• Ada Derana BIZ Sinhala
  • Agricultural Machinery Training and Research Center
  • DIMO
  • sri lanka
  • University of Ruhununa

DIMO සමාගම රුහුණු විශ්ව විද්‍යාලය සමඟ එක්ව කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ පුහුණු හා පර්යේෂණ මධ්‍යස්ථානයක් සදහා අත්වැල් බැඳගනී

October, 3, 2022

මෙරට ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සමාගම, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ පුහුණු හා පර්යේෂණ මධ්‍යස්ථානයක් සංවර්ධනය කිරීම සඳහා රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය සමඟ සහයෝගීතාවකට එළඹුණි.

DIMO සමාගමේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික යාන්ත්‍රිකකරණ ක්‍රියාවලිය වේගවත්  කිරීමට කෘෂිකාර්මික ක්ෂේත්‍රයට  සම්බන්ධ  පාර්ශ්වකරුවන්ට  තාක්ෂණික දැනුම ලබා දීම සදහා පහසුකම් සැලසීමයි.  කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ පුහුණු හා පර්යේෂණ මධ්‍යස්ථානය මගින් කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ පරීක්ෂා කිරීම හා අනුවර්තනය කිරීම සඳහා පර්යේෂණ කටයුතු සිදු කරන අතර, කෘෂිකාර්මික අංශයේ උපාධි හා පශ්චාත් උපාධි අපේක්ෂක්යින්ගේ  පර්යේෂණ අවශ්‍යතා සඳහා ද පහසුකම් සලසයි.

DIMO සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ගහනාත් පණ්ඩිතගේ මහතා පැවසුවේ, “කෘෂිකාර්මික ක්ෂේත්‍රය සදහා නවීන තාක්ෂණය  හඳුන්වා දීම අතින් DIMO සමාගම ඉදිරියෙන් ම  සිටින බවයි.  ඕනෑ ම ක්ෂේත්‍රයක දියුණුව සඳහා කර්මාන්ත අංශය, විශ්ව විද්‍යාල  පද්ධතිය  සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතුයි.  මෙම වැඩසටහන ඒ සදහා හොද උදහරණයක්. ශ්‍රී ලංකාවේ ගොවි ජනතාවගේ සිහින හා අභිලාෂයන් බල ගැන්වීම සඳහා අපි සැමවිට ම කැපවෙනවා. මෙම සහයෝගීතාව තුළින් දේශීය කෘෂිකාර්මික ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියට සහයෝගය ලබා දීමටත් අපි බලාපොරොත්තු වෙනවා." යනුවෙනි.

කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ පුහුණු හා පර්යේෂණ මධ්‍යස්ථානය සංවර්ධනය කිරීම සඳහා රුහුණු විශ්ව විද්‍යාලය සමඟ DIMO සමාගම ගොඩනඟාගත් සහයොගීතාව, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් සඳහා ශක්තිය ලබා දෙන අතර, යන්ත්‍රෝපකරණ ආශ්‍රිත නවෝත්පාදන අලෙවියට සහ පේටන්ට් බලපත්‍රය ප්‍රවර්ධනයට ද අවස්ථාව උදාකර දෙයි.  කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ පරීක්ෂා කිරීමට සහ උපාධි අපේක්ෂකයින් වෙත ප්‍රායෝගික පුහුණුව ලබාදීමට ද මෙම  සහයෝගීතාව මගින් පහසුකම් සලසයි. ඊට අමතරව කෘෂිකර්මාන්තයට අදාළ පර්යේෂණ ක්ෂේත්‍රයේ දැනුම බෙදා හැරීම සඳහා සන්නිවේදන ක්‍රමවේද සැකසීමට ද මෙම සහයෝගීතාව පහසුකම් සපයයි.

එමෙන් ම මෙම සහයෝගීතාව මගින් උපාධි හා පශ්චාත් උපාධි අපේක්ෂකයින් වෙත කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ ආශ්‍රිත පුහුණුව ලබා දීම වෙනුවෙන් ද ඉතා සිවිශේෂී කාර්‍යභාරයක් ඉටු කරන අතර, මෙම ව්‍යාපෘතියේ තවත් අරමුණක් වන්නේ රුහුණු විශ්වවිද්‍යාලයේ  උපාධි අපේක්ෂකයින්ගේ කාර්මික කුසලතා වර්ධනය කිරීම සඳහා කාර්මික පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමයි. කෘෂිකාර්මික ක්ෂේත්‍රයට සම්බන්ධ  විද්වතුන්, ගොවියන් සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට මෙම වැඩසටහන් හරහා නවතම කෘෂිකාර්මික තාක්ෂණික ක්‍රමවේද හඳුන්වා දීමට ද DIMO සමාගම කටයුතු කරයි.

මෙම සහයෝගීතාව යටතේ අවශ්‍ය යන්ත්‍රෝපකරණ, පර්යේෂණ කටයුතු සදහා අවශ්‍ය සම්පත් DIMO සමාගම ලබා දෙයි. එමෙන් ම මෙම වැඩසටහන සඳහා රුහුණු විශ්වවිද්‍යාලය සිය විශේෂඥතාව, දැනුම සහ සම්පත් දායකත්වය ලබා දෙයි.

කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ පුහුණු හා පර්යේෂණ මධ්‍යස්ථානය වී පැල සිටවීමේ,වල් පැල ගලවන   හා වියළන යන්ත්‍ර නිර්මාණය ආදී ක්ෂේත්‍ර ඔස්සේ උපාධි අපේක්ෂකයින් විසින් සිදු කෙරුණු පර්යේෂණ ව්‍යාපෘති කිහිපයකට ම දැනටමත් සහාය ලබා දී ඇති අතර, එම නව නිපැයුම්වල මූලාකෘතිවල නිර්මාණ කටයුතු මේ වන විට අවසන් වී ඇත.

 

ඡායාරූපය : DIMO සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ගහනාත් පණ්ඩිතගේ මහතා සහ රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතා ගිවිසුම් හුවමාරු කරගනිමින්.

  • Ada Derana BIZ Sinhala
  • gold prices
  • sri lanka

හෙට්ටි වීදියේ රන් මිල ඉහළට

October, 3, 2022

අද (03) පෙරවරුවේ දී කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 162,000 ක් ලෙසින් වාර්තා වී තිබේ.

මේ අතර අද දින කැරට් 24 ක රන් පවුමක මිල වාර්තා වන්නේ රු. 175,000 ක් ලෙසයි.

මේ අතර ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ද පසුගිය සතියට සාපෙක්ෂව වැඩි වීමක් වාර්තා කරයි.

අද දින ගනුදෙනු අතරතුර රන් අවුන්සයක මිල සටහන්ව ඇත්තේ ඩොලර් 1,664.50 ක් ලෙසයි.

