
කොළඹ කොටස් වෙළෙඳපොළ දැකගත හැකි වූ වාර්තාගත ඉහළ යාම හමුවේ කොටස් වෙළෙඳපොළේ සමස්ත වටිනාකමක කැපීපෙනෙන ලෙස අද (04) දිනය තුළ දී ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වේ.
ඒ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම ඊයේ (03) දිනයේ දී වාර්තා වූ රු. බිලියන 7,244.08 සිට අද දිනයේ දී රු. බිලියන 7,400.36ක් දක්වා වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත. මෙය රු. බිලියන 156.28ක ඉහළ යාමකි.
අද දිනයේ දී රු. බිලියන 3.86ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වූ අතර එය සම්පූර්ණයෙන්ම පාහේ දේශීය ආයෝජකයින්ගේ සක්‍රීය වීමත් සමඟ වාර්තා වූවක් බව කොටස් වෙළෙඳපොළ සංඛ්‍යාලේඛන පෙන්වා දේ.
ඒ අනුව අද දිනය තුළ දේශීය මිල දී ගැනීම් රු. බිලියන 3.84ක් ලෙසත් දේශීය විකිණුම් රු. බිලියන 3.70ක් ලෙසත් වාර්තා වන අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 22ක් තරම් ඉතා පහළ අගයයක් විය. විදේශීය විකිණුම් රු. මිලියන 158ක් ලෙසින් දිනය තුළ වාර්ත වී තිබුණි.















