• Ada Derana BIZ Sinhala
  • Bangkok
  • Global Forum
  • HUAWEI CONNECT 2022
  • sri lanka

HUAWEI CONNECT 2022 ගෝලීය සංසදය මෙවර බැංකොක් හි දී

September, 21, 2022

ගෝලීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් Huawei සමාගම වාර්ෂිකව පවත්වනු ලබන ප්‍රමුඛතම වැඩසටහනක් වන 'HUAWEI CONNECT' සැසියේ 7 වැන්න වන 'HUAWEI CONNECT 2022' සැසිය බැංකොක් නුවර දී  ආරම්භ කෙරිණි.  ඩිජිටල් තාක්ෂණික ක්‍රමවේදයන් වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කරන ආකාරය, ඩිජිටල් ආර්ථික සංකල්පය ප්‍රවර්ධනය සහ ශක්තිමත් ඩිජිටල් සංස්කෘතියක් ගොඩනැංවීම යන අරමුණු මූලික කරගනිමින්, ලොව පුරා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්, විශේෂඥයින් හා හවුල්කරුවන් 10,000 ක ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු මෙවර සැසියේ තේමාව වූයේ 'ඩිජිටල්කරණය මුදාහැරීම (Unleash Digital)' යන්නයි.

මෙම අවස්ථාවෙහි දී, Huawei සමාගම විසින් පුළුල් පරාසයක විහිදී ඇති ව්‍යාපාරික ක්ෂේත්‍රයක් ඔස්සේ ඩිජිටල් සංවර්ධනය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ගන්නා ලද පියවර පිළිබඳව පැමිණ සිටි පිරිස දැනුවත් කරන ලද අතර, ගෝලීය වෙළෙඳපොළ වෙත නව Cloud සේවාවන් 15කට අධික සංඛ්‍යාවක් නිකුත් කිරීම ද සිදු කෙරිණි.

සියලු ම ව්‍යාපාර ඩිජිටල්කරණය කිරීම සඳහා සහයෝගය ලබා දීමට නවතම ක්‍රමවේද 3ක්.

සැසිය ආරම්භයේ දී Huawei සමාගමේ සභාපති කෙන් හූ මහතා ඩිජිටල් පරිවර්තනය සඳහා බලපා ඇති පොදු බාධක බිඳ දැමීමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය වෙත සහයෝගය ලබා දෙන ක්‍රමවේද 3ක් පිළිබඳ ගෙනහැර දක්වමින්  ප්‍රධාන දේශනය ඉදිරිපත් කළේය.

  • වඩා ශක්තිමත් සබඳතාවක් සහ සවිමත් මෙන් ම විවිධාංගීකරණය වූ පරිගණක සම්පත් ඇතුළු ඩිජිටල් යටිතල පහසුකම් ඉහළ නැංවීම.
  • සාම්ප්‍රදායික සරල Cloud සේවාවන්ගෙන් ඔබ්බට යමින් නවීන Cloud සේවාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට ආයතනවලට සහයෝගය ලබා දීම සඳහා  උසස් තාක්‍ෂණික සේවාවන් කෙරෙහි අවධානය යොමු කිරීම.
  • සහයෝගීතා සංවර්ධනය, ඩිජිටල් කුසලතා සංචිතය ශක්තිමත් කිරීම සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා වැඩි සහයෝගයක් ලබා දීම ඇතුළුව දේශීය ඩිජිටල් තාක්ෂණික පරිසර පද්ධති ගොඩනැංවීම.

ඉන්දුනීසියාවේ නව Huawei Cloud කලාප, සහ 15කට අධික නව සේවා

මෙම උත්සවයේ දී Huawei Cloud හි ප්‍රධාන විධායක නිලධාරී සැන්ග් පින්ගැන් මහතා ඉන්දුනීසියාවේ සහ අයර්ලන්තයේ නව Huawei Cloud කලාප දියත් කිරීම පිළිබඳ නිල වශයෙන් නිවේදනය කළේය.  2022 වසර අවසානය වන විට, Huawei Cloud සේවාව ලොව පුරා කලාප 29 ක කොට්ඨාස 75 ක් තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, රටවල් 170කට වැඩි ප්‍රමාණයකට සේවා ලබා දීමට ද අරමුණු කරයි.

සාර්ථක හවුල්කාරීත්වයක් සඳහා දේශීය ඩිජිටල් තාක්ෂණික පරිසර පද්ධති ගොඩනැංවීම

මෙම අවස්ථාවේ දී Huawei විවෘත ලෙස, සහයෝගීතාව යන සංකල්පය වර්ධනය කිරීම සඳහා සිය කැපවීම තහවුරු කළ අතර, සභාව සමඟ සිය සාර්ථකත්වය පිළිබඳව තොරතුරු බෙදාහදා ගත්තේය. එමෙන් ම නවෝත්පාදන සහයෝගීතාවන් ගොඩනඟන, ඩිජිටල් කුසලතා සංචිතය ශක්තිමත් කරන මෙන් ම ඩිජිටල් ක්ෂේත්‍රය වෙත ආධුනිකයින්ට සහයෝගය ලබා දෙන දේශීය ඩිජිටල් පරිසර පද්ධති සංවර්ධනය හා ප්‍රචලිත කිරීම සඳහා තමා හා වඩාත් සමීපව කටයුතු කරන ලෙස Huawei සමාගම රජයන් සහ ව්‍යවසායන්ගෙන් ඉල්ලා සිටියේය.

'HUAWEI CONNECT 2022' සැසිය ශ්‍රී ලාංකේය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයට ඉතා වැදගත් වන්නේ ඩිජිටල් පරිවර්තනය ගෝලීය වශයෙන් ආර්ථික වර්ධනයේ ප්‍රධානතම අංගය බවට පත්ව ඇති නිසා වන අතර, එය වර්තමාන ලෝකය තුළ තරුණ තරුණියන්ට හා අනාගත පරපුරට වැඩි අවස්ථා නිර්මාණය කරමින් වේගවත් ආර්ථික වර්ධනයක් කරා පිය නැඟීමට පදනම නිර්මාණය කරයි. එමෙන් ම 'HUAWEI CONNECT 2022' මගින් ලබාගත හැකි තොරතුරු හා සහයෝගය  ශ්‍රී ලංකාවේ අනාගතය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය තිරසාර  සංවර්ධනයක් කරා ගෙනයාමට අවශ්‍ය නවීන තාක්ෂණය භාවිතයට හා ගවේෂණයට බෙහෙවින් උපකාරී වනු ඇත.

