• Ada Derana BIZ Sinhala
  • Harsha de Silva
  • Parliament
  • sri lanka

දැඩි කොන්දේසි මත කැසිනෝ නියාමන පනතට මුදල් කාරක සභාවේ අනුමැතිය

December, 8, 2022

කැසිනෝ ව්‍යාපාර නියාමන පනත සඳහා දැඩි කොන්දේසි සහිතව රාජ්‍ය මුදල් කාරක සභාවේ අනුමැතිය ලබා දී තිබේ.

එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (08) දින පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.

"රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කරන ලද 2010 අංක 17 දරණ කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත යටතේ නියමය සහ 2010 අංක 17 දරණ කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත යටතේ නියෝග. අපි මෙය දැඩි කොන්දේසි මත සම්මත කරා. ඒ කොන්දේසි දෙකක් තමයි කලින් කිව්වා නියාමන ආයතනයක් නැතුව මේ කැසිනෝ වලට ලයිසන් දෙන්න තමයි මේක ගෙනාවේ. අපි ඒකට දැඩිවම විරුද්ධ වුනා. ඊට පස්සේ අපි කිව්වා අපි මේක දෙන්නම් නියාමන අධිකාරියක් කවද ද පිහිටුවන්නේ, කවුද ඒකට වග කියන්නේ, මොනව ද තියන වගකීම් කියලා අපිව දැනුවත් කරලා එන්න කියලා. ඊට පස්සේ ඔවුන් කිව්වා 24 අවසන් වෙනකන් ඔවුන්ට අවශ්‍යයි කියලා. ඒක අපි ප්‍රතික්ෂේප කළා. ප්‍රතික්ෂේප කරලා අපේ කාරක සභාව 2023 සැප්තැම්බර් මාසේ 30 වෙනිදා වෙනකොට මේ රටේ කැසිනෝ නියාමනය කිරීම සඳහා කැසිනෝ නියාමන ආයතනයක් නිර්මාණය කරනවා කියලා ඒ දීපූ පොරොන්දුව මත රජයේ අවශ්‍යතාවය සඳහා අපි මේ අනුමැතිය දීලා තියනවා. හැබැයි ගරු කතානායකතුමනි මම ඒක සභාගත කරනවා. හැන්සාඩ්ගත කරන්න කියලා. ඒකේ අත්සන් කරලා අපි අරන් තියනවා. අපි දිගින් දිගටම හැම මාසේම මොවුන්ව නිරීක්ෂණය කරලා බලනවා. මේ කට්ටිය මේක කරනව ද කියලා. ගරු කතානායකතුමනි මේ කට්ටිය මේ පොරොන්දුව මේ ආකාරයෙන්ම ඉෂ්ඨ වෙන්න ඕන කියන එක මම ඔබතුමාට ඉතාම වගකීමෙන් කියනවා. මොක ද, ව්‍යවස්ථාවේ 148 යටතේ අපිට පාර්ලිමේන්තුවට තමයි මේ බලය තියෙන්නේ. ඒ බලය යටතේ අපි ඔවුන්ගෙන් අත්සන් ඇතිව ලේඛනයක් අරගෙන තියනවා. ඒක ක්‍රියාත්මක විය යුතුමයි ගරු කතානායකතුමනි."

 

 

 

 

  • Ada Derana BIZ Sinhala
  • Arundika
  • Parliament
  • sri lanka
  • X-press pearl

ඩොලර් බිලියන 2-3ක් ගන්න පුළුවන් ක්‍රමයක් අරුන්දික කියයි

November, 30, 2022

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා ශ්‍රී ලංකා මුහුදු තීරයට සිදු වූ පරිසර හානිය වෙනුවෙන් වන්දි අය කර ගැනීම සඳහා කඩිනමින් නඩු පැවරිය යුතු බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ IMF සමග සාකච්ඡා කරමින් ණය ලබා ගැනීමට වෙහෙස වන කාලය තුළ මේ අවස්ථාවේ මෙරට ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය අවශ්‍යතා මෙම වන්දි මුදල මගින් සපුරා ගත හැකි බවයි.

මන්ත්‍රීවරයා අද (30) පාර්ලිමේන්තුව අමතමින් මේ බව පවසා සිටියේය.

