December, 8, 2022
ශ්රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල ඉහළ යාමක් පසුගිය නොවැම්බර් මාසයේ දී වාර්තා වේ.
ඒ අනුව 2022 නොවැම්බර් මාසය අවසානයේ දී නිල සංචිත වත්කම් වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,804 ක් ලෙසින් සටහන්ව ඇත. මෙය 2022 ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ තිබුණු ඩොලර් මිලියන 1,705 ක් වූ නිල සංචිත වත්කම් වටිනාකමට සාපේක්ෂව 5.8% ක වර්ධනයක් වේ.
මේ අතර නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය 2022 ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ ඩොලර් මිලියන 1,610 සිට ඩොලර් මිලියන 1,732 ක් දක්වා 7.6%කින් වැඩි වී ඇත.
මේ අතර රන් සංචිතය ද 2022 නොවැම්බර් මාසය තුළ දී ඩොලර් මිලියන 25 සිට ඩොලර් මිලියන 27 ක් දක්වා 8.3% කින් ඉහළ ගොස් තිබේ.
November, 16, 2022
ශ්රී ලංකා මහ බැංකුවේ රාජ්ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (16) දිනයේ දී රු. මිලියන 80,000 ක වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබේ.
ඒ අනුව මෙම වෙන්දේසිය සඳහා දින 91, දින 182 හා දින 364 යන පරිණත කාල තුන යටතේ පිලිවෙලින් රු. මිලියන 30,000ක්, රු. මිලියන 25,000ක් සහ රු. මිලියන 25,000ක් බැගින් භාණ්ඩාගාර බිල්පත් ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ සඳහා රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවනු ලබන බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටී.

November, 9, 2022
සමස්ත ආර්ථිකය ආවරණය කෙරෙන පරිදි කාර්යක්ෂම වූ ප්රතිසංස්කරණ දිගු කාලීන වශයෙන් ක්රියාත්මක කිරීම සඳහා ප්රතිපත්ති සම්පාදකයින්ගේ පැවති දුර්වල කැපවීමෙහි අවසාන ප්රතිඵලයක් ලෙස ඇති වූ ගැඹුරින් මුල් බැසගත් ව්යූහාත්මක දුර්වලතා පදනම් කර ගෙන ශ්රී ලංකාවේ ආර්ථික ගැටලු උද්ගත වූ බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
“මෑත කාලීන ආර්ථික ප්රවණතා - 2022 සුවිශේෂී සිදුවීම් සහ 2023 අපේක්ෂා“ ප්රකාශනය නිකුත් කරමින් ශ්රී ලංකා මහ බැංකුව මේ බව සඳහන් කරන අතර එම වාර්තාවෙහි වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.
ජාත්යන්තර මූල්ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් වැඩසටහන මගින් ඉතා අත්යාවශ්ය වන සහ දිගු කාලයක් මුළුල්ලේ නොසලකා හරින ලද ව්යූහාත්මක වෙනස්කම් කාලෝචිත හා වඩාත් විධිමත්ව සිදුකිරීමට අවස්ථාවක් ලබා දෙනු ඇති අතර, එය වඩාත් ස්ථාවර සහ තිරසාර වර්ධන මාවතක් කරා ආර්ථිකය යොමු කිරීම කෙරෙහි උපකාරී වනු ඇත. කෙසේවෙතත්, ශ්රී ලංකා ආර්ථිකය මුහුණ දෙමින් සිටින පෙර නොවූ අන්දමේ ආර්ථික අර්බුදය සහ වර්ධනය වන විවිධ තත්ත්වයන් හමුවේ කඩිනම් ප්රතිපත්තිමය ක්රියාමාර්ග අවහ්ය වන විවිධ අංශවල ඇතිවිය හැකි අවිනිශ්චිත හේතුවෙන්, කෙටි කාලීනව ආර්ථිකය අපේක්ෂිත යථා තත්ත්වයට පත්වීම කෙරෙහි අභියෝග රැසකට මුහුණ දෙනු ඇත.
November, 9, 2022
ජාත්යන්තර මූල්ය අරමුදලෙහි විස්තීරණ ණය පහසුකම් වැඩසටහන සහ ණය ප්රතිව්යූහගත කිරීමේ සාකච්ඡාවලට අදාළව මේ දක්වා ලබා ඇති ප්රගතිය මෙන්ම දැනටමත් ක්රියාත්මක කර ඇති සහ ඉදිරියේ දී ක්රියාත්මක කිරීමට නියමිත ප්රතිසංස්කරණ පිළිබඳ සලකා බැලීමේ දී, 2023 වසරේ අග භාගයේ සිට ආර්ථිකය යථා තත්ත්වයට පත් වීමේ මාවතකට අවතීර්ණ වනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
“මෑත කාලීන ආර්ථික ප්රවණතා - 2022 සුවිශේෂී සිදුවීම් සහ 2023 අපේක්ෂා“ ප්රකාශනය නිකුත් කරමින් ශ්රී ලංකා මහ බැංකුව මේ බව සඳහන් කරයි.
මෙහිදී ශ්රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් මෙසේ කියා සිටී.
කෙසේවෙතත් කාලෝචිත ලෙස, ආර්ථිකයෙහි සියලු අංශ ආවරණය කෙරෙන පරිදි කාර්යක්ෂම ලෙස මෙම ප්රතිපත්ති ක්රියාත්මක කිරීම සඳහා ප්රතිපත්ති සම්පාදකයින් තුළ පවතින අප්රතිහත කැපවීම මත මෙම වැඩසටහනෙහි සාර්ථකත්වය පදනම් වන අතර, ඒ සඳහා දරන ප්රයත්න දේශපාලන සහ මැතිවරණ ක්රියාවලීන්ට අදාළ වෙනස්කම්වල බලපෑම්වලින් තොරව සිදුවීම සහතික කළ යුතුය. ඉදිරි තීරණාත්මක කාලපරිච්ඡේදය තුළ දී මෙලෙස ජාතික ප්රතිපත්තීන් නොවෙනස්ව පවත්වා ගැනීම, බාහිර කම්පනවලට ඔරොත්තු දීම සඳහා ආර්ථිකයට ඇති හැකියාව ශක්තිමත් කිරීමට සහ එමඟින් මැදි කාලීනව ආර්ථිකයේ අඛණ්ඩ ප්රගතියක් අත්කර ගැනීමට අත්යාවශ්ය වේ.
November, 8, 2022
ශ්රී ලංකා මහ බැංකුවේ රාජ්ය ණය දෙපාර්තමේන්තුව විසින් හෙට (09) දිනයේ දී රු. මිලියන 85,000 ක වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබේ.
ඒ අනුව මෙම වෙන්දේසිය සඳහා දින 91, දින 182 හා දින 364 යන පරිණත කාල තුන යටතේ පිලිවෙලින් රු. මිලියන 35,000ක්, රු. මිලියන 30,000ක් සහ රු. මිලියන 20,000ක් බැගින් භාණ්ඩාගාර බිල්පත් ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ සඳහා රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවනු ලබන බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටී.