පසුගිය සතියේ සැප්තැම්බර් 30 වන දා වන විට හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 162,800 දක්වා ත්, කැරට් 24 රන් පවුමක මිල රු. 176,000 ක් දක්වා ත් ඉහළ ගොස්  තිබුණි.

සැප්තැම්බර් 28 දා එම මිල ගණන් දැක්වුණේ කැරට් 22 රන් පවුමක් රු. 159,100 ක් හා කැරට් 24 රන් පවුමක් රු. 172,000 ක් වශයෙනි.

  • Ada Derana BIZ Sinhala
  • closed
  • liquor stores
  • sri lanka
  • today

අද දින සුරාසැල් වැසෙන හේතුව මෙන්න

October, 3, 2022

දිවයින පුරා පිහිටි සියලු සුරාසැල් අද (ඔක්තෝබර් 03) දිනයේ දී වසා තැබෙනු ඇත. ‌

ලෝක අමද්‍යප දිනය ඔක්තෝබර් 03 වනදාට යෙදී තිබීම මීට හේතුවයි.

ඒ අනුව අද (03) දිනයේ දී මත්පැන් අලෙවිය සම්පූර්ණයෙන්ම තහනම් වනු ඇත.

මුදල් අමාත්‍යාංශයේ වාර්තාවලට අනුව මෙරට තිබෙන සුරාසැල් සංඛ්‍යාව 4,092 ක් වේ.

  • Ada Derana BIZ Sinhala
  • ComBank
  • PAYable
  • sri lanka

කොමර්ෂල් බැංකුව සහ PAYable වෙතින් ස්මාර්ට් දුරකතනයෙන් කාඩ් ගෙවීම් පිළිගැනීම සඳහා ක‍්‍රමවේදයක්

October, 1, 2022

වෙළෙඳුන්ට ඉතාමත් පහසුවෙන් සහ අඩු වියදමින් කාඩ් ගෙවීම් ගනුදෙනු පිළිගැනීම සඳහා පහසුකම් සලසමින් ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ජංගම දුරකතන තුළින් කාඩ් පිළිගැනීමේ ක‍්‍රමවේදය හඳුන්වාදුන් ශ‍්‍රී ලංකාවේ පළමු බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්වී තිබේ. මෙම අඩු පිරිවැය නවීන තාක්ෂණය මගින් ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් කර්මාන්තය දැවැන්ත සංවර්ධනයකට ලක්වනු ඇත.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ඩිජිටල් ගෙවීම් විසඳුම් සම්පාදකයෙකු වන PAYable ප‍්‍රයිවට් ලිමිටඩ් සමාගම සමග ඒකාබද්ධ වෙමින් මෙම පහසුකම බැංකුව විසින් ලබාදෙන බවත් ගෙවීම් පද්ධතිය PAYableSoftPOS හෙවත් PAYableTAP සමග ඒකාබද්ධ කර තිබෙන බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි. මෙම පද්ධතිය මූල්‍ය අංශයේ ඩිජිටල් ගෙවීම් පද්ධති සම්පාදනය කරන තාක්ෂණික සමාගමක් වන Worldline සහ Mastercard ඒකාබද්ධව සංවර්ධනය කර ඇත.

මෙම විසඳුම මගින්  ඕනෑම NFC – සක‍්‍රීය ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් දුරකතනයක්ම ගෙවීම් පිළිගන්නා යන්ත‍්‍රයක් බවට පරිවර්තනය කරයි. මෙම පහසුකම ලබාගැනීම සඳහා වෙළෙඳුන් PAYableTAP ඇප් පහසුකම ඩවුන්ලෝඩ් කරගෙන කොමර්ෂල් බැංකුව සමග ලියාපදිංචි විය යුතු අතර පසුව ජංගම උපකරණයේ තිරයේ ක්‍රෙඩිට් කාඞ්පත හෝ ඩෙබිට් කාඞ්පත ස්පර්ශ කර ඉතාමත් පහසුවෙන් ගනුදෙනුව සම්පූර්ණ කළ හැකිවේ.

PAYableTAP භාෂා ත‍්‍රිත්වය මගින්ම සේවාව ලබාදෙන අතර සෑම ගනුදෙනුවකින්ම පසුව ඩිජිටල් රිසිට් පතක් ලබාදෙන නිසාත් එය කෙටි පණිවුඩයක් හෝ ඊ-මේල් පණිවුඩයක් ලෙස ලබාගත හැකි නිසාත් මුද්‍රණය කළ රිසිට් පතක් නිකුත් කිරීමට අවශ්‍ය නොවේ. මෙම සුරක්ෂිත ගෙවීම් පිළිගැනීමේ ක‍්‍රමවේදය තුළින් බොහෝ ක්ෂුද්‍ර සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට ප‍්‍රතිලාභ ලබාගත හැකි බවත් ඒ තුළින් ඔවුන්ගේ ව්‍යාපාර සංවර්ධනය කරගත හැකි බවත් බැංකුව සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 940 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා (දකුණේ) සහ PAYable ප‍්‍රධාන විධායක නිළධාරී සහ සම සමාරම්භක යොහාන් විජේසිරිවර්ධන මහතා පළමු ගනුදෙනුව සිදුකළ ආකාරය

 

සේයාරු සටහන - කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා (මැද) සහ PAYable ප‍්‍රධාන විධායක නිළධාරී සහ සම සමාරම්භක යොහාන් විජේසිරිවර්ධන මහතා ගිවිසුම හුවමාරු කරගන්නා ආකාරය. මෙම අවස්ථාවට (වමේ සිට) PAYable අධ්‍යක්ෂවරුන් වන ටෙරේෂ් අමරතුංග මහතා, එස්. ෂන්මුගනාදන් මහතා, PAYable සාමාන්‍යාධිකාරී සහ අධ්‍යක්ෂ, සාජිඞ් රෙයාස් මහතා සහ කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - අලෙවිකරණ, හස්රත් මුණසිංහ මහතා, කාඞ් මධ්‍යස්ථානයේ ප‍්‍රධාන කළමනාකරු, නිශාන්ත ද සිල්වා මහතා, කාඞ් මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු, සීවලී වික‍්‍රමසිංහ මහතා සහ කාඞ් මධ්‍යස්ථානයේ නිළධාරී, විෂාන් ප‍්‍රනාන්දු මහතා සහභාගී විය.  

