංගමයෙහි (EU) STRIDE ව්‍යාපෘතියෙහි (Strengthening Transformation, Reconciliation, and Inclusive Democratic Engagement) අංගයක් ලෙස සඳහන් කළ හැකිය.

  • Ada Derana BIZ Sinhala
  • exclusive banking partner
  • HNB
  • NCE
  • sri lanka

2022-23 NCE සම්මාන උළෙලේ සුවිශේෂී බැංකු සහකරුවා ලෙස HNB නැවතත් එක් වෙයි

October, 10, 2022

ශ‍්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ 2022-23 වසර සඳහා සුවිශේෂී බැංකු සහකරුවා ලෙස ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම බැංකුව වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා නැවත වරක් අත්වැල් බැඳ ගත්තේය.  “Recognizing, Inspiring and Strengthening’’ යන තේමාව යටතේ මෙවර පවත්වනු ලබන සිය 30 වැනි අපනයන සම්මාන උළෙල NCE හට ඉතා සුවිශේෂී එකක් වනු ඇත. එහි සාර්ථකත්වයේ කොටස්කරුවකු වීමට HNB හටද අවස්ථාව හිමි වීම සතුටකි.

විශේෂිත සහතික නිකුත් කිරීම, විවිධ වෙළෙඳාම් සම්බන්ධ ලියකියවිලි, පුහුණු වැඩසටහන් හා වැඩමුළු පැවැත්වීම, අදාල රාජ්‍ය ආයතන සමඟ පවත්වනු ලබන සාකච්ඡුාවන් හා රැස්වීම්වලදී අපනයනකරුවන් නියෝජනය කිරීම ඇතුළු සේවාවන් රැසක් ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය මඟින් සලසනු ලබයි.

අපනයන ක්ෂේත‍්‍රයේ වර්ධනයෙහි වැදගත්කම කල්තියාම අවබෝධ කරගත් HNB විශ්වාසයෙන් යුතුව ගෝලීය අවකාශය වෙත පිවිසීම සහ ඔවුන්ගේ හැකියාවන් ප‍්‍රදර්ශනය කිරීම සඳහා අපනයන අංශය වෙත අවස්ථා නිර්මාණය කිරීමට කටයුතු කරන ලදී. මෙම වෙනස කලින්ම අනුගමනය කරන බැංකුවක් වීම නිසාම HNB හට රට පුරා සිය ව්‍යාප්තිය ඉහළ නංවා ගැනීමට මෙන්ම 2021 වසර තුළ එහි වෙළෙඳපොල සැලකිය යුතු ලෙස වර්ධනය කර ගැනීමට හැකියාව උදා විය.

මෙම වසරේදී අපනයන ක්ෂේත‍්‍රය සිය සුවිශේෂී හැකියාව අඛණ්ඩව පෙන්නුම් කරමින් රටේ අපනයනයන් මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 815 කින් ඉහළ ගොස් ඩොලර් මිලියන 6,514ක් දක්වා වූ සුවිශේෂී වර්ධනය අත්කර ගැනීමට සමත්ව ඇත. එය පසුගිය වසරට සාපේක්ෂව  14% ක වර්ධනයකි.

ගෝලීය වෙළෙඳපොලට අවශ්‍ය සම්පත් ශ‍්‍රී ලංකාව තුළ පවතී. අපනයනකරුවන් වෙත සේවා සපයන්නන් ඇතුළු ශ‍්‍රී ලංකා අපනයන නිෂ්පාදන හා සේවා ප‍්‍රදර්ශනය කිරීම සඳහා ක‍්‍රමයක් නිර්මාණය කිරීම, මෙරට නිෂ්පාදන හා සේවා ලබාදීමේ පරාසයන් පිළිබඳ අනාගත ගැනුම්කරුවන් සහ පාරිභෝගිකයින් දැනුවත් කිරීම වැනි දේ තුළින් එය තව තවත් ඉහළ නංවා ගත හැකි වනු ඇත.

මේ සඳහා සාම්ප‍්‍රදායික අපනයන ආශ‍්‍රිත වැඩසටහන්වලට අමතරව HNB ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට පාරිභෝගිකයින් සඳහා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ඩිජිටල් විදේශීය අපනයන වෙළෙඳපොල අවස්ථාවන් හිමිකර දීමට කටයුතු කර ඇත. Cord360.com යනු ඉන් එකකි. එහිදී www.cord360.com හරහා   මූල්‍ය, සැපයුම්, අලෙවිකරණ සහ වෙළෙඳපොල ප‍්‍රවේශය වැනි ප‍්‍රධාන ක්ෂේත‍්‍ර සඳහා අපනයනකරුවන්ට සහයෝගය සලසනු ලබයි. විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන් වෙත වැඩි ප‍්‍රතිලාභ ලබා දෙමින්, විදේශීය ගැනුම්කරුවන් හා වෙළෙඳාම ඔවුන් වෙත සම්බන්ධ කර දීම ඉතා වැදගත් වේ.

