මෙරට වැඩිහිටි සත්කාරක ක්ෂේත්‍රය නව මඟකට යොමු කරන Grand Leisure Care and Wellness Resort මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේදී විවෘත විය. එය ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රමිතිවලට අනුව ඉදි කර ඇත. උසස් තත්ත්වයේ වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර සපයන එම මධ්‍යස්ථානය වැඩිහිටියන්ගේ යහපැවැත්ම ප්‍රමුඛ කර සළකයි. නිවාඩු නිකේතනයක් ලෙස ඉදි කර ඇති එහි සෑම කාමරයකටම වෙන් වූ නාන කාමරයක්,…
එහි වාර්ෂික අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම ශ්‍රී ලංකාවේදී පැවැත්වීමටත් සැලසුම් සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම පසුගියදා ‘වටිනාකම් පිළිබඳ බැංකුකරණය සඳහා වූ ගෝලීය සන්ධානයේ’ [Global Alliance for Banking on Values (GABV)] පූර්ණ සාමාජිකත්වය හිමිකර ගැනීමට සමත් විය. මෙය තිරසාර මූල්‍ය සේවාවන් ඔස්සේ සැමට මූල්‍ය පහසුකම් හිමි කර දීම සඳහා සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆිනෑන්ස් දරන උත්සාහයේ තවත් වැදගත් සන්ධිස්ථානයකි….
සුරතල් සත්ත්ව රැකවරණ සහ අලංකරණ සේවා සපයන Pick My Pet පෞද්ගලික සමාගම London Business Consultancy ආයතනය සංවිධානය කළ Global Business Excellence 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම සුරතල් සත්ත්ව රැකවරණ සහ අලංකරණ සේවා සපයන්නා ලෙස සම්මාන ලැබුවේය. 2022දී ඇරැඹුණු Pick My Pet සතුව සුරතල් සතුන් සඳහා වෙන් වූ මෙරට පිහිටි විශාලම නවාතැන් පරිශ්‍රය ඇත. සියලු පහසුකම්වලින්…
සන්ෂයින් හෝල්ඩින්ග්ස් සිය ‘WE’ වැඩසටහන යටතේ විශේෂ උත්සවයක් පවත්වමින් 2025 ජාත්‍යන්තර කාන්තා දිනය සැමරුවේය. මෙම උත්සවයේ අරමුණ වූයේ “ධෛර්යය තුළින් ධනාත්මක වෙනසක්” යන තේමාව යටතේ සන්ෂයින් හි සේවය කරන කාන්තාවන්ගේ පුද්ගලික සහ වෘත්තීය වර්ධනයට සහාය වීමයි. 2024 දී ආරම්භ කරන ලද ‘WE’ වැඩසටහන කාන්තාවන් නඟා සිටුවීමට හා සහාය වීමට සන්ෂයින් සමූහය දරන සියලු උත්සාහයන් එකට…
ශ්‍රී ලංකාවේ විශාලතම පාරිභෝගික පදනම හා ඉහළම ආරක්ෂණ හිමිකම් ගෙවීම් සමඟින් මෙරට රක්ෂණ වෙළෙඳපොලේ ප්‍රමුඛයකු ලෙස කටයුතු කරන සොෆ්ට්ලොජික් ලයිෆ් පසුගියදා සිය 2025 විකුණුම් සමුළුව සාර්ථකව අවසන් කරන ලදී. “A Different Kind of Beast” යන්න තේමා කර ගනිමින් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවති එම සුවිශේෂී අවස්ථාවේදී සොෆ්ට්ලොජික් ලයිෆ් විකුණුම් අංශයේ කැපී පෙනෙන ජයග්‍රහණයන් ඉස්මතු කරනු ලැබුවේ…