"අපි ගිහිල්ලා ඩොලර් බිලියන 1ක් 2ක් ඉල්ල ගන්න අපි මේ සාකච්ඡා කරනවා, IMF එකත් එක්ක. හැබැයි මේ ඩොලර් බිලියන, මේකේ මුල් අවස්ථාවෙදි ඩොලර් බිලියන 7ක විතර වන්දියක් මුල කතා වුනේ. දැන් මේක 3ට බැහැලා තියනවා. මේක ඩොලර් බිලියන 2ක් 3ක් ගන්න පුළුවන්. මේක හරියට, මම මුල ඉඳලම දරන ස්ථාවරය තමයි කතානායකතුමනි මෙකේ නඩුව දාන්න ඕන."

  • Ada Derana BIZ Sinhala
  • IMF
  • Parliament
  • Ranil Wikramasinghe
  • sri lanka

චීන, ඉන්දියා ණය ප්‍රතිව්‍යූහගතකරණ සාකච්ඡා දෙසැම්බරයේ දී අවසන් කිරීමට සැලසුමක් – ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි

November, 10, 2022

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව වෙත සහයෝගය ලබා දීමට සූදානම් බවත් ඒ සම්බන්ධයෙන් කිසිදු සැකයක් තබා ගත යුතු නොවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිහ මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ අද (10) පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ දී සභාව අමතමිනි.

ඉන්දියාව සහ චීනය සමඟ ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් වන සාකච්ඡා මේ වන විටත් ආරම්භ කර ඇති අතර එම සාකච්ඡා දෙසැම්බර් මාසය වන විට අවසන් කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසා සිටියේය.

"මට අවස්ථාව හම්බුනා විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකාව හම්බවෙන්න. එතුමිය එක්ක සාකච්ඡා කරා මේ සම්බන්ධයෙන්. අපිට සහයෝගය දෙනවා කිව්වා. ඉතින් කිසිම සැකයක් තියන්න එපා. අපිට දැන් තියෙන්නේ ඉන්දියාවයි චීනයයි එක්ක සාකච්ඡා කරලා අවසන් කරන්න. චීනය අපිට කිව්වේ පක්ෂ සම්මේලනයෙන් පස්සේ ආරම්භ කරන්න කියලා. ඒක ආරම්භ කරලා තියනවා. ඉතින් අපි ඒ ගැන බලලා අපි ක්‍රියාත්මක කරමු. රටවල් දෙකෙන්ම ඉල්ලන්නේ අපිට දෙසැම්බර් මාසය වෙනකොට අපි බලමු මේක අවසන් කරන්න කියලා. ලෝක බැංකුවේ සභාපතිතුමත් හමුවුණා. මම මේ ගැන දීර්ඝ වශයෙන් කතාකරන්න යන්නේ නැහැ."

  • Ada Derana BIZ Sinhala
  • Parliament
  • sri lanka

පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රියාපටිපාටි පිළිබඳ කෙටි පාඨමාලාවක්

September, 27, 2022

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ කොළඹ විශ්වවිද්‍යාලය හා ඒකාබද්ධව ඉතිහාසයේ ප්‍රථම වරට පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රියාපටිපාටි පිළිබඳ කෙටි පාඨමාලාවක් ආරම්භ කොට තිබේ.

පසුගිය 16 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයේදී පාඨමාලාවේ සමාරම්භක අවස්ථාව පැවති අතර එහිදී සමාරම්භක මුඛ්‍ය දේශනය පවත්වන ලද්දේ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා විසිනි.

කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශයේ අවසන් වසර විද්‍යාර්ථීන්ගේ අධ්‍යයනය සඳහා ආරම්භ කරන ලද මෙම පාඨමාලාව සඳහා සම්පත් දායකත්වය සපයනු ලබන්නේ පාර්ලිමේන්තු මහලේකම්තුමා සහ පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසිනි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විශ්වවිද්‍යාලයක් හා එක්ව මෙවැනි ශාස්ත්‍රීය පාඨමාලාවක් ආරම්භ කරන ප්‍රථම අවස්ථාව මෙයයි.