  • Ada Derana BIZ Sinhala
  • ICC
  • MAS
  • sri lanka
  • T20
  • World Cup

MAS විසින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් නිර්මාණය කළ ICC පිරිමි T-20 ලෝක කුසලාන ජර්සිය නිල වශයෙන් එළිදක්වයි

October, 1, 2022

දකුණු ආසියාවේ විශාලතම ඇඟලූම් තාක්ෂණ නිෂ්පාදකයා වන MAS Holdings මේ වසරේ ඔස්ටේ‍්‍රලියාවේ පැවැත්වෙන ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ (ICC) පිරිමි T-20 ලෝක කුසලානයේ දී ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම විසින් යොදා ගන්නා නිල ක‍්‍රිකට් ජර්සිය හදුන්වා දුන්නේය. 2022 සැප්තැම්බර් 30 වන දින ජර්සි නිර්මාණය කර නිෂ්පාදනය කරන කටුනායක MAS Active Nirmaana හි පැවති උත්සවයකදී MAS Holdings හි සභාපති මහේෂ් අමලියන් සහ MAS Active හි ප‍්‍රධාන විධායක නිලධාරී චෙලාන් ගුණතිලක යන මහත්වරුන් විසින් ශ‍්‍රී ලංකා T-20 ලෝක කුසලාන නායක දසුන් ශානක සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා වෙත ජර්සිය භාර දෙන ලදී.

2005 වසරේ සිට MAS විසින් SLC සමඟ විශ්වාසනීය සබඳතාවක් ගොඩනඟා ගනිමින් ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයන්ගේ දක්ෂතාව ඉහළ නැංවීම සඳහා සුවපහසුව සහ ක‍්‍රියාශීලිත්වය වැඩිදියුණු වන අන්දමින් ජාත්‍යන්තර මට්ටමේ කී‍්‍රඩා ඇඟලූම් සැලසුම්කර නිෂ්පාදනය කරයි. MAS විසින් 2005-2008 දී ජාතික ජර්සි සඳහා ඉහළ කාර්යසාධනයක් සහිත කෘතිම රෙදි, 2012 දී සැහැල්ලූ ක‍්‍රීඩා නිශ්පාදනය සහ sublimation මුද්‍රණය සහ 2014 දී දහඩිය දැමීම අවම කරන දැල් රෙදි සහ සිදුරු සහිත ලේසර් ඇතුළු නව නිෂ්පාදන තාක්ෂණයන් හඳුන්වා දී ඇත. 2014 වසරේ සිට MAS ලද අත්දැකීම් තුළින් ජර්සියේ භාහිර පෙනුම වැඩිදියුණු කිරීම කෙරෙහි ද අවධානය යොමු කර ඇති අතර ඒ තුළින් ඇඳුමට වැඩි ආකර්ෂණීය බවක් ගෙන දෙයි. 2022 ආසියානු කුසලානයේ දී කණ්ඩායම ශූරයන් බවට පත් වූ අභිමානය පිළිඹිබු වන අන්දමින් සහ කණ්ඩායමේ සිංහාභිමානය සංකේතවත් කරමින් මෙම ජර්සිය නිර්මාණය කර ඇත.

2022 ICC T-20 ලෝක කුසලානයට පෙර ක‍්‍රීඩකයන්ගේ අදහස වූයේ දහඩිය දැමීම හේතුවෙන් ශරීරයට ඇලෙන ඇඳුම් සමඟ ක‍්‍රීඩා කිරීම දුෂ්කර බවයි. ඔක්තෝම්බර් මාසයේදී ඉහළ ආර්ද්‍රතා මට්ටමක් ඇති ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩාංගණවල පාරිසරික තත්වයන් තක්සේරු කර කාලගුණ රටා, උෂ්ණත්වය සහ මිනිස් සිරුරේ දහඩිය ග‍්‍රන්ථි පිළිබඳ පර්යේෂණ කිරීමෙන් පසු මෙම නවතම ජර්සිය MAS Active කණ්ඩායම විසින් නිර්මාණය කරන ලදී. MAS Active විසින් ක‍්‍රීඩකයාගේ නැවුම් බව සහ සුවපහසුව සඳහා දහඩිය වේගයෙන් වාෂ්ප කිරීමට හැකි රෙදි නිපදවන ලද අතර මෙය දැනට පවතින wicking සහ තෙතමනය කළමනාකරණ තාක්ෂණයට අමතරව සුවපහසු බව පවත්වා ගැනීම සඳහා සකස් කරන ලද සැහැල්ලූ, ඉහළ අවශෝෂක හැකියාව සහිත, ඇදෙන සුළු රෙදි භාවිතා කරමින් නිර්මාණය කර ඇත.

"ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට ඉහළ කාර්ය සාධනයක් සහිත ක‍්‍රීඩා ඇඟලූම් සැපයීම MAS අපගේ අරමුණයි.” යනුවෙන් චෙලාන් ගුණතිලක මහතා පැවසුවේය.

"T20 ලෝක කුසලානය ශ‍්‍රී ලංකා මාතාව වෙත ගෙන ඒම සඳහා තරඟ කරන අපේ කී‍්‍රඩකයින් වෙනුවෙන් MAS හි ශිල්පීය හැකියාවන් සහ තාක්ෂණය තුළින් ජාත්‍යන්තර මට්ටමේ ඇඟලූම් නිර්මාණය කරනවා. එම ජර්සිය ඔවුන් වෙත එන්නේ සියලූම ශ‍්‍රී ලාංකිකයින්ගේ සුබ පැතුම් සහ බලාපොරොත්තු කැටි කරගෙනයි.” යනුවෙන් ඔහු තවදුරටත් පැවසුවේය.

MAS විසින් සාගර ප්ලාස්ටික් සහ ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමේ අවශ්‍යතාවය වැනි වැදගත් කරුණු පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍යක් ලෙස වසර ගණනාවක් පුරාවට SLC ජර්සිය භාවිතා කර ඇත. 2019 සහ 2021 දී MAS විසින් ICC ලෝක කුසලාන ජර්සි නිෂ්පාදනය කළේ සාගර ප්ලාස්ටික් සහ දිවයින පුරාවෙන් එකතු කරන ලද ප‍්‍රතිචක‍්‍රීයකරණය කල ප්ලාස්ටික් අපද්‍රව්‍ය භාවිතා කරමිනි. මෙම වසරේ ජර්සිය නිර්මාණය කර ඇත්තේ වනාන්තර විනාශ කිරීම, ග්ලැසියර දියවීම සහ පශු සම්පත වැනි විස්තරාත්මක අංග ඇතුළත් වන පරිදිය. ඊට අමතරව ශ‍්‍රී ලංකාව වැනි ූපත් සඳහා මුහුදු මට්ටම ඉහළ යාමේ බලපෑම, උෂ්ණත්වය ඉහළ යාම සහ ආන්තික කාලගුණික රටා වැනි ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ බලපෑම් පිළිබඳව ද එමඟින් ඉස්මතු කරයි.