ජාත්‍යන්තර වෙළෙඳ සේවා දෙපාර්තමේන්තු මෙහෙයවනු ලබන මනා පළපුරුද්දක් සහිත සුදුසුකම්ලත් වෘත්තිකයින්ගෙන් සමන්විත HNB සතුව ශ‍්‍රී ලංකාවේ බැංකු අතරින් සහතික ලත් ලේඛන ණය විශේෂඥයින්ගේ විශාලතම සංචිතයද වේ. HNB හි මධ්‍යගත ජාත්‍යන්තර වෙළෙඳ සේවා දෙපාර්තමේන්තුව කොළඹ 01 ජනාධිපති මාවතෙහි පිහිටුවා ඇති අතර එය ශ‍්‍රී ලංකා මහ බැංකුව, ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව, ශ‍්‍රී ලංකා රේගුව, නැව්ගත කිරීම හා භාණ්ඩ ප‍්‍රවාහන සේවා සපයන්නන් මෙන්ම අනෙකුත් නියාමන හා ව්‍යවස්ථාපිත බලයක් සහිත ආයතන සමඟ සමීපව කටයුතු කරමින් ආනයන හෝ අපනයන ලියකියවිලි සම්පූර්ණ කිරීම සඳහා පාරිභෝගිකයින් වෙත උපරිම සහයෝගය සලසනු ලබයි.

ඡායාරූපය -  (වමේ සිට) HNB හි ව්‍යාපාර විශේෂඥ හසන්ති ද සිල්වා, ශ‍්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ ලේකම් - ජෙනරාල්/ප‍්‍රධාන විධායක නිලධාරී ශිහාම් මරික්කාර්, HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - වාණිජ බැංකු කටයුතු (Wholesale Banking) දමිත් පල්ලෙවත්ත හා HNB වෙළෙඳ ප‍්‍රධානී රොසෑන් ඩි අල්මේදා යන මහත්ම මහත්මීන් අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක් වෙමින්

  • Ada Derana BIZ Sinhala
  • Children’s Day
  • HNB Finance PLC
  • Kilinochchi
  • sri lanka

HNB FINANCE PLC කිලිනොච්චි මධ්‍ය ප‍්‍රාථමික විද්‍යාලයේ දරුදැරියන් සමඟින් ලෝක ළමා දිනය සමරයි

October, 10, 2022

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ මූල්‍ය සේවා සපයන්නා වන HNB FINANCE PLC මෙවර  ලෝක ළමා දිනයට සමගාමීව පසුගිය ඔක්තෝබර් 01 දා කිලිනොච්චි මධ්‍ය ප‍්‍රාථමික විද්‍යාලයේ දී ආකර්ෂණීය වැඩසටහන් රැසක් සමඟින් චිත‍්‍ර වැඩමුළුවක් සංවිධානය කළේය. පසුගිය සෑම වසරකදීම ලංකාවේ විවිධ පළාත්හි දුෂ්කරතා සහිත පාසල් හඳුනාගනිමින් ලෝක ළමා දින උත්සවය අර්ථාන්විතව සැමරීමට HNB FINANCE ක‍්‍රියාකර කර ඇත.

කිලිනොච්චි මධ්‍ය ප‍්‍රාථමික විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් HNB FINANCE විසින් මෙවර සංවිධානය කරන ලද ලෝක ළමා දින සැමරුම් උළෙල සඳහා එම විද්‍යාලයේ විදුහල්පති එස්.කීතේස්වරන් මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, සිසුන් සහ දෙමාපියන් සහභාගී වූ අතර HNB FINANCE PLC හි අෙලවි අංශ ප‍්‍රධානී උදාර ගුණසිංහ මහතා, ප‍්‍රධාන කාර්යාලයේ අලෙවි අංශයේ සහ ඉතුරුම්  අංශයන්හි නිළධාරීන් සහ කිලිනොච්චි ශාඛාවේ කාර්ය මණ්ඩලය මෙම ළමා දින වැඩසටහන සඳහා සංවිධාන දායකත්වය ලබාදෙමින් එම අවස්ථාවට  සහභාගි වූහ.

