header logo
Top News
2027 අයවැය සැකෙවින්: රාජ්‍ය ආදායම රු. බිලියන 6,180 යි; වියදම රු. බිලියන 7,673 යි
2027 අයවැය සැකෙවින්: රාජ්‍ය ආදායම රු. බිලියන 6,180 යි; වියදම රු. බිලියන 7,673 යි

2027 මුදල් වර්ෂය සඳහා ඉදිරිපත් කරන ලද අයවැය ඇස්තමේන්තු සාරාංශයට අනුව, රජයේ මුළු ආදායම සහ ප්‍රදාන රුපියල් බිලියන 6,180 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

එයින් මුළු ආදායම රුපියල් බිලියන 6,150 ක් වන අතර, ඊට බදු ආදායම ලෙස රුපියල් බිලියන 5,687 ක් සහ බදු නොවන ආදායම ලෙස රුපියල් බිලියන 463 ක් ඇතුළත් වේ. බදු ආදායම් ව්‍යූහය තුළ ආදායම් බදු මඟින් රුපියල් බිලියන 1,341 ක්ද, භාණ්ඩ හා සේවා මත බදු මඟින් රුපියල් බිලියන 3,592 ක්ද, විදේශ වෙළඳාම මත බදු මඟින් රුපියල් බිලියන 754 ක්ද උපයා ගැනීමට අපේක්ෂිතය.

පරිපූරක ඇස්තමේන්තුව ද ඇතුළත්ව රජයේ මුළු වියදම රුපියල් බිලියන 7,933 ක් වන අතර (පරිපූරක ඇස්තමේන්තුව නොමැතිව රු. බිලියන 7,673 කි), එය දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 20.3% ක මට්ටමකි. මින් වර්තන වියදම් සඳහා රුපියල් බිලියන 5,944 ක් වෙන් කර ඇති අතර, ඊට රාජ්‍ය සේවක වැටුප් හා වේතන සඳහා රුපියල් බිලියන 1,410 ක්, පොළී ගෙවීම් සඳහා රුපියල් බිලියන 2,643 ක් සහ සහනාධාර හා පැවරුම් සඳහා රුපියල් බිලියන 1,482 ක් ඇතුළත් වේ. එමෙන්ම, පරිපූරක ඇස්තමේන්තුව සමඟ රාජ්‍ය ආයෝජන ප්‍රමාණය රුපියල් බිලියන 2,000 (ද.දේ.නි. 5.1%) දක්වා වර්ධනය කර ඇත.

පරිපූරක ඇස්තමේන්තුව සහිත සමස්ත අයවැය හිඟය රුපියල් බිලියන 1,753 ක් (ද.දේ.නි. 4.5%) වන අතර, ප්‍රාථමික අතිරික්තය රුපියල් බිලියන 890 ක් (ද.දේ.නි. 2.3%) ලෙස ඇස්තමේන්තු කර තිබේ. මෙම අයවැය හිඟය පියවා ගැනීම සඳහා මුළු දේශීය මූල්‍යයනය ලෙස රුපියල් බිලියන 1,643 ක් සහ ශුද්ධ විදේශ මූල්‍යයනය ලෙස රුපියල් බිලියන 110 ක් ලබා ගැනීමට නියමිතය.

MostRead
VideoStories
BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%