• Ada Derana BIZ Sinhala
  • sri lanka
  • Uber

2021 දී Uber වෙතින් ශ්‍රී ලංකා ආර්ථිකයට රු. බිලියන 81 ක දායකත්වයක් 

October, 4, 2022

  • Uber සහ Uber Eats විසින් රුපියල් බිලියන 52 ක පාරිභෝගික අතිරික්තයක්* උපයා ඇත.
  • රියදුරන් කෙරෙහි වැඩි නම්‍යශීලීතාවයකින් යුතුව කටයුතු කිරන අතර ඇස්තමේන්තුගත රුපියල් බිලියන 1.2 ක් වටිනා බෙදාහැරීමේ හවුල්කරුවන් සිටීයි.
  • පහසුව සඳහා මගීන්ගෙන් 91%ක ප්‍රතිශතයක් Uber භාවිතා කරන අතර එමඟින් වාර්ෂිකව පැය මිලියන 3.7ක් ඉතිරි වෙයි.
  • Uber භාවිත කිරීමට “ආරක්ෂාව” ප්‍රධාන සාධකයක් වන බව කාන්තා මගීන් 96%කගේ පොදු මතයයි.

ඊයේ (2022 ඔක්තෝබර් 3) දින කොළඹ පැවති උත්සවයකදී එක්සත් රාජධානිය පදනම් කරගත් ප්‍රතිපත්ති පර්යේෂණ සංවිධානයක් වන Public First සංවිධානය විසින් Uber ආයතනයේ  2021 ශ්‍රී ලංකා ආර්ථික බලපෑම් වාර්තාව එළිදැක්වීය. එම විශ්ලේෂණයට අනුව, Uber සහ Uber Eats 2021 දී ශ්‍රී ලංකා ආර්ථිකයට රුපියල් බිලියන 81කින් දායක වී ඇති අතර, පාරිභෝගිකයින්, රියදුරන් සහ බෙදාහැරීමේ හවුල්කරුවන් මෙන්ම සමස්ථ සමාජයම මෙම ආර්ථික පරිවර්තනයට දායක වූ ආකාරය වාර්තාවෙන් පෙන්වා දී ඇත.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම අවස්ථාවට සහභාගී වූ අතර ඊට අමතරව Uber ආයතනයේ ආසියා පැසිෆික් කලාපයේ රාජ්‍ය ප්‍රතිපත්ති සහ රාජ්‍ය සබඳතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ මයික් ඔර්ගිල් මහතා, Uber ආයතනයේ ඉන්දියාව සහ දකුණු ආසියා කලාපීය මෙහෙයුම් අධ්‍යක්ෂ, ශිව ශෛලේන්ද්‍රන් මහතා, Uber Eats හි මෙරට කළමණාකාරිනී භාව්නා ඩඩ්ලනී ජයවර්ධන මහත්මිය ඇතුළු Uber ශ්‍රී ලංකා නායක කණ්ඩායම් සාමාජිකයින් සහ Uber Rides හි මෙරට කළමණාකාරිණී තනුෂිකා සිවනාදන් මෙනවිය යන පිරිස් සහභාගී විය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ආර්ථික බලපෑම් වාර්තාව පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ මෙම මූල්‍ය ඒකාග්‍රතා කාල පරිච්ඡේදය තුළ සර්ව ආර්ථික ස්ථාවරත්වයට නියාමන පරිසරයක් සැපයීම සඳහා ඔවුන් කටයුතු කරන බැවින් ශ්‍රී ලංකාව මේ අවස්ථාවේදී හැරවුම් ලක්ෂ්‍යයක සිටින බවයි. එමෙන්ම Uber වැනි බහුජාතික සමාගම් ශ්‍රී ලාංකේය සමාජයට සම්බන්ධ වී, සැලකිය යුතු ආර්ථික බලපෑමක් ඇති කරමින් ජාතිය වැඩිදියුණු කිරීමට කරන කැපවීම ඔහු අගය කරන බවත් ඉදිරි වසර තුළදීත් ඔවුන්ගේ නොමසුරු දායකත්වය සමඟ අඛණ්ඩ සේවය රජය විසින් ඉහළින්ම බලාපොරොත්තු වන බවයි.

වාර්තාව පිළිබඳව අදහස් දක්වමින් Uber  ආසියා පැසිෆික් කලාපීය රාජ්‍ය ප්‍රතිපත්ති සහ රාජ්‍ය සබඳතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ මයික් ඔර්ගිල් මහතා පැවසුවේ Uber ආයතනය 2015 සිට ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේදී වැදගත් නියමුවෙක් වී සිටි නමුත් එම දායකත්වයේ සංඛ්‍යාත්මක ප්‍රමාණයක් පිළිබඳ ඔවුනට නිවැරදි අවබෝධයක් නොතිබූ බවයි.  මෙම වාර්තාව මගින් රියදුරන්ට,බෙදාහැරීමේ හවුල්කරුවන්ට, පාරිභෝගිකයින්ට සහ සමස්තයක් ලෙස ආර්ථිකයට ඇති බලපෑම පළමු වරට පෙන්නුම් කරන බවත්  එමඟින් නම්‍යශීලී රැකියා අවස්ථා වල වැදගත්කම පෙන්වාදෙන බවයි. එමෙන්ම පුළුල් විකල්පයන් සහ ඉල්ලුම පදනම් කරගෙන සේවා සපයන නිසා එමගින් ශ්‍රී ලංකා ආර්ථිකයට වටිනාකමක් නිර්මාණය වී ඇති බවයි. අවසාන වශයෙන් ඔහු ප්‍රකාශ කර සිටියේ මෙම වාර්තාව නිසා ශ්‍රී ලංකාවේ වර්ධනයට දායක වීම සඳහා අඛණ්ඩව වැඩ කිරීමට සහ ඔවුන්ගේ තාක්‍ෂණික ගෝලීය විශේෂඥතාව යෙදවීමට ඇති අරමුණ වෙන කවරදාටත් වඩා ශක්තිමත් වන බවයි.

මෙම වාර්තාව මඟින් ආර්ථික දායකත්වය පිටුපස ඇති සාධක, ක්ෂේත්‍රයේ ආරක්ෂාව සහ තිරසාරභාවය වැඩිදියුණු කිරීම පිළිබඳව ගැඹුරින් සොයා බලයි. Uber සහ Uber Eats යන වේදිකා දෙකම වෙනස්වන අවශ්‍යතා සපුරාලීම සඳහා අඛණ්ඩව පරිණාමය වී ඇති ආකාරය, කාලය ඉතිරි කර ගැනීම සඳහා තාක්ෂණය භාවිතා කිරීම, විකල්ප පරාසයක් සහ තෝරා ගැනීම් පහසු කිරීමේ යාන්ත්‍රණය, කුඩා ව්‍යාපාර සඳහා සහාය වීම සහ ශ්‍රී ලංකාවේ දහස් ගණන් රියදුරන් සහ බෙදාහැරීමේ හවුල්කරුවන් සඳහා නම්‍යශීලී ඉපැයීම් අවස්ථා ලබා දුන් ආකාරය පෙන්වා දෙයි.