ලොව පුරා සිටින බොහෝ ජාත්‍යන්තර මට්ටමේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සඳහා ප‍්‍රමිතිගත කී‍්‍රඩා ඇඟලූම් සපයන MAS හි ඇඟලූම් තාක්ෂණය සහ නවෝත්පාදනය, නිර්මාණශීලිත්වය සහ සදාචාරාත්මක නිෂ්පාදන පිළිවෙත් ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූල වේ.

 

  • Ada Derana BIZ Sinhala
  • App
  • sri lanka
  • tax

හොර අරක්කුවලට තිත තියන්න සුරා බදු දෙපාර්තමේන්තුවෙන් ඇප් එකක්

October, 1, 2022

හොර මත්පැන්වලට තිත තබමින් ඒවා ක්ෂණිකව පරිගණකයෙන් හඳුනා ගත හැකි පරිගණක යෙදවුමක් සුරා බදු දෙපාර්තමේන්තුව මඟින් හඳුන්වා දී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹළාපිටිය මහතා පවසයි.

දැනට වෙළෙඳපොලේ පවතින මත්පැන් බෝතල් මත අලවා ඇති ආරක්ෂක ස්ටිකරය ස්මාර්ට් ජංගම දුරකථනයක් මඟින් QR කේතය ස්කෑන් කිරීම මඟින් අදාළ තොරතුරු ලබා ගත හැකි වන අතර එය ප්‍රතික්ෂේප වුවහොත් ඒ මොහොතේම යෙදවුම මඟින් පැමිණිලි කළ හැකි අතර ක්ෂණිකව නීතිය ක්‍රියාත්මක වීම ද සිදුවේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ,

ගුණාත්මක සේවාවක් ලබා දීම සඳහා අපි යෙදවුමක් නිෂ්පාදනය කරා.මෙම යෙදවුම සියළුම ඇන්ඩ්රොයිඩ් දුරකථන හා ඇපල් දුරකථන හරහා EXCISE TAX STAMP VALIDATOR ( එක්සිස් ටැක්ස් ස්ටෑම්ප් වැලිඩේටර්) යන නමින් ඇති යෙදවුම ඉන්ස්ටෝල් කර ගැනීම තුළින් ලැබෙන ඇප් එකෙන් බෝතලය මත ඇති QR එක ස්කෑන් කර එය හොර මත්පැන් බෝතලයක් ද නැති ද යන්න හඳුනා ගැනීමට හැකි බවයි.මෙම යෙදවුම සයිබර් අවකාශයට මුදා හැරීම මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අමාත්‍යතුමන් අතින් සිදු විය.අද සිට මෙම යෙදවුම හරහා පාරිභෝගිකයන්ට අව්‍ය්‍ය සේවාව ලබා ගැනීමට හැකිවේ.

මෙම යෙදවුම හඳුන්වා දීම තුළින් හොර මත්පැන් වලට තිත තැබීමට හැකි වී තිබෙන බවත්, රාජ්‍ය ආදායම ඉහළ ගොස් ඇති බව ද මෙහිිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 

  • Ada Derana BIZ Sinhala
  • Colombo inflation
  • Food inflation
  • sri lanka

කොළඹ උද්ධමනය 69.8% ක් දක්වා ඉහළට. ආහාර උද්ධමනය 95%ට ආසන්න වෙයි

September, 30, 2022

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 අගෝස්තු මාසයේ පැවති සියයට 64.3හි සිට 2022 සැප්තැම්බර් මාසයේ දී සියයට 69.8ක් දක්වා ඉහළ ගියේය.

වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය.

ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 අගෝස්තු මාසයේ පැවති සියයට 93.7හි සිට 2022 සැප්තැම්බර් මාසයේ දී සියයට 94.9 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 අගෝස්තු මාසයේ පැවති සියයට 50.2හි සිට 2022 අගෝස්තු මාසයේ දී සියයට 57.6 ක් දක්වා ඉහළ ගියේය.

  • Ada Derana BIZ Sinhala
  • cultural
  • educational
  • Iran
  • sri lanka

අධ්‍යාපනික සහ සංස්කෘතික හුවමාරුව පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉරානයේ දී

September, 30, 2022

ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සහය සහිතව, අධ්‍යාපනික හා සංස්කෘතික හුවමාරුව පිළිබඳව දැනුවත්කිරීමේ වැඩසටහනක් 2022 සැප්තැම්බර් 21වැනි දින ටෙහෙරානයේ පිහිටි සිය චාන්සරි පරිශ්‍රයේදී සංවිධානය කළේ ය. ඉරානයේ විශ්වවිද්‍යාල, විදේශ කටයුතු අමාත්‍යංශය, උසස් අධ්‍යාපන ආයතන, මාධ්‍යායතන සහ අනෙකුත් රේඛීය ආයතන නියෝජනය කළ නියෝජිතයන්45 දෙනෙකු පමණ මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.ශ්‍රී ලංකාව සහ ඉරානය අතර අධ්‍යාපනික හා සංස්කෘතික තොරතුරු හුවමාරු කරගැනීම සහ ඊට අදාළ ක්ෂේත්‍රවල පවතින අවස්ථා හුවමාරු කරගැනීම සඳහා වේදිකාවක්  නිර්මාණය කිරීම මෙම වැඩසටහනේ අරමුණ විය.

සමාරම්භක දේශනය පැවැත්වූ ඉරානයේ ශ්‍රී ලංකා තානාපති ජී.එම්.වී. විශ්වනාත් අපොන්සු මහතා, සම්භාවනීය අමුත්තන් පිළිගත් අතර, ශ්‍රී ලංකාව සහ ඉරානය අතර අධ්‍යාපනික හා සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීම සඳහා තානාපති කාර්යාලය සමඟ අත්වැල් බැඳගැනීමට ඔවුන් දක්වන උනන්දුව අගය කළේය. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන හා සංස්කෘතික ක්ෂේත්‍රවල පවතින අවස්ථා පිළිබඳව අවධාරණය කළ තානාපතිවරයා, දෙරටේ සිසුන්, ශාස්ත්‍රඥයන්, විද්වතුන් සහ අනධ්‍යයන වෘත්තිකයන් අතර දැනුවත් කිරීමේ වැඩසටහන් වැඩිදුර පැවැත්වීමේ අවශ්‍යතාව ද අවධාරණය කළේය.

