September, 6, 2022
LK ඩොමේන් රෙජිස්ටි්ර විසින් පැවැත්වූ 2022 BestWeb.lk තරඟාවලියේදී ශ්රී ලංකාවේ ප්රමුඛතම ‘බැංකුකරණ සහ මූල්ය’ වෙබ් අඩවිය ලෙස කොමර්ෂල් බැංකුවේ ආයතනික වෙබ් අඩවිය තෝරාගෙන තිබේ.
පසුගියදා කොළඹ සිනමන් ග්රෑන්ඞ් හෝටලයේදී BestWeb.lk විසින් 12 වන වරටත් පැවැත්වූ වාර්ෂික සම්මාන ප්රදානෝත්සවයේදී අදාළ අංශය වෙනුවෙන් ප්රදානය කළ ඉහළම සම්මානය වන රිදී සම්මානය ජයග්රහණය කිරීමට කොමර්ෂල් බැංකුව සමත්විය. මෙම සම්මානයම 2020 වසරේදීත් කොමර්ෂල් බැංකුව ජයග්රහණය කළ අතර 2017 වසරේදී BestWeb.lk තරගාවලියේදී ලෝකඩ සම්මානයක් ජයග්රහණය කළේය. මේ වසරේදී ‘බැංකුකරණ සහ මූල්ය’ අංශය වෙනුවෙන් රන් සම්මානයක් ලබා නොදුන් අතර ලබාදුන් ඉහළම සම්මානය වූයේ රිදී සම්මානයයි.
පසුගිය වසරේදී නවාංග එක් කරමින් www.combank.lk වෙබ් අඩවිය අළුතින් එළි දැක්වූ අතර අන්තර්ගතයන් භාෂා තුනෙන්ම ඉදිරිපත් කිරීම, ක්රියාකාරී මල්ටිමීඩියා උපකරණ සමග පහසුවෙන් භාවිතා කිරීමට හැකි ලෙස වෙබ් අඩවිය සකස් කිරීම, සර්ච් කිරීමේ පහසුකම් වැඩිදියුණු කිරීම, ලබාදී තිබෙන තොරතුරු වැඩි කිරීම මෙම නවාංග අතරට ඇතුළත් වේ. මෙම සම්මානය ජයග්රහණය කිරීමට මෙම වැඩිදියුණු කිරීම ඉවහල් වූ බව බැංකුව සඳහන් කරයි.
මෙම ජයග්රහණය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ නියෝජ්ය සාමාන්යාධිකාරී - අලෙවිකරණ, හස්රත් මුණසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. ‘සමාගමක් සමග ගැනුම්කරුවෙකුගේ පළමු සම්බන්ධය බොහෝ දුරට වෙබ් අඩවිය විය හැකි වකවානුවක, වෙබ් අඩවියේ පෙනුම මෙන්ම අන්තර්ගතය ඉතාමත් වැදගත් වෙනවා. එහිදී, වෙබ් අඩවියෙන් ලබා දෙන සේවා සහ භාවිතා කිරීමේ විකල්ප බැංකු සේවකයන්ගේ ස්ථානය ගන්නවා. ඩිජිටල් අවකාශය තුළ ඇතිවෙමින් තිබෙන පෙරළිය පිළිබඳව කොමර්ෂල් බැංකුව බොහෝ අවධානයකින් සහ දැනුවත්භාවයකින් කටයුතු කරනවා. මේ නිසා, පාරිභෝගිකයින්ට ඩිජිටල් පහසුකම්, වෙබ් අඩවිය සහ තාක්ෂණය තුළින් ලබාදෙන සේවාවන් බැංකුව විසින් අඛණ්ඩවම වර්ධනය කරමින් සිටිනවා. මෙම නවතම සම්මානය මගින් නැවත වරක් බැංකු අංශයේ තාක්ෂණය පදනම් කරගත් පහසුව ලබාදීමේ නායකයා ලෙස කොමර්ෂල් බැංකුව අත්කරගෙන තිබෙන ස්ථානය යළි යළිත් තහවුරු කරනවා.’
ශ්රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ්රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක්රීය යන්ත්ර 940 ක් ක්රියාත්මක කරයි. ශී්ර ලංකාවේ සුළු සහ මධ්යම පරිමාණයේ ව්යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්රයේ ඩිජිටල් නව්යකරණය සඳහා ප්රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්ර මූල්යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.
සේයාරු සටහන - කොමර්ෂල් බැංකුවේ ජ්යෙෂ්ඨ කළමනාකාරිනී - අලෙවිකරණ, ඉරෝෂා වෙත්තසිංහ මහත්මිය (මැද) එක්ස්ප්රස් පුවත්පත් සමාගමේ ඩිජිටල් මාධ්ය ප්රධානී, එස්. රමේෂ් කුමාර් මහතා අතින් සම්මානය ලබාගත් ආකාරය. මෙම අවස්ථාවට (වමේ සිට) කොමර්ෂල් බැංකුවේ ජ්යෙෂ්ඨ වෙබ් නිර්මාණකාරිනී, ශ්යාමලී අමරසේන මහත්මිය සහ ඩිජිටල් අලෙවිකරණ නිළධාරී ගයාන් පුංචිහේවා මහතා සහ LK ඩොමේන් රෙජිස්ටි්ර හි හවුල්කාරීත්ව කළමනාකාරිනී, නිරෝජා ජයවර්ධන මහත්මිය සහභාගී විය.
September, 5, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛතම රක්ෂණ සමාගම් අතරින් එකක් මෙන්ම ජාත්යන්තර අලියාන්ස් සමූහ ව්යාපාරයේ සාමාජිකයෙකු වන අලියාන්ස් ලංකා සමාගමේ වාර්ෂික සම්මාන උළෙල 2022 අගෝස්තු 16 දින “Wings of Growth” යන තේමාව යටතේ Monarch Imperial හිදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විනි. මෙහිදී 2021 වසර තුළ විශිෂ්ටතම දක්ෂතා පෙන්නුම් කළ, සමාගමේ විකුණුම් අංශයේ සාමාජික සාමාජිකාවන් පිරිසකට සම්මාන ප්රදානය කිරීම සිදු විය. අලියාන්ස් වාර්ෂික සම්මාන උළෙල යනු අලියාන්ස් ඉන්ෂුවරන්ස් විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන උත්සව අතරින් ප්රමුඛතම උත්සවයක් වන අතර, සමාගමේ ඉහළ කළමනාකාරීත්වයට අමතරව අලියාන්ස් සමූහයේ ආසියා පැසිෆික් කලාපයේ ප්රධාන පෙළේ නියෝජිතයන්ද එයට සහභාගී වෙති.