දරුවන්ගේ නිර්මාණශීලී දැක්ම සහ කලා කුසලතාවන් ඔප් නංවාලීම තුළින් වඩා යහපත් සංවේදී දරුවකු බිහිකිරීමත්, දරුවන්ගේ සමාජ සුරක්ෂිතතාව පිළිබඳව මෙන්ම මූල්‍ය සාක්ෂරතාව පිළිබඳව අවබෝධයක්  දෙමාපියන් තුළ ඇති කිරීමත් මෙවර ළමා දින වැඩසටහනෙහි මූලික අරමුණ විය.

එම අරමුණ පෙරදැරිව HNB FINANCE ළමා දින උත්සවය චිත‍්‍ර වැඩමුළුවකින් ආරම්භ වූ අතර දරුවන්ට චිත‍්‍ර ඇඳීමට අවශ්‍ය උපකරණ සහ ලිපිද‍්‍රව්‍ය සපයා දී ඔවුන්ට චිත‍්‍ර ඇඳීමට අවස්ථාව ලබා දෙන ලදි.  දරුවන්ගේ නිර්මාණශීලී කුසලතාවන් ඔප් නංවා ලීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශනය ලබා දීම සිදු කරන ලද්දේ චිත‍්‍ර කලා උපදේශක දේවරාජ් ජසින්තන් මහතා විසිනි.

මීට අමතරව දරුවන්ගේ සමාජ සුරක්ෂිතතාව පිළිබඳව දෙමාපියන් දැනුවත් කිරීම ශ‍්‍රී ලංකා පොලිසියේ කාන්තා උප පොලිස් පරීක්ෂක ඉෂාණි තිලෝචනා, කාන්තා පොලිස් කොස්තාපල් ආර්. සජිස්ත‍්‍රි‍්‍රිකා සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ කෝදෙයි තුශ්‍යාන්තන් යන මහත්මීන්ගේ සහභාගීත්වයෙන් සිදුකරන ලදි.  මෙම වැඩසටහනෙන් අනතුරුව ක්ෂුද්‍ර මූල්‍ය ල සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයින්ගේ මූල්‍ය සාක්ෂරතාව ශක්තිමත් කරමින් ඔවුන් සවිබල ගැන්වීම සඳහා සහ රටේ දිගුකාලීන ආර්ථිකය තිරසාරව ශක්තිමත් කිරීමේ  අරමුණෙන් HNB FINANCE PLC විසින් දීපව්‍යාප්තව සිදු කරන වැඩමුළු මාලාවෙහි තවත් වැඩසටහනක් මෙහිදී පවත්වන්නට යෙදුණු අතර එම වැඩසටහන HNB FINANCE PLC හි පුහුණු අංශයේ සහකාර පුහුණු කළමනාකරු යෝගරාජා ප‍්‍රගාශ් විසින් පවත්වන ලදි.

”වැඩිහිටියන් විසින් බොහෝ දුරට දැඩි අවධානයක් යොමු නොකරන තීරණාත්මක සාධකයක් වන්නේ දරුවන්ගේ මානසික යහපැවැත්ම සහ ඔවුන්ගේ නිර්මාණාත්මක කුසලතාවන් වර්ධනය කිරීම සඳහා දක්වන උනන්දුවයි. අනෙක් අතින් වර්තමානයේ දරුවන් බොහෝ විට සමාජය තුළ ආරක්ෂිත නැහැ. දරුවන්ගේ සමාජ සුරක්ෂිතතාව කෙරෙහි අන්කවරදාටත් වඩා දෙමාපිය වැඩිහිටියන්ගේ අවධානය යොමු විය යුතු කාලයක් මෙය. ඒ වගේම ග‍්‍රාමීයව වෙෙසෙන ජනතාවට උසස් ජීවන තත්වයක් ලගාකර දීම උදෙසා ඔවුන්ට අවශ්‍ය දැනුම, සහයෝගය සහ අවබෝධය ලබාදීමට ද අවශ්‍යයි.” යනුවෙන් HNB FINANCE PLC කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී චමින්ද ප‍්‍රභාත් මහතා පැවසුවේය.

මෙම වැඩසටහන සඳහා සහභාගී වන සෑම දරුදැරියකටම  වටිනා ත්‍යාගයක් ලබා දීමට ද HNB FINANCE PLC කටයුතු කළේය.