නියෝජ්‍ය රෙජිස්ට්‍රාර්, අණ දෙන නිළධාරී එච්.බී.එච්. දීෂානා මහතා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපාධි පාඨමාලා, සුදුසුකම් ලැබීමේ නිර්ණායක, අයදුම්කිරීමේ ක්‍රියා පටිපාටිය,  පාඨමාලා කාලසීමාව, විදේශීය සිසුන් සහ නිළධාරි ශිෂ්‍යභටයන් බඳවාගැනීම සහ අනෙකුත් අදාළ තොරතුරු ඇතුළත් කරුණු පිළිබඳව දළ විශ්ලේෂණයක් ලබාදෙමින් අතථ්‍ය අයුරින් ඉදිරිපත් කිරීමක් සිදු කළේ ය.විශ්ව විද්‍යාලයේ අධ්‍යයන  හුවමාරු වැඩසටහන යටතේ, මුදල් ගෙවියයුතු පාඨමාලාවලට අමතරව ශිෂ්‍යත්ව සහිත උපාධි පාඨමාලා සඳහා අයදුම්කිරීමට විදේශීය සිසුන්ට අවස්ථාව පවතින බවද ඔහු සඳහන් කළේය.

ටෙහෙරාන් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපපීඨාධිපති මහාචාර්ය රූඩාබේ බහ්රාම් සොල්තානි මහත්මිය ඉරානයේ පිළිගත් විශ්වවිද්‍යාලවල වෛද්‍ය සහ ඖෂධ ක්ෂේත්‍රවල විදේශීය සිසුන් සඳහා පවතින අවස්ථා සහ අපේක්ෂා අවධාරණය කරමින් "පර්සියානු වෛද්‍ය ගුරු කුළය" යන්නෙන් පුළුල් ඉදිරිපත් කිරීමක් සිදු කළාය. තවද,  ඉරානය සහ ශ්‍රී ලංකාව අතර උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව පුළුල් කිරීම සඳහා ජාල සහ හවුල්කාරිත්වයන් ගොඩනැගීමේ අරමුණින් දැනුවත් කිරීමේ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද එතුමිය අවධාරණය කළාය.

අධ්‍යයන අංශය නියෝජනය කළ  ඉරාන විද්වතුන් කිහිපදෙනෙකු, ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පවතින උපාධි පාඨමාලා පිළිබඳ තොරතුරු ඉරානයේ විශ්ව විද්‍යාල, උසස් විද්‍යාල සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන අතර බෙදාගැනීමටත්, එමඟින් මේ සඳහා උනන්දුවක් දක්වන සිසුන්ට ශ්‍රී ලංකාවේ සුදුසු උපාධි පාඨමාලා හැදෑරීම සඳහා ඉඩහසර ලබා දීමට අවස්ථාව සලසන බවත් සඳහන් කළහ. ඊට ප්‍රතිචාර දැක්වූ ශ්‍රී ලංකා තානාපතිවරයා,ඔවුන්ගේ අවංක උනන්දුව අගයකළ අතර,ඔවුන්ගේ අඛණ්ඩ සහයෝගය ද අපේක්ෂා කළේය.

තවද, ශ්‍රී ලංකාවේ සහ ඉරානයේ උසස් අධ්‍යාපන ආයතන තුළ තමන් රුචිකත්වයක් දක්වන උපාධි පාඨමාලා සඳහා ඇතුළත්වීමට කැමති සිසුන්ට පහසුකම් සැලසීමට ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සැමවිටම සූදානම් බවද එතුමා ප්‍රකාශ කළේය. මෙම වැඩසටහන සංවිධානය කිරීම සම්බන්ධයෙන් තානාපතිවරයාට සහ කාර්ය මණ්ඩලයට  ස්තුතිය පුදකළ ඉරාන විදේශ කටයුතු අමාත්‍යංශයේ විශේෂඥයකු වන මොහොමඩ් ඩෙල්දාරි මහතා, ඉරාන රජයේ උපරිම සහයෝගය ලබාදෙන බවට සහතිකවිය.

කොළඹ විශ්ව විද්‍යාලයේ විද්වතකු වන ආචාර්ය සමීර් කරීම් මහතා මෙම දැනුවත් කිරීමේ වැඩසටහනේ ආරාධිත කථිකයා විය. "ශ්‍රී ලංකා-ඉරාන සබඳතා" කෙරෙහි අවධානය යොමුකළ එතුමා, ඓතිහාසික දෘෂ්ඨි කෝණයකින් යුක්තව සහයෝගීතාවයේ  සියලු ක්ෂේත්‍ර ආවරණය කළේය.

  • Ada Derana BIZ Sinhala
  • Singer
  • sri lanka

දේශීය නිෂ්පාදනයන් තුලින් මෙරට සංවර්ධනයට සිංගර් ශ්‍රී ලංකා වෙතින් ඉහළ දායකත්වයක්

September, 30, 2022

සිංගර් ශ්‍රී ලංකා යනු දේශීය නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක වන ප්‍රමුඛතම ආයතනයක් වන අතර එම ආයතනය දශක 6කට වැඩි ඉතිහාසයකට උරුමකම් කියයිග 1960 දශකයේ දී රත්මලානේ පිහිටි සිය කර්මාන්ත ශාලාවක දී ලෝක ප්‍රකට සිංගර් මහන මැෂිම නිෂ්පාදනය මගින් සිය ගමන් මඟ ඇරඹූ සිංගර් ශ්‍රී ලංකා සමාගම එතැන් සිට සිංගර් සන්නාමය යටතේ ශීතකරණල රෙදි සෝදන යන්ත්‍රල ගෘහස්ථ උපකරණල ගෘහ භාණ්ඩල කෘෂි නිෂ්පාදන සහ ඉංජිනේරු නිෂ්පාදන ආදී පුළුල් ක්ෂේත්‍රයක් පුරා සිය නිෂ්පාදන කළඹ විහිදුවීමට සමත් විය.

මෙරට පාරිභෝගික භාණ්ඩ ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන සිංගර් සමාගම දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය වෙත අවධානය යොමු කිරීමට අරමුණු කළේ තවදුරටත් වර්ධනය වීමට මෙන් මල දේශීය ආර්ථිකයට දායක වීම සඳහා ඇති අවස්ථාවන් හඳුනා මේ අරමුණිනිග මෙහි දී සිංගර් සමාගමේ දේශීය නිෂ්පාදන ශක්තිය හා එමගින් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය පිළිබඳව අප හා සාකච්ඡාවට එක් වූයේ සිංගර් ශ්‍රී ලංකා සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරීල මහේෂ් විජේවර්ධනල කැලුම් කොස්පැලවත්ත සුජීව පෙරේරා සහ අරුණ කොළඹගේ යන මහත්වරුන් සමඟ වන අතරල පහතින් දැක්වෙන්නේ ඔවුන් සමඟ කළ සාකච්ඡාව ඇසුරින් නිර්මාණය කරන ලද ලිපියකි.

ප්‍රශ්නය - මහේෂ් මහත්මයාල අද වෙනකොට අපි හැමෝම ඉන්නෙ දැඩි ආර්ථික අර්බුදයකග ඔබගේ සමාගමට මෙම තත්ත්වය දැනෙන්නෙ කොහොම ද ?