November, 2, 2022
ශ්රී ලංකා මහ බැංකුවේ රාජ්ය ණය දෙපාර්තමේන්තුව විසින් රු. මිලියන 90,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද (02) දිනයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙම වෙන්දේසිය සඳහා දින 91, දින 182 හා දින 364 යන පරිණත කාල තුන යටතේ පිලිවෙලින් රු. මිලියන 35,000ක්, රු. මිලියන 30,000ක් සහ රු. මිලියන 25,000ක් බැගින් භාණ්ඩාගාර බිල්පත් ඉදිරිපත් කිරීමට නියමිතය.
රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවනු ලැබෙන අතර ශ්රී ලංකා මහ බැංකුව විසින් සපයනු ලැබ ඇති විද්යුත් ලංසු ඉදිරිපත් කිරීමේ පහසුකම මගින් පමණක් ලංසු ඉදිරිපත් කළ යුතු වේ.

October, 25, 2022
ශ්රී ලංකා මහ බැංකුවේ රාජ්ය ණය දෙපාර්තමේන්තුව විසින් හෙට (26) දිනයේ දී භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබේ.
රු. මිලියන 80,000 ක වටිනාකමකින් යුතු බිල්පත් ප්රමාණයක් මෙම වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ සඳහා රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවනු ලබන බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටී.

October, 18, 2022
ශ්රී ලංකා මහ බැංකුවේ රාජ්ය ණය දෙපාර්තමේන්තුව විසින් හෙට (19) දිනයේ දී රු. මිලියන 75,000 ක වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබේ.
දින 91, දින 182 හා දින 364 යන පරිණත කාල තුන යටතේ පිලිවෙලින් රු. මිලියන 30,000ක්, රු. මිලියන 25,000ක් සහ රු. මිලියන 20,000ක් බැගින් භාණ්ඩාගාර බිල්පත් මෙම වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.
රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවනු ලැබෙන අතර ශ්රී ලංකා මහ බැංකුව විසින් සපයනු ලැබ ඇති විද්යුත් ලංසු ඉදිරිපත් කිරීමේ පහසුකම මගින් පමණක් ලංසු ඉදිරිපත් කළ යුතු වේ.