මෙවර සම්මාන උළෙලේදී අලියාන්ස් ලංකා සමාගමේ විකුණුම් අංශයේ විශිෂ්ටයන් 157 දෙනෙකුට සම්මාන, සහතික සහ මුදල් ත්යාග හිමි විය. මෙහි ශූරතා සම්මානයන් හිමි කර ගැනීමට නිහාල් ෂෙරීඩන් ප්රනාන්දු (ජීවිත රක්ෂණ) සහ විනෝග කේශව සභානායක (සාමාන්ය රක්ෂණ) සමත් විය. අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හි සභාපති ඇලන් ස්මී සම්මාන උළෙලේ ප්රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර, විකිණුම් කළමනාකරණ, ජ්යෙෂ්ඨ කළමනාකාරීත්ව සහ නායකත්වය කණ්ඩායම් වල සාමාජික සාමාජිකාවෝ රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
සම්මාන උළෙල ඇමතූ අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හි ප්රධාන විධායක නිලධාරී ගානි සුබ්රමනියම් මහතා සඳහන් කර සිටියේ “අද දිනයේ අපි අපගේ විකුණුම් කණ්ඩායම් හි විශිෂ්ටතම සාමාජික සාමාජිකාවන්ගේ දක්ෂතා මෙලෙස ඇගයීමට ලක් කරනවා. ගෝලීය මට්ටමේ වසංගත තත්ත්වයක් හේතුවෙන් බරපතළ අභියෝග වලට මුහුණ දීමට වසරක් වූ 2021 වසර තුළදී ඔවුන් පෙන්නුම් කළ උනන්දුව හා කැපවීම මෙලෙස ඇගයීමට ලක් කිරීමට හැකිවීම මහත් සතුටක්. ඒ උනන්දුව හා කැපවීම අප හදවතින්ම අගය කළ යුතුයි. තම වගකීම් විශිෂ්ට ලෙස ඉටුකරමින් ඔවුන් අලියාන්ස් සමාගම ශ්රී ලංකාවේ අංක එකේ රක්ෂණ සමාගම් අතර රැඳවීමට කටයුතු කළා. මෙම ජයග්රහණයන් වෙනුවෙන් ඔවුන්ට සුබ පැතීමටත්, ඔවුන් ආදර්ශයට ගනිමින් සෑම විටම විශිෂ්ටත්වය හඹා යාමට අපගේ සාමාජික සාමාජිකාවන් සියලුම දෙනා දිරිගැන්වීමටත් මා මෙය අවස්ථාවක් කර ගන්නවා.” යනුවෙනි.
එමෙන්ම සම්මාන උළෙල ඇමතූ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හි ප්රධාන විධායක නිලධාරී ජයලාල් හේවාවසම් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ “COVID-19 රෝග ව්යාප්තිය නිසා 2021 වසරේදී අපට අභියෝග රාශියකට මුහුණ දීමට සිදු වුණා. ව්යාපාර කටයුතු පවත්වාගෙන යන අතර පාරිභෝගික තෘප්තිය සහතික කිරීම සඳහා, එළඹෙන තත්ත්වයන්ට අනුකූලව හැඩගැසීමට අපට සිදු වුණා. එහෙත් අපගේ කණ්ඩායමේ විශිෂ්ටත්වය නිසා, අපගේ ව්යාපාර කටයුතු පෙරටත් වඩා දියුණු කර ගැනීමට අපට හැකි වී තිබෙනවා. ඔවුන්ගේ උද්යෝගීමත් බව නිසා, බාධාවන් අවස්ථාවන් බවට පරිවර්තනය කර ගැනීමට අපට හැකි වුණා. දැන් අප 2022 වසරේ ආර්ථික අර්බුදය තුළින් පැනනගින අභියෝග ජයගැනීමටත් හොඳින් සූදානම්. එකට එක්වී, ගරුත්වය හා කැපවීම පෙරදැරිව, ජීවිතයේ වටිනාම දේ වලට රැකවරණය ලබාදීම සඳහා අප කටයුතු කරමින් සිටිනවා.” යනුවෙනි.
අලියාන්ස් ලංකා ලෙස හඳුන්වනු පොදුවේ ලබන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (Allianz Insurance Lanka Ltd.) සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ^Allianz Life Insurance Lanka Ltd.& ජාත්යන්තර Allianz SE හි පූර්ණ අයිතිය යටතේ පවතින අනුබද්ධ සමාගම් ලෙස ක්රියාත්මක වේ. ප්රධාන වශයෙන් රක්ෂණ සහ වත්කම් කළමනාකරණ ක්ෂේත්ර වල ක්රියාත්මක වන ජාත්යන්තර සමූහ ව්යාපාරයක් වන Allianz SE හි ප්රධාන කාර්යාලය ජර්මනියේ මියුනිච් නගරයේ පිහිටා ඇත. ජාත්යන්තර අලියාන්ස් සමූහ ව්යාපාරයේ ශක්තිය සහ අලියාන්ස් ලංකා හි දේශීය විශේෂඥ දැනුම හා පළපුරුද්ද එක්තැන් වීම, අලියාන්ස් සමාගමට ශ්රී ලංකාව තුළ මෙබඳු සාර්ථකත්වයක් අත්පත් කර ගැනීමට මහෝපකාරී වී තිබේ.
September, 5, 2022
රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්ටෝමා සායන ව්යාප්තිය සහ ආමාශ ආන්ත්ර රෝග සායනයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය අද පැවැත්විණි.
මෙම ස්ටෝමා සත්කාර සායනය රෝහලේ ආමාශ ආන්ත්ර රෝග ඒකකයට අනුබද්ධ ක්රියාත්මක වන අතර ශ්රී ලංකාවේ ප්රථම සහ එකම ළමා ස්ටෝමා සායනය සහ ළමා ආමාශ ආන්ත්ර රෝග ඒකකයද මෙය වේ. ප්රථමයෙන් 2019 වර්ෂයේ අගෝස්තු මාසයේදී ආරම්භ කරන ලද මෙම සායනයේ ළමා රෝගීන් 680කට අධික සංඛ්යාවක් ලියාපදිංචි වී සිටින අතර බාහිරින් පැමිණෙන 5000 කට අධික සංඛ්යාවක් සඳහා පහසුකම් සලසා තිබේ.
ආර් එල් චන්ද්රලේකා මහත්මිය (භාර හෙද නිලධාරිනී - ස්ටෝමා සත්කාර සායනය) විසින් හසුරුවන ලද සායනයේ රෝගීන්ගේ ධාරිතාවයට සරිලන පරිදි දැඩි ඉඩකඩ හිඟයක් පවතින බව නිරීක්ෂණය වී තිබුණි.
ඒ අනුව රෝගී සත්කාරකත්වය සහ සුවපහසුව වැඩිදියුණු කිරීමේ අරමුණින්, මහාචාර්ය ෂර්මන් රාජේන්ද්රනාත් මහතා (උපදේශක ළමා ආමාශ ආන්ත්ර වෛද්ය) පසුගිය වසරේ රෝහල් පරිශ්රය තුළ නව අංශයක් ගොඩනංවා ගැනීමට සහාය ඉල්ලා සිටියේය.
මාස 10 ක කාලයක් පුරාවට සිදු කළ මෙම සංවර්ධන ව්යාපෘතිය සඳහා ජෝර්ජ් ස්ටුවර්ට් හි "ස්ටුවර්ට් සෙනෙහස" විසින් අරමුදල් සපයන ලද අතර ශ්රම දායකත්වය ශ්රී ලංකා නාවික හමුදාව විසින් ලබා දෙන ලදී.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ වෛද්ය ජී විජේසූරිය, මහාචාර්ය ෂර්මන් රාජේන්ද්රනාත්, දිලිත් ජයවීර (සමූහ සභාපති - ජෝර්ජ් ස්ටුවර්ට් සහ සමාගම) සහ ඉරාන් රණසිංහ (කළමනාකාර අධ්යක්ෂ - ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත්) යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් මෙම නව ගොඩනැගිල්ල විවෘත කෙරිණ.