වාර්තාවේ ප්‍රධාන සොයාගැනීම්:

ශ්‍රී ලංකා ආර්ථිකයට Uber ආයතනයේ දායකත්වය

  • Uber සහ Uber Eats මඟින් ශ්‍රී ලංකා ආර්ථිකයට ඇස්තමේන්තුගත ශ්‍රී ලංකා රුපියල් බිලියන 81 කින් දායක වී ඇත.
  • Uber (27 බිලියන ) සහ Uber Eats (25 බිලියන ) එක්ව 2021 දී ශ්‍රී ලංකා රුපියල් බිලියන 52 ක පාරිභෝගික අතිරික්තයක් නිපදවා ඇති අතර එය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 3% ට සමාන වේ.

වැඩි දියුණු කරන ලද කුඩා ව්‍යාපාර මගින්  ඉල්ලුමට සරිලන සේවාව

  • මෙම වේදිකා දෙක මගින් ශ්‍රී ලාංකිකයින්ට ප්‍රවේශය නොමැති දේශීය ආපනශාලා සහ වෙළෙන්දන්ට සහාය වීමට දිරිගන්වන ලද අතර එමඟින් රුපියල් බිලියන 1 ක අමතර ආදායමක් ලබා ගැනීමෙන් සමස්තයක් ලෙස ශ්‍රී ලංකා ආර්ථිකයට රුපියල් බිලියන 51 ක දළ ආදායමක් නිර්මාණය කළේය.
  • Uber Eats භාවිතා කරන්නන්ගෙන් 88%ක් ආහාර බෙදාහැරීමේ යෙදුම් (apps) මගින් නව අවන්හල් සොයා ගැනීම පහසු කර ඇති බව පවසයි.
  • පරිශීලකයින්ගෙන් 74%ක් ඔවුන් පෙර කිසිදා ආහාර නොගත් අවන්හල්වලින් ඇණවුම් කර ඇත.

රියදුරන් සහ බෙදාහැරීමේ පුද්ගලයින්ට නම්‍යශීලී වීම

  • 2021 දී, Uber විසින් රියදුරන්ට වාර්ෂිකව අතිරේක රුපියල් මිලියන 775ක් උපයා ගැනීමට උපකාර වී ඇත.

පාරිභෝගික හැසිරීම් මඟින් අවස්ථා නිර්මාණය

  • පාරිභෝගික පහසුව සහ විශ්වාසනීයත්වයට ප්‍රමුඛත්වය ලබා දෙයි. Uber විසින් පැය මිලියන7 කට වඩා වැඩි කාලයක් පාරිභෝගිකයාගේ සමීපතමයන් වෙනුවෙන් කාලය ඉතිරි කර දීමට ඇස්තමේන්තු කර ඇත.
  • ඒ අනුව Uber පාරිභෝගිකයන්ට ඔවුන්ගේ සෑම ගමන්වාරයකදීම අවම වශයෙන් මිනිත්තු 9ක් ඉතිරි කර ගත හැක.
  • Uber සහ Uber Eats එක්ව 2021 දී ශ්‍රී ලංකා රුපියල් බිලියන 52 ක පාරිභෝගික අතිරික්තයක් නිපදවා ඇත.
  • Uber යෙදුම භාවිතයෙන් ප්‍රවාහන ගමන් මාර්ගය ලුහුබඳිය හැකි බැවින් පොදු ප්‍රවාහනයෙන් ඇති වන අවදානම් සහිත අවස්තා මගහරවා ගත හැක. එමෙන්ම Uber යෙදුම ඔස්සේ ගන්නා සෑම ගමන්වාර 7 න් 1 ක්ම පොදු ප්‍රවාහනය සමඟ සම්බන්ධ වේ.
  • Uber භාවිත කිරීමට “ආරක්ෂාව” ප්‍රධාන සාධකයක් වන බව කාන්තා මගීන් 96%කගේ පොදු මතයකි.
  • පහසු මෙන්ම පරිසර හිතකාමී ගමන් සේවාවන් නිසා පාරිභෝගිකයාගේ පුද්ගලික භාවිතයට මෝටර් රථයක් මිළ දී ගැනීමේ අවශ්‍යතාව යටපත් විය.
  • ශ්‍රී ලංකාවේ මගීන්ට අනුව ඔවුන් පවසන්නේ පසුගිය වසර දහය තුළ ඔවුන් මුහුණ දුන් ප්‍රවාහනයේ වැදගත්ම දියුණුව වන්නේ Uber යෙදුම භාවිතයෙන් ගමනාගමනය පහසු වීම බවයි.

ක්‍රමවේදය ඇතුළුව සම්පූර්ණ වාර්තාව ඔබට මෙතැනින් කියවිය හැක. here.

ආර්ථික සුබසාධනයේ වැදගත්ම පියවරයන්ගෙන් එකක් වන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් ස්වේච්ඡාවෙන් අත්හැරීමට ඔබ යමෙකුට ගෙවන මුදලයි. භාණ්ඩයක පාරිභෝගික අතිරික්තය ශුන්‍ය නම්, එයින් ඇඟවෙන්නේ අපට එය ගත හැකි හෝ අත්හැරිය හැකි බවයි. නමුත් ඉහළ පාරිභෝගික අතිරික්තයක් ඇති භාණ්ඩ අපගේ ජීවිත තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

  • Ada Derana BIZ Sinhala
  • Global gold prices
  • sri lanka

ගෝලීය රන් මිල තවදුරටත් ඉහළට

October, 4, 2022

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල මේ වන විට ක්‍රමයෙන් ඉහළ යමින් පවතී. ඊයේ (03) දිනය වන විට රන් අවුන්සයක ගෝලීය මිල ඩොලර් 1,700 මට්ටමට පැමිණ තිබුණි.

මේ අතර අද (04) පෙරවරුවේ කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි රත්‍රං මිල ද ගෝලීය වෙළෙඳපොළට සමගාමීව ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය කළ හැකිය.

ඒ අනුව කැරට් 22 රත්‍රං පවුමක මිල රු. 163,800 ක් ලෙසත් කැරට් 24 ක රන් පවුමක මිල රු. 177,000 ක් දක්වා ත් වැඩි වී තිබුණි.