බැංකොක්හි පැවැත්වෙන මෙම  තෙදින සමුළුව 2022 වසරේ දී HUAWEI CONNECT හි ගෝලීය සංචාරයේ පළමු නැවතුම වන අතර, ප්‍රධාන සැසි දෙකකින්, සමුළු හයකින්, බහුවිධ සැසි හා තවත් විවිධ විශේෂාංගවලින් සමන්විත මෙවර සැසිය ඩිජිටල් පරිවර්තනයේ දී රජයන් හා ව්‍යවසායන් මුහුණ දෙන අභියෝ පිළිබඳ ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරයි.

  • Ada Derana BIZ Sinhala
  • BOC SmartPay
  • cargo
  • launch
  • SmartPay
  • sri lanka
  • Srilanka airlines

ශ්‍රීලංකන් ගුවන් සමාගම BOC SmartPay කටුනායක භාණ්ඩ ප්‍රවාහන පර්යන්තයේ දී හඳුන්වාදෙයි

September, 21, 2022

ශ්‍රීලංකන් ගුවන් සේවය ලංකා බැංකුව (BOC) සමඟ හවුල් වී කටුනායක භාණ්ඩ ප්‍රවාහන පර්යන්තයේ දී BOC SmartPay ජංගම මෘදුකාංග පහසුකම හඳුන්වාදීමත් දී තිබේ. BOC SmartPay යනු පාරිභෝගිකයින්ගේ ගනුදෙනු සඳහා වැඩි පහසුවක් සහ ආරක්ෂාවක් ලබා දීමට සැලසුම් කර ඇති ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයකි.

නව ඩිජිටල් ගෙවීම් මෘදුකාංගය ගුවන් භාණ්ඩ ප්‍රවාහන කර්මාන්තයේ ගනුදෙනුකරුවන් මුහුණ දෙන සමහර අපහසුතා ඉවත් කරමින් සකස් කර තිබේ. මෙය කොවිඩ් වසංගතය සමඟ ඇතිව තිබෙන සනීපාරක්ෂක මාර්ගෝපදේශ වල  අවශ්‍යතාවයට සරිලන අයුරින් නිර්මාණය වී ඇති අතර පහසු, ස්පර්ශ රහිත ඩිජිටල් ගනුදෙනු සඳහා වැඩිවන ඉල්ලුම සපුරාලීමට ද එය උපකාරී වනු ඇත.

ඉක්මන් මුදල් රහිත සහ ආරක්ෂිත ගෙවීම් සක්‍රීය කිරීමට අමතරව, BOC SmartPay හට කාඩ්පත් රහිත, QR කේත ගෙවීම් සැකසීමට මෙමගින් හැකි වේ. LankaClear විසින් සහතික කරන ලද ඩිජිටල් මුදල් පසුම්බි වර්ග 25කට අධික ප්‍රමාණයකින් ගෙවීමට පාරිභෝගිකයින්ට ඉඩ සලසයි. BOC SmartPay හරහා හැසිරවීම, ලේඛනගත කිරීම සහ ගබඩා කිරීම ඇතුළුව භාණ්ඩ පර්යන්තයේ ඇති සියලුම ගබඩා ගාස්තු ආයාසයකින් තොරව ගෙවීමට පාරිභෝගිකයින්ට හැකි වේ.

තවද, භාණ්ඩ ප්‍රවාහන පර්යන්තයේ විශාල භෞතික මුදල් ප්‍රමාණයක් හැසිරවීමේ අපහසුතාවය සහ අවදානම ඉවත් කිරීමෙන් පාරිභෝගිකයින්ට සහ ශ්‍රීලංකන් ගුවන් සමාගමට ප්‍රතිලාභ ලැබෙනු ඇත. BOC SmartPay වෙත මාරුවීම හරහා ගෙවීම් සඳහා පහසුකම් සපයන අතර, මුදල් සංක්‍රමණ ඉතා ඉක්මනින් පෙන්වීම සමග මාර්ගස්ථ මුදල් රක්ෂණය වාරික ඉතිරි කර ගැනීමට ශ්‍රීලංකන් ගුවන් සේවයට හැකියාව ලැබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන සාමාන්‍යාධිකාරී චමින්ද පෙරේරා මහතා මෙසේ සඳහන් කළේය. “BOC SmartPay හරහා ඩිජිටල් ගෙවීම් වෙත මාරුවීමත් සමඟම අපගේ ගනුදෙනුකරුවන්ට අපගේ සේවාවන් වැඩිදියුණු කිරීමට සහ ජාතික වෙළඳ පහසුකම් කමිටුවේ අවශ්‍යතාවයක් ඉටු කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙමු. නව තාක්ෂණය සමග ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රය වේගයෙන් පරිවර්තනය වෙමින් පවතිනවා. එම නිසා අනාගතයේ දී ප්‍රතිලාභ ගෙන දෙන වෙනස්කම් රැසක් සිදුකිරීමට සිදුවේවි,” යනුවෙන් ඒ මහතා පැවසීය.

සාමාන්‍යයෙන්, භාණ්ඩ පර්යන්තයේ මාසික පදනමින් මුදල් සහ ණය මත පදනම් වූ ගෙවීම් 10,000 කට ආසන්න ප්‍රමාණයක් සිදු කරනු ලැබේ. ශ්‍රීලංකන් ගුවන් සමාගම එවැනි ගනුදෙනුවලින් අවම වශයෙන් සියයට 20ක් කෙටි කාලීනව ඩිජිටල් ගෙවීම් බවට පත් කිරීමට බලාපොරොත්තු වන අතර, BOC SmartPay සමඟින් දිගු කාලයක් තුළ තවත් පරිවර්තන බලාපොරොත්තු වේ. ගුවන් සමාගම දිවයින පුරා ඇති ප්‍රවේශපත්‍ර කාර්යාල ඇතුළු අනෙකුත් ගෙවීම්  ස්ථාන වෙත මෙය හඳුන්වා දීමට කටයුතු කරමින් සිටී.