රිජ්වේ ආර්යා ළමා රෝහල ශ්රී ලංකාවේ වයස අවුරුදු 14 ට අඩු ළමුන් සඳහා නොමිලේ පහසුකම් සපයන මෙරට විශාලතම ළමා රෝහල වන අතරම මෙය වරෙක දකුණු ආසියාවේ විශාලතම ළමා රෝහල වශයෙන් සැලකිණි.
ජෝර්ජ් ස්ටුවර්ට් සමූහයේ සාමාජිකයෙක් වන ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් ශ්රී ලංකාවේ ප්රමුඛතම සෞඛ්ය සේවා සහ සුවතා විසඳුම් සපයන්නන් අතර සිටින ආයතනයකි. ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම ශ්රී ලංකාවේ පැරණිතම වෙළඳ ආයතනය සහ විවිධාංගීකරණය වූ ප්රමුඛ පෙළේ සමූහ ව්යාපාරයක් ලෙස පිළිගැනීමට ලක්ව ඇත.


September, 5, 2022
සෙලින්කෝ ලයිෆ් සමාගම අති නවීන පුද්ගලික රෝහලක් වන Kings Hospital (Private) Ltd සමාගමේ විශාල කොටස් ප්රමාණයක ආයෝජනය කරමින් ආකර්ශනීය ව්යාපාරික ඒකාබද්ධතාවයකට පැමිණ තිබේ. මෙම අයෝජනයත් සමග සමාගම සතු සෞඛ්ය අංශයේ කොටස කැපී පෙනෙන ලෙස ඉහළ යන අතර සමාගමේ ආයෝජන කළඹ වඩාත් විවිධාංගීකරණය වන බව සෙලින්කෝ ලයිෆ් සඳහන් කරයි.
ඇඳන් 120 කින් සමන්විත මෙම රෝහලේ කොටස් මිලදී ගනිමින් සිදුකළ මෙම උපායමාර්ගික ආයෝජනය ඉදිරියේදී අවශ්ය වුවහොත් තවදුරටත් පුළුල් කිරීමට අවකාශය තිබෙන බව සමාගම පවසයි.
මෙම ආයෝජනයත් සමග කිංග්ස් රෝහලේ අධ්යක්ෂ මණ්ඩලයට සමාගම සතු කොටස් ප්රමාණය අනුව සෙලින්කෝ ලයිෆ් සාමාජිකයින් ඉදිරියේදී පත්කරන අතර ඔවුන් විසින් මෙම රෝහලේ ඉදිරි අදියරේ වර්ධනය උත්තේජනය කරනු ඇත. සෙලින්කෝ ලයිෆ් සහ කිංග්ස් අතර ඇතිවී තිබෙන මෙම ව්යාපාරික ඒකාබද්ධතාවය තුළින් සියළුම පාර්ශවකරුවන්ගේ ප්රතිලාභ වර්ධනය වනු ඇති බව ද සෙලින්කෝ ලයිෆ් ප්රකාශ කරයි.
සෙලින්කෝ ලයිෆ් සමාගම ශ්රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ වෙළෙඳපොළ ප්රමුඛයා වන අතර මේ වනවිටත් දේශීය සෞඛ්ය අංශයේ ප්රමුඛ සමාගමක් ලෙස කටයුතු කරයි. සමාගමට පූර්ණ වශයෙන් අයත් සෙලින්කෝ හෙල්ත්කෙයා සර්විසස් ලිමිටඞ් (CHSL) පිළිකා සඳහා ප්රතිකාර කිරීමට ශ්රී ලංකාවේ පළමු පුද්ගලික අංශයේ විකිරණ ප්රතිකාර මධ්යස්ථානය ආරම්භ කළ අතර ලංකාවේ පළමු ලීනියර් ඇක්සලරේටර් යන්ත්රය සහ ටොමෝ තෙරපි ඒකකය ස්ථාපිත කරන ලදී. මේ වනවිටත් ශ්රී ලංකාවේ පවතින එකම ටෝමෝ තෙරපි ප්රතිකාර මධ්යස්ථානය වන්නේ මෙයයි. මීට අමතරව, සෙලින්කෝ ලයිෆ් විසින් ගෝල්ඩන් කී ඇස් සහ උගුර, කන, නාසය පිළිබඳ රෝහලද කළමනාකරණය කරයි.
සමාගම අවතීර්ණ වී තිබෙන මෙම නවතම සංධිස්ථානය පිළිබඳව සෙලින්කෝ ලයිෆ් සමාගමේ සභාපති, රාජ්කුමාර් රෙන්ගනාදන් මහතා මෙසේ අදහස් දැක්වීය. ‘ගෝලීය වශයෙන් ජීවිත රක්ෂණ සහ සෞඛ්ය සේවා දායකයින් උපායමාර්ගික ඒකාබද්ධතාවයන්ට එක්වී ප්රතිලාභ වර්ධනය කර ගනිමින් සිටිනවා. මෙම උපායමාර්ගික ආයෝජනය මගින් සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුහිමියන් ඇතුළු සියළුම පාර්ශවකරුවන්ට අමතර වටිනාකමක් ලැබෙනවා.’
‘ඉතාමත් සාර්ථක ලෙස පිළිකා ප්රතිකාරය සඳහා යටිතල පහසුකම් සහ උපකරණ සඳහා විශාල වශයෙන් ආයෝජනය කිරීම තුළින් සෙලින්කෝ ලයිෆ් මෙම අංශයේ නායකයෙකු බවට පත්වී සිටිනවා. දැරිය හැකි මිලකට ප්රතිකාර කිරීමට සහ රෝග විනිශ්චය කරගැනීමට අපි ඉන්දියාවේ ඇපලෝ රෝහල ඇතුළු විවිධ සෞඛ්ය ආයතන සමග ශක්තිමත් බැඳීමක් පවත්වාගෙන යනවා. එම බැඳීම කිංග්ස් රෝහල සමග ඒකාබද්ධවීම තුළින් තවත් වර්ධනය වනවා,’ යනුවෙන් රෙන්ගනාදන් මහතා පැවසීය. ‘කිංග්ස් රෝහලේ කොටස්වල සෙලින්කෝ ලයිෆ් ආයෝජනය කිරීම මගින් පෙන්නුම් කරන්නේ සෞඛ්ය අංශයේ සමාගමේ දායකත්වය වැඩිකර ගනිමින් මෙරට ජනතාවට ප්රතිලාභ ලබාදීමට සමාගම සතු විශාල බලාපොරොත්තුව සහ සමාගමේ ආයෝජන උපායමාර්ගයයි.’
මෙම ඒකාබද්ධතාවය පිළිබඳව අදහස් දක්වමින් කිංග්ස් රෝහලේ සභාපති, වෛද්ය පාලිත අබේකෝන් මහතා මෙසේ අදහස් දැක්වීය. ‘අපගේ රෝහලේ ප්රධාන පාර්ශවකරුවෙකු ලෙස සෙලින්කෝ ලයිෆ් සමාගම පැමිණීම පිළිබඳව අපි අතිශය සතුටට පත්වෙනවා. අපගේ ඊළඟ අදියරේ සංවර්ධනය වෙනුවෙන් සමාගමේ කළමනාකාරීත්ව කණ්ඩායම සමග ඉතාමත් සමීපව අපි කටයුතු කරනවා. රටට ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ වටිනාකමට සරිලන පවුල සහ ප්රජාව මූලික කරගත් සෞඛ්ය පහසුකම් ලබාදීමේ අරමුණෙන් කිංග්ස් රෝහල ආරම්භ කරනු ලැබුවා. සෙලින්කෝ ලයිෆ් සමාගමද ප්රජාව මූලික කරගත් සෞඛ්ය වැඩසටහන් සඳහා විශාල වශයෙන් කැපවී තිබෙන නිසා අපගේ ආයතන දෙක අතර ඉතාමත් හොඳ උපායමාර්ගික ගැලපීමක් තිබෙන බව අපි විශ්වාස කරනවා.’
