නව රජය විසින් මෙරට ඉන්ධන මිල කැපී පෙනෙන ලෙස අඩුකර තිබුණත් ලෝක වෙළඳ පොළේ පසුගිය ජනවාරි මාසයේදී ඩොලර් 45 කට පමණ තිබූ බොරතෙල් බැරලයක මිල ඊයේ දිනය වනවිට ඩොලර් 63 ක් දක්වා සියයට 40 කින් පමණ වැඩිවී තිබෙන බවත් ඉදිරියේදී ඛනිජ තෙල් මිල තවදුරටත් වැඩිවනු ඇති බවත් ආර්ථික විශ්ලේෂකයින් විසින් පුරෝකතනය කර තිබේ. මේ අනුව,…
පසුගිය රජය සමයේ මෙරට අධිවේගී මාර්ග අතුළු යටිතල පහසුකම් ගොඩනැගීමේ ප්රමුඛයාව සිටි චීනය ඩොලර් බිලියන 46 ක ආයෝජනයකින් පාකිස්තානය සහ චීනය යාකරන දැවැන්ත අධිවේගී මාර්ග සහ යටිතල පහසුකම් ව්‍යාපෘතියක් සිදුකිරීමට ගිවිසගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ චීන ජනාධිපති සි ජින්පින්ග් මහතා මෙම ව්‍යාපෘතියට අදාළ ගිවිසුමට අත්සන් කළ බවයි. මෙම දැවැන්ත ආයෝජනය මගින් චීන-පාකිස්තාන ආර්ථික කොරිඩෝව…
සීපා ගිවිසුම යනු ඉන්දියාව විසින් 2003 වසරේ සිට ශ්‍රී ලංකාව සමග අත්සන් කිරීමට උත්සාහ කරන විස්තීරණ ආර්ථික ගිවිසුමකි. (Comprehensive Economic Partnership Agreement – CEPA) එමගින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පහත සඳහන් අංශයන් නිදහස් කර ගැනීම ඉන්දියාවේ අභිලාෂයයි. 1. දෙරට අතර භාණ්ඩ අලෙවිය 2. දෙරට අතර සේවා අලෙවිය 3. එක් රටකට අනෙක් රටින් ආයෝජකයන්ගේ පැමිණීම…
මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදේ ඇතැයි ඉන්දියානු කෙයාන් සමාගම (Cairn India) විසින් සොයාගත් ස්වභාවික ගෑස් නිධිවල ගවේෂණ කටයුතු වලින් එම සමාගම ඉවත්වීමට යන අතර මෙරට ගෑස් නිධි කැණීමේ කටයුතු සඳහා අළුතෙන් සමාගම් සම්බන්ධ කර ගැනීමට රජයට සිදුවී තිබෙන බව අනාවරණය වේ. හෙළිවන ආකාරයට ලෝක වෙළඳ පොළේ ඛනිජ තෙල් මිල ගණන් පහළ යාම නිසා සමාගමට එල්ලවී තිබෙන…
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ගොඩනැගීම නිසා මෙරටට සැලසී තිබෙන වාසි පිළිබඳව නවතම කෝප් වාර්තාව විසින් කරුණු සාකච්ඡා කර තිබේ. මෙහිදී, අනාවරණය වී තිබෙන්නේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ගොඩනැගීම නිසා ලංකාව තුළ තවත් ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් තිබීම හේතුවෙන් මෙරට ගුවන් කළාපයෙන් ගමන් ගන්නා ගුවන් යානා ප්‍රමාණය වර්ධනය වී තිබෙන බවයි. A380 වැනි ගුවන් යානයක් පවා හදිසි…
විදුලි මෝටර් රථ ආරෝපණය කළ හැකි මෙරට පළමු විදුලි මෝටර් රථ ආරෝපණ මධ්‍යස්ථානය විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් කොළඹ, ටිකල් මාවතේ පිහිටි අංක 10 දරන ස්ථානයේදී අද විවෘත කළේය. මේ ආකාරයෙන් විදුලි මෝටර් රථ ආරෝපණය කිරීමේ මධ්‍යස්ථාන රටපුරා ආරම්භ කිරීමේදී පුද්ගලික අංශයද සහභාගී කර ගන්නා බවත් ඉන්ධන පිරවුම්හල්, සුපිරි වෙළඳ සැල් සහ…
2012 පෙබරවාරි මාසයට පසුව මෙරට වාර්තා වූ අඩුම විදේශ සංචිතය පසුගිය මාර්තු මාසයේදී වාර්තා කර තිබෙන බව අනාවරණය වේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වලට අනුව 2015 මාර්තු මාසයේදී මෙරට විදේශ සංචිතය