October, 12, 2022
ශ්රී ලංකා මහ බැංකුවේ රාජ්ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (12) දිනයේ දී භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබේ.
රු. මිලියන 90,000 ක වටිනාකමකින් යුතු බිල්පත් ප්රමාණයක් මෙම වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ සඳහා රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවනු ලබන බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටී.

October, 6, 2022
මේ වන විට පවතින ඉහළ පොලී අනුපාතික නිසා සිය ව්යාපාර පවත්වාගෙන යා නොහැකි බවට කර්මාන්තකරුවන් කරුණු දැක්වුව ද සැබෑ ලෙසම ඊට හේතු වී ඇත්තේ ඉහළ උද්ධමනයක් පැවතීම බවත්, ව්යාපාර ස්ථාවරව පවත්වාගෙන යාමට නම් උද්ධමනය පාලනය කළ යුතු බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
අද (06) පැවති මාධ්ය හමුවක දී අධිපතිවරයා මේ බව පැවසීය.
සුළු හා මධ්ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් යම් යම් කරුණු දක්වලා තියෙනවා මේ පොලී අනුපාතය නිසා කරගෙන යන්න බැහැ කියලා. ඒක නිසා තමයි අපි කිව්වේ, විශේෂයෙන් සුළු හා මධ්ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ පිරිවැය බැලුවාම, ඒ ගොල්ලන්ගේ ණය ගෙවීමේ පිරිවැය 4%-5% ක් පමණ. වැඩිම වුණොත් 7%ක් 8%ක්. 95%ක්ම තියෙන්නේ අනෙකුත් අමුද්රව්යවලට, ප්රවාහන, වැටුප් ගෙවීම් යනාදියේ වැඩිවීම්. ඒ වැඩිවෙන්නේ උද්ධමනය නිසා.
සුළු හා මධ්යම පරිමාණ කර්මාන්තකරුවන් හිතාගෙන සිටිනවා නම්, පොලී වියදම දැන් තියෙන එකෙන් භාගයක් කළා කියලා, පොලිය නිසා වුණු වියදම ඉතුරු කර ගන්න පුළුවන්. අනෙක් 95% යන වියදම දෙගුණ වෙනවා. අපි අඩු කළොත් පොලී අනුපාතය උද්ධමනය 100% ක් වෙයි. එතකොට පඩි වැඩිකරන්න වෙනවා ඒ ප්රමාණයෙන්, අමුද්රව්ය වියදම වැඩිවෙනවා, විනිමය අවප්රමාණය කරන්න වෙයි. අනෙකුත් 95%ක් වියදම් දෙගුණයක් වෙන්න පුළුවන්, උද්ධමනය පාලනය කළේ නැත්නම්.
උද්ධමනය පාලනය කිරීමෙන් අපි ඒගොල්ලන්ට කරන්නේ ලොකු උදව්වක්. පොලී අනුපාතය ඉහළ තබා ගැනීම තුළින්, උද්ධමනය පාලනය කිරීම තුළින් තමයි ඒ අයගේ 90% ක් පමණ අනෙක් වියදම් පාලනය කර ගන්න පුළුවන් වෙන්නේ.
ඒක නිසා තමයි වැදගත් දේ, පළවෙනි කාරණය සියලුම කර්මාන්තවලට, සියලුම සේවාවලට, සියලුම ව්යාපාරවලට, උද්ධමනය පාලනය කර ගැනීම. ඒක කරගන්න බැරිවුණු නිසා තමයි පහුගිය කාලේ, පොලී අනුපාතය ඕනෑවට වඩා අඩුවෙන් තියාගෙන හිටියානේ කාලයක්, මුදලුත් අච්චු ගැහුවානේ ඇතිවෙන්න පහුගිය කාලේ, ඒකේ ප්රතිඵල තමයි මේ තියෙන්නේ. ආයෙත් අඩුවෙන් තියාගන්න ඕනේ නම් ඒ ප්රතිඵලයම තමයි ලැබෙන්න පුළුවන්. ඒක තමයි තේරුම් ගන්න තියෙන්නේ පොලී අනුපාතය ඉහළ තබා ගන්නේ ඒ හැමෝගේම ව්යාපාර යම්කිසි ආකාරයක ස්ථාවරව පවත්වා ගෙන යාමට හැකියාව ලැබෙන්නේ උද්ධමනය පාලනය කළොත් පමණයි.
Video Story