ආර්ථික අවපාතයන් මධ්‍යයේ වුණත් අපගේ ව්‍යාපාරවල මෙහෙයුම් කටයුතු ඉතා සාර්ථකව පවත්වාගෙන යාමට අපි විවිධ පියවර අරගෙන තිබෙනවාග ඒ සඳහා අපට ප්‍රමාණවත් සම්පත් තිබෙන බවත් පැවසීමට කැමතියිග අපි නව ව්‍යවසාය සම්පත් සැලසුම් පද්ධතියක් ස්ථාපනය කරමින් ආයතනික මෙහෙයුම් කටයුතු විධිමත් කිරීමට වගේ ම අපගේ සේවක සේවිකාවන්ගේ අභිවෘද්ධිය සඳහාත් නව ආයතනික වටිනාකම් පද්ධතියක් හඳුන්වා දීමටත් කටයුතු කර තිබෙනවාග දේශීය නිෂ්පාදන කියන්නෙ අපගේ ප්‍රධාන ශක්තීන්ගෙන් එකක්ග අපගේ නිෂ්පාදන පරාසය පුළුල් කිරීමටත්ල නව නිපැයුම් හඳුන්වා දීමටත්ල ඊට අමතරව සුළු පරිමාණ දේශීය නිෂ්පාදකයින්ට අවශ්‍ය සහයෝගය ලබා දීමටත් අපි නිරන්තරයෙන් කැප වෙනවා.

ප්‍රශ්නය - දේශීය නිෂ්පාදන තුළින් විරැකියාවට යම් විසඳුමක් ලබා දීමට හැකි වෙලා තිබෙනවාග මේ ගැන ඔබගේ අදහස ගැන කතා කළොත්.....

ආර්ථික අර්බුදය සෑම කර්මාන්තයකට ම බලපා තිබෙන නිසාල රැකියා අහිමිවීම් සහ ආර්ථික දුෂ්කරතා නිර්මාණය වී තිබෙන බව අපි කවුරුත් දන්නා කරුණක්ග දේශීය නිෂ්පාදන දිරිමත් කිරීම මගින් රැකියා අවස්ථා නිර්මාණය වෙන නිසා වර්තමාන තත්ත්වයට මුහුණ දීමට වඩාත් සාර්ථක ක්‍රමවේදයක් විදියට එය හඳුන්වා දීමට පුළුවන්ග ඒ නිසා ආයෝජන හරහා දේශීය නිෂ්පාදන ශක්තිමත් කිරීම වගේ ම සුළු පරිමාණ ව්‍යාපාර හා දේශීය සැපයුම්කරුවන් වෙත සහයෝගය ලබා දීම ඉතා වැදගත්ග මේ රටේ ක්‍රියාත්මක වන විශාලතම පාරිභෝගික භාණ්ඩ ජාලයක් වන සිංගර් ශ්‍රී ලංකා සමාගම නිසා පවුල් 10ල000කට වැඩි සංඛ්‍යාවක් යැපෙන බව පැවසුවොත් මම නිවැරදියිග මේ වෙනකොට අපි සෘජු හා වක්‍ර රැකියා අවස්ථා දහස් ගණනක් උත්පාදනය කර තිබෙනවාග ඒ වගේ ම බොහෝ දේශීය සැපයුම්කරුවන් හා නිෂ්පාදකයින් සිදුකරන දේශීය නිපැයුම් පුළුල් කිරීමට අපි නිරන්තරයෙන් සහයෝගය ලබා දෙනවා.

ප්‍රශ්නය - කැලුම් මහත්මයාල සිංගර් ශ්‍රී ලංකා සමාගම නිපදවන ශීතකරණ හා රෙදි සෝදන යන්ත්‍ර නිෂ්පාදන ක්‍රියාවලියේ විශේෂත්වය ගැන කතා කළොත්.....

සිංගර් ශ්‍රී ලංකා කියන්නෙ ශීතකරණ සහ රෙදි සෝදන යන්ත්‍ර නිෂ්පාදනයේ ප්‍රමුඛතම සමාගමක්ග අපි දැනටමත් මේ රටේ ශීතකරණ ඉල්ලුමෙන් 45%රක් සහ රෙදි සෝදන යන්ත්‍ර ඉල්ලුමෙන් 33%ක් ආවරණය කිරීමට සමත් වෙලා තිබෙනවාග සිංගර් සහ සිසිල් කියන්නෙ ශීතකරණ හා රෙදි සෝදන යන්ත්‍ර සම්බන්ධයෙන් වඩාත් ජනප්‍රිය වෙළෙඳ නාම දෙකක් විදියට හඳුන්වා දෙන්න පුළුවන්ග අප සමාගම සතු සුවිශේෂී පර්යේෂණ හා සංවර්ධන ඒකකය නිසා නිෂ්පාදන ක්‍රියාවලියේ දී අති නවීන තාක්‍ෂණය යොදා ගැනීමටල නිෂ්පාදන වැඩිදියුණු කිරීමට සහ නව නිපැයුම් හඳුන්වා දීමට අවශ්‍ය තාක්ෂණයෙන් සහ හැකියාවෙන් අපි සන්නද්ධයිග අපගේ ශීතකරණ නිෂ්පාදන ක්‍රියාවලියේ තවත් ප්‍රධාන විශේෂත්වයක් විදියට ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් වායුව :ක්‍ත්‍ක්‍* නිකුත්වීමකින් තොර ශීතකරණ හඳුන්වා දුන් දකුණු ආසියාවේ ප්‍රථම සමාගම බවට පත්වීම සහ 100‍්‍ර පරිසර හිතකාමී නිෂ්පාදන හඳුන්වා දීම දැක්වීමට පුළුවන්ග ඒ වගේ ම ශ්‍රී ලාංකික ජනතාව අපගේ නිෂ්පාදන මිලදී ගැනීමට වැඩි කැමැත්තක් තිබෙන බව ප්‍රකාශ කරන්නෙ මහත් ආඩම්බරයෙන්ග ඒ වගේ ම සිංගර් සමාගමේ ආරම්භයේ ඉඳල මේ දක්වා ශීතකරණ මිලියන එකහමාරකට වැඩි ප්‍රමාණයක් අපි නිෂ්පාදනය කරල තිබෙනවා.

ප්‍රශ්නය - ඊට අමතරවල සිංගර් සමාගමේ දේශීය නිෂ්පාදන ශක්තීන් පිළිබඳව පැහැදිලි කරන්න පුළුවන් ද ?