මෙම පාඨමාලාව මඟින් ප්‍රජාතන්ත්‍රවාදය හා පාර්ලිමේන්තු ක්‍රමවේදය, පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය, පාර්ලිමේන්තු ක්‍රමයේ විකාශය, පාර්ලිමේන්තු කාරක සභා ක්‍රමය, පාර්ලිමේන්තුව හා මහජනතාව, මන්ත්‍රිවරයන් සඳහා වන චර්යාධර්ම, ස්ථාවර නියෝග,  මහජන සේවා ක්‍රියාවලිය සඳහා සහසම්බන්ධ වීම, කාන්තා නියෝජනය, වැනි විෂය ක්ෂේත්‍රයන් පිළිබඳව විද්‍යාර්ථින්ට අවබෝධය ලබා දීමට නියමිය. පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රියාපටිපාටි පිළිබඳ කෙටි පාඨමාලාව සඳහා දේශනමාලා හතරක් ද පාර්ලිමේන්තු අධ්‍යයන චාරිකාවක් ද ඇතුළත් වේ.

පාඨමාලාවෙහි සමාරම්භක අවස්ථාව සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න, කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලසන්ත මානවඩු, දේශපාලන සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශයේ අංශාධිපති, ආචාර්ය ප්‍රදීප් පීරිස්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක යන මහත්වරු සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර, සහකාර මහලේකම් ටිකිරි කේ. ජයතිලක සහ අධ්‍යක්ෂ ව්‍යවස්ථාදායක සේවා සහ වැඩබලන අධ්‍යක්ෂ සන්නිවේදන එච්.ඊ. ජනකාන්ත සිල්වා යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

මෙම පාඨමාලාව සඳහා කොළඹ විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සම්බන්ධීකරණය කරනු ලබන්නේ පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසිනි.

  • Ada Derana BIZ Sinhala
  • IMF agreement
  • Parliament
  • sri lanka

IMF ගිවිසුම ගැන පාර්ලිමේන්තුව දැනුවත් කෙරෙන්නේ මෙහෙමයි

September, 23, 2022

IMF විධායක කමිටුවේ අනුමතිය ලැබුණු පසු ඒ පිළිබඳ අවශ්‍ය පාර්ශ්ව දැනුවත් කිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා දැනුම් දුන්නා - කථානායකවරයා පාර්ලිමේන්තුවට නිවේදනය කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග ඇතිකරගැනීමට නියමිත එකඟතාවය සම්බන්ධයෙන් එම මණ්ඩලයේ විධායක කමිටුවේ අනුමතිය තවමත් ලැබී නොමැති බවත් එම අනුමතිය ලැබුණු පසු අවශ්‍ය පාර්ශ්ව දැනුවත් කිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා තමාට දැනුම් දුන් බවත් කථානායකවරයා ඊයේ (22) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

IMF එකඟතා පිළිබඳ ඊයේ පාර්ලිමේන්තුවේ මතු කළ කරුණ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කථානායකවරයා මේ බව පාර්ලිමේන්තුවට පවසා සිටියේය.

මේ සම්බන්ධයෙන් තවමත් කැබිනට් මණ්ඩලය දැනුවත් කොට නොමැති බවත් මේ පිළිබඳ සියලු තොරතුරු ලැබුණු පසු ඉක්මනින් කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා තමාට පැවසූ බව කථානායකවරයා මෙහිදී සඳහන් කළේය. එසේම මේ සම්බන්ධයෙන් විපක්ෂය ඇතුළු අවශ්‍ය සියලු පාර්ශ්ව දැනුවත් කිරීමට ක්‍රමවේදයක් සකස් කරන බව ජනාධිපතිවරයා තමාට දැනුම්දුන් බවත් කථානායකවරයා නිවේදනය කළේය.

  • Ada Derana BIZ Sinhala
  • Parliament
  • Sanitary napkins
  • sri lanka
  • tax

සනීපාරක්ෂක තුවා සුඛෝපභෝගී භාණ්ඩ කාණ්ඩයට. බද්ද 45% ක්. මිල වැඩිවෙන්න හේතුව ගැන පාර්ලිමේන්තුවේ දී කතාබහක්

September, 20, 2022

සනීපාරක්ෂක තුවා සුඛෝපභෝගී භාණ්ඩ ගණයෙහි ලා සැලකෙන බැවින් ඊට 42% ක බදු අයකිරීමක් සිදුකෙරන බවත්, ඊට වැට් බද්ද ද එකතු කළ විට එය 45% ක් පමණ වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය පවසයි.