දැයේ අනාගත පරපුරට යහමඟ පෙන්වීමට සහ දරුවන්ගේ ජීවිත ආලෝකමත් කිරීමට හැකිවීම ගැන HNB FINANCE වඩාත් සතුටට පත්වේ. මන්ද ඔවුන් කවදා හෝ රටට වැඩදායක පුරවැසියන් ලෙස සිය ජීවිත ජයගනු ඇත. HNB FINANCE දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පවත්වනු ලබන සැමරුම් මාලාවකට සමගාමීව විශේෂයෙන් දුෂ්කරතාවන්ට මුහුණ දෙන ග‍්‍රාමීය දරුවන්ගේ සංවර්ධනයට සහ අභිවෘද්ධියට අත්‍යවශ්‍ය වන රෝහල් සහ පාසල් වැනි සේවා ස්ථාන සඳහා පහසුකම් සැලසීමට ද සමාගම පියවර ගෙන ඇත.

 

  • Ada Derana BIZ Sinhala
  • Orient Finance
  • Orient Minor Savings
  • sri lanka

ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම ළමා දිනය වෙනුවෙන් සුවිශේෂී ‘Orient Minor Savings’ ඉතුරුම් ගිණුම හඳුන්වා දෙයි

October, 10, 2022

ජනශක්ති සමූහයේ සාමාජිකයෙකු මෙන් ම මෙරට ප්‍රමුඛ පෙළේ මූල්‍ය සේවා සපයන්නෙකු වන ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම 2022 ළමා දිනය නිමිත්තෙන් Orient Minor Saving' නමින් සුවිශේෂී  ඉතුරුම් ගිණුමක් හඳුන්වා දී ඇත. මෙම ගිණුම මගින් දරුවන් තුළ කුඩා කල සිට ම ඉතිරිකිරීමේ පුරුද්ද ඇති කිරීම මෙන් ම, එසේ ඉතිරියට නැඹුරු වන දරු දැරියන් වෙත ඉහළ ප්‍රතිලාභ ලබා දීම ද අරමුණු කරන අතර,  එමඟින් දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා ද ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම සහයෝගය ලබා දෙයි.

Orient Minor Savings ඉතුරුම් ගිණුම ආකර්ෂණීය පොලී අනුපාත ඇතුළු ප්‍රතිලාභ රැසක් ලබා දෙන අතර, පෙර පාසල් අධ්‍යාපනයේ සිට ප්‍රතිලාභ ලබා දෙන සුවිශේෂී අධ්‍යාපනික වැඩසටහන් රාශියක් ද ක්‍රියාත්මක කරයි. එමෙන් ම ඔරියන්ට් ෆිනෑන්ස් සමඟින් ඉතිරි කිරීම ආරම්භ කිරීමේ දී ස්ථාවර හා ආරක්ෂිත මූල්‍ය සේවාවක් ලබාගැනීමට මෙන් ම  එක ම වහලක් යටින්  දරුවන්ගේ ඉතුරුම් සියල්ලක් ම කල්තියා සැලසුම් කිරීමේ හැකියාව ද දෙමාපියන් වෙත ලැබීම විශේෂත්වයකි.

“වසර 40 කට වැඩි කාලයක් තිස්සේ විශ්වසනීය සේවාවක් සමඟින්,  අද්විතීය මූල්‍ය විසඳුම් රාශියක් මේ රටේ ජනතාව වෙත ලබා දීමට අපට හැකි වෙලා තිබෙනවා. කුඩා කල සිට ම ඉතිරි කිරීමේ යහපත් පුරුද්ද මේ රටේ දරු පරපුර තුළ ඇති කිරීමට අපි නිරන්තරයෙන් කැප වෙනවා.  ඒ වගේ ම දැනටමත් අප සමඟ අත්වැල් බැඳගෙන සිටින ගනුදෙනුකරුවන්ට, තම දරුවන්ගේ අනාගත මූල්‍ය කටයුතු සැලසුම් කිරීමට ඔවුන්ගේ විශ්වාසවන්ත ම මූල්‍ය සේවා සපයන්නා වන අප සමඟ එක් වීමෙන් වැඩි ප්‍රතිලාභ ලබාගත හැකියි.  Orient Minor Savings ඉතිරි කිරීමේ ගිණුම හරහා දරුවන්ගේ පෙර පාසල් අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙම නව ගිණුම, වර්තමාන අර්බුදකාරී වාතාවරණය තුළ මේ රටේ ජනතාව වෙත අප ලබා දෙන  ස්ථාවර මූල්‍ය සේවාවන්ට ඉතා හොඳ උදාහරණයක්.” යනුවෙන් ඔරියන්ට් ෆිනෑන්ස් සමාගමේ විධායක අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී කේ. එම්.එම්.ජාබිර් මහතා පැවසුවේය.