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ දේශීය නිෂ්පාදන අංශය පුළුල් නිෂ්පාදන පරාසයක් සහ විශාල පාරිභෝගික භාණ්ඩ ජාලයක් දක්වා විහිදිලා තිබෙනවාග නමුත් සිංගර් සමාගම මේ වෙනකොට ජාත්‍යන්තර මට්ටමේ ශීතකරණල රෙදි සෝදන යන්ත්‍රල මහන මැෂින්ල කෘෂි උපකරණ සහ ගෘහ භාණ්ඩ ආදිය නිෂ්පාදනය කරනල මහාපරිමාණ දේශීය නිෂ්පාදනායතනයක් බව පැවසිය යුතුමයිග අපගේ සියලු ම නිෂ්පාදනාගාර අති නවීන යන්ත්‍ර සූත්‍ර සහ උපකරණවලින් සමන්විතයිග නිෂ්පාදන ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා අති දක්ෂ හා පළපුරුදු කාර්මික ශිල්පීන් අප සතුයිග ඒ වගේ ම අපගේ ශක්තිමත් පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් ගෝලීය ප්‍රමිතීන්ගෙන් යුත්ල උසස් තත්ත්වයේ නිෂ්පාදන වෙළෙඳපොළ වෙත හඳුන්වා දීමේ හැකියාව අපට ලබා දෙනවාග ඊට අමතරවල දේශීය නිෂ්පාදකයින් සමඟ අපි සහයෝගයෙන් කටයුතු කරන නිසා ම අපගේ නිෂ්පාදන කළඹ පුළුල් කිරීමට හැකියාව ලැබී තිබෙන බවත් පැවසීමට කැමතියි.

ප්‍රශ්නය - අරුණ මහත්මයාල දේශීය නිෂ්පාදන හා රැකියා අවස්ථා ප්‍රවර්ධනයට ඔබගේ අංශය දක්වන දායකත්වය ගැන විස්තර කරන්න පුළුවන් ද ?

සිංගර් ඉන්ඩස්ට්‍රීස් ආයතනය මගින් ප්‍රධාන වශයෙන් සිංගර් මහන මැෂින් නිෂ්පාදන කටයුතු සිදු කරන්නෙ අති නවීන නිෂ්පාදන පහසුකම් සහිත කර්මාන්තශාලාවල වීම විශේෂිතයිග ඒ වගේ ම මෙම අංශය හරහා සේවක සේවිකාවන් 100 කට වැඩි පිරිසකට සහ සේවා නියෝජිතයින් 150 කට අධික පිරිසකට රැකියා ලබා දීමට අපට හැකි වෙලා තිබෙනවාග සිංගර් ඉන්ඩස්ට්‍රීස් මගින් උසස් තත්ත්වයෙන් යුත් සෝෆා සහ ගෘහ උපකරණ නිෂ්පාදනයේත් නිරත වෙනවාග මෙම නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අපි අමුද්‍රව්‍ය ලබා ගැනීම සිදුකරන්නේ දේශීය සැපයුම් කරුවන්ගෙන්ග ඒ වගේ ම මෙම නිෂ්පාදන සියල්ලක් ම එකලස් කිරීම සිදු කරන්නෙ අපගේ ම නිෂ්පාදන කර්මාන්තශාලා පරිශ්‍රයේ දී වීම විශේෂිතයිග අපි දැනටමත් ජාතික ශ්‍රම බලකායට විශාල දායකත්වයක් ලබා දීල තිබෙන බව පැවසීමට කැමතියිග ඒ වගේ ම ඉදිරියේදීත් දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය පුළුල් කරමින්ල වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් නිර්මාණය කිරීමට අපි නිරන්තරයෙන් කැපවෙනවා.

ප්‍රශ්නය - සිංගර් සමාගම දේශීය නිෂ්පාදකයින්ටල සුළු පරිමාණ ව්‍යවසායකයින්ට සහ ස්වයං රැකියාවල නිරතවන අයට ලබා දෙන සහයෝගය ගැන කතා කළොත්....

දේශීය නිෂ්පාදකයින් සහ ස්වයං රැකියාවල නිරත වන්නන් ඇතුළු සිංගර් සමාගම සමඟ කටයුතු කරන පාර්ශ්වයන් වෙත විශ්වසනීය ආදායමක් හා අඛණ්ඩ ව්‍යාපාරික පැවැත්මක් සහතික කිරීමට අපි කටයුතු කරනවාග ඒ වගේ ම ඔවුන්ගේ ව්‍යාපාර දියුණු කර ගැනීමට අවශ්‍ය දැනුම සහ නිෂ්පාදන ක්‍රියාවලියේ දී උසස් ප්‍රමිතීන්ට අනුකූල වීම සඳහා අවශ්‍ය පුහුණුව ලබා දීමටත් අපි කටයුතු කරනවාග ඒ වගේ ම ඔවුන් සමඟ සමීපව කටයුතු කරමින්ල ඔවුන්ගේ ව්‍යාපාර සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය මගපෙන්වීම සහ තාක්ෂණික සහාය නිරතුරුවම ලබා දෙන සිංගර් සමාගම නිපුණ ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමට දායක වෙමින් දේශීය සැපයුම්කරුවන් ව්‍යාපාරිකයින් බවට පත් කිරීමට සහයෝගය ලබා දෙන බව පවසන්නේ මහත් ආඩම්බරයෙන්ග ඒ වගේ ම අපි ඉදිරියේ දී අපගේ දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය තවත් පුළුල් කරමින් ජාතික ශ්‍රම බලකායට වැඩි දායකත්වයක් සැපයීමට බලාපොරොත්තු වන බවත් පැවසීමට කැමතියි.

ප්‍රශ්නයග - සුජීව මහත්මයාල ඔබගේ නිෂ්පාදන අංශයට දේශීය සැපයුම්කරුවන්ගෙන් ලැබෙන සහයෝගය ගැන කතා කළොත්......

පිළියන්දල ප්‍රදේශයේ පිහිටා තිබෙන සිංගර් ශ්‍රී ලංකා කර්මාන්තශාලා සංකීර්ණය මගින් ගෘහ භාණ්ඩල සහ ජල පොම්ප නිෂ්පාදනය කිරීම සිදු කරනවාග වර්තමානයේ දී ගෘහ භාණ්ඩ නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන දැව සහ ජල පොම්ප නිෂ්පාදනයට අවශ්‍ය ලෝහ ඇතුළු අමුද්‍රව්‍ය සපයන දේශීය සැපයුම්කරුවන් 125 ක් පමණ අප සමඟ සම්බන්ධ වෙලා සිටිනවාග හොඳින් ස්ථාපිත සැපයුම් ආයතන වගේ ම මුල් අවධියේ ක්‍රියාත්මක වන සැපයුම් ආයතනත් මෙම සැපයුම් කරුවන් අතර සිටිනවාග ඒ නිසා සිංගර් සමාගම වැනි ස්ථාවර ආයතනයක් සමග ව්‍යාපාරික කටයුතු සිදු කිරීම තුළින් සාර්ථක ව්‍යාපාරයක් ගොඩනඟා ගැනීමේ හැකියාව ඔවුන්ට ලැබෙන බව පැවසුවොත් මම නිවැරදියි.