අද (20) දින පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරිය මේ බව අනාවරණය කළ අතර මේ හේතුවෙන් සනීපාරක්ෂක තුවාවල මිල අධික ලෙස ඉහළ යාම නිසා පාසල් ළමුන්ට බලපෑමක් මෙන්ම කාන්තාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අනතුරුදායක තත්ත්වයක් මතුව ඇති බව ද අවධාරණය කළාය.

සැනිටරි නැප්කින්ස්වලට 42% ක් පහුගිය කාලේ ටැක්ස් එකක් වැදුනා.  සියලු ටැක්ස් එකතු වුණාම 42% ක් විතර. වැට් එක තව ටිකක් වැඩි කළාම 15% වුණාම, 42 ට තව 3 ක් එකතු වෙලා 45 ක් විතර වෙනවා.

පාසැල්වල ළමයින්ට ලොකු බලපෑමක් වෙනවා වගේම කාන්තාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අනතුරක් ඒක ඇතුලේ තියෙනවා.

මේ ටැක්ස් අඩු කර ගන්න හැකියාවක් තියෙනවා නම්, මේක සුඛෝපභෝගී භාණ්ඩයක් ගණයට තමයි වැටිලා තියෙන්නේ. ඒ නිසා මම ඔබතුමාට යෝජනා කරනවා සුඛෝපභෝගී භාණ්ඩ ගණයෙන් මේක අයින් කරලා මේකේ ටැක්ස් අයින් කරලා දෙන්න.

එහෙම කළොත් ඇත්තටම අපේ රටේ නිෂ්පාදනය කරන වර්ග දෙකක් විතර තියෙනවා. අනිත් ඒවා පිටරටින් ගේන්නේ. පිටරටින් ගේන ඒවා ඉතාමත්ම ගණන්.

මම යෝජනා කරනවා ඒ ටැක්ස් සම්බන්ධයෙන් යම්කිසි තීන්දුවක් ගන්න පුළුවන් නම් හොඳයි කියලා.

මීට ප්‍රතිචාර දක්වමින් වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසුවේ මෙම කර්මාන්තයේ නිරත දේශීය සමාගම් නියෝජිතයින් සමඟ අද (20) දිනයේ දී සාකච්ඡාවක් පවත්වන බවයි.

මේ ප්‍රශ්නේ සම්බන්ධව මාව දැනුවත් කළා ගිය සිකුරාදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇමතිතුමත්, රාජ්‍ය ඇමතිතුමියත්. ඒ නිසා අද හවස මම දේශීය නිෂ්පාදන සමාගම් සහ ආනයන කරන ඒ සියලු දෙනා ගෙන්නලා කතා කරනවා.

එතන දී ගැටළුවක් තිබ්බොත් ඒක විසඳන්න, ඒ වගේම ආනයනය කරන නැප්තින් සඳහා අය කරන බදු ප්‍රමාණය, ඒ තියෙන ගැටළුවක් තිබ්බොත් අපි මුදල් අමාත්‍යාංශයත් එක්ක කතා කරලා ඒ සඳහා විසඳුමක් ලබා දෙන්නම්. මම හිතන්නේ මේ සතියේ දී විසඳුමක් ලබා දෙන්න පුළුවන්.

 

  • Ada Derana BIZ Sinhala
  • Parliament
  • Solar panels
  • sri lanka

ආගමික ස්ථානවලට සූර්ය පැනල

September, 20, 2022

ආගමික ස්ථානවල විදුලි බිල කළමනාකරණය කිරීම සඳහා සූර්ය පැනල සවි කිරීමට කටයුතු කරන ලෙස තමන් රාජ්‍ය අමාත්‍යවරයාට දැනුම් දුන් බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අද (20) පාර්ලිමේන්තුවේ දී වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

තව ද අමාත්‍යවරයා පවසා සිටියේ රාජ්‍ය ආයතන විශාල සංඛ්‍යාවක සූර්ය පැනල සවිකිරීම ආරම්භ කර තිබෙන බවත්, පාර්ලිමේන්තුවට ද සූර්ය පැනල සවි කළ හැකි අතර ඒ සඳහා තාක්ෂණික සහාය ලබාදිය හැකි බවත් ය.

මේ අතර අඩු ආදායම්ලාභී පවුල් ජීවත්වන නිවාස වහලය මත සූර්ය පැනල සවි කිරීමේ වැඩපිළිවෙලක් මේ වනවිට නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සමඟ එක්ව ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා පවසා සිටියේය.