පාරිභෝගිකයන් Google Play Store හෝ App Store වෙතින් LankaClear විසින් සහතික කරන ලද ඩිජිටල් මුදල් පසුම්බියක් බාගත කර  ඔවුන්ගේ බැංකු ගිණුම සම්බන්ධ කළ යුතුය. භාණ්ඩ නිෂ්කාශනය කරන අවස්ථාවේ දී ලබා දී ඇති QR කේතය භාවිත කිරීමෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ භාණ්ඩ පර්යන්තයේ ගබඩා ගාස්තු පියවා ගත හැකිය.

වැඩි විස්තර සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ භාණ්ඩ ප්‍රවාහන පාරිභෝගික සහාය ඒකකය අමතන්න 0197333222

  • Ada Derana BIZ Sinhala
  • foreigncurrency
  • Fuel
  • ITindustry
  • sri lanka

විදේශ මුදල් සීමා, විදුලි දුෂ්කරතා, ඉන්ධන හිඟය හේතුවෙන් IT කර්මාන්තය 4.3% කින් පසුබසී

September, 21, 2022

2022 වර්ෂයේ දෙවන කාර්තුවේ දී ‘තොරතුරු තාක්ෂණ සේවා සැපයීමේ කටයුතු‘ සියයට 4.3ක පසුබැසීමක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2022 වර්ෂයේ දෙවන කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු ඉදිරිපත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කරයි.

අදාළ වාර්තාවේ සඳහන් වන්නේ එම කාර්තුව තුළ දී වාර්තා වී ඇති මෙම පසුබැසීම කෙරෙහි විශේෂයෙන් විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයේ පැවති දුෂ්කරතා, ඉන්ධන හිඟය, විදේශ මුදල් සම්බන්ධයෙන් පැවති සීමා කිරීම්, අවිනිශ්චිත මෙහෙයුම් වටපිටාව සහ සිවිල් සමාජය තුළ පැවති අසහනකාරී තත්ත්වය බලපා ඇති බවයි.

‘තොරතුරු තාක්ෂණය ආශ්‍රිත සේවා සැපයීම‘ 2022 වර්ෂයේ දෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයට සියයට 1.9ක දායකත්වයක් ලබා දී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටී.

  • Ada Derana BIZ Sinhala
  • British Council
  • Commonwealth Connections programme
  • sri lanka

බ්‍රිතාන්‍ය කවුන්සිලයේ ‘Commonwealth Connections’ වැඩසටහන අවසානයේ දින දෙකක ක්‍රීඩා හා කලා උළෙලක්

September, 21, 2022

බ්‍රිතාන්‍ය කවුන්සිලය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කළ ‘Commonwealth Connections’ වැඩසටහන පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. ඒ නිමිත්තෙන් 2022 අගෝස්තු 10 සහ 11 දෙදින තුළ පේරාදෙණිය ගන්නොරුව රණබිම රාජකීය විද්‍යාලයේදී ක්‍රීඩා හා කලා උළෙලක්‌ පවත්වන ලදි. අධ්‍යාපන අමාත්‍යංශයේ හා බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සාමාජික සාමාජිකාවන් මෙන්ම ගුරුවරුන් හා සිසු සිසුවියන් ඇතුළු විශාල පිරිසක් මීට සහභාගී වූහ. ‘Commonwealth Connections’ යනු ජාත්‍යන්තර මට්ටමින් වසරක් පුරා ක්‍රියාවට නැංවූ වැඩසටහනක් වන අතර, එහි සමාප්තිය නිමිත්තෙන් පැවති මෙම වැඩසටහනට ශ්‍රී ලාංකික සංස්කෘතිය නිරූපණය කරන විශේෂාංග රැසක් ඇතුළත් වී තිබිණි.

2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නිමිත්තෙන් බ්‍රිතාන්‍ය කවුන්සිලය සහ ‘Birmingham Organising Committee’ එක්ව සංවිධානය කළ ‘Commonwealth Connections’ වැඩසටහනෙහි මූලික අරමුණ වූයේ, පොදුරාජ්‍ය මණ්ඩලයීය වටිනාකම් පාදක කරගනිමින් ලොව පුරා සිසු පරපුර අතර ක්‍රීඩාව, කලාව, පුරවැසිභාවය හා සංස්කෘතිය යනාදිය සම්බන්ධයෙන් අර්ථවත් සම්බන්ධතා ගොඩනැංවීම ය. මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ‘වෙස්ට් මිඩ්ලන්ඩ්ස්’ (West Midlands) හි පාසල් 60 ක් කැරිබියන් කලාපය, උප-සහරා අප්‍රිකාව සහ දකුණු ආසියාව යන කලාප වල පාසල් සමග සම්බන්ධ කරන ලදි.

මේ සඳහා ශ්‍රී ලංකාවෙන් තෝරාගන්නා ලද්දේ මධ්‍යම පළාතේ පමුණුව ප්‍රාථමික විද්‍යාලය, හේමමාලි බාලිකා විද්‍යාලය, රණබිම රාජකීය විද්‍යාලය, කොටගල්ඔලුව ශ්‍රී ජිනරතන කනිෂ්ට විද්‍යාලය, ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය (ප්‍රාථමික), සහ බදි-උද්-දින් මහ්මුද් බාලිකා විද්‍යාලය යන පාසල් 6 ය. මෙම පාසල් වල සිසු සිසුවියන්ට 2021 වසරේ ජූලි මාසයේ සිටම මෙම වැඩසටහන සමග සම්බන්ධ වී කටයුතු කිරීමට අවස්ථාව ලැබිණි. ජනවාරි මාසයේ පැවති ‘Queen’s Baton Relay’, පෙබරවාරි මාසයේදී පැවති ‘Commonwealth Connections’ ජනමාධ්‍ය දොරට වැඩුම, මාර්තු මාසයේදී පැවති එක්සත් රාජධානියේ මහ කොමසාරිස් හමුව, සහ අගෝස්තු මාසයේදී පැවති කලා හා ක්‍රීඩා උළෙල මේ අතරින් ප්‍රධාන තැනක් ගනී. වැඩසටහන පැවති කාලය පුරා සංවිධානය කරන ලද සියලුම ඉසව් අන්තර්ජාලය ඔස්සේ සජීවීව විකාශය කරන ලද අතර, එමගින් ශ්‍රී ලංකාවේ සහ බර්මිංහැම් හි සිසු සිසුවියන්ට අදහස් හුවමාරු කරගැනීමටත්, සංස්කෘතික ක්‍රියාකාරකම් වලට දායක වීමටත්, එකිනෙකා සමග සම්බන්ධ වී කටයුතු කිරීමටත් අවස්ථාව උදා විය.

