Featured News

ශ්‍රී ලංකාවේ ඇලුමිනියම් නිෂ්පාදන පිළිබඳ ප්‍රමිතීන් ඉහළ නංවමින් Alumex PLC හි Lumin සහතිකකරණ සම්මාන උළෙල පැවැත්වේ

උසස් තත්ත්වයේ ඇලුමිනියම් නිෂ්පාදන පිළිබඳ මෙරට ප්‍රමුඛතම සන්නාමයක් වන Alumex PLC  විසින්  ‘Lumin සහතිකකරණ සම්මාන උළෙල‘ පසුගියදා පවත්වන ලදී. මෙම සුවිශේෂී අවස්ථාවේදී Lumin සහතිකලාභි වැද්දුම්කරුවන් (Fabricators) 37 දෙනෙකු ඇගැයීමට ලක් වූ අතර ඒ ඔස්සේ Lumin විශේෂඥයන්ගේ ජාලය 114 දක්වා පුළුල් විය.මෙම උත්සවය තුළින් විධිමත් පිළිගැනීමක් ඔස්සේ කුසලතා පෝෂණය කිරීමේ සහ කර්මාන්ත ප්‍රමිතීන් ඉදිරියට රැගෙන යාමේ…

(0)Comments | February 5, 2025 4:56 pm

අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ්, ශ්‍රී ලංකාව තුළ විශිෂ්ටත්වයේ විසිවන වසර සමරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සාමාන්‍ය රක්ෂණ සමාගමක් සහ ගෝලීය දැවැන්තයෙකු වන අලියාන්ස් SEහි අනු සමාගමක් වන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ්, දේශය වෙනුවෙන් සිදු කරන ලද නොසැලෙන සේවයේ විසිවන වසර සාඩම්බරයෙන් සනිටුහන් කරයි. වර්ෂ 2005 මූලාරම්භයේ සිට, අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් විවිධ අවශ්‍යතා සපුරාලීම සඳහා සකස් කෙරුණු නව්‍ය රක්ෂණ විසඳුම් සමඟ ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කිරීමට කැපවී සිටී….

(0)Comments | February 5, 2025 4:07 pm

NDB බැංකුව ශ්‍රී ලංකා රග්බි විනිසුරුවරුන්ගේ සංගමයේ සම්මාන උළෙලේ නිල බැංකුකරු ලෙස සම්බන්ධ වෙයි

NDB බැංකුව පසුගියදා පැවති ශ්‍රී ලංකා රග්බි පාපන්දු විනිසුරුවරුන්ගේ සංගමයේ (SLSRFR) සම්මාන උළෙල සහ සුහද හමුව සඳහා නිල බැංකු සහකරු ලෙස එම අවස්ථාවට සම්බන්ධ වීය. SLSRFR එහිදී රග්බි ක්‍රීඩාව වෙනුවෙන් තරඟ විනිසුරුවරුන් විසින් දක්වන අමිල දායකත්වය සහ ඔවුන්ගේ විශිෂ්ටත්වය සම්මානයට පාත්‍ර කිරීම සහ ඔවුන්ගේ එම ජයග්‍රහන සැමරීම සඳහා මෙම සම්මාන උළෙල සංවිධානය කෙරුනි. අඛණ්ඩව වසර…

(0)Comments | February 5, 2025 2:01 pm

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පෙර පාසල් අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් යුනිසෙෆ් සමඟ හවුල්කාරීත්වයක් ගොඩ නඟා ගනියි

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පෙර පාසල් අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සහ රජයේ පාර්ශවකරුවන් සමඟ අත්වැල් බැඳ ගෙන ඇත. පෙරපාසල් අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් රජයේ පාර්ශවකරුවන් විසින් ගෙන යන වැඩපිළිවෙලට යුනිසෙෆ් විසින් ලබා දෙන දායකත්වයට සහයෝගය දැක්වීමක් වශයෙන්, කොමර්ෂල් බැංකුව ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ පෙර පාසලක් සංවර්ධනය කිරීමට සහාය වනු ඇත. මෙම හවුල්කාරීත්වය…

(0)Comments | February 5, 2025 1:26 pm

කොකා-කෝලා සහ Clean Ocean අතර හවුල්කාරිත්වය අඛණ්ඩව තුන්වන වසරටත්

2025 ජනවාරි 30 වන දින ආරම්භ වූ ’Adopt a Beach’ වැඩසටහනේ තුන්වන වසර සඳහා කොකා-කෝලා සහ Clean Ocean එක්ව ඔවුන්ගේ හවුල්කාරිත්වය නැවත අලුත් කළේය. ශ්‍රී ලංකාවේ වෙරළ තීරය ආරක්ෂා කිරීම සඳහා අඛණ්ඩව ක්‍රියාත්මක මෙම හවුල්කාරීත්වය අලුත් කිරීමේ විශේෂ අවස්ථාව සමරනු ලැබුවේ Clean Ocean හි සභාපති සහ නිර්මාතෘ ජෙරම් ප්‍රනාන්දු සහ කොකා-කෝලා ශ්‍රී ලංකා හි ශ්‍රී…

