SDB බැංකුව සිය ආයතනික කළමනාකරණ මණ්ඩලය තව දුරටත් ශක්තිමත් කරමින් චිත්‍රාල් ද සිල්වා මහතා එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී/ප්‍රධාන ව්‍යාපාර නිලධාරී තනතුරට පත් කර ඇත. දශක හතරක් පුරා බැංකු ක්‍ෂේත්‍රයේ විශාල අත්දැකීම් සම්භාරයක් ලබා ඇති චිත්‍රාල් මහතා ආයතනික වශයෙන් පරිවර්තනීය වෙනසක් සිදු කිරීමේ ශක්‍යතාවය ක්‍රියාවෙන් තහවුරු කළ කීර්තිමත් නිලධාරියෙකි. Deutsche බැංකුවෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ චිත්‍රාල්…
කුරුණෑගල NIBM ශ්‍රවණාගාරයේ දී පැවැත්වූ උපාධි ප්‍රදානෝත්සවයේ දී, Hela Apparel Holdings ආයතනය මගින් අනුග්‍රහය දැක්වූ සිසුන් 100 කට අධික පිරිසක් තම සහතික පත් ලබා ගන්නා ලදහ. මෙහි දී ‘Hela දිරි දරුවෝ‘ වැඩසටහන යටතේ IT හා ඉංග්‍රීසි පාඨමාලා සහ ‘Hela දිරි ලිය‘ වැඩසටහන යටතේ Techno ව්‍යවසායකත්ව පාඨමාලාව හැදෑරූ සිසුන් හට සහතික පත් ප්‍රදානය කිරීම සිදු කෙරුණි….
හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්, ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය සමඟ සහයෝගීතාවයෙන් නැගෙනහිර පළාතේ ගංවතුර ආපදාවට ලක්වූ පවුල් 5000ක් වෙත සිය සහය දක්වා තිබේ. ක්ලෝගාඩ් දන්තාලේප, බේබි ෂෙරමි ඩයපර්ස්, වෙල්වට් සබන්, ඩැන්ඩෙක්ස් ෂැම්පු, කුමාරිකා හෙයා ඔයිල් හා දීවා ෆ්‍රෙෂ් රෙදි සේදුම් කුඩු හේමාස් විසින් මෙසේ පරිත්‍යාග කරන ලදී.
සත්කාරක සේවා ක්ෂේත්‍රයේ කීර්තිමත් සමාගමක් වන රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගම People’s Excellency සම්මාන උළෙලේදී 2024 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටම සත්කාරක සේවා සැපැයුම්කරු ලෙස සම්මානයයෙන් පිදුම් ලැබීය. පසුගියදා කොළඹ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු සම්මාන උළෙලේදී රෝයල් නර්සින් හෝම් නියෝජනය කරමින් මෙහෙයුම් කළමනාකාරවරියන් වන කුෂිණි කුමාරසිංහ මහත්මිය සහ රුවන්ති ෆර්නෑණ්ඩු මෙනෙවිය වෙත…
Amazon College & Campus වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය පසුගියදා BMICHහිදී සම්භාවනීය අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයේ වැඩ බලන උපකුලපති ආචාර්ය යූ. එල්. අබ්දුල් මජීඩ් මහතාය. මාලදිවයින් ජනරජයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජපානයේ, ඩුබායිහි සහ ශ්‍රී ලංකාවේ හිටපු තානාපතිවරයෙකු වන හුසේන් ෂරීෆ් මහතා ගෞරවණීය ආරාධිතයා ලෙස මෙම උත්සවයට සහභාගී විය….
හැව්ලොක් සිටි මෝල් හි විවෘත කළ සිල්ක් රූට් වෙන්චර්ස් හි පළමු Nutra Studios වෙළෙඳසැලේ සාර්ථකත්වය සහ ඒ වෙනුවෙන් ලද පාරිභෝගික ආකර්ෂණය සමඟ සිය දෙවන වෙළෙඳසැල සිල්ක් රූට් වෙන්චර්ස් විසින් පසුගියදා මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හි දී විවෘත කරන ලදී. ඒ අනුව කැන්ඩි සිටි සෙන්ටර්හි පළමු මහළේ පිහිටා ඇති මෙම වෙළෙඳසැල ඔස්සේ පාරිභෝගික ජනතාවට සිය නිෂ්පාදන…
ශ්රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරන ලද ජාතික අලෙවි සම්මාන (NSA) 2024 උළෙලේදී NDB බැංකුව සුවිශේෂී ජයග‍්‍රහණ රැසකින් පිදුම් ලබයි. බැංකුවේ අලෙවි කණ්ඩායම මෙවර සම්මාන උළෙලේ දී සම්මාන අටක් ලබා ගනිමින් විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් විය. එදින සම්මාන රාත‍්‍රියේ විශේෂත්වය වූයේ කසුන් ජයවර්ධන සමස්ත ජාතික විකුණුම් කළමනාකරු සඳහා වූ රන් සම්මානයට හිමිකම් කියමින්…
ත්‍රී සිංහ සමාගම බස්නාහිර පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී නිෂ්පාදන අංශයේ (මහා පරිමාණ) ජයග්‍රාහකයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ එම සම්මාන උළෙලේදී ත්‍රී සිංහ කළමනාකරණ අධ්‍යක්ෂ මංජුල ආරියකුමාර මහතා වෙත සම්මානය පිරිනමන ලදී. කුඩා පරිමාණ ව්‍යාපාරයක් ලෙස ඇරැඹුණු ත්‍රී සිංහ සමාගම වර්තමානයේදී මෙරට ඉදි කිරීම්…
මෙරට ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ කීර්තිමත් සන්නාමයක් වන සංජීවනී ආයුර්වේද සමාගමේ නවතම සත්කාර මධ්‍යස්ථානය ‘Luxyana Wellness’ නමින් පසුගියදා විවෘත විය. L17, Crescat Boulevard, කොළඹ ලිපිනයේ පිහිටි එය සුඛෝපභෝගී පහසුකම්වලින් සමන්විත වේ. සෞන්දර්යාත්මක සහ නිසංසල වටපිටාවක පිහිටි එහි පැමිණෙන පාරිභෝගිකයන්ට පුරාණ ආයුර්වේදය සහ නවීන සොයා ගැනීම් එකට කැටි කර ගත් සත්කාර අත්විඳීමට අවස්ථාව ලැබේ. ඊට සමගාමීව සුවිශේෂ…
මහනුවර පල්ලෙකැලේ සියරට හර්බල්ස් 25 වන සංවත්සරය උත්සවාකාරයෙන් සමරයි. කීර්තිමත් පාරම්පරික වෛද්‍යවරයෙකු වන රංජන් මුහන්දිරම් මහතා 2000දී ඇරැඹූ සියරට හර්බල්ස් සහ සියරට පාරම්පරික රෝහල වෛද්‍ය උරුමය සුරකිමින් විශිෂ්ට රෝගී සත්කාර සේවා සපයයි. රට පුරා ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වී ඇති මුහන්දිරම් වෙද මහතා පැවැත එන්නේ වසර දහසකට වැඩි ඉතිහාසයක් සහිත දෙවුන්දර ප්‍රදේශයේ වෙද පරම්පරාවකිනි. ඔහුගේ පියාගේ…
Video Story