අගෝස්තු 10 දින පැවති කලා උළෙලේදී, එක්සත් රාජධානියේ සහ ශ්‍රී ලංකාවේ සිසු සිසුවියන්ට තම කලා ව්‍යාපෘති එකිනෙකාට ප්‍රදර්ශනය කිරීම සඳහා අවස්ථාව ලබාදෙන ලදි. ශ්‍රී ලාංකික සිසුන්ගේ ව්‍යාපෘතිය ප්‍රධාන වශයෙන් සාම්ප්‍රදායික උඩරට සහ ජන නර්තන සම්ප්‍රදායන් පදනම් කරගෙන පිළියෙල කර තිබූ අතර, ඔවුහු තම පාසල් සමීපයේ පිහිටි පැරණි පන්සල්, රක්ෂිත වනාන්තර සහ උද්භිද උද්‍යාන ආදියද චිත්‍රයට නගා ප්‍රදර්ශනය කළහ. මෙහිදී ‘ඩඩ්ලි’ (Dudley) හි සිසුහු, සම්පූර්ණයෙන්ම ප්‍රතිචක්‍රීකරණය කරන ලද ද්‍රව්‍ය වලින් නිර්මාණය කළ නෙදර්ටන් නැංගුරමේ (ටයිටැනික් නැංගුරමේ අනුරුවකි) ආකෘතියක් ප්‍රදර්ශනය කළහ.

අගෝස්තු 11 දින පැවති ක්‍රීඩා උළෙලේදී, ශ්‍රී ලාංකික සිසුන් විසින් තම විදේශීය මිතුරු මිතුරියන් වෙත එල්ලේ ක්‍රීඩාව හඳුන්වා දෙන ලදි. එල්ලේ ක්‍රීඩාවේ යෙදෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන සහ ඡායාරූප ඔස්සේ මෙය සිදුකෙරිණි. එමෙන්ම මෙරට අවුරුදු ක්‍රීඩා සහ සාම්ප්‍රදායික ආත්මාරක්ෂක සටන් කලාවක් වන අංගම්පොර පිළිබඳවද මෙහිදී ඩඩ්ලි හි සිසුන් දැනුවත් කිරීමට ශ්‍රී ලාංකික සිසුහු කටයුතු කළහ.

“කලාව, ක්‍රීඩාව සහ පුරවැසිභාවය සම්බන්ධ වැඩසටහන් මාලාවක් සඳහා එක්ව වැඩ කිරීමට අවස්ථාව සලසා දීම තුළින්, ශ්‍රී ලංකාවේ මහනුවර සහ එක්සත් රාජධානියේ ඩඩ්ලි (වෙස්ට් මිඩ්ලන්ඩ්ස්) පාසල් 6 ක් අතර ජාත්‍යන්තර හවුල්කාරිත්වයන් සහ සහයෝගීතාවන් ගොඩනැංවීමට ‘Commonwealth Connections’ වැඩසටහන සමත් වුණා. මෙය ළමා පරපුරට පොදු රාජ්‍ය මණ්ඩලය සහ එහි පොදු වටිනාකම් පිළිබඳව දැනුවත් වීමට ලැබුණු අගනා අවස්ථාවක්. විවිධත්වය, ස්ත්‍රී පුරුෂ සමානත්වය, ලොව විවිධ රටවල පවතින එකිනෙකට වෙනස් වෙනස් ආකල්ප ආදිය පිළිබඳව මෙන්ම එකිනෙකාට ගරුකිරීමේ වැදගත්කම පිළිබඳව ඉගෙන ගැනීමට මෙහිදී ඔවුන්ට අවස්ථාව ලැබුණා. විශේෂයෙන්ම, වැඩසටහනේ කලා ඉසව්ව දරුවන්ගේ නිර්මාණශීලිත්වය වර්ධනය කරන අතරම, පරිසරය ආරක්ෂා කිරීමේ සහ දේශගුණික විපර්යාස අවම කිරීමේ වැදගත්කම ඉස්මතු කරමින් කාගේත් ඇස් ඇරවීමට සමත් වුණා. එමෙන්ම ක්‍රීඩා ඉසව්ව, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවෙහි වැදගත්ම පෙන්වා දීමටත්, සාමූහිකත්වයේ බලය ප්‍රවර්ධනය කිරීමටත්, ආගම් අතර සහයෝගීත්වය වර්ධනය කිරීමටත් මහඟු කාර්යභාරයක් ඉටුකළා. මෙම වැඩසටහන හරහා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සම්බන්ධ වීමට හැකිවීම පිළිබඳව ශ්‍රී ලාංකික පාසල් වල සිසු සිසුවියන් බෙහෙවින් සතුටට පත්වුණා.” ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ මෙරට අධ්‍යක්ෂිකා මාර්යා රෙහ්මාන් මහත්මිය පැවසුවා ය.

“මෙම වැඩසටහනේ ශ්‍රී ලාංකික කාණ්ඩයට නාගරික හා ග්‍රාමීය පාසල් 6 ක් ඇතුළත් වුණා. මේ සිසු සිසුවියන්ට තම කාණ්ඩයට අයත් අනෙකුත් පාසල් වෙත ගොස් අදහස් හුවමාරු කරගැනීමටත්, අන්‍යොන්‍ය අවබෝධය හා මිත්‍රත්වයන් ගොඩනංවා ගැනීමටත් අවස්ථාව ලැබුණා. එමෙන්ම ඔවුන්ට පොදු රාජ්‍ය මණ්ඩලයේ වටිනාකම් පිළිබඳව දැනුවත් වී, තම ක්‍රියාකාරකම් වලදී ඒවා භාවිතා කිරීමටත් හැකි වූවා. පරිසරය ආරක්ෂා කිරීම, ඉවසීම, ගෞරවය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වැනි වටිනාකම් ඒ අතරින් ප්‍රධානයි. ඉදිරියේදීත් මේ වටිනාකම් අනුව කටයුතු කරමින් ඔවුන් අන් අයටත් ආදර්ශයක් සපයනු ඇතැයි කියා මා බලාපොරොත්තු වෙනවා.” මෙම වැඩසටහනේ රණබිම රාජකීය විද්‍යාලයේ කණ්ඩායම් ප්‍රධානී ලෙස කටයුතු කළ යමුනා රත්නායක මහත්මිය පැවසුවා ය.