දරුවන් තුළ යහපත් ජීවන රටාවක් ගොඩනැංවීම සඳහා යහපත්  පුරුදු අත්‍යවශ්‍ය වේ. මෙම දැක්මට සමගාමීව මෙවර ළමා දිනය නිමිත්තෙන් ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම විසින් කුඩා කල සිට ම දරුවන්ගේ ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කිරීම වෙනුවෙන් මෙම සුවිශේෂී ළමා ඉතිරි කිරීමේ ගිණුම හඳුන්වා දුන් අතර, එමගින් අනාගතයේ දී ඔවුන්ගේ  උසස් අධ්‍යාපනයට හා විදේශ අධ්‍යාපනයට අවශ්‍ය මූල්‍ය අත්වැළක් ලබාදීම අපගේ බලාපොරොත්තුවයි.

වසර 40 කට වැඩි කාලයක් පුරා ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම නව්‍ය හා පාරිභෝගිකයින් කේන්ද්‍ර කරගත් සේවා සපයන්නෙකු ලෙස ස්ථාවරත්වයට පත් වී ඇති අතර, ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා නිවැරදිව හඳුනාගනිමින් කාලීන මූල්‍ය නිපැයුම් හඳුන්වා දෙන ආයතනයක් ලෙසින් ද ප්‍රචලිත වී ඇත.  ජනශක්ති සමූහයේ ශක්තිය ද සමඟින්, සිය මූල්‍ය විසඳුම් කලඹ ශක්තිමත් ලෙස ඉදියට ම ගෙන යන ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම Orient Minor Savings ඉතුරුම් ගිණුම හරහා ගනුදෙනුකරුවන්ට ප්‍රතිලාභ රැසක් ලබා දෙයි.

  • Ada Derana BIZ Sinhala
  • Ocean Lanka
  • sri lanka

Ocean Lanka සමාගම සිය දීර්ඝකාලීන සාමාජිකයින් 145 දෙනෙකු අගයයි

October, 10, 2022

Ocean Lanka පෞද්ගලික සමාගම ශ්‍රී ලංකාවේ විශාලතම රෙදි ගෙතුම් නිෂ්පාදකයා වන අතර, පසුගිය දා එම සමාගම සංවිධානය කළ ‘OCL සේවා අභිමන් - 2022’ සම්මාන උලෙළේ දී සිය දිගුකාලීන සේවා සගයින් ඇගයීම සිදු කෙරිණි.

Ocean Lanka සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ඔස්ටින් අවු මහතා සිය අදහස් ප්‍රකාශ කළේ මේ අයුරිණි. "ආයතනය වෙනුවෙන් කැප වන සේවක සේවිකාවන් පිරිසක් ලැබීම පිළිබඳව ඇත්ත වශයෙන් ම අපි ආඩම්බර වෙනවා. ඒ වගේ ම වසර ගණනාවක් ඔවුන් අප සමාගම වෙනුවෙන් කැපවීම අපි ඉතා ගෞරවයෙන් අගයනවා. අද වන විට Ocean Lanka සමාගමේ  සක්‍රීය සේවකයින් 788 දෙනෙකු වසර 10 කට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කර තිබෙනවා. එය සමස්ත සේවක සංඛ්‍යාවෙන් 41% කට ආසන්න ප්‍රතිශතයක්.  ඒ වගේ ම තවත් සේවක සේවිකාවන්  190 දෙනෙකු වසර 20 කට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කරනවා. ඔවුන් සංඛ්‍යාව මුළු සේවක සංඛ්‍යාවෙන් 10% ක්.  විශේෂයෙන් වර්තමානයේ පවතින ආර්ථික අවිනිශ්චිතභාවය මධ්‍යයේ පවා ආයතනය වෙනුවෙන් ඔවුන්ගේ කැපවීම ඇත්ත වශයෙන් ම ඇගයිය යුතුමයි."

‘OCL සේවා අභිමන් 2022’ සම්මාන උළෙල යනු Ocean Lanka සමාගම විසින් පවත්වනු ලබන ඉතා සුවිශේෂී උත්සවයක් වන අතර, එය එම සමාගමේ කාර්ය මණ්ඩලය, සමාගම කෙරෙහි තබා ඇති විශ්වාසය හා පක්ෂපාතීත්වය ඇගයීම වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කෙරෙන වැඩසටහනකි.