වසර ගණනාවක මුලපිරීමක සුවිශේෂී සන්ධිස්ථානයක් සමරමින්, NDB බැංකුව, ශ්‍රී ලංකා වනසත්ත්ව හා ස්වභාව ආරක්ෂක සංගමයේ (WNPS) තරුණ අංශය සමඟ එක්ව, ‘සංරක්ෂණය සඳහා අධ්‍යාපනය’ ව්‍යාපෘතියේ අවසාන පරිච්ඡේදය සාර්ථකව අවසන් කළේය. 2025 අප්‍රේල් 1 සිට 3 දක්වා රූනකන්ද වැසි වනාන්තර මධ්‍යයේ දී පැවත්වුණු මෙම වටිනා පුරවැසි විද්‍යා ක්ෂේත‍්‍ර වැඩමුළුව, පරිසර හිතකාමී තරුණ පරම්පරාවක් පෝෂණය කිරීමේ අරමුණින් සංවිධානය…
SLT-MOBITEL ක්‍රියාවට නැංවූ විශේෂ ‘Roam and Win’ ප්‍රවර්ධන වැඩසටහනේ ප්‍රධාන ත්‍යාගයට හිමිකම් කීමට සමත් වූ වාසනාවන්ත ජයග්‍රාහකයා වෙත එම ත්‍යාගය පිරිනැමීම පසුගියදා SLT-MOBITEL ප්‍රධාන කාර්යාලයේදී සිදුකෙරිණි. Roaming සේවා ප්‍රවර්ධන වැඩසටහනක් වූ මෙහි ප්‍රධාන ත්‍යාගය වූයේ සියලු වියදම් පියවූ තායිලන්ත සංචාරයකි. මෙම සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන, පාරිභෝගිකයන් තමන් කෙරෙහි රැඳවූ විශ්වාසය වෙනුවෙන් SLT-MOBITEL විසින් සිදුකරන ලද ඇගයීමක්…
Hemas Holdings PLC හි අනුබද්ධ සමාගමක් වන Hemas Pharmaceuticals සමාගම විසින් පසුගියදා මියන්මාරයට යැවීම සඳහා මානුෂීය සහනාධාර වශයෙන් අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් පරිත්‍යාග කරන ලදි. 2025 මාර්තු 25 දින සිදු වූ, රිච්ටර් මාපකයේ 7.7 ක් ලෙස සටහන් වූ ප්‍රබල භූ කම්පනය හේතුවෙන් මියන්මාරයේ දැවැන්ත විනාශයක් සිදු විය. ලංකා වාණිජ මණ්ඩලයේ ඉල්ලීම පරිදි, මියන්මාරය තුළ සිදුවෙමින් පවතින…
ප්‍රමුඛ අලෙවිකරණ වෘත්තිකයෙකු වන සමිත හේමචන්ද්‍ර මහතා 2025 අප්‍රෙල් 1 වන දා සිට සෙලින්කෝ ලයිෆ් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂකවරයෙකු ලෙස පත් කර ඇති බවත්, ඊට සමගාමීව ඒ මහතා සමාගමේ ප්‍රධාන මෙහෙයුම් තනතුරට උසස් කර ඇති බව සමාගම නිවේදනය කර ඇත. 2000 වසරේ දී සන්නාම කළමනාකරුවෙකු ලෙස සෙලින්කෝ ලයිෆ් සමාගමට සම්බන්ධ වූ හේමචන්ද්‍ර මහතා අධ්‍යක්ෂකවරයෙකු…
ඩිමෙන්ෂියාවෙන් පෙළෙන පුද්ගලයන් සඳහා දැනුවත්භාවය, සංවේදනය සහ අවබෝධය වර්ධනය කිරීම අරමුණු කරගත් ළමා පොතක් එළිදැක්වීමට කටයුතු කළ බව ලංකා ඇල්සයිමර්ස් පදනම පසුගියදා නිවේදනය කළේය. වයස අවුරුදු අට හෝ ඉහළ දරුවන්ට පරිශීලනය කළ හැකි අලංකාර රූපද සහිතව සැකසුණු මෙම කෘතිය හරහා ඩිමෙන්ෂියා රෝගයේ පළමු අවස්ථාවන් තම පවුලේ ආදරණීයයන්ගෙන්, ඔවුන් සමග එදිනෙදා කටයුතු කිරීමේදී එම ලක්ෂණ නිරීක්ෂණය…
Video Story