“Commonwealth Connections වැඩසටහනට සම්බන්ධ වීමට ලැබීම මගේ ජීවිතයේ හොඳම අත්දැකීම් අතරින් එකක්. එය ලෝකයේ විවිධ රටවල ක්‍රීඩාවන්, කලාවන් සහ සංස්කෘතීන් ගැන ඉගෙන ගැනීමට මා තුළ පෙළඹීමක් ඇති කළා. එය පොදු රාජ්‍ය මණ්ඩලය පිළිබඳ මගේ දැනුම පුළුල් කරමින්, ජීවිතයට වැදගත් වන කුසලතා සහ ආත්ම විශ්වාසය වැඩිදියුණු කිරීමට සමත් වුණා. එමෙන්ම එක්සත් රාජධානියේ ‘Thorns Collegiate Academy’ සමග එක්ව කටයුතු කිරීමට ලැබීමත් මා ලැබූ සුවිශේෂී අවස්ථාවක්. මෙහිදී වෙනස් සංස්කෘතීන්ට ගරු කරන ආකාරය සහ ඒවා අවබෝධ කරගන්නා ආකාරය පිළිබඳව මා ඉගෙනගත්තා. මෙම වැඩසටහන සඳහා අපගේ පාසල තෝරාගැනීම පිළිබඳව මා බ්‍රිතාන්‍ය කවුන්සිලයට ස්තූතිවන්ත වනවා.” කොටගල්ඔළුව ශ්‍රී ජිනරතන කනිෂ්ඨ විද්‍යාලයේ ශිෂ්‍යාවක වන අයි. පී. මධුශානිකා පැවසුවා ය.

  • Ada Derana BIZ Sinhala
  • craneoperators
  • sri lanka
  • SriLankaPorts
  • Steps
  • women

මෙරට වරාය තුළ දොඹකර ක්‍රියාකරුවන් ලෙස කාන්තාවන් වැඩි වශයෙන් බදවාගැනීමට පියවර

September, 21, 2022

අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල කාර්යභාරය පුළුල් කිරීමට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයාගෙන් උපදෙස්

ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඇතුළු අමාත්‍යාංශය යටතේ පවතින අනෙකුත් ආයතනවල මෙහෙයුම් කටයුතු පුළුල් කරමින් කාර්යක්ෂමතාව වැඩි කරන ලෙස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේදී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ලොව බොහෝ රටවල මෙන් ශ්‍රී ලංකාවේද වරාය තුළ දොඹකර ක්‍රියාකරුවන් ලෙස කාන්තාවන් දැනටමත් රාජකාරී කරන අතර ඉදිරියේදී වැඩි වශයෙන් බදවා ගැනීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ තෙවන සභාවාරයට අදාළව ඊයේ (20) පැවැත්වූ පළමු රැස්වීමේදී අමාත්‍යවරයා මේබව පැවසීය.

ලබන 22 වැනිදා අනුමතිය සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝගය සදහාද කාරක සභාවේ එකගත්වය හිමිවිය. 2018 වසරේ ජූලි 3 වැනි දින අංක 2078/22 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශිත සිවිල් ගුවන් සේවා (සේවක පිරිස් සහ පුහුණු කිරීමේ ආයතන සදහා බලපත්‍ර නිකුත් කිරීමේ) නියෝගයන් හි මුද්‍රණ දෝෂයක් නිවැරදි කිරීම මෙහි අරමුණයි.

(සීමාසහිත) ජය කන්ටේනර් ටර්මිනල්ස් සමාගම, සිවිල් ගුවන් සේවා අධිකාරිය, ශ්‍රී ලංකා නැව් සංස්ථාව යන ආයතනවල නිලධාරීහු එම ආයතනවල මෙහෙයුම් කටයුතු පිළිබදව අමාත්‍යවරයා දැනුවත් කළහ.

වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, රාජ්‍ය අමාත්‍යවරුන් වන ශාන්ත බණ්ඩාර, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් වීරසේකර, එම්.එස් තව්ෆීක් සහ ෆයිසාල් කාසිම් යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  • Ada Derana BIZ Sinhala
  • Social Security Contribution Levy Bill
  • sri lanka
  • 𝐒𝐋𝐩𝐚𝐫𝐥𝐢𝐚𝐦𝐞𝐧𝐭

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පතට කථානායකවරයා සිය සහතිකය සටහන් කරයි

September, 21, 2022

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (20) සිය සහතිකය සටහන් කළ බව අද (21) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

මෙම පනත් කෙටුම්පත පසුගිය 08 වැනිදා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සහ කෝවිඩ් 19 වසංගතයෙන් පීඩාවට පත් ආර්ථිකය නැවත ගොඩනැගීමේ අරමුණින් හදුන්වා දෙනු ලැබූ පියවරක් ලෙස 2022 අයවැය මඟින් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද හඳුන්වා දෙන ලදී.

වාර්ෂික පිරිවැටුම රු. මිලියන 120 ඉක්මවනු ලබන ආනයනකරුවන්, නිෂ්පාදකයින්, සේවා සපයන්නන් සහ තොග වෙළෙන්දන් සහ සිල්ලර වෙළෙන්දන්ගේ බද්දට යටත් පිරිවැටුම මත සියයට 2.5 ක අනුපාතයකින් මෙම බද්ද අය කෙරේ. මෙම බද්දෙන් අපේක්ෂිත ආදායම වසරකට රු. බිලියන 140 කි.

ඒ අනුව 2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත ඊයේ (20) සිට බලාත්මක වේ.