Ocean Lanka සමාගම සිය කාර්ය මණ්ඩලයේ හැකියාවන් අගයමින්, නිරන්තරයෙන් ඔවුන් දිරිගැන්වීමට කටයුතු කරන ආයතනයක් වන අතර, තම කාර්ය මණ්ඩලය අභිප්‍රේරණය කිරීම වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කරන සමාගමකි. එමනිසා ම Ocean Lanka සමාගමේ සියලු ම සාමාජිකයින් ආයතනය කෙරෙහි දැඩි විශ්වාසයකින් හා කැපවීමකින් ක්‍රියා කරන බව පැවසිය යුතුමය.

  • Ada Derana BIZ Sinhala
  • Huawei
  • sri lanka

ජාත්‍යන්තර මට්ටමේ වෙළෙඳ යටිතල පහසුකම් ගොඩනැංවීම වෙනුවෙන් Huawei සමාගම රේගු හා වරාය කටයුතු ආශ්‍රිතව ස්මාර්ට් සේවාවන්  දියත් කරයි

October, 10, 2022

 Huawei සමාගම විසින් පසුගිය දා බැංකොක් හි පැවති HUAWEI CONNECT 2022 සමුළුවේ දී රේගු හා වරාය සේවාවන් වෙනුවෙන් නිර්මාණය කෙරුණු සිය නවතම සේවාවන් හඳුන්වා දීම සිදු කෙරිණි. පසුගිය ඔක්තෝම්බර් මාසයේ දී සිය රේගු හා වරාය අංශය ස්ථාපිත කළ Huawei සමාගම රේගු හා වරාය සේවාවන් ඩිජිටල්කරණයට ලක් කිරීම වෙනුවෙන් නව සේවාවන් රැසක් හඳුන්වා දී ඇත.

ආසියා පැසිෆික් කලාපයට අදාළය රේගු හා වරාය අංශයක් ආරම්භ කිරීම Huawei සමාගමේ සුවිශේෂී ඉදිරි පිම්මක් බව Huawei රේගු හා වරාය අංශයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති හා ප්‍රධාන මෙහෙයුම් නිලධාරී  රොබින් ලූ මහතා පැවසුවේය. " රේගු හා වරාය ක්ෂේත්‍රය තුළ වෙළෙඳ යටිතල පහසුකම් ඩිජිටල්කරණය කිරීම වෙනුවෙන් ගෝලීය වශයෙන් විශාල අවස්ථා ප්‍රමාණයක් නිර්මාණය වී තිබෙනවා.  මේ වසරේ පැවැත්වුණු HUAWEI CONNECT සමුළුවේ දී, අපි අපගේ ප්‍රමුඛ පෙළේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික නව නිපැයුම් හා සේවාවන් රාශියක් හඳුන්වා දීමට කටයුතු කළා. ඒ අතරින් ආසියා පැසිෆික් කලාපයේ රේගු හා වරාය වෙළෙඳ යටිතල පහසුකම් ඩිජිටල්කරණය වෙනුවෙන් හඳුන්වා දුන් නව සේවාවන් විශේෂයි.  එම සේවාවන් හරහා අපට රේගු හා වරාය කටයුතු ආශ්‍රිත සේවා කාර්යක්ෂම කිරීමට වගේ ම එම සේවාවන් ගෝලීය වශයෙන් ව්‍යප්ත කිරීමටත් අවස්ථාව ලැබෙනවා. " යනුවෙන් ලූ මහතා වැඩිදුර අදහස් දක්වමින් පැවසුවේය.

ආරක්ෂිත, කාර්යක්ෂම හා ස්මාර්ට් පහසුකම්වලින් සමන්විත වරාය සේවාවක් ගොඩනැංවීම

ලූ මහතාට අනුව, වර්තමානයේ  ජාත්‍යන්තර වෙළෙඳාම හා ගෝලීය ආර්ථික වර්ධනය සඳහා වරාය ආශ්‍රිත සේවාවන්  ප්‍රධාන කාර්‍යභාරයක් ඉටු කරයි.  ලෝකය  ඩිජිටල්කරණය වන විට, වරාය කටයුතු ආශ්‍රිත සේවාවන් ද ඩිජිටල්කරණය වෙත නැඹුරු වීම අත්‍යවශ්‍ය කරුණකි. ඩිජිටල්කරණය දැඩි අභියෝගයක් මෙන් ම එඟින් වැඩි ව්‍යාපාරික අවස්ථා ප්‍රමාණයක් නිර්මාණය කරන බව ද පැවසිය යුතු ම කරුණකි.