‘සෙලින්කෝ ලයිෆ් සමාගම සතු ඉහළ පළපුරුද්ද සහ විශේෂඥතාවය තුළින් ප්රතිලාභ රැසක් අත්කර ගැනීමට හැකිවනු ඇතැයි අපි විශ්වාස කරනවා. මේ තුළින් අපගේ හැකියාවන් අලෙවිකරණය කරමින් ශක්තිමත් සන්නාමයක් ගොඩනගා ගැනීමට හැකිවනු ඇතැයි අපි විශ්වාස කරනවා. මීට අමතරව, සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් මිලියනයකට වඩා ජනතාවට ජීවිත රක්ෂණ පහසුකම් සලසා තිබෙනවා. මොවුන්ට ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරමින් අවශ්ය ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ සෞඛ්ය පහසුකම් ලබාදීමට මේ තුළින් අපේ රෝහලට අවස්ථාවක් හිමිවෙනවා.’
කොළඹ නාරාහේන්පිට පිහිටි අති නවීන පහසුකම් වලින් සමන්විත කිංග්ස් රෝහල කීර්තිමත් වෛද්යවරුන් කණ්ඩායමක් ඇතුළත් වන ව්යාපාරික සන්ධානයකින් ආරම්භ කළ අතර මෙරට කීර්තිමත් වෛද්ය විශේෂඥයින්, රෝහල ආරම්භ කළ වෛද්යවරුන් සහ පුහුණු හෙද කණ්ඩායමක් මෙහිදී ජනතාවට සේවය ලබාදෙයි. 2017 මාර්තු මාසයේදී Oasis රෝහල මිලදීගනිමින් මෙම රෝහල ආරම්භ කළ අතර මෙම රෝහල් ගොඩනැගිල්ල රෝහලක් සඳහාම වන අති නවීන පහසුකම් වලින් යුක්තව ඉදිකර තිබේ. 2019 අගෝස්තු මාසයේදී මහජනතාව වෙනුවෙන් විවෘත කළ මෙම රෝහලෙහි මොඩියුලර් ශල්යාගාර 11 ක් පිහිටා තිබෙන අතර මෙය මේ වනවිට ශ්රි ලංකාවේ පිහිටි විශාලතම ශල්ය පහසුකම් වලින් එකකි.
ශ්රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් ශ්රී ලංකාවේ වසරේ සේවා සන්නාමය ලෙසින් සහ 2021 වසරේ LMD විසින් ශ්රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ ‘වඩාත් ජනප්රිය සේවා සපයන්නා’ ලෙස නම් කර ඇති සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 34 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප්රමුඛයා බවට පත්වීමට සමත්වී ඇත. 2021 වසරේ දී ශ්රී ලංකාවේ වඩාත් වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙස බ්රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් ද නම් කරන ලද සෙලින්කෝ ලයිෆ් එම වසර සඳහා ජාත්යන්තර වාණිජ මණ්ඩලයේ ශ්රී ලංකා ශාඛාව (ICCSL) සහ CIMA ආයතනය ශ්රේණිගත කළ ‘ශ්රී ලංකාව තුළ වඩාත්ම ප්රසාදයට ලක් වූ සමාගම්’ 10 න් එකක් වූ අතර පිට පිටම 08 වන වසර සඳහාත් වර්ල්ඞ් ෆයිනෑන්ස් විසින් ශ්රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂකයා ලෙස ද තෝරා ගන්නා ලදී. 2022 වසරේ Great Place to Work® විසින් ශ්රී ලංකාවේ බැංකු, මූල්ය සේවා සහ රක්ෂණ (BFSI) ක්ෂේත්රයේ හොඳම සේවා ස්ථාන 10 අතරට සෙලින්කෝ ලයිෆ් සමාගම ශ්රේණිගත කර ඇති අතර SLIM Kantar ජනතා සම්මාන ප්රදානෝත්සවයේදී අඛණ්ඩව වාර්තාගත 16 වන වසරටත් ශ්රී ලංකාවේ වඩාත්ම ජනප්රිය ජීවිත රක්ෂණ සමාගම ලෙස ද සෙලින්කෝ ලයිෆ් සමාගම නම් කරන ලදී.
සක්රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.


සේයාරු සටහන - සෙලින්කෝ ලයිෆ් සභාපති, ආර්. රෙන්ගනාදන් මහතා (ඉහළ, දකුණේ සිට දෙවැන්නා) සහ කිංග්ස් රෝහලේ සභාපති, වෛද්ය පාලිත අබේකෝන් මහතා ආයතන දෙකේ අධ්යක්ෂවරුන් සහ කාර්ය මණ්ඩලය ඉදිරි පිටදී ගිවිසුම හුවමාරු කරගනී.
September, 5, 2022
චීන - ශ්රී ලංකා වෙළඳ සහ ආර්ථික සහයෝගිතා සංගමය සහ Douyin (TikTok) සමාජ මාධ්ය ජාලය සමඟ සම්බන්ධ වූ බීජිං හි ශ්රී ලංකා තානාපති කාර්යාලය, 2022 අගෝස්තු 30 වැනි දින ශ්රී ලංකා ජාතික කුටියක් විවෘත කළේ ය. මහනුවර ඇසළ පෙරහැර, ශ්රී ලංකාවේ සංස්කෘතිය සහ ආහාර සම්බන්ධයෙන් තානාපති කාර්යාලය පැවැත්වූ උත්සවය අතරතුර මෙම වැඩසටහන පැවැත්විණි.
විචිත්රවත් බවින් සහ ඓතිහාසික ශ්රී විභූතියෙන් අනූන මහනුවර ඇසළ පෙරහැර දව්යින් හරහා චීන ප්රේක්ෂකයන්ට ඉදිරිපත් කෙරිණි. මිලියන 600 කට අධික ප්රේක්ෂක සංඛ්යාවක් සිටින Douyin හරහා ශ්රී ලංකාවේ නිෂ්පාදන ප්රදර්ශනය කොට අලෙවි කරන ලදී. (Tik Tok තුළ ලොව පුරා බිලියන 2ක ග්රාහක පිරිසක් සිටී).
Douyin පිළිබඳ නව ශ්රී ලංකා ජාතික කුටිය අන්තර්ජාලය හරහා මිලියනයකට වඩා වැඩි නරඹන්නන් පිරිසක් එසැණින් ආකර්ෂණය කර ගත් අතර නව අනුගාමිකයින් 27,000 කට වඩා ඊට එකතු විය. පැය පහක් මුළුල්ලේ පැවති සජීවී විකාශනය අතරතුර ශ්රී ලාංකික නිෂ්පාදන 16,000 කට වැඩි ප්රමාණයක් අන්තර්ජාලය හරහා මිලදී ගැනීමට ලක් වූ අතර එය අතිශයින් සාර්ථක විය.