ප්‍රශ්නය - රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දේශීය නිෂ්පාදන අංශය ප්‍රවර්ධනය කිරීම ඉතා වැදගත්ග දේශීය නිෂ්පාදන ක්ෂේත්‍රය පුළුල් කිරීම සම්බන්ධයෙන් ඔබගේ අනාගත සැලසුම් මොනවා ද?

දේශීය නිෂ්පාදන ක්ෂේත්‍රය ශක්තිමත් කරමින් අපගේ නිෂ්පාදන කටයුතු ඉහළ නැංවීමට වගේ ම නව නිෂ්පාදන වෙළෙඳපොළ වෙත හඳුන්වා දීමටත් අපි සැලසුම් සකස් කරමින් සිටිනවාග දේශීය හා ගෝලීය වෙළෙඳපොළ අවශ්‍යතා හඳුනාගෙන නව නිපැයුම් හඳුන්වා දීම කාලීන අවශ්‍යතාවක්ග ඒ වගේ ම එම ක්‍රියාවලිය හරහා අපනයන වෙළෙඳපොළ අවශ්‍යතා ආකර්ෂණය කරගැනීමේ හැකියාවත් අපට ලැබෙනවාග දේශීය නිෂ්පාදනය තුළින් ආර්ථිකයට ලබා දීමට හැකි දායකත්වය අති විශාලයි.

  • Ada Derana BIZ Sinhala
  • import ban
  • sri lanka

ආනයන තහනම ලිහිල් කළේ විද්‍යාත්මක ක්‍රමවේදයකට – ආනයන අපනයන පාලක

September, 29, 2022

සැප්තැම්බර් 9 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අංශ දෙකක් යටතේ ඇතැම් භාණ්ඩ වර්ග කිහිපයක් සඳහා පනවා තිබූ තාවකාලික ආනයන තහනම ඉවත් කර ඇති බව ආනයන හා අපනයන පාලක ජනරාල් උපුල්මලී ප්‍රේමතිලක මහත්මිය පවසයි.

ඇය මේ බව පවසා සිටියේ අද (29) ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහි දී ඇය වැඩි දුරටත් පවසා සිටියේ මෙම ආනයන තහනම ඉවත් කිරීම, ප්‍රතිපත්ති වශයෙන් නිදහස් කිරීමක් සහ භාණ්ඩ වශයෙන් නිදහස් කිරීමක් ලෙස කාණ්ඩ දෙකක් යටතේ සිදුකිරීමට කටයුතු කළ බවයි. එහි දී ආනයන තහනම ඉවත් කළ යුතු භාණ්ඩ මොනවාද යන්න හඳුනා ගැනීම සඳහා, පාරිභෝගියන් තුළ වැඩිම ඉල්ලුමක් ඇති භාණ්ඩ මොනවා ද යන්න පිළිබඳව සහ ආර්ථිකයට අඩුම බලපෑමක් කරනු ලබන්නේ කුමන භාණ්ඩ ද යන්න පිළිබඳව අවධානය යොමු කර ඇත.

"ඇත්තටම මේ ලිහිල් කිරීම කියන එක තනි පුද්ගලයෙක් විසින් කරන ක්‍රියාවලියක් නෙවෙයි. අපි අගෝස්තු 23 වෙනිදා ගැසට් එක ගැහුවට පස්සේ අපි customer survey එක්ක කරා මේකේ. අපි මෙහේ උදේ 10 ඉඳන් අපි වෙන් කළා කාලයක්. 11 වෙනකන් තමයි අපි වෙන් කරලා තිබුනේ. නමුත් අපි ඒක 12 වෙනකන් සමහරදාට ඒක දීර්ඝ වුනා. ඒකෙදී සියළුම Customers ලට ඇවිල්ලා සියලුම ආයතන නිලධාරීන් මේ auditorium එකේ ඉඳගෙන ඉන්නවා. එතකොට ඒ ගොල්ලන්ට පුළුවන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න. අපි ඇප්ලිකේෂන් එක්ක හඳුන්වලා දීලා තිබුණා. ඒ අනුව ඒ ගොල්ලෝ ඇවිල්ලා එයාලගේ ප්‍රශ්න ඉදිරිපත් කළා. ඉදිරිපත් කළාම ඒකෙදි උදාහරණයක් වශයෙන් කිව්වොත් ඔය 84 කියන එක, HS Code එක 84 කියන එක තමයි ඒකෙදි වැඩිම ඉල්ලීමක් ආවේ. ඒ විදිහට අපි ඒ demand එක, ඇත්තටම අපි ඒක අපි ෆ්ලොට් කරලා ඇත්තටම අපිට මුදල් අමාත්‍යාංශයේ තියනවා අංශයක් ඒ අංශයත් එක්කත් අපි කතා කරලා ඊට පස්සේ අපි Central Bank එක්කත් කතා කරලා ඒ සියලුම survey අරගෙන තමයි අපි සැප්තැම්බර් 9 වෙනිදා අපි අංශ දෙකක් යටතේ මේ නිදහස් කිරීම කරා. ප්‍රතිපත්ති වශයෙන් නිදහස් කිරීමක් සහ භාණ්ඩ වශයෙන් නිදහස් කිරීමක්. එතකොට භාණ්ඩ වශයෙන් නිදහස් කිරීමෙදි HS Code හඳුනාගෙන ඒ මොනව ද වැඩිම demand එක සහ බලපෑම, ආර්ථිකයට අඩුම බලපෑම සහ වැඩිම demand එක කියන එක balance කරලා HS Code විදිහට භාණ්ඩ නිදහස් කරා. ඊට අමතරව ප්‍රතිපත්තිමය වශයෙන් ගත්තොත් කර්මාන්ත අංශයට වැඩිපුරම අවශ්‍ය වන ඒවා නිදහස් කරන ක්‍රමවේදයක් අපි හදලා තියනවා. ඒ වගේම එක එක අංශ වලට වැඩි පුරම අවශ්‍ය වන දේවල් තව දුරටත් නිදහස් කරන්න අපි ප්‍රතිපත්තිමය වශයෙන් රෙගුලාසි හදලා ඒ වගේ ක්‍රම දෙකක් යටතේ තමයි අපි නිදහස් කරලා තියෙන්නේ. ඉතාමත් පැහැදිලි විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ තමයි මේ නිදහස් කිරීම අපි කරලා තියෙන්නේ."