ස්මාර්ට්, බහාලුම් සැලසුම්කරණ ක්‍රියාවලිය : සැලසුම් කිරීම යනු ඕනෑ ම වරායක මූලික අංගයක් වන අතර, එය අදාළ වරායේ මෙහෙයුම් කාර්යක්ෂමතාව කෙරෙහි සෘජුව ම බලපායි.  ක් සමාගම විසින් හඳුන්වා දී ඇති Huawei Cloud OptVerse AI Solver සේවාව මගින් වරායන් ආශ්‍රිත බහාලුම් කළමනාකරණ ක්‍රියාවලිය කාර්‍යක්ෂම කිරීමේ හැකියාව ලබා දෙයි.

දෘශ්‍ය ජාලයක් සහිත දුරස්ථ පාලකය : සාම්ප්‍රදායික පර්යන්ත මෙහෙයුම් ක්‍රියාවලිය සඳහා කාලය මෙන් ම ශ්‍රම ද වැඩි වශයෙන් වැය වේ. එමෙන් ම එහි දී සේවකයින්ට පැය ගණනක් නිරාහාරව, කටුක වැඩ පරිසරයක් තුළ සේවය කිරීමට සිදුවේ.  Quay දොඹකර ක්‍රියා කරුවන් මෙවැනි වාතාවරණයක් තුළ, සාමාන්‍යයෙන් පොළවේ සිට මීටර් 40ක් පමණ උසින් වැඩ කරන විට අදාල වෘත්තියට අදාළ විවිධ රෝගී තත්ත්වයන්ට ගොදුරු වීමේ අවදානමක් පවතී.

ස්මාර්ට් අභ්‍යන්තර ප්‍රවාහන පද්ධතියක් : වරායක් සාමාන්‍යයෙන් සතියේ දින 7 ම පැය 24 පුරා ක්‍රියාත්මක වේ. එම නිසා අභ්‍යන්තර බහාලුම් ට්‍රක් රථ රියදුරන් සාමාන්‍යයෙන් සේවා මුර තුනක සේවා කටයුතුවල නිරත වන අතර, ඔවුහු එහි දී අවදානම් තත්ත්වයන්ට හා කාර්‍යබහුලත්වයට තදින් ම මුහුණ දෙති.  එසේ වුව ද, ඊට විකල්ප සෙවීම අපහසු නිසා සම්පත් භාවිතය අවම වේ.

නිෂ්පාදන ආරක්ෂාව වෙනුවෙන් ස්මාර්ට් සේවා : වරායකට ආරක්ෂාව යන සංකල්පය ඉතා වැදගත් වේ. එමෙන් ම නව ස්වයංක්‍රීය පර්යන්ත සඳහා ඕනෑ ම කාලගුණික තත්ත්වයක් යටතේ ආරක්ෂාව සහතික කරන ආරක්ෂණ පද්ධතියක් අත්‍යවශ්‍ය ය. අවදානම් මඟහරවා ගනිමින් පර්යන්තවල ආරක්ෂාව තහවුරු කිරීමට Huawei ස්මාර්ට් නිෂ්පාදන උපකාරී වන බව පැවසිය යුතුමය.

විවෘත, පාලනය කළ හැකි සහ වේගවත් ස්මාර්ට් රේගු සේවාවක් :

සාම්ප්‍රදායික පරීක්ෂා කිරීමේ ක්‍රමවේද නිසා රේගු නිෂ්කාශන කටයුතු මන්දගාමී වේ. එමෙන් ම වෙළෙඳ කටයුතු සඳහා අහිතකර ලෙස  බලපාන ප්‍රධානතම කරුණක් වන්නේ අකාර්යක්ෂම අධීක්ෂණයයි.  මෙම ගැටලු විසඳීම සඳහා Huawei සමාගම විවෘතභාවය, පහසු පාලනය, වේගවත් ප්‍රවේශය සහ ගුණාත්මක සේවාවන් ස්ථාපිත කරන විවිධ නව සේවාවන් සැලසුම් කර ඇති බව ලූ මහතා පැවසුවේය.

  • Ada Derana BIZ Sinhala
  • DP Foundation
  • sri lanka
  • University of Kelaniya

DP Foundation කැලණි සරසවිය සමඟ එක්වෙයි

October, 10, 2022

කැලණිය විශ්වවිද්‍යාලය සහ ධම්මික හා ප්‍රිසිලා පෙරේරා පදනම එක්ව ශ්‍රී ලංකාවේ දැනුම මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැංවීම සඳහා ව්‍යාපාර සම්පත් කළමනාකරණය (ERP) පිළිබඳව මාර්ගගත ව්‍යාපෘතියක් නොමිලේ දියත් කෙරේ

කැලණිය විශ්වවිද්‍යාලය (UoK) සහ ධම්මික හා ප්‍රිසිලා පෙරේරා පදනම (DP Foundation) එක්වීමෙන් පසුගිය 2022 ඔක්තෝම්බර් 4 වැනි දින අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබීය. එම අවබෝධතා ගිවිසුමෙහි පරමාර්ථය වන්නේ ව්‍යාපාර සම්පත් කළමනාකරණය (ERP) පිළිබඳ සහතික මට්ටමේ මාර්ගගත පාඨමාලාවක් නිර්මාණය කිරීමයි.