''ආගමික සිද්ධස්ථාන හැටියට, විදුලි සබඳතා 48682ක් සම්බන්ධතා තිබෙනවා.ඒකක 30ක් දක්වා විදුලිය භාවිතා කරන්නේ 15195ක්. මේ සංශෝධනයෙන් පසු ගෙවන්නේ මාසයකට රුපියල් 330ක්. ආගමික සිද්ධස්ථාන 11151ක් ගෙවන්නේ 1260යි මේ සංශෝධනයෙන් පසුව. ආගමික ස්ථාන 3852ක් රුපියල් 1860ක් ගෙවනවා. ඒකක 121-180 අතර 5897ක් ආගමික ස්ථාන රුපියල් 3990ක් ගෙවනවා. මිල වැඩි වූ ප්‍රමාණය 12000ක් විතර සිටින නිසා යෝජනා කරන්නේ, විකල්ප නැති නිසා පුනර්ජනනීය බලශක්තිවලට යන්න වෙනවා, සූර්ය පැනල වහල මත සවි කිරීම. සූර්ය පැනල ක්‍රමයට යා යුතුයි. විදුලි බලය අඩුවෙන් යන විදියට සැලසුම් කළ යුතුයි.ලෝක බැංකුව ,ආසියානු සංවර්ධන බැංකුව, තානාපති කාර්යාල සමඟ සාකච්ඡා කරනවා උදව් ලබාගැනීමට.''

  • Ada Derana BIZ Sinhala
  • budget office
  • Parliament
  • sri lanka

මූල්‍ය කටයුතු අධීක්ෂණය සඳහා නව අයවැය කාර්යාලයක් පාර්ලිමේන්තුවට

September, 19, 2022

ආදායම වියදම ඇතුළු රාජ්‍ය මූල්‍ය පාලනයට අදාළ නිවැරදී තොරතුරු ඍජු ලෙස ලබා ගනිමින් එම මූල්‍ය කටයුතු අධීක්ෂණය සදහා වෙනම අයවැය කාර්යාලයක් පාර්ලිමේන්තුව තුළ පිහිටුවීමට ඉදිරියේදී පියවර ගන්නා බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පසුගිය (15) දා පැවසීය.

සැප්තැම්බර් 15 වැනිදාට යෙදුණු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද ජාත්‍යන්තර දිනයට සමගාමීව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයේ (National Democratic Institute / NDI) අනුග්‍රහය මත සංවිධානය කළ විශේෂ මහජන සේවා වැඩසටහනකදී ඒ මහතා මේ බව පවසා සිටියේය.

  • Ada Derana BIZ Sinhala
  • Parliament
  • Sajith
  • sri lanka

පාර්ලිමේන්තුවේ මුදල් බලතල උල්ලංගනය කරන්න එපා. විපක්ෂ නායක කථානායකගෙන් ඉල්ලයි

September, 8, 2022

අද (08) පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක් වෙමින් විපක්ෂ නායක වරයා මෙසේ ප්‍රකාශ කළේය.

"ගරු ජනාධිපතිතුමා එවකට විපක්ෂයේ මන්ත්‍රී වරයෙක් හැටියට, එතුමාගේ යෝජනාවක් හැටියට තමයි Article 4 ඒ වාර්තාව මේ අපි දැනගන්නට මේ සභාවට ඉදිරිපත් කළේ. එතුමා තමයි අවස්තා ගණනාවකදිම මට මතකයි එතුමයි, බැසිල් රාජපක්ෂ එවකට මුදල් ඇමතිතුමයි අතර එවකට ජනාධිපතිවරයා ඉන්න අවස්ථාවක ලොකු විවාදයකුත් ආති වුණා. ඊට පසුවත් මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා වර්තමාන ජනාධිපතිතුමාම ලොකු බලකිරීමක් කළා. එතකොට එතුමා පූර්වාදර්ශයක් ලබා දීලා තියනවා. There is a precedentm. ඒ පූර්වාදර්ශය තමයි කරුණාකරලා පාර්ලිමේන්තුව සතුව තියන මූල්‍ය බලතල උල්ලංගනය කරන්නේ නැතුව මූල්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ මේ සියළුම ගිවිසුම හෙලිදරව් කරන්න. Table කරන්න. ඉතින් මම බොහොම තර්කානුකූලව ගරු සභානායකතුමාට මේක ඉදිරිපත් කළා. දැන් ජනාධිපතිතුමා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට යෝජනා කරනවා මේක Tabel කරන්න කියලා. Article 4 report එක. එය එසේම ඉදිරියට යනවා මිස එතුමා ජනාධිපතිවරයා වුනා කියලා ඒක වෙනස් වෙන්න බැහැනේ. ඉතින් ඒකට ජනාධිපතිතුමත් විරුද්ධ නැහැ . එතුමත් එකඟයි. මම හිතන්නේ ඔබතුමා නරකයි මෙතනට ඇවිත් කියන්න සම්ප්‍රදායකත් නැහැ, අරකක් නැහැ, මේකක් නැහැ කියලා.