  • Ada Derana BIZ Sinhala
  • benefits
  • organic
  • palm oil
  • sri lanka

ශ්‍රී ලංකාවේ කාබනික පාම් ඔයිල් වගාවේ නව්‍ය ප්‍රතිලාභ

September, 20, 2022

සියලු අභිමතාර්ථ සඳහා වත්මන් පරපුර සූදානම් කිරීම ජාතික අවශ්‍යතාවයකි. තිරසාර බෝග වගාව සහ පරිසරය සුරක්ෂිත කිරීම, පස සහ සියලුම ජීවීන් සුරක්ෂිත කිරීම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන කෘෂිකර්ම සැලසුම් පාම් ඔයිල් වගාව සඳහා වර්තමානයේ දී වැඩි අවධානයක් දිනාගෙන ඇති මාතෘකාවක් වන අතර කටු  පොල් වගාවද ස්වභාවික වගාවක් වන අතර එයින් පාරිසරික තිරසාර කළමනාකරණයට හානියක් ඇති කිරීමේ අඩු ප්‍රවණතාවක් පවතී.

පාම් තෙල් යනු බහු බහුකාර්ය අමුද්‍රව්‍යයක්  වන අතර වෙළෙඳපොළේ පවතින විවිධ නිෂ්පාදන අවශ්‍යතා වලින් වැඩි ප්‍රමාණයක් නිපදවා ඇත්තේ මෙහි තෙල් පාම් තෙල් උපයෝගී කරගෙනයි. බිස්කට්, රස කැවිලි,  සුවඳ විලවුන් පවිත්‍රකාරක ඒ අතර ප්‍රධාන තැනක් ගනී.  මෙම වගාව සලකනු ලබන්නේ වැඩිම තෙල් අස්වැන්නක් ලබාදෙන වගාවක් ලෙසත්, සූරියකාන්ත, රටකජු, සෝයා, බෝංචි වගාවන්ට සාපේක්ෂව වැඩි තෙල් අස්වැන්නක් ලබාදෙයි. එසේම වාර්ෂිකව ශ්‍රී ලංකාවට අවශ්‍ය ඛාද්‍ය තෙල් විශාල ප්‍රමාණයක් ආනයනය කරනු ලබන අතර එමගින් මෙරට මුදල් විශාල ලෙස වෙනත් රටවලට ඇදී යනු ලබන අතර මෙරට තුළ කාබනික පාම් ඔයිල් වගාව ප්‍රචලිත කර එය වගා කිරීම තුළින් එම විදේශ විනිමය මෙරට තුළ ඉතිරි කර ගැනීමේ හැකියාව පවතී. පාම් ඔයිල් වගාවේ කිසිදු අතුරු ඵලයක් අපතේ නොයෑම දක්නට ලැබෙන අතර එය තිරසාර වගා ක්‍රමයේ එක් අංගයකි. එනම් තෙල් නිෂ්පාදනයෙන් පසුව ඉදිරි ඉතිරිවන අපද්‍රව්‍ය (POME) පාම් ඔයිල් වගාව සඳහා කාබනික ද්‍රව්‍යයක් ලෙස යොදා යොදා ගනිමින් පවතින අතර මෙම කාබනික පාම් ඔයිල් නිපදවා ගැනීමේ අවධානය පැතිරෙමින් පවතී.

එනම් පාම් තෙල් නිස්සාරණය කර ඉතිරි වන ද්‍රව්‍ය කාබනික පොහොරක් ලෙස යොදා ගත හැක. මෙය කොකෝවා, කෝපි වැනි දිගු කාලීන බෝග සඳහා අන්නාසි,කෙසෙල්, ඉඟුරු, කහ ආදි කෙටි කාලීන බෝග සඳහා යොදා ගැනීම තුළින් ඉහළ ගුණාත්මක අස්වැන්නක් ලබාදෙන බව තහවුරු කර ඇත.

තෙල් නිස්සාරණය කිරීමෙන් පසු ඉතිරි වන මෙම ද්‍රව්‍යයන්හි නයිට්‍රජන්, පොස්පරස්, පොටෑසියම්, සහ කෘෂි මූල ද්‍රව්‍යයන් වන මැග්නීසියම්, සල්ෆර්, කැල්සියම්, කොපර්, යකඩ යන සංඝටක වගාවට ලබාදීමේ හැකියාව පවතී.

දැනට ලොව විවිධ ස්ථානයන්හි මේවා කාබනික දියර පොහොර ලෙස  යොදාගනිමින් පවතී. මෙවැනි අත්හදා බැලීම් රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨය සහ ජාතික වැවිලි කළමනාකරණ ආයතනය හා එක්ව බණ්ඩක්කා සහ කන්කුන් වගාව සඳහා සාර්ථකව යොදා ගෙන ඇත.

ඒසේම රුහුණු විශ්ව විශ්ව විද්‍යාලය කෘෂි විද්‍යා පීඨ සහ ඇල්පිටිය වැවිලි සමාගම ඒකාබද්ධව සිදු කරගෙන යනු ලබන පර්යේෂණයකින් 100% කාබනික ද්‍රව්‍ය යොදා සිදු කරනු ලබන පාම් තෙල් වගාවෙන් වැඩි අස්වැන්නක් නිර්දේශිත රසායනික පොහොර යෙදූ වගාවට වඩා වැඩියෙන් ලැබී තිබේ. එනම් කාබනික ද්‍රව්‍ය යොදා වගා කර ගනු ලැබූ වගාවේ එක් කටු පොල් වල්ලක (Bunch) වැඩි බරක් (42KG) සහ විශාල ඵල (Fruits) (39%) ඇති වන බවට දත්ත  ලැබී තිබේ. එසේම 100% කාබනික වගාවේ සහ (100%) රසායනික පොහොර යොදා වගා කරනු ලබන  ඵලයන්හි (Fruits) තෙල් ප්‍රතිශතයක් සංසන්දනය කරනු ලබන පර්යේෂණ කටයුතු දැනට සිදු කරමින් පවතී.