  • Ada Derana BIZ Sinhala
  • SL government
  • sri lanka
  • World Bank

ආර්ථිකය යළි ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළි‍වෙළට ලෝක බැංකුවේ පැසසුම්

October, 3, 2022

මෙරට ආර්ථිකය යළි ශක්තිමත් කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ අගය කරන බව ලෝක බැංකුව පවසයි. ලෝක බැංකුවේ මෙරට අධ්‍යක්ෂ FARIS HADAD-ZERVOS මහතා සඳහන් කරන්නේ බිඳ වැටුණු ආර්ථිකය යථාවත් කිරීම සඳහා රජය විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිය කැපවීම ප්‍රදර්ශනය කරමින් සිටින බවයි.

ලෝක බැංකුව එම තත්ත්වයන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව හෙතෙම අවධාරණය කරයි. FARIS HADAD-ZERVOS මහතා මේ අදහස් පළ කළේ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සමඟ අද (03) මුදල් අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවක දී ය.

භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් අබේසේකර, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කපිල සේනානායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

  • Ada Derana BIZ Sinhala
  • CameraLK
  • sri lanka

CameraLK සිය නව සන්නාම තානාපති පැතුම් නිශ්ශංක සමඟින් ජාත්‍යන්තරය ජයගැනීමට සැරසෙයි

October, 3, 2022

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම කැමරා ආම්පන්න අලෙවිසැල CameraLK ජාත්‍යන්තරය ජය ගැනීමේ සිය වෙළඳ මූල්‍යෝපායේ තවත් එක් දිගුවක් ලෙස ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ඉහළ දස්කම් දක්වන නවක ක‍්‍රීඩක පැතුම් නිශ්ශංක සන්නාම තානාපතිවරයා ලෙස පත්කර ගන්නා ලදී. CameraLK සිය සන්නාම තානාපති ලෙස ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකු සමඟ සහයෝගීතාවයක් ඇතිකරගත් ප‍්‍රථම අවස්ථාව මෙය වේ.

නැඟී එන මෙම තරුණ ක‍්‍රීඩකයාගේ නිල පිති ස්ටිකර් සන්නාමය ලෙස CameraLK සිය අවබෝධතාවය මෙම වසරේ ජනවාරි මස සිට ඇතිකර ගත්තේය. පැතුම් සමඟ ඇතිකර ගත් සන්නාම තානාපති සහයෝගීතාව සමඟ ශ‍්‍රී ලංකාව තුළ CameraLK ලබාගෙන තිබෙන වෙළඳ අගය තව තවත් වර්ධනය කරගැනීමට සහ සිය සමාජ වගකීම් ව්‍යාපෘති වඩාත් හොඳින් ඉටුකර ගැනීමට අපේක්ෂා කරයි.

2021 දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ජාතික කණ්ඩායමට වරම් ලැබූ පැතුම් නිශ්ශංක එතැන් සිට අඛණ්ඩ වර්ධනයක් සහ පිතිකරණයේ සාර්ථකත්වයක් අත්පත් කරගන්නා ලදී. මෑතක දී පැවැති ආසියානු කුසලාන තරගාවලියේ දී කණ්ඩායමේ විජයග‍්‍රහණයට සිය උපරිම දායකත්වය ලබාදුන් පැතුම් නිශ්ශංක, ශ‍්‍රී ලංකාවට කුසලානය ගෙන එමේ පෙරටුගාමියෙක් විය. එසේම ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව ශ‍්‍රී ලාංකික ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකු ලබාගත් වැඩිම පෞද්ගලික ලකුණු සංඛාවේ වාර්තාව හිමිකර ගෙන සිටින්නේ ද පැතුම් නිශ්ශංක විසිනි.

අති දක්ෂ ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකු ලෙස සිය දායකත්වය මතින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ලෝකයේ ඔසවා තැබිය හැකිබව ඔප්පු කර ඇති පැතුම් සහ කැමරා ආම්පන්න වෙළඳපොළ තුළ ජාත්‍යන්තරය තත්ත්වයන් සමඟ කරටකර තරග කරමින් ඉහළ වෘත්තීයභාවයක් ප‍්‍රකට කළ ආයතනයක් ලෙස CameraLK ආයතනය සතු සමානතාවයන් මෙම සන්නාම නියෝජිත සහයෝගීතාවය ඇතිකර ගැනීමට මැනෙවින් උපකාරී වී ඇත.

ක්‍්පැර්ඛණ ආයතනයේ නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂක අනුෂ්ක ගුණසිංහ මහතා මෙම සහයෝගීතාවය පිළිබඳ සිය අදහස් දැක්වීය. ”පැතුම් නිශ්ශංක කියන්නේ දක්ෂතාවය නිතැතින්ම අරන් ආපු කෙනෙක් ඒ වගේ දක්ෂයෙක් සමඟ සන්නාම සහයෝගීතාවයක් ගොඩනගා ගැනීමට හැකිවීම ලංකාවේ අංක එකේ කැමරා ආම්පන්න අලෙවි කිරීමේ ආයතනය ලෙස CameraLK අපේ ගමන් මෙඟ් අප සටහන් කළ සුවිශේෂී සන්ධිස්ථානයක්. ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකු ලෙස ඕනෑම තත්ත්වයක දී එයට කලබල නොවී මුහුණදීමේ හැකියාව සහ සටන්කාමී ලෙස අභියෝග අභිබවා යාමේ ඔහුගේ හැකියාව ආයතනයක් ලෙස CameraLK සතු ගුණාංගවලට වඩාත් සමීපයි. ඔහු කණ්ඩායම තුළ ඇතිකරගත් විශ්වාසය සහ සටන්කාමී ජවය වසරින් වසර CameraLK ශ‍්‍රී ලාංකික කැමරා ආම්පන් වෙළඳපොළ තුළ ඇතිකරගත් ඉදිරිගාමී තත්ත්වයට ඉතාම සමානයි. ඔහුත් එක්ක වැඩකිරීමත් සමඟ ඔහු කොයිතරම් කැපවීමක් තියෙන කෙනෙක් ද කොයි තරම් මානුෂීය නිහතමානී වෘත්තීය ක‍්‍රිඩකයෙක් ද කියලා අපි හොඳින්ම හඳුනගත්තා. අපි හිතනවා CameraLK සන්නාමය ජාත්‍යන්තරයට ගෙනයාමට පැතුම් නිශ්ශංක වඩාත් සුදුසුම සන්නාම තානාපතිවරයා කියලා. අපේ නව සහයෝගීතාවය ශ‍්‍රී ලංකාව තුළ තවත් සුවිශේෂී දිගු ඉනිමකට අඩිතාලම වේ යැයි අප විශ්වාස කරනවා. ”