මේ ව්‍යාපෘතියේ පරමාර්ථය වන්නේ ව්‍යාපාර සම්පත් කළමනාකරණය (ERP) පිළිබඳ අවශ්‍ය දැනුම නොමිලේ ඉගෙන ගැනීමට අවස්ථාව සැළසීමයි. මෙය SAP දැනුම සහ කුසළතාවය විශේෂීකරණය වන පරිදි නිර්මාණය වී ඇති අතර ව්‍යාපාර සම්පත් කළමනාකරණ කේෂ්ත්‍රයේ පුහුණුවන්නන්ගේ සිට සහය උපදේශකවරුන් දක්වා භූමිකා හතක රැකියා අවස්ථා නිපදවයි.

කැලණිය විශ්වවිද්‍යාලයේ (UoK) මෙම නව ව්‍යාපෘතිය නිර්මාණය කිරීම සඳහා ඩී.පී පදනම (DP Foundation) එහි ඩී පී එඩියුකේෂන් (DP Education) හස්තය හරහා දායක වන්නේ ව්‍යාපෘතියේ අන්තර්ගතය නිර්මාණය කිරීමට අවශ්‍ය අරමුදල් සහ මානව සම්පත් ලබාදීම මඟිනි.

මෙය ඩී පී එඩියුකේෂන් පදනමේ මාර්ගගත විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා දීම සම්බන්ධව සිදු කෙරෙන තෙවැනි ව්‍යාපෘතියයි. මින් පෙර මෙවැනි ව්‍යාපෘති ද්විත්වයක් මොරටුව විශ්වවිද්‍යාලය සමඟ සිදු වූ අතර පළමු ව්‍යාපෘතිය වූයේ Trainee -Full Stack Developer මාර්ගගත වැඩසටහනයි. අද වන විට 135,000 කට අධික සිසුන් පිරිසක් ඒ සමඟ සම්බන්ධ වී ඇත. Trainee-Full Stack Developer පාඨමාලාවට පිවිසීමට https://open.uom.lk/ වෙබ් අඩවියට පිවිසෙන්න. ඊට අදාළ දෙවැනි ව්‍යාපෘතිය වූයේ ව්‍යාපෘති කළමණාකරණය පිළිබඳ සහතික මට්ටමේ ඇමරිකාවේ ව්‍යාපෘති කළමණාකරණ ආයතනය විසින් සහතික කරනු ලැබූ CAPM මට්ටමේ මාර්ගගත පාඨමාලාවක් නිර්මාණය කිරිමයි.

සුප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා සහ එම මැතිණිය ප්‍රිසිලා පෙරේරාගේ නොමසුරු පරිත්‍යාගයක් වන ඩී.පී. පදනම (DP Foundation) ශ්‍රී ලංකාවේ දැනුම මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැංවීම උදෙසා ශ්‍රී ලංකාවේ විශාලතම මාර්ගගත නොමිලේ ඉගෙනුම් වේදිකාව වන ඩී.පී එඩියුකේෂන් (DP Education) නිර්මාණය කර ඇත.

ඩී.පී එඩියුකේෂන් පිළිබඳව වැඩි විස්තර සඳහා  https://www.dpeducation.lk/ වෙබ් අඩවියට පිවිසෙන්න.

  • Ada Derana BIZ Sinhala
  • All banks
  • closed
  • Monday
  • sri lanka

සඳුදා රට පුරා සියලු බැංකු වැසෙයි

October, 8, 2022

එළඹෙන ඔක්තෝබර් 10 වැනි සඳුදා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 වසර සඳහා බැංකු නිවාඩු දිනයන් දැක්වෙන සටහනේ ඒ බව සඳහන් වේ.

නබි නායකතුමාගේ උපන් දිනය ඔක්තෝබර් 09 වැනි ඉරිදා දිනයට යෙදී තිබීම ඊට හේතුවයි. එය රජයේ, බැංකු සහ වෙළෙඳ නිවාඩු දිනයකි.

ඒ හේතුවෙන් ඔක්තෝබර් 10 සඳුදා දිනය විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත් කර ඇත.