(0)Comments | February 5, 2025 12:15 pm

මෙල්වා සමාගම සේවක සේවිකාවන්ගේ දරුවන්ට 2025 වසරට අවශ්‍ය පාසල් පොත් බෙදා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වානේ නිෂ්පාදකයා වන මෙල්වා සමාගම විසින් පසුගියදා එහි සේවක සේවිකාවන්ගේ දරුවන්ට 2025 නව වසර සඳහා අවශ්‍ය පාසල් පොත් හා පාසල් උපකරණ බෙදා දෙන ලදී. ආයතනයේ දියුණුව සඳහා කැපවීමෙන් සේවය කරන සේවක සේවිකාවන්ගේ පවුල්වල සුබසාධනය තහවුරු කිරීමට මෙල්වා සමාගම සතු කැපවීම ඒ තුළින් යළිත් තහවුරු විය. සෑම වසරක් අවසානයේම දියත් කරන මෙම ව්‍යාපෘතිය…

(0)Comments | February 5, 2025 12:09 pm

HNB ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තය සහ 2025 වසරේ ඉදිරි දැක්ම පිළිබඳ විශේෂ සංසදයක් පවත්වයි

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව 2025 වසරේදී ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ ඉදිරි දැක්ම පිළිබඳව සාකච්ඡා කිරීමට ඉහළ පෙළේ සේවාදායකයින්, ව්‍යාපාරිකයින්, විවිධ ක්ෂේත්‍රවල කීර්තිමත් පුද්ගලයින් සහ පාර්ශවකරුවන් සඳහා පසුගියදා විශේෂ සංසදයක් පැවැත්වීය. මෙම අවස්ථාවට මෙරට ඉහළ පෙළේ ආර්ථික හා මෝටර් රථ කර්මාන්තයට අදාල ප්‍රතිපත්ති පිළිබඳ විද්වතුන් සහභාගී විය. ඔවුන් මෝටර්…

(0)Comments | February 5, 2025 11:45 am

අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය ආයතනයට එළිය ගෙන ආ ඒෂියන් පේන්ට්ස් කෝස්වේ “පැහැබර දිවි” ව්‍යාපෘතිය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තීන්ත නිෂ්පාදකයා වන ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම (Asian Paints Causeway) ශ්‍රී ලාංකික ප්‍රජා සුභසාධනය වෙනුවෙන් වන සිය කැපවීම තවදුරටත් තහවුරු කරමින් අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ වැඩිහිටි මානසික සෞඛ්‍ය වාට්ටුව පූර්ණ වශයෙන් පරිවර්තනයකට ලක් කළ වර්ණ ගැන්වීමේ ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කළේය. මෙම ව්‍යාපෘතිය ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම විසින් දිවයින පුරා පාසල්, රෝහල්…

(0)Comments | February 3, 2025 4:54 pm

10 වැනි ‘S-I-S’ අලෙවිසැල විවෘත කරමින් සියැට් 2025 වසර අරඹයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වායුමය ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩිංග්ස් දියත් කර ඇති අග්‍රගන්‍ය අලෙවිසැල් ආරම්භ කිරීමේ කර්තව්‍යය වේගවත් කරමින් දෙසැම්බර් සහ ජනවාරි මාසවලදී නවමු සංකල්පයකින් යුත් Shop-in-Shop (SIS) අලෙවිසැල් තුනක් විවෘත කර ඇත. ශ්‍රී ලංකාවේ විවෘත වන 8 වන, 9 වන, සහ 10 වන සියැට් SIS අලෙවිසැල් කොළඹ 7 ප්‍රදේශයේත්, කොළඹ නුවර පාරේ මිරිස්වත්ත…

(0)Comments | February 3, 2025 4:36 pm

හේලීස් වැවිලි සමාගම වාර්ෂික කළමනාකරණ සමුළුවේදී මෙරට වැවිලි ක්ෂේත්‍රයේ තිරසාරභාවය සහ නවෝත්පාදනය සඳහා වූ සිය කැපවීම අවධාරණය කරයි

ශ්‍රී ලාංකේය වැවිලි කර්මාන්තයේ පුරෝගාමියෙකු වන හේලීස් වැවිලි සමාගම විසින් දෙවන වරටත් පවත්වන ලද වාර්ෂික කළමනාකරණ සමුළුවේදී මෙරට වැවිලි ක්ෂේත්‍රයේ තිරසාරභාවය සහ නවෝත්පාදනය සඳහා වූ සිය කැපවීම මැනවින් ප්‍රදර්ශනය කළේය. “Intellectual Intervention & Innovation in Plantations towards Sustainability” යන තේමාව යටතේ කිංග්ස්බරි හෝලයේදී පැවැති මෙම සමුළුවට වැවිලි ක්ෂේත්‍රයේ නායකයින්, පාර්ශවකරුවන් සහ විද්වතුන් සහභාගී විය. මෙහිදී…

(0)Comments | February 3, 2025 11:27 am