2010 වසරේ දී ආරම්භ කළ CameraLK ආයතනය දකුණු ආසියාවේ විශාලතම කැමරා ආම්පන්න අලෙවි කිරීමේ ආයතනයවන අතර විශාලතම ඔන්ලයින් ස්ටෝර් එක ද වෙයි. ශ‍්‍රී ලංකාවේ සහ කලාපයේ අවට රටවලට ඉහළ තාක්ෂණයෙන් යුත් කැමරා ආම්පන්න මිලදී ගැනීමේ ප‍්‍රධාන මූලාශ‍්‍රය බවට ක‍්‍රමිකව වර්ධනය වීමට CameraLK ආයතනයට හැකිවිය. හොඳම සහ නවීනතම කැමරා ආම්පන්න, විශිෂ්ට පාරිභෝගික සේවාව, තරගකාරී මිල ගණන් සහ කැමරා ආම්පන්න 5000කට වැඩියෙන් ඇති CameraLK ශ‍්‍රී ලංකාව තුළ මෙම ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වෙයි. Canon, Nikon, Sony, Sigma, Tamron, Tokina, DJI, GoPro, Profotto සහ Wescott ආදී සන්නාමයන්ගේ විවිධ කැමරා ආම්පන්න රැසක් ඔබට www.cameralk.com වෙබ් අඩවිය ඔස්සේද දැකබලා ගත හැක.

  • Ada Derana BIZ Sinhala
  • Japan
  • nursing jobs
  • sri lanka

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ලබන වසරේදී ජපානයේ සාත්තු සේවක රැකියා 1,000 ක්

October, 3, 2022

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සදහා ජපානයේ සාත්තු සේවක අංශයේ රැකියා දහසකට වඩා වැඩි සංඛ්‍යාවක් ලබන වසරේදී ලබාදීමට, ජපානයේ GTN - Global Trust Network ආයතනය කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට සහතික වී තිබේ.

ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාගැනීම සදහා ජපානයේ සංචාරයක නිතර කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා GTN - Global Trust Network සභාපති Hiroyuki Goto, පුහුණු ශ්‍රමික අංශයේ කළමණාකරු Yuka Kuwahara, ප්‍රමුඛ කළමණාකාරීත්වයේ ඉහළ ම නිලධාරීන් සමග සාකච්ඡා කළ අතර එහිදී, මේ වසර තුළ කඩිනමින් සාත්තු සේවකයින් 150 දෙනෙක් බඳවා ගැනීමටද ලබන වසරේදී සාත්තු සේවකයින් දහසක් බඳවා ගැනීමට ද එකගතාවය පළ කර ඇත.

ජපානය තුළ විදේශ රැකියා පහසුකම් ලබාදෙන ප්‍රමුඛතම ආයතනයක් වන GTN - Global Trust Network ආයතනය මේ වන විට විදේශීය ශ්‍රමිකයින් තුන්ලක්ෂ පනස් දහසකට වැඩි සංඛ්‍යාවකට ජපානය තුළ රැකියා අවස්ථා ලබාදී ඇති අතර, එවැනි ආයතනයක් සමග සම්බන්ධවෙමින් ලංකාවේ ශ්‍රමිකයින්ට රැකියා අවස්ථා විවෘත කිරීමට හැකියාව ලැබීම විශාල ජයග්‍රහණයක් බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර අමාත්‍යවරයා පැවසුවේය.

මෙම ආයතනය සමග දීර්ඝ කාලීන අවභෝධතාවයක් යටතේ කටයුතු කිරීමටත්, වාර්ශිකව ලබාදෙන රැකියා කෝටාව වැඩි කරගැනීමටත් කටයුතු කරන බව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සදහන් කළේය.

මහාචාර්ය ආශු මාරසිංහ මහතා විසින් මෙම හමුව සංවිධානය කර තිබූ අතර මේ අවස්ථාවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු) සෙනරත් යාපා මහතා සහ ජාත්‍යන්තර සම්බන්ධතා උපදේශක ශාන් යහම්පත් මහතාද එක්ව සිටියහ.

  • Ada Derana BIZ Sinhala
  • Moistureboost
  • sri lanka
  • Velvet

Moistureboost සහ විටමින් ගුණයෙන් අනූන Velvet සබන් දැන් වෙළෙඳපොලේ

October, 3, 2022

විශේෂයෙන්ම ශ්‍රී  ලංකාව වැනි  උණුසුම්  දේශගුණයක් සහිත රටක  වෙසෙන කාන්තාවන්, හිරු එළියට නිරාවරණය වන විට සම වියළී යාමත් සමේ තෙතමනය නැති වීමත් සුලභ කරුණකි. එම නිසා ඔබේ  සම නිරෝගීව තබා ගැනීමට මෙන්ම  සමේ  තරුණ පෙනුම  පවත්වා ගැනීමටත්  මොයිස්චරයිසින් ගුණය  අත්‍යවශ්‍ය  සාධකයකි. දේශගුණික සාධක හැරුණු විට, සමේ ජල අන්තර්ගතය නැතිවීම, කාන්තාවන්ගේ අධි සංවේදී සම ද තෙතමනය නැතිවීමට බලපායි. එබැවින් නිරෝගී සහ සජලනය වූ සමක්   පවත්වා ගැනීමට මොයිස්චරයිසින් ගුණ ඇති සම ආරක්ෂණ නිෂ්පාදන භාවිතා කිරීම ඉතා වැදගත් වේ.

ශ්‍රී  ලංකාවේ අංක 1 රූපලාවන්‍ය  සබන් නිෂ්පාදනයක් වන Velvet  සබන් "Moistureboost’ සහ විටමින් සංකීර්ණ බලයෙන් යුත් සබන් නිෂ්පාදන  පෙළක් වෙළෙඳපොළට හඳුන්වා දෙයි.Velvet සබන් නිෂ්පාදන, තෙතමනය සහිත සමක් පවත්වා  ගැනීමට උපකාරී වන විවිධ සබන් ප්‍රභේද  හයක් සමඟ වෙළෙඳපලට පැමිණේ. තවද වෙල්වෙට් සබන් නිෂ්පාදන  පැය හයක තෙතමනය රඳවා තබා ගැනීමේ හැකියාවෙන් යුක්ත වන  අතර එහි තෙතමනය වැඩි කාලයක් නොවෙනස්ව තබා ගැනීමටද හැකියාව ලැබේ. විටමින් A සහ E වලින් සමන්විත විටමින් සංකීර්ණය සම පෝෂණය කරන අතර සමේ වියළි බව අඩු කිරීමට උපකාරී කරයි. Velvet සබන් විශේෂ "Humactant" සමඟ සකස් කර ඇති අතර, එමඟින් පරිසරයෙන් ජලය උරා ගනිමින් ගැඹුරු තෙතමනයක් ඔබේ සමට ලබා දෙයි. එය ස්වභාවිකව ව්‍යුත්පන්න  වූ සෝඩියම් ලැක්ටේට් වලින් සමන්විත වන අතර එමගින්  සමේ වැඩි  ජල ප්‍රමාණයක්  රඳවා ගැනීමේ හැකියාවක් පවතින  අතර අතිරේක මොයිස්චරයිසින් ගුණය  ලබා දෙන සෝබිටෝල් ද අන්තර්ඝත වේ.