එසේම පාම් තෙල්  වගාවේ අස්වැන්න ලෙස ගනු ලබන්නේ එහි ඵලය වන අතර (Fruit ) අනෙකුත් සියලු දේ (අතු,මල්,හනසු,තෙල් ලබා ගැනීමෙන් පසු ඉතිරිවන ද්‍රව්‍ය (POME) කටු පොල් ශාකයට හෝ එම වගාවට යොදා ගැනීම වැඩි විභවයක් පවතී.

මේ අනුව බලන විට පාම් තෙල් වගාව ක්ෂේත්‍රයෙන් අස්වැන්න ලෙස ඉවත් වන ද්‍රව්‍ය ප්‍රමාණය ඉතා අල්ප වන අතර මෙය තිරසාර වගා පද්ධතියක මූලික ලක්ෂණයක් වන්නේ ය. එසේ ම තිරසාර වගාවේ තවත් එක් පැතිකඩක් වන්නේ රටේ සාමාජීය දියුණුව නංවාලීම. එසේම මෙරට ස්ථාපිතව ඇති වෙනත් වැවිලි බෝග යන්ට සාපේක්ෂව වැඩි වැටුප් ලබා ගැනීමේ හැකියාව සේවයේ නිරත වන්නන්ට ලැබී තිබේ.

උදා: රබර් වගාවේ නියැලෙන සේවක මහතුන්ට අනුව කටු පොල් වගාවේ යෙදෙන සේවක මහතුන් රබර් වගාවේ නියැලෙන්නන්ට වඩා තුන් ගුණයක් වැඩි වැටුප් ආදායමක් ලබන බවත් එමගින් ඔවුන්ගේ සාමාජීය මට්ටම ඉහළ ගොස් ඇති බවත් දැනටමත් සටහන් කරනු ලබයි.

මේ අනුව බලන විට කාබනික කටු කටුපොල් වගාව ව්‍යාප්ත කිරීමෙන් මෙරට ආර්ථික / සාමාජීය වශයෙන් ඉහළ නැංවීමේ වැඩි විභවයක් පවතී.

ආචාර්ය : අයි.ආර්.පලිහක්කාර - රුහුණ විශ්ව විද්යාල කෘෂි පීඨය

ඩී.යූ.එච්.බුලුගහපිටිය - ඇල්පිටිය වැවිලි සමාගම

  • Ada Derana BIZ Sinhala
  • Parliament
  • Sanitary napkins
  • sri lanka
  • tax

සනීපාරක්ෂක තුවා සුඛෝපභෝගී භාණ්ඩ කාණ්ඩයට. බද්ද 45% ක්. මිල වැඩිවෙන්න හේතුව ගැන පාර්ලිමේන්තුවේ දී කතාබහක්

September, 20, 2022

සනීපාරක්ෂක තුවා සුඛෝපභෝගී භාණ්ඩ ගණයෙහි ලා සැලකෙන බැවින් ඊට 42% ක බදු අයකිරීමක් සිදුකෙරන බවත්, ඊට වැට් බද්ද ද එකතු කළ විට එය 45% ක් පමණ වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය පවසයි.

අද (20) දින පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරිය මේ බව අනාවරණය කළ අතර මේ හේතුවෙන් සනීපාරක්ෂක තුවාවල මිල අධික ලෙස ඉහළ යාම නිසා පාසල් ළමුන්ට බලපෑමක් මෙන්ම කාන්තාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අනතුරුදායක තත්ත්වයක් මතුව ඇති බව ද අවධාරණය කළාය.

සැනිටරි නැප්කින්ස්වලට 42% ක් පහුගිය කාලේ ටැක්ස් එකක් වැදුනා.  සියලු ටැක්ස් එකතු වුණාම 42% ක් විතර. වැට් එක තව ටිකක් වැඩි කළාම 15% වුණාම, 42 ට තව 3 ක් එකතු වෙලා 45 ක් විතර වෙනවා.

පාසැල්වල ළමයින්ට ලොකු බලපෑමක් වෙනවා වගේම කාන්තාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අනතුරක් ඒක ඇතුලේ තියෙනවා.

මේ ටැක්ස් අඩු කර ගන්න හැකියාවක් තියෙනවා නම්, මේක සුඛෝපභෝගී භාණ්ඩයක් ගණයට තමයි වැටිලා තියෙන්නේ. ඒ නිසා මම ඔබතුමාට යෝජනා කරනවා සුඛෝපභෝගී භාණ්ඩ ගණයෙන් මේක අයින් කරලා මේකේ ටැක්ස් අයින් කරලා දෙන්න.

එහෙම කළොත් ඇත්තටම අපේ රටේ නිෂ්පාදනය කරන වර්ග දෙකක් විතර තියෙනවා. අනිත් ඒවා පිටරටින් ගේන්නේ. පිටරටින් ගේන ඒවා ඉතාමත්ම ගණන්.

මම යෝජනා කරනවා ඒ ටැක්ස් සම්බන්ධයෙන් යම්කිසි තීන්දුවක් ගන්න පුළුවන් නම් හොඳයි කියලා.

මීට ප්‍රතිචාර දක්වමින් වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසුවේ මෙම කර්මාන්තයේ නිරත දේශීය සමාගම් නියෝජිතයින් සමඟ අද (20) දිනයේ දී සාකච්ඡාවක් පවත්වන බවයි.

මේ ප්‍රශ්නේ සම්බන්ධව මාව දැනුවත් කළා ගිය සිකුරාදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇමතිතුමත්, රාජ්‍ය ඇමතිතුමියත්. ඒ නිසා අද හවස මම දේශීය නිෂ්පාදන සමාගම් සහ ආනයන කරන ඒ සියලු දෙනා ගෙන්නලා කතා කරනවා.

එතන දී ගැටළුවක් තිබ්බොත් ඒක විසඳන්න, ඒ වගේම ආනයනය කරන නැප්තින් සඳහා අය කරන බදු ප්‍රමාණය, ඒ තියෙන ගැටළුවක් තිබ්බොත් අපි මුදල් අමාත්‍යාංශයත් එක්ක කතා කරලා ඒ සඳහා විසඳුමක් ලබා දෙන්නම්. මම හිතන්නේ මේ සතියේ දී විසඳුමක් ලබා දෙන්න පුළුවන්.