මම ඔබතුමාට මතක් කරන්න කැමති මේක සාමාන්‍ය තත්ත්වයක්. ඒක සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයිනේ. අසාමාන්‍ය තත්ත්වයක්. අසාමාන්‍ය තත්ත්වයක් තුළ අසාමාන්‍ය දේවල් ඔබතුමන්ලත් යෝජනා කරනවනෙ. මෙහෙමෙ කරමු අරෙහෙම කරමු කියලා. ඉතින් මම කියන්නේ මේක හරි වැදගත් මෙකේ විනිවිධ භාවයකින් යුක්තව පාරිදෘෂ්‍ය භාවය තහවුරු කරගෙන කරුනාකරලා මේක Table කරන්න. මහ බැංකුවෙන් හෝ මුදල් අමාත්‍යාංශයෙන් ගෙනාපු වාර්තා මෙතන කියවන්නේ නැතුව. දැන් එක්තරා, එක්තරා නෙවෙයි ඉතින් නිවාඩ් කබ්රාල් මැතිතුමා මෙච්චර අපි පුන පුනාම මේ සභාවේ අපි ප්‍රශ්න කළා. ඔබතුමා මූලාසනයේ ඉන්නකොට ඔබ තුමාට මතක ඇති. Fitch Ratings ගැන, Moody's ගැන, Standard and Poor's ගැන, ඔබතුමා පොඩ්ඩක් හැන්සාඩ් එක කියවලා බලන්න. දුන්නේ බහු බූත උත්තරනේ. මහ පොලව පැලෙන බොරුනේ කිව්වේ. එයාගේ මොකක් ද උත්තරේ අතීතය ගැන මහා වට්ටෝරුව කියවගෙන සම්පූර්ණ බොරු තමයි ක්‍රියාත්මක කරේ. දැන ඔබ තුමන්ලට එහෙම හැසිරෙන්න බැහැනේ. එහෙනම් මේක තවත් බන්කොලොත් වෙයි. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ඔබ තුමාගෙන් ගරු සභානායක තුමා මම මේක ඔබ තුමාට මතු කළා මීට දික දෙහෙකට පෙර කරුනාකරලා මෙක Table කරන්න. මේක සභාගත කරන්න."

  • Ada Derana BIZ Sinhala
  • Dhammika
  • Parliament
  • sri lanaka

ධම්මික 21 දා පාර්ලිමේන්තුවට

June, 13, 2022

ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා එළඹෙන ජූනි 21 දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසින් දිවුරුම් දීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තුව මෙම සතියේ දී රැස්වීමක් සිදු නොවන බැවින් මීළඟ පාර්ලිමේන්තු දිනය වන ජූනි 21 දා මෙලෙස ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසින් පත්වීම් ලබනු ඇත.

එළඹෙන සතියේ ජූනි 21, 22, 23 හා 24 යන දිනවල අඛණ්ඩව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

කෙසේවෙතත් ධම්මික පෙරේරා මහතාගේ නම, මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ගැසට් කර ඇති බැවින් ජූනි 21 දිනට පෙර අමාත්‍යවරයෙකු ලෙස ඔහු පත්වීම් ලබනු ඇති බවට ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.

මේ අනුව ඔහු තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසින් දිවුරුම් දීමට නියමිත අතර එම අමාත්‍යාංශයේ කාර්යයන් හා කර්තව්‍යයන්, ඊට අයත් දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා සහ ක්‍රියාත්මක කළ යුතු නීති සහ අණ පනත් පහත පරිදි වනු ඇත.