Velvet සබන් ප්‍රභේද සඳහා භාවිතා කරන dual ingredients මගින් සමට අවශ්‍ය  තෙතමනය  ලබා දෙන  අතර Velvet සබන් පෙළ රෝස සහ ඩ්‍රැගන් ෆෘට්, කිරි සහ ආමන්ඩ්, සඳුන් සහ ඔලිව් තෙල්, මී පැණි සහ යෝගට් සාරය, ජැස්මින් සහ කොමඩු සහ අලුතින් හඳුන්වා දුන් මුරුංගා සහ සහල් කිරි ඇතුළු ආකර්ෂණීය ප්‍රභේද  හයකින් සමන්විත වේ. මෙම වෙල්වෙට්  සබන් ප්‍රභේද  හය, ඒවායේ අදාළ අමුද්‍රව්‍ය වලට අනන්‍ය  වූ  ආකර්ෂණීය   ඇසුරුම් වලින්ද සමන්විතයි.

ශ්‍රී ලාංකේය සමට ගැළපෙන පරිදි නිෂ්පාදන කරන ලද Velvet සබන් ඉහළ මොයිස්චරයිසින් ගුණයකින් යුතු වන අතර එමගින් සෑම පුද්ගලයෙකුම  බලාපොරොත්තු වන ආකාරයේ සුසිනිදු සමක් ලබා ගැනීමට උපකාරී වේ. එමෙන්ම Velvet නිෂ්පාදනයන් NMRA, GMP, ISO සහ IFRA යන තත්ත්ව සහතික ලත් සන්නාමයක්   වශයෙන් එහි නිෂ්පාදන සඳහා භාවිතා කරන මෘදු සුවඳ විලවුන් සඳහා ප්‍රසිද්ධියක් උසුලයි.Velvet වෙළෙඳ නාමය soap, body wash, hand wash සහ body lotion ඇතුළු පුළුල් නිෂ්පාදන පරාසයකින් සමන්විත වන අතර එම නිෂ්පාදනයන් අවශ්‍ය ආරක්‍ෂිත ක්‍රියාවලියන්ට අනුකූලව ඉහළම ප්‍රමිතියකට අනුව නිෂ්පාදනය කෙරේ.

  • Ada Derana BIZ Sinhala
  • Petro China
  • sri lanka

බලශක්ති ඇමති පෙට්‍රො චයිනා නියෝජිතයින් හමුවෙයි

October, 3, 2022

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හා පෙට්‍රො චයිනා කම්පැනි ලිමිටඩ් හි ඉහළ පෙළේ නියෝජිතයින් අතර හමුවක් ඊයේ (02) දින පවත්වා තිබේ.

ට්විටර් සටහනක් තබමින් අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ ඛනිජ තෙල් සංස්ථාව විසින් පෙට්‍රො චයිනා සමාගමට ගෙවිය යුතු හිඟ මුදල්, නැවත ගෙවීම් ක්‍රම ගැන මෙහිදී සාකච්ඡා කළ බවයි.

පෙට්‍රො චයිනා යනු ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විශාලතම සැපයුම්කරුවන්ගෙන් අයෙකි.

 

 

 

 

 

  • Ada Derana BIZ Sinhala
  • closes
  • early
  • sri lanka
  • stock market

කොටස් වෙළෙඳපොළ වේලාසනින්ම වසා දමයි. දැවැන්ත කඩා වැටීමක්

October, 3, 2022

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද පස්වරු 12.04 ට අත්හිටුවනු ලැබීය.

පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේ දී S&P SL20 දර්ශකය 5%ක ප්‍රමාණයක් ඉක්මවා පහළ ගොස් තිබීම මීට හේතුවයි.

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ නියමයන් ප්‍රකාරව S&P SL20 දර්ශකය පෙර ගනුදෙනු දිනයට වඩා 5% ක ප්‍රමාණයක් ඉක්මවා පහළ ගියහොත් මිනිත්තු30 කාලයක් සඳහා දෛනික ගනුදෙනු අත්හිටුවනු ඇත.

ඒ අනුව පස්වරු 12.04 ට ගනුදෙනු අත්හිටුවනු ලැබූ අතර, සාමාන්‍ය කොටස් වෙළෙඳපොළ වසනු ලබන වේලාව වන පස්වරු 12.30 ට පෙර නැවත වරක් ගනුදෙනු ආරම්භ කිරීමට අවකාශයක් නොමැති බැවින් අද දිනයේ ගනුදෙනු සමාප්තිය මේ සමඟ සටහන් කෙරෙනු ලැබේ.

එම අවස්ථාවේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 379.63 කින් පහළ ගොස් ඒකක 9,551.44 ක් ලෙසත්, S&P SL20 දර්ශකය ඒකක 156.02 කින් පහළ ගොස් ඒකක 3,009.31 ක් ලෙසත් සටහන්ව තිබුණි.

පසුගිය කාලය පුරාවට සියලු කොටස් මිල දර්ශකයේ විචලනයට ඉහළ දායකත්වයක් ලබා දුන් එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් සහ ලංකා අයි ඕ සී යන සමාගම් දෙකෙහි කොටස් මිල ගණන් අද දින විශාල වශයෙන් පහළ යාම මෙලෙස මිල දර්ශකවල කඩා වැටීමට බෙහෙවින් බලපා ඇති බව නිරීක්ෂණය කළ හැකිය.

  • Ada Derana BIZ Sinhala
  • Devnuwara Utpalavarna Sri Vishnu Maha Temple
  • Kandy Sri Maha Vishnu Temple
  • sri lanka
  • Swadeshi Kohomba

ස්වදේශී  කොහොඹ 14වන වරටත් දෙව්නුවර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලය සහ මහනුවර ශ්‍රී මහ විෂ්ණු දේවාලය ආලෝකමත් කරයි

October, 3, 2022

ශාකසාර සබන් සහ ශාකසාර පුද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදනයේ  වෙළඳ පොළ ප්‍රමුඛයා වන කඳානේ ස්වදේශී කර්මාන්තායතනය විසින්   දෙවුන්දර ශ්‍රී විෂ්ණු මහා දේවාලය සහ මහනුවර ශ්‍රී මහ විෂ්ණු  දේවාලය ආලෝකමත් කරන ලදි.   ඇසළ උත්සවයට සමගාමීව  “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය”යන තේමාව පෙරදැරිව  මෙම ආලෝක පුජාව සිදු කරන ලදි. ස්වදේශී මෙසේ මහනුවර ශ්‍රී මහ විෂ්ණු  දේවාලය ආලෝකමත් කරන ලද්දේ තෙවන වරටය.