 

  • Ada Derana BIZ Sinhala
  • sri lanka
  • tax
  • tobacco and alcohol

2021 දී මුළු බදු ආදායමෙන් 19% ක් දුම්වැටි හා මත්පැන් මගින් – මුදල් රාජ්‍ය අමාත්‍ය

September, 20, 2022

පසුගිය 2021 වසරේ රජයේ සමස්ත බදු ආදායමෙන් 19% ක් ලැබී ඇත්තේ දුම්වැටි සහ මද්‍යසාර හරහා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අද (20) දින පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

මේ අතර පවතින උද්ධමනකාරී වාතාවරණය තුළ දුම්වැටි සහ මද්‍යසාරවල සළකුණු කරන ලද මිල ගණන් වරින් වර වෙනස් කිරීම ප්‍රායෝගික ගැටළුවක් බවත්, එහිදී වඩාත් සංකීර්ණ වූ මිල සූත්‍රයක් වෙනුවට සරල පැහැදිලි දර්ශකයක් මගින් නුදුරු අනාගතයේ දී හඳුන්වා දීමට පියවර ගන්නා බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

2021 වසරේ දුම්වැටි මගින් නිෂ්පාදන හා එකතු කළ අගය මත බදු රු. බිලියන 98 යි.

2021 වසරේ මත්පැන් මගින් සුරා බදු හා එකතු කළ අගය මත බදු ආදායම රු. බිලියන 150 යි.

ඒ අනුව 2021 වසරේ සමස්ත බදු ආදායමෙන් 19% ක් දුම්වැටි සහ මද්‍යසාර මගින් ලැබී ඇත.

දුම්වැටි සහ මද්‍යසාර සඳහා නව බදු ව්‍යුහයක් හඳුන්වා දීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින අතර එමඟින් තවදුරටත් ඉහළ බදු ආදායමක් ලබා ගත හැකි වනු ඇත.

දුම්වැටි සඳහා නිෂ්පාදන බදු ඒකක පදනමින්, දුම්වැටියේ දිග ප්‍රමාණය මත අය කරනු ලබයි.

එමෙන්ම මද්‍යසාර සඳහා සුරා බදු එහි සැර ප්‍රමාණය මත බදු අය කරයි.

මෙ නිෂාපාදන බදු හා සුරා බදුවලට අමතරව අලෙවිය මත 15% ක එකතුකළ අගය මත බද්දක් ද, 2022 ඔක්තෝබර් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි පිරිවැටුම මත 2.5% ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්දක් ද අයකරනු ඇත.

ඊට අමතරව මෙම දුම්වැටි සහ මද්‍යසාර සඳහා 40% ක ඉහළම ආදායම් බදු අනුපාතයකට යටත් කර ඇත.

දුම්වැටි සහ මද්‍යසාර මත නව බදු ක්‍රමයක් ඇති කිරීමට අවශ්‍ය කටයුතු පිළිබඳ විමර්ෂනය කරමින් පවතී.

කෙසේවුවද උද්ධමනය මත පැනවූ බදු ක්‍රමයක් යෝජනා කර තිබුණ ද මාසික උද්ධමන විචලනය වීම මත දුම්වැටි සහ මද්‍යසාරවලට සලකුණු කරන ලද මිල ගණන් වරින් වර වෙනස් කිරීම පිළිබඳ ප්‍රායෝගික ගැටළුවක් මතු වුවත්, ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු වී ඇත.

එහිදී වඩාත් සංකීර්ණ වූ මිල සූත්‍රයක් වෙනුවට සරල පැහැදිලි දර්ශකයක් මගින් නුදුර අනාතයේ දී මෙම අරමුණ ඉටු කිරීමට සූදානම්.

 

 

 

 

 

 

  • Ada Derana BIZ Sinhala
  • Parliament
  • Solar panels
  • sri lanka

ආගමික ස්ථානවලට සූර්ය පැනල

September, 20, 2022

ආගමික ස්ථානවල විදුලි බිල කළමනාකරණය කිරීම සඳහා සූර්ය පැනල සවි කිරීමට කටයුතු කරන ලෙස තමන් රාජ්‍ය අමාත්‍යවරයාට දැනුම් දුන් බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අද (20) පාර්ලිමේන්තුවේ දී වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

තව ද අමාත්‍යවරයා පවසා සිටියේ රාජ්‍ය ආයතන විශාල සංඛ්‍යාවක සූර්ය පැනල සවිකිරීම ආරම්භ කර තිබෙන බවත්, පාර්ලිමේන්තුවට ද සූර්ය පැනල සවි කළ හැකි අතර ඒ සඳහා තාක්ෂණික සහාය ලබාදිය හැකි බවත් ය.

මේ අතර අඩු ආදායම්ලාභී පවුල් ජීවත්වන නිවාස වහලය මත සූර්ය පැනල සවි කිරීමේ වැඩපිළිවෙලක් මේ වනවිට නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සමඟ එක්ව ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා පවසා සිටියේය.

''ආගමික සිද්ධස්ථාන හැටියට, විදුලි සබඳතා 48682ක් සම්බන්ධතා තිබෙනවා.ඒකක 30ක් දක්වා විදුලිය භාවිතා කරන්නේ 15195ක්. මේ සංශෝධනයෙන් පසු ගෙවන්නේ මාසයකට රුපියල් 330ක්. ආගමික සිද්ධස්ථාන 11151ක් ගෙවන්නේ 1260යි මේ සංශෝධනයෙන් පසුව. ආගමික ස්ථාන 3852ක් රුපියල් 1860ක් ගෙවනවා. ඒකක 121-180 අතර 5897ක් ආගමික ස්ථාන රුපියල් 3990ක් ගෙවනවා. මිල වැඩි වූ ප්‍රමාණය 12000ක් විතර සිටින නිසා යෝජනා කරන්නේ, විකල්ප නැති නිසා පුනර්ජනනීය බලශක්තිවලට යන්න වෙනවා, සූර්ය පැනල වහල මත සවි කිරීම. සූර්ය පැනල ක්‍රමයට යා යුතුයි. විදුලි බලය අඩුවෙන් යන විදියට සැලසුම් කළ යුතුයි.ලෝක බැංකුව ,ආසියානු සංවර්ධන බැංකුව, තානාපති කාර්යාල සමඟ සාකච්ඡා කරනවා උදව් ලබාගැනීමට.''