තෝරාගත් සහභාගීවන්නන් පිරිස ඇමතූ චීනයේ ශ්රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා, චීන පාරිභෝගිකයන්ට ශ්රී ලංකාවේ නිෂ්පාදන මිලදී ගැනීමට අවස්ථාව සලසන අතරතුර ශ්රී ලංකාවේ අපනයනකරුවන්ට සිය නිෂ්පාදන චීනයේ ප්රදර්ශනය කිරීමට සහ අලෙවි කිරීමට මෙම ජාතික කුටිය මඟින් අවස්ථාව සැලසෙන බව සඳහන් කළේ ය. මෙම අවස්ථාවෙන් ප්රයෝජන ලබා ගන්නා ලෙස ඔහු ශ්රී ලංකාවේ අපනයනකරුවන්ට ආරාධනා කළේ ය.
ලංකා කළු තේ කෝප්පයක්, ‘හොං චා’ සහ කුළුබඩු යොදා සකසන ලද ශ්රී ලංකාවේ කකුළුවන් සකස් කිරීමේ ක්රමවේදය තානාපති කොහොන විසින් නිරූපණය කරන ලදී. කකුළුවන් සහ අනෙකුත් මුහුදු ආහාර චීනය තුළ ඉතා ජනප්රිය ය.
සජීවීව විකාශනය කරන ලද මෙම උත්සවයට අලංකාරයක් එක් කරමින් දව්යින් හි ප්රධාන උපදේශක නායකයන් (KOL) 10 දෙනෙකුට වැඩි පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. කොළඹ, සීගිරිය, ගාල්ල, මාතලේ, මහනුවර, දළදා මාලිගාව සහ පෙරහැර, යාල, නුවරඑළිය, රත්නපුර යන ස්ථාන තානාපතිවරයා විසින් විශාල ශ්රී ලංකා සිතියමක් මගින් නිරූපණය කරන ලදී. වෙළඳාම, ආයෝජන සහ සංචාරක ව්යාපාරය සම්බන්ධයෙන් මෙම නගර තුළ පවතින ශක්යතා මෙන්ම ඒවායේ සංස්කෘතික පසුබිම ද ඔහු තවදුරටත් පැහැදිලි කළේ ය.
පස්වැනි සියවසේ මුල් භාගයේ දී ශ්රී ලංකාවට පැමිණ ඇසළ පෙරහැර පිළිබඳව විස්තරාත්මක කරුණු පළ කළ චීන බෞද්ධ භික්ෂුවක් වන ෆා ෂියන් හිමි පිළිබඳව සඳහන් කළ තානාපතිවරයා, මහනුවර පෙරහැරේ ඓතිහාසික වැදගත්කම පිළිබඳව පැහැදිලි කළේ ය. මහනුවර පෙරහැරේ විචිත්රවත් බව දැක බලා ගැනීමට ශ්රී ලංකාවට පැමිණෙන ලෙස එතුමා චීන ජාතිකයන්ට ආරාධනා කළේ ය.
තානාපතිවරයා සැකසූ කකුළුවන් සහිත සම්ප්රදායික ශ්රී ලාංකික රාත්රී භෝජන සංග්රහයක් අමුත්තන් වෙත පිළිගන්වන ලදී.



September, 3, 2022
”ශ්රී ලංකාවේ පාඩු ලබන රාජ්ය ව්යවසාය” යන මැයෙන් සංසරණය වන ප්රකාශය පිළිබඳ කරුණු පැහැදිලි කිරීම.
”ශ්රී ලංකාවේ පාඩු ලබන රාජ්ය ව්යවසාය” යන මැයෙන් නිකුත් කරන ලද මෑත කාලීන මාධ්ය ප්රකාශයන් හා බැඳේ.
එකී මාධ්ය ප්රකාශයන් පිළිබඳව අවධානය යොමු කිරීමේදී, එහි සඳහන් වන්නේ රාජ්ය ව්යවසායන් 05 ක් දිනකට රුපියල් බිලියන 7.76 ක සමස්ත පාඩුවක් ලබන බවයි. අපගේ සමාගම වන, ගුවන්තොටුපළ හා ගුවන් සේවා (ශ්රී ලංකා) (පුද්ගලික) සමාගම එම රාජ්ය ආයතන වලින් එකක් ලෙස ලැයිස්තුගත කර ඇත.
ඒ අනුව අප සමාගමද රජයට තවත් එක් මූල්යමය පාඩුවක් ගෙනදෙන රාජ්ය ව්යවසායයක් බවට මේ පුවත සාමාන්ය ජනතාවගේ සිත් තුළ හැඟීමක් ඇති කරනු ලබයි. මෙහිදී මූලිකවම, අප සමාගම රජයට මූල්යමය පාඩුවක් අත්කර නොදෙන රටට කිසිසේත්ම බරක් නොවන ආයතනයක් බව තරයේ ප්රකාශ කර සිටින අතර, අප සමාගමේ මූල්ය තත්ත්වය පහත පරිදි පැහැදිලි කිරීමට අපි කැමැත්තෙමු.
ගුවන්තොටුපළ හා ගුවන් සේවා (ශ්රී ලංකා) (පුද්ගලික) සමාගම යනු සම්පූර්ණයෙන්ම රජයට අයත් පුද්ගලික සමාගමකි. අපි ජාත්යන්තර ප්රමිතීන්ට අනුකූලව ශ්රී ලංකාව තුළ අපට අයත් ගුවන් සීමාව ඇතුළත ගුවන් තොටුපළ සේවා සහ ගුවන් සංතරණ සේවා සපයන්නෙමු. එක්සත් රාජධානියේ ලන්ඩන් හි පිහිටි ජාත්යන්තර ගුවන් ප්රවාහන ශේණිගත කිරීමේ සංවිධානය වන "Skytrax" විසින් බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපළ නිරන්තරයෙන් ඉහළ අගයක් ලබා ඇත. ඒ අනුව බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපළ Global Region-Indian/South Asia විසින් 2022 වසරේ හොඳම ගුවන් තොටුපල කාණ්ඩයේ 5 වන ස්ථානය හිමිකරගෙන ඇත. මේ වන විට අප සමාගමේ සේවකයන් 4,000කට ආසන්න පිරිසක් සේවය කරනු ලබයි.
2019 වර්ෂයේදී සිදුවූ අවාසනාවන්ත පාස්කු ප්රහාරයෙන් පසුව මුහුණ දුන් කොවිඞ් - 19 වසංගතයත් සමඟ ඇති වූ ආර්ථික අවපාතයට පෙර, අප ලාභාංශ සහ බදු මගින් රාජ්ය භාණ්ඩාගාරයට නිතිපතා විශාල අරමුදල් ප්රමාණයක් අඛණ්ඩවම ලබා දුන් ශ්රී ලංකාවේ කීර්තිමත් ලාභ උපයන රාජ්ය අංශයට අයත් පුද්ගලික ව්යාපාරයක් විය. පහත වගුවේ දැක්වෙන්නේ 2009 වර්ෂයේ සිට මේ දක්වා කාලය තුළ අප සමාගමේ මූල්යමය තත්ත්වයයි.

ඉහත දත්තයන් සලකා බලන කල, ගුවන්තොටුපළ හා ගුවන් සේවා (ශ්රී ලංකා) (පුද්ගලික) සමාගම සුවිශේෂී ලෙස ක්රියා කළ බව පැහැදිලිව පෙනේ. කෙසේ වෙතත්, සමස්ත ගෝලීය ගුවන් සේවා අංශයම අඩපණ කළ කොවිඞ්-19 ගෝලීය වසංගතය හේතුවෙන්, ජාත්යන්තර මගී සහ ගුවන් යානා සංචලනය පහත වැටීම ගුවන්තොටුපළ හා ගුවන් සේවා (ශ්රී ලංකා) (පුද්ගලික) සමාගම හි ආදායමටද දැඩි ලෙස බලපෑවේය. උදාහරණයක් ලෙස, සිංගප්පූරුවේ චැංගි අන්තර්ජාතික ගුවන්තොටුපළේ මගී සංචලනය 2019⁄2020 දී මිලියන 62.9 සිට 2020⁄2021 වන විට මිලියන 1.1 දක්වා අඩු වී ඇති අතර, සමස්ථ ආදායම සිංගප්පූරු ඩොලර් මිලියන 3,119 සිට සිංගප්පූරු ඩොලර් මිලියන 697 දක්වා පහත වැටී ඇත.
එම ගෝලීය බලපෑම අප මූල්ය ක්ෂේත්රයටද බලපාන ලද අතර, එහි ප්රතිඵලයක් ලෙස ජාත්යන්තර ගුවන් යානා සහ මගී ප්රවාහනය සැලකූ විට, ගුවන්තොටුපළ හා ගුවන් සේවා (ශ්රී ලංකා) (පුද්ගලික) සමාගම යටතේ ශ්රී ලංකාවේ සියලූම ගුවන් තොටුපළ විසින් හසුරුවන ලද මුළු ජාත්යන්තර ගුවන් යානා සංචලන සංඛ්යාව 2019 දී 62,195 සිට 2020 දී 20,881 දක්වා පහත බැස ඇති අතර එය 66% ක පහත වැටීමකි. ඒ අතරම, ජාත්යන්තර මගී සංචලනය 2019 දී මිලියන 9.9 සිට 2020 දී මිලියන 2.3 දක්වා පහත වැටී ඇති අතර එය 76% ක පහත වැටීමකි. කෙසේ වෙතත්, වෙනත් කිසිම රාජ්ය ව්යවසායකට වඩා කොවිඞ්-19 වසංගත කාලසීමාව තුළ පැය 24 පුරාවටම ගුවන්තොටුපළ මෙහෙයුම් කටයුතු පවත්වාගනිමින් ගුවන්තොටුපළ හා ගුවන් සේවා (ශ්රී ලංකා) (පුද්ගලික) සමාගම විසින් උර දී ඇති ජාතික වගකීම ඉස්මතු කර දැක්වීම මෙහිදී ඉතා වැදගත්ය, එහි සේවකයින් ඔවුන්ගේ සහ ඔවුනගේ පවුල්වල ජීවිතවලට මුහුණ දීමට සිදුවූ අභියෝග නොතකා විදෙස්ගතව සිටි ශ්රී ලාංකික සිසුන් මුදාගැනීම සහ ශ්රම බලකායේ නියුක්තවූවන් නැවත තම මවු රටට රැගෙන ඒම, කොවිඞ්-19 එන්නත් තොග මෙරටට රැගෙන ඒම සහ අප රටට හිමිවූ විදේශ ආධාර ගුවන් මගින් රැගෙන ඒම සහ ගුවන් මගින් භාණ්ඩ ප්රවාහනය සඳහා පහසුකම් සැලසීම යන කාරනා තුළින් රටට සිදුකළාවූ මෙහෙය අතිමහත් බව ප්රකාශ කළ යුතු අතර ඒ පසුගිය කාලසීමාව තුල පළවූ පුවත් දෙස ආපසු හැරී බලන කල එය මනාව පසක් වනු ඇත.
එසේම, කොවිඞ්-19 වසංගත හා ආර්ථික අවපාතය හමුවේ වුවද, අප රටට පිවිසීමේ ප්රධානතම ද්වාරය ලෙස බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපළ, 2021 දී රුපියල් මිලියන 3,967 සහ 2022 ජුනි මාසය තෙක් රුපියල් මිලියන 16,715 ක ලාභයක් ද වාර්තා කළේය. තත්වය එසේ වුවත්, සමස්තයක් ලෙස සමාගමේ මෙහෙයුම් අලාභයක් වාර්තා වන්නේ මත්තල රාජපක්ෂ ජාත්යන්තර ගුවන්තොටුපළ ඉදිකිරීම සඳහා ලබාගත් ණය මත විදේශ විනිමය වශයෙන් ණය වාරික ආපසු ගෙවීම හේතුකොටගෙනය. 2019 ට පෙර අප ¥රදර්ශී ලෙස ගොඩනගා ගත් සංචිත සහ මෙකී කාලවකවානුව තුළ උපයාගත් ඉතා අඩු ආදායම් තත්වය යටතේ මෙම අභියෝගාත්මක කාල සීමාවේදී අප සමාගම නිසි පරිදි රජයට කිසිදු බරක් නොවී කළමනාකරණය කර පවත්වාගෙන යාම අඛණ්ඩව සිදු කළ බව මෙහිලා අප අවධාරණය කිරීමට කැමැත්තෙමු. මෙහිදී අවධාරණය කරනු ලබන තවත් එක් සුවිෂේශී කරුණක් වන්නේ, මේ කිසිදු කරුණක් හේතුවෙන් තව දුරටත් කිසිම අයෙකුට ඔවුනගේ රැකියා අහිමි නොකර අප අපගේ මානව සම්පත නිසි පරිදි කළමනාකරණය කරගෙන යාමයි. තවද, රජය සතු කීර්තිමත් ව්යවසායයක් ලෙස අප ශ්රී ලංකා රජයට ලාභාංශ සහ බදු ගෙවමින් අපගේ ජාතික වගකීම මේ තාක් නොපිරිහෙලා ඉටු කර ඇත.
පහත ඉදිරිපත් කර ඇති සංඛ්යා දත්ත අනුව වසර ගණනාවක් පුරා අප අපගේ ගුවන්තොටුපළ ගුවන් යානා සහ මගීන්ගේ චලනයන් වෙනස් වී ඇති ආකාරය පෙන්වනු ලබයි.

ඉහත සංඛ්යාලේඛන මගින් පැහැදිලිව පෙන්නුම් කර ඇති පරිදි, මගී සහ ගුවන් යානා සංචලනය යන අංශ දෙකෙහිම පහත වැටීම 2019 සහ ඉන් පසුව ගෝලීය සහ දේශීය සිදුවීම් සමග සමපාත වේ. ගුවන් සේවා කර්මාන්තය දැඩි ලෙස ලෝක ආර්ථිකයට, සෞඛ්යයට සහ දේශපාලන තත්ත්වයන්ට අනුගතව සමානුරූපීව වෙනස්වන බැවින්, අප සමාගමේ සමස්ත ආදායම සහ ලාභයද අපගේ සෘජු පාලනය තුළ නොමැති බාහිර සාධක මත දැඩි ලෙස රඳා පවතී. අප සමාගම දැනට මුහුණ දී සිටින අයහපත් මූල්ය තත්ත්වය මෙකී අපගේ පාලනයෙන් තොර බාහිර කරුණු නිසා ඇති වූවක් වන අතර, එය වැරදි කළමනාකරණයේ හෝ දුර්වල ව්යවසායකත්වයේ ප්රතිඵලයක් නොවන බව අප තවදුරටත් අවධාරණය කරන්නෙමු.
එමෙන්ම අප සමාගම මේ දක්වා රටේ ආර්ථිකයට හෝ බදු ගෙවන මේ රටේ සාමාන්ය ජනතාවට කිසිඳු ආකාරයකින් බරක් නොවූ බවත්, ක්රමානුකූලව බාහිර පරිසරය යථා තත්ත්වයට පත්වීමත් සමඟ ඉතා ඉක්මනින්ම අපගේ මූල්යමය තත්ත්වය යළි ස්ථාවර භාවයට පත්කරගෙන ශ්රී ලංකාවේ සමාජයීය හා ආර්ථික ප්රගමනය උදෙසා දායක වෙමින් රාජ්ය අංශයේ කීර්තිමත් ආයතනයක් වශයෙන් රටේ ආර්ථිකයේ මාහැඟි කර්තව්යක් ඉටුකරමින් විශිෂ්ටත්වයේ ගමනක අඛන්ඩව නිරතවීමට හැකිවනු ඇතැයි අපි සුබවාදීව අවධාරණය කරන්නෙමු.
ඒ අනුව සංසරණය වන්නාවූ විවිධ පුවත් අනුව සත්ය නොවන කරුණු හේතුවෙන් වැරදි අවබෝධයක් සාමාන්ය ජනතාව තුළ ඇතිකෙරෙන බැවින්, කීර්තිමත් මාධ්ය ආයතනයක් ලෙස ඔබ ආයතනයෙන් ඒ පිළිබදව නිවැරදි අවබෝධයක් ලබා දෙමින් අප රටේ සාමාන්ය ජනතාව දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
September, 2, 2022
කොළඹ කොටස් වෙළෙඳපොළ වර්ධනීය ප්රවණතාව තවදුරටත් සනිටුහන් කරමින් අද (02) දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 61.64 කින් ඉහළ ගොස් ඒකක 9,316.45 ක් ලෙසින් වාර්තා විය. සියලු කොටස් මිල දර්ශකයේ අඛණ්ඩ වර්ධනයක් වාර්තා වූ සිව්වැනි දිනය අදයි. S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 4.29ක සුළු වර්ධනයක් වාර්තා කළ අතර දිනය අවසානයේ දී එය ඒකක 3,009.61 ක් ලෙසින් සටහන්ව තිබුණි.
රු. බිලියන 4.2 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය. එහිදී දක්නට ලැබුණු සුවිශේෂී කරුණ නම් අද දිනයේ දීද ශුද්ධ විදේශීය ගලාඒමක් කොටස් වෙළෙඳපොළෙන් දක්නට ලැබීමයි. එහිදී විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 807.15 ක් ලෙසත් විදේශීය විකිණුම් රු. මිලියන 281.46 ක් ලෙසත් සටහන් වූ අතර දිනය තුළ දේශීය මිල දී ගැනීම් රු. බිලියන 3.45 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 3.92 ක් ලෙසින් වාර්තා විය.
සමස්තයක් ලෙස මෙම සතිය සැලකීමේ දී රු. බිලියන 2.59 ක විදේශීය මිල දී ගැනීම් අගයයක් වාර්තා වී ඇති සතියේ මුළු විදේශීය විකිණුම් ප්රමාණය වාර්තා වන්නේ රු. මිලියන 948.05 ක් ලෙසයි. ඒ අනුව රු. බිලියන 1.64 ක ශුද්ධ විදේශීය ගලාඒමක් මෙම සතිය තුළ වාර්තා වී තිබේ. සතියේ සමස්ත පිරිවැටුමේ වටිනාකම රු. බිලියන 15.61 කි.
September, 2, 2022
ශී්ර ලංකාවේ ප්රමුඛතම අගය එකතු කල පොල් කෙඳි නිෂ්පාදන නිපදවන්නා සහ අපනයනකරුවා වන හේලීස් සමූහයට අනුබද්ධිත Eco Solutions විවිධ වූ පාරිභෝගිකයින්ගේ අවශ්යතා සපුරාලමින් දේශීයව සහ ජාත්යන්තරව නිෂ්පාදන 100කට අධික ප්රමාණයක් නිෂ්පාදනය කර බෙදාහරියි. දැනට පවතින අර්බුදකාරී වාතාවරණය මධ්යයේ වුවද සිය සැපයුුම් දාමය 20% කින් පමණ ඉහළ නංවා ගනිමින් දිවයින පුරා සිටින සැපයුම්කරුවන්ට යහපත් ජීවන පැවැත්මක් සහතික කිරීම වෙනුවෙන් Eco Solutions කැපවී සිටියි.
පොල් ති්රකෝණයෙන් ඔබ්බට ගොස් උතුරු නැගෙනහිර පළාත් දක්වා සිය සැපයුම් දාමය ව්යාප්ත කරමින් එම පළාත් වල ජනතාවට ජීවනෝපායක් මෙන්ම අමතර ආදායමක් සලසා දීමට Eco Solutions හට හැකියාව ලැබුණි. Eco Solutions වෙත ලැබෙන සැපයුම් වලින් 10% ක් ලැබෙන්නේ උතුරු නැගෙනහිර පළාත් හරහා වන අතර ඔවුන් සිය නිෂ්පාදන වෙනුවෙන් පොල් ලෙලි, පොල් කෙඳි සහ කොහු බත් ආදී අමුද්රව්ය සැපයුම්කරුවන් වෙතින් මිලදී ගනු ලබයි.
විශේෂයෙන්ම මෙවැනි අභියෝගාත්මක ආර්ථිකයක් තුළ පවුලකින් එක් අයෙකු පමණක් මුදල් උපයා ප්රමාණවත් නොවන අතර කාන්තාවන් ද ආදායමක් ඉපැයීම වෙනුවෙන් සවිබල ගැන්වීම වඩාත් කාලෝචිත වේ. එහිදී Eco Solutions මනා කාර්යභාරයක් ඉටුකරන අතර කාන්තාවන් වෙනුවෙන් සිය කර්මාන්තශාලාවල සම අවස්ථා පිරිනමන අතර දැනටමත් එම කර්මාන්තශාලාවන්හි සේවයේ නිරත වන සේවකයින් අතරින් බහුතරයක් කාන්තාවන්ය. එමෙන්ම උතුරු නැගෙනහිර පළාත් දක්වා සිය සැපයුම්දාමය ව්යාප්ත කිරීම තුළින් ආදායම් මාර්ගයක් නොමැති ගෘහණියන්ට තම ගෘහ ආර්ථිකයට ශක්තියක් වීමට ද අවස්ථාව උදා විය.
වසර 144 කට පෙර හේලීස් සමූහ ව්යාපාරය පොල් සහ ඒ ආශි්රත නිෂ්පාදන පදනම් කරගෙන සිය ගමන් මඟ ආරම්භ කළ අතර ගාල්ලේ ස්ථාපිත කරන ලද මුල්ම කර්මාන්තශාලාව ඔස්සේ ඉදිරියට යමින් පොල් ති්රකෝණය මෙන්ම උතුරු නැගෙනහිර පළාත් දක්වා ද තම ව්යාපාරය සහ සැපයුම් දාමය ව්යාප්ත කිරීමට Eco Solutions සමත් විය. අද වන විට කර්මාන්තශාලා 10 ක් පමණ Eco Solutions සතුවන අතර එය ඔවුන්ගේ සාර්ථක ගමනට සාක්ෂි සපයයි. එමෙන්ම බුත්තල, මොණරාගල වැනි දුෂ්කර ප්රදේශ වල ජනතාව ද මෙම සැපයුම් දාමයට සම්බන්ධ වෙමින් සිය ආර්ථිකය ශක්තිමත් කර ගන්නා ලදි.
”තේ, පොල්, රබර් යන ප්රධාන ආර්ථික බෝග වලින් එකක් වන පොල් ශාකය හරහා ලබාගන්නා පොල් කෙඳි ආශි්රත නිෂ්පාදන ලෝකයා ඉදිරියට රැගෙන යමින් ශී්ර ලංකා නාමය බැබළ වීමට හැකිවීම ගැන අපි සතුටු වෙනවා. ඒ වගේම වසර 144 කට වැඩි ඉතිහාසය තුළින් ලබාගත් අත් දැකීම ඔස්සේ අඛණ්ඩව ඉදිරියට යන Eco Solutions අප සමඟ සම්බන්ධ වන පුද්ගලයින්ට විවිධ වූ සංවර්ධන සහ පුහුණු වැඩසටහන් පවත්වනවා. එම වැඩසටහන් මඟින් අපගේ ව්යාපාරය හා සම්බන්ධ වෙමින් ඒ හරහා ප්රතිලාභ ලබාගන්නා ආකාරය පිළිබඳව අපි ඔවුන්ව දැනුවත් කරනවා. අත්තෙන්ම මෙවැනි අභියෝගාත්මක ආර්ථිකයක් තුළ අපගේ සැපයුම් දාමය තවදුරටත් ව්යාප්ත කර සාමාන්ය ජනතාවට ජීවනෝපායක් හෝ අමතර ආදායමක් ලබාගැනීමට ඔවුන්ට අත්වැලක් වීමට හැකිවීම අපිට මහත් ගෞරවයක්. ඒ වගේම විදේශ විනිමය අර්බුදයක් පවතින සමයක අපගේ නිෂ්පාදන අපනයනය කිරීම හරහා මෙරටට විදේශ විනිමය රැගෙන ඒමට ලැබීමත් සතුටට කරුණක්.” යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් හේලීස් Eco Solutions කළමනාකාර අධ්යක්ෂ, රජිව් ගුණතිලක මහතා පැවසුවේය.
Eco Solutions සිය නිෂ්පාදන අංශ දෙකක් ඔස්සේ නිෂ්පාදනය කරන අතර එනම් අගය එකතු කළ නිෂ්පාදන සහ සාම්ප්රදායික නිෂ්පාදනයි. අගය එකතු කළ නිෂ්පාදන අතර ලණු, බුරුසු, බුමුතුරුණු ආදිය මෙන්ම හරිතාගාර සඳහා අවශ්ය කොහු බත් ද ප්රධාන වෙයි. විශේෂයෙන් ස්ට්රෝබෙරි, බ්ලූ බෙරි සඳහාම භාවිතා කරන කොහු බත් මෙහිදී නිෂ්පාදනය කරයි. මෙසේ අගය එකතු කල නිෂ්පාදන වෙනුවෙන් ගෝලීය වෙළඳපොල තුළ ඉහළ ඉල්ලූමක් පවතින අතර ඒ හරහා රටට විදේශ විනිමය ගෙන්වා ගත හැකිය. මෙම නිෂ්පාදන B2B (ව්යාපාරයකින් තවත් ව්යාපාරයකට) සහ B2C (ව්යාපාරයකින් පාරිභෝගිකයාට) ආදී ක්රම හරහා වෙළඳපොල අවශ්යතා සපුරාලයි.
ශී්ර ලංකාවේ ප්රධාන අර්ථික බෝගයක් වන පොල් ගසේ ඇති සියලූ ම කොටස්වලින් පාහේ මිනිසාට විවිධාකාර ප්රයෝජනයන් ඇත. මේ හේතුව නිසා ම පොල් ගස කප්රුක යනුවෙන් හැඳින්වේ. සංස්කෘත භාෂාවෙන් කල්ප වෘක්ෂ යනුවෙන් ද පොල් ගස හැඳින්වේ. එහි අර්ථය වන්නේ ‘සිතූ පැතූ සම්පත් ලබා දෙන ගස‘ යන්නයි. ඊට අමතරව මැලේ භාෂාවෙන් එය ‘දහසක් ප්රයෝජන සහිත ගස’ යනුවෙනුත්, පිලිපීන භාෂාවෙන් ‘ජීවිතයේ වෘක්ෂය‘ යනුවෙනුත් හැඳින්වෙයි. මෙම වටිනා ශාකයේ එක් කොටසක් වන පොල් කෙඳි භාවිතයෙන් ජාතික ආර්ථිකය මෙන්ම ගෘහ ආර්ථිකය ද නගාසිටුවීමට දායක වන සහ ශී්ර ලාංකීය නාමය ලෝකයා ඉදිරියට ගෙන යන Eco Solutions පුද්ගලයෙකු ලෙස සහ රටක් ලෙස අප ඇගයීමට ලක් කළ යුතුය.

Eco Solutions කර්මාන්තශාලාවක වැඩ කරන සේවකයින්
ඡායාරූපය - Eco Solutions කළමනාකාර අධ්යක්ෂ, රජිව් ගුණතිලක මහතා
September, 2, 2022
තොරතුරු කළමනාකරණ ක්රියාවලියේ අනුකූලත්වය සහ අඛණ්ඩතාව ශක්තිමත් කිරීමේ අරමුණින්, බලපත්රලාභී බැංකු විසින් සිය තැන්පත්කරුවන්ගේ අනන්ය හඳුනාගැනීමේ අංක (Unique Identification Numbers - UINs) අදාළ බැංකු පද්ධතිවල සටහන් කිරීම අනිවාර්ය කිරීමට ශ්රී ලංකා මහ බැංකුව උපදෙස් නිකුත් කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදාළ මාර්ගෝපදේශ ඇතුළත් නිවේදනයක් පසුගිය (29) දා මහ බැංකුව විසින් සියලු වානිජ බැංකු සහ බලපත්රලාභී විශේෂිත බැංකු වෙත නිකුත් කර ඇත.
2022 ඔක්තෝබර් 01 දින සිට බලපැවැත්වෙන පරිදි සියලු නව තැන්පතුකරුවන්ට අදාළව මෙම මාර්ගෝපදේශ අනුකූල වන අතර දැනට සිටින තැන්පතුකරුවන් 2022 දෙසැම්බර් 31 දින වන විට පද්ධතිය තුළට ඇතුළත් කළ යුතුවේ.
අදාළ සම්පූර්ණ නිර්දේශය පහතින් දැක්වේ.




September, 2, 2022
2022 සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අතුරු අයවැය කතාවට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
අයවැය සංශෝධිත පනත් කෙටුම්පත මගින් 2022 වසර සදහා රුපියල් බිලියන 4,672ක් දක්වා වියදමේ 20%ක වැඩිවීමක් පෙන්නුම් කරන අතර ආදායම් වැඩි කිරීමේ ක්රියාමාර්ගයන් අනුගමනය නොකළහොත් අයවැය හිඟය එමගින් තවත් පුළුල් වෙනු ඇතිබව PublicFinance.lk වෙබ් අඩවිය පෙන්වා දේ.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ 2022 අනුමත අයවැය හිඟය සාක්ෂාත් කරගැනීමට නම්, රාජ්ය ආදායම 2021 වසරට සාපේක්ෂව 107%කින් වර්ධනය විය යුතු බවයි.
.



Video Story