ස්වදේශී සමාගමේ සභාපතිනි, අමරි විජයවර්ධන මැතිණිය මෙම ආලෝක පූජා වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියේ “ශ්‍රී ලාංකේය සමාගමක් ලෙසින් ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා සාම්ප්‍රදායික උරුමය ආරක්ෂා කරමින් මෙවැනි වාර්ෂික ආලෝක පූජාවන්ට සහයෝගය දැක්වීම අප සතු යුතුකමක්. ස්වදේශී විසින් මෙරට ආගමික සිද්ධස්ථාන ආලෝකමත් කිරීමේ ප්‍රයෝජනය සියලු වන්දනාකරුවන්ට ලැබෙන අතර, ශ්‍රී ලාංකේය උරුමයන් සුරැකීම පිළිබඳව මතු පරපුර වෙත පූර්වාදර්ශයන් ද සපයනවා” යනුවෙනි. ආලෝක පූජාවෙන් පසුව ශ්‍රී ලාංකේය සම්ප්‍රදායයන් සහ ඉතිහාසය පිළිඹිබු කරන වර්ණවත් සංස්කෘතික පෙරහැර ද පැවැත්විණි.

පෘතුගීසීන් විසින් විනාශ කරන ලද මුල්ම උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු මහ දේවාලය  ක්‍රි.ව 661 දී ධාපුළුසෙන් රජු විසින් ඉදිකරවන ලද්දකි. බෞද්ධ සාහිත්‍යයට අනුව බුද්ධ පරිනිර්වාණයට පෙරාතුව, ලංකාවේ බුදු දහම ආරක්ෂා කර දෙන ලෙස බුදු රදුන් විසින් ශක්‍ර දේවේන්ද්‍රයාගේන් ඉල්ලීමක් කර ඇත.  ශක්‍ර දේවේන්ද්‍රයා විසින් මෙම කාර්යය, උත්පලවර්ණ දෙවියන්ට පවරා දී ඇත. උත්පලවර්ණ යන්නෙහි අර්ථය නිල් පැහැය වන අතර එය විෂ්ණු දෙවියන්ගේ පැහැයට සමාන වේ. මේ නිසා දෙවුන්දර දේවාලය, උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු දේවාල මන්දිරය ලෙස හඳුන්වයි.

නුවර හතර දේවාලයන්ගෙන් එකක් වන මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාලය, රාජකීය මන්දිරය (මහ වාසල) සහ ශ්‍රී දළදා මාළිගාව සමඟ සමීපව කටයුතු කරයි.

2013 වසරේ දී, ඓතිහාසික දඹදෙණි රජමහා විහාරයේ ‘ශ්‍රී දළදා මාළිගාව’ සහ පෞරාණික බිතු සිතුවම්   අලුත්වැඩියා කරන ලද ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි අමරි විජයවර්ධන මැතිණිය, 1927 දී කැලණිය රජමහා විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ, හෙලේනා විජයවර්ධන ළමාතැනීගේ මිණිබිරියයි.

කතරගම කිරි වෙහෙර, රුහුණු මහා කතරගම දේවාලය, අලුත් නුවර දැඩිමුණ්ඩ දේවාලය,  සබරගමු මහ සමන් දේවාලය, රිදීගම රිදී විහාරය, ලංකාතිලක රජ මහා විහාරය, දැරණියගල සමන් දේවාලය, අම්මඩුව කුඩා කතරගම දේවාලය,  සංඛපාලි රජ මහා විහාරය, කොළඹගම රජ මහා විහාරය,  දඹදෙණිය රජ මහා විහාරය සහ කෑරගල රජ මහා විහාරය යන ආගමික සිද්ධස්ථානයන් හී වාර්ෂික ආලෝක පූජාවන් වෙත ස්වදේශී කොහොඹ සිය අඛණ්ඩ සහයෝගය ලබා දෙයි.

100%ක් දේශීය කර්මාන්තායතනයක් ලෙස ස්වදේශී, සියලු ශ්‍රී ලාංකිකයන්ගේ යහපත වෙනුවෙන් සමාජය ගොඩ නැංවීමේ සත්කාර වැඩසටහන් වෙත සිය අඛණ්ඩ අවධානය යොමු කර ඇත.  ස්වදේශී කොහොඹ සන්නාමය සොබාදහමේ ආරක්ෂාව සහ සංස්කෘතික වටිනාකම් ඉහළ නැංවීම උදෙසා තිරසර ව්‍යාපෘති  ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කැප වී සිටියි.  සමාගමේ බොහෝ සමාජීය වැඩසටහන් තුළින් "ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය" ඔස්සේ දිවයින පුරා ආගමික සිද්ධස්ථාන ආලෝකමත් කිරීම, ස්වදේශී කොහොඹ මිහිතල සත්කාරය - කොහොඹ පැළ වගා කිරීමේ ව්‍යාපෘති, ආගමික ස්ථාන, පාසල් සහ ශ්‍රී ලංකාවේ  වියළි කලාපයේ ජනතාව වෙත ජල ටැංකි පරිත්‍යාගය, ගැබිණි මව්වරුන් වෙත කොහොඹ බේබි ළදරු සනීපාරක්ෂණ නිෂ්පාදන ප්‍රදානය වැනි සත්කාරයන් සිදු කරයි.

ශ්‍රී ලංකාවේ පෞද්ගලික ශාකසාර නිෂ්පාදනයේ පුරෝගාමී සමාගමක් ලෙස අප අපගේ සියලුම නිෂ්පාදන සඳහා භාවිතා කරන ශාකසාර අමුද්‍රව්‍යවල ක්‍රියාකාරී ප්‍රතිලාභ පිළිබඳව පාරිභෝගිකයන් හමුවේ තබන්නට අපි කැමැත්තෙන් සිටිමු. අප හොඳම ශ්‍රී ලාංකේය ශාකසාර පමණක් භාවිතා කරන අතර, සෑම අමු ද්‍රව්‍යයක්ම පුළුල්ව පර්යේෂණයන්ට ලක් කරයි. ස්වදේශී සියලු නිෂ්පාදන 100% ශාකසාර නිෂ්පාදන වන අතර, සතුන් ආශ්‍රිත පර්යේෂණ සිදු නොකරයි. ස්වදේශී කොහොඹ, රාණි සඳුන්,  ස්වදේශී කොහොඹ බේබි ඇතුළු ස්වදේශී නිෂ්පාදන බ්‍රිතාන්‍ය නිර්මාංශ සංගමයේ පිළිගැනීම ලත් එකම ශ්‍රී ලාංකේය නිෂ්පාදන පෙළයි. මෙය සමාගමේ ඉදිරි චින්තන භාවිතාවන් මෙන් ම පාරිභෝගික‍යා සදාචාරාත්මක හා පරිසර හිතකාමී තෝරා ගැනීම් කිරීමට සමාගමේ ඇති කැමැත්ත පෙන්වන මිනුමකි. සමාගම සෑම විටම සිය නිෂ්පාදනවල සෞඛ්‍ය හා පාරිසරික බලපෑම සලකා බලා ඇති අතර, එයට ප්‍රමුඛත්වය දෙමින් අඛණ්ඩව නිෂ්පාදන සිදු කරයි.

ශාකසාර සබන් නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළඳපොළ ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය, 1941 වසරේ ආරම්භ කරන ලද ISO 9001 - 2015 සහතික ලත් සමාගමකි. ස්වදේශී කර්මාන්තායතනය මගින් වෙළෙඳ පොළට නිකුත් කරන ජනප්‍රිය වෙළඳ නාම අතර ස්වදේශී  කොහොඹ, රාණි සඳුන්, ස්වදේශී කොහොඹ බේබි, පර්ල්වයිට්, සේෆ්ප්ලස්, ලක් බා(ර්), බ්ලැක් ඊගල් ප(ර්)ෆියුම්, කොහොඹ සහ රාණි ෂවර් ක්‍රීම් නිෂ්පාදන පෙළ ඇතුළත් වේ.

එසේම ස්වදේශී විසින් ශ්‍රී ලංකාවේ අංක 01 ශාකසාර සන්නාම වන, ස්වදේශී කොහොඹ ශාකසාර සන්නාමය හා රුව වඩන සදුන්  වන රාණි සදුන් නිෂ්පාදනය හා විකිණීම සිදු කරයි.

ඡායාරූප විස්තරය : කඳානේ ස්වදේශී  කර්මාන්තායතනයේ සභාපතිනි අමරි විජයවර්ධන මැතිණිය,  මහනුවර, ශ්‍රී මහ විෂ්ණු දේවාලය, අලුත්නුවර ශ්‍රී මහා දැඩිමුණ්ඩ දේවාලය/ බස්නායක නිළමේ, මහින්ද්‍ර රත්වත්තේ මහතා ඇතුළු ස්වදේශී කළමණාකාර නිළධාරීන්  ආලෝක පූජාවට සම්බන්ධ වෙමින්

  • Ada Derana BIZ Sinhala
  • flora
  • sri lanka

ෆ්ලෝරා, බුද්ධිමත් ආමන්ත්‍රණයක් සමඟින් ලෝක හදවත් දිනය සමරයි

October, 3, 2022

2022 සැප්තැම්බර් 29, බ්‍රහස්පතින්දා, නිරෝගී හදවතක් වෙනුවෙන් නිරෝගී හා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ගත කිරීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයින් වෙත ලබා දීමේ අරමුණ පෙරදැරි කරගනිමින් ෆ්ලෝරා විසින් පසුගියදා කොළඹ 2, පාර්ක් වීදියේදී 2022 ලෝක හදවත් දිනය සමරනු ලැබුවේ අධ්‍යාපනික උත්සවයක් සංවිධානය කරමිනි.

ෆ්ලෝරාහි 2022 ලෝක හදවත් දින උත්සවය Ayubo Life හි හෘද රෝග  මැනීම සඳහා භාවිත කරන පරීක්ෂණ ක්‍රමයක් වන හෘද රෝග අවදානම් තක්සේරුව (CVD) සියලු අමුත්තන් වෙත ලබා දෙමින් ආරම්භ විය. “නිරෝගී මනසක් රඳා පවතින්නේ නිරෝගී හදවතක් මතයි” යන්න තේමා කරගනිමින් සෞඛ්‍ය සම්පන්න හදවතක් වෙනුවෙන් විනාඩි 15ක යෝග අභ්‍යාසයකට එක් වන ලෙස ආරාධිතයින්ගෙන් හා විශේෂ අමුත්තන්ගෙන් ඉල්ලා සිටියේ ඉන් අනතුරුවයි. බි්‍රතාන්‍ය කොලොම්බියා විශ්වවිද්‍යාලයේ මානව චාලක විද්‍යාව පිළිබඳ උපාධිධාරී, Functional Range Conditioning ^FRC&) සහ යෝග ව්‍යුහ විද්‍යාව පිළිබඳ විශේෂඥ, ජනප්‍රිය යෝග උපදේශිකා Annie Au , ඇගේ සැමියා වන ආරොන් වික්‍රමසිංහ සමඟ එක්ව මෙම යෝග අභ්‍යාසය ඉදිරිපත් කරන ලදී. ඉන්පසු දිනයේ වැඩකටයුතු ආරම්භ විය.

පැමිණ සිටි සියලු දෙනාගේ ආකර්ෂණය දිනාගත් එම යෝග අභ්‍යාසයෙන් අනතුරුව ‘ඔබේ හදවත ආදරයෙන් රැකගන්නේ කෙසේද?’ යන මාතෘකාව යටතේ විද්වත් මඩුල්ලක් සමඟ සාකච්ඡාවක් ආරම්භ විය. ත්‍රිෂ්මා ප්‍රින්ටෝ විසින් මෙහෙවනු ලැබූ එම සාකච්ඡාවේ විද්වත් මඩුල්ල ලෙස Kings Hospital හි හෘද රෝග විශේෂඥ වෛද්‍ය කිශාන් ද සිල්වා, යෝග ගුරු පුහුණුකරු ආරොන් වික්‍රමසිංහ සහ හිටපු ශ්‍රී ලංකා රූ රැජිණක් වන ස්ටෙෆනි සිරිවර්ධන යන මහත්ම මහත්මීන් එක් වූහ.

මෙරට ප්‍රමුඛ පෙළේ හෘද රෝග විශේෂඥයකු වන වෛද්‍ය කිශාන් ද සිල්වා මහතා සෞඛ්‍ය සම්පන්න හදවතකට අවශ්‍ය සාධක පිළිබඳ සිය දැනුම බෙදා දීමට කටයුතු කළ අතර පෝෂණ පුහුණුකරුවකු, පුද්ගලික යෝග්‍යතා පුහුණුකරුවකු මෙන්ම හිටපු වෘත්තීය Muay Thai kickboxer ක්‍රීඩකයකු වන ආරොන් මහතා විසින් විවිධාකාරයේ යෝග පිළිබඳ හා සමබල ආහාර වේලක් ලබාගැනීමේ අවශ්‍යතාවය පිළිබඳ ඔහු සතු සුවිශේෂී දැනුම බෙදා ගැනීමට  කටයුතු කරන ලදී.

මෙහිදී සාකච්ඡාවට ලක් වූ කරුණක් වූයේ හෘද සෞඛ්‍යයට හිතකර ආහාර වේලක් සමඟ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගැනීම පිළිබඳ උපදෙස් හා කිරීටක හෘද රෝග ඇතිවීම වළක්වා ගැනීම සඳහා ගත හැකි මූලික පියවරයි. සෞඛ්‍ය සම්පන්න හදවතක් පවත්වා ගැනීම වෙනුවෙන් වෙනස් කළ හැකි හා වෙනස් කළ නොහැකි අවදානම් සාධක පිළිබඳවද විද්වත් මඩුල්ල විසින් සාකච්ඡාවට බඳුන් කරන ලදී.

ඒ ආකාරයේ වෙනස් කළ හැකි අවදානම් සාධක අතරට දුම් පානය සහ ඉන් පිට කරන දුමාරයට නිරාවරණය වීම, කිසිඳු ව්‍යායාමයකින් තොර උදාසීන ජීවන රටාව, සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර පුරුදු මෙන්ම ආතතිය වැනි සාධකද ඇතුළත් වේ. මේ සියලු දේ ආහාර හා ජීවන රටාව තුළ සිදු කරන ධනාත්මක වෙනස්කම් තුළින් පාලනය කිරීමේ හැකියාව ඔබ සතු බව දැනගැනීමම ඔබට ඉමහත් අස්වැසිල්ලක් වනු නිසැකය.

වෙනස් කළ නොහැකි අවදානම් සාධක ලෙස වයස , ස්ත්‍රී -පුරුෂ භාවය සහ ජාන ඇතුළත් වේ. (ඔබගේ පවුල් පරම්පරාවේ සාමාජිකයින් හෘද රෝග හා සම්බන්ධ රෝගයන්ට ගොදුරු වී ඇත්නම් ඔබ හෘදයට හිතකර ආහාර වේලක් වෙත මාරුවීම හා හෘද රෝග වැළැක්වීම සඳහා වන ජීවන රටාවක් වෙත පිවිසීම වැදගත්ය)

මෙහිදී විද්වත් මණ්ඩලයේ සාකච්ඡාවට බඳුන් වූ තවත් කරුණක් වූයේ හෘදයට හිතකර සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් යනු කුමක්ද? යන්නයි. ඒ අනුව ඊට පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් අනූන එළවළු (කොළ පැහැති පලා වැනි) සහ පළතුරු සහ බෝංචි, කඩල හා පරිප්පු වැනි ශාක පදනම් වූ ප්‍රෝටීන් ඇතුළත් වේ. ඊට අමතරව එළවළු තෙල් සහ එළවළු තෙල් පදනම් කරගත් මෘදු තැවරුම් (බහුඅසංතෘප්ත මේද සහිත ආහාර), දුඹුරු සහල්, තිරිඟු පාන් සහ ඕට්ස් වැනි පරිපූර්ණ ධාන්‍ය වර්ග මෙන්ම ඔමේගා 3 සහ 6 මේද අම්ල අන්තර්ගත සැමන් හා මැකරල් වැනි තෙල් සහිත මාළු සහ සමහර ශාකමය තැවරුම් ද ඇතුළත් වේ.

‘ඔබේ හදවත නිරෝගීව තබාගන්නේ කෙසේද?’ යන්න තේමා කොට ගත් බ්ලොක් ඇන්ඩ් ඩිනෝ විසින් ඉදිරිපත් කළ ප්‍රහසනාත්මක රංගනයෙන් මෙම සුවිශේෂී අධ්‍යාපනික සන්ධ්‍යාව අවසන් විය.

මෙහිදී අදහස් දැක්වූ Upfieldහි අලෙවි කළමනාකාර තරිඳු හීන්පැල්ල මහතා මෙසේ සඳහන් කර සිටියේය. “ලෝක හදවත් දිනය යනු ජීවිතයේ වැදගත්ම දේ වන ඔබේ හදවතට ආදරය කිරීම පිළිබඳ අපට මතක් කර දීමට සුදුසුම දිනයයි. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට වගේම අපගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම වෙනුවෙන් සිදුකළ හැකි දේ පිළිබඳ දැන ගැනීම අපට ඉතා ප්‍රයෝජනවත්. සෑම දෙයක්ම ආරම්භ වන්නේ ඔබේ හදවතෙන්. ඒ නිසාම නිරෝගී හදවතක් සුවපත් ජීවිතයකට මඟ පාදන බව පැවසීම ඉතාම නිවැරදියි. නිරෝගී දිවි පෙවතක් ගත කරන සියලු දෙනාට තමන් ආදරය කරන පුද්ගලයින් සහ වැඩ කටයුතුවලින් සපිරි ජීවිතයක් තිබෙනවා. කෙසේ වුවත් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් වෙනුවෙන් අවශ්‍ය ශක්තිය මනා හෘද සෞඛ්‍යයක් පවත්වා ගැනීම තුළින් ලබා ගත හැකි බව ෆ්ලෝරා ලෙස අප නිරන්තරයෙන් විශ්වාස කරනවා. ඒ තුළින් බොහෝ දේ ඉගෙන ගැනීමට මෙන්ම ජීවිතයට වැදගත් වන බොහෝ දැනුම බෙදා ගැනීමට ද අවකාශ උදා වන බව පැවසිය හැකියි”.

ආහාරමය මේද දෛනික ආහාර වේලෙහි වැදගත් අංගයකි. ශක්තිය සපයනු ලබන එම ආහාරමය මේද, ද්‍රාව්‍ය විටමින් අවශෝෂණය කර ගැනීමේ මාධ්‍යක් වන අතරම ඔමේගා 3 සහ 6 වැනි අත්‍යාවශ්‍ය මේද අම්ලයන්ගෙන් පොහොසත්ය. පුද්ගලයන්ගේ දෛනික කැලරි අවශ්‍යතාවයෙන් 30%ක් මේදවලින් ගත යුතු බව නිර්දේශ කරන ලෝක සෞඛ්‍ය සංවිධානය ඉන් වැඩි ප්‍රමාණයක් අසංතෘප්ත මේද හෝ හිතකර මේදයන්ගෙන් ලබා ගත යුතු බවද පෙන්වා දෙයි. සූරියකාන්ත සහ කැනෝලා තෙල්වල අඩංගු අසංතෘප්ත මේදයන්ගෙන් පොහොසත් ෆ්ලෝරා මේද තැවරුම 1992 වසරේදී ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී. ශාක පදනම් කරගත් මේද අන්තර්ගත සුවිශේෂී නිෂ්පාදනයක් වන ෆ්ලෝරා සෞඛ්‍යයට හිතකර මේද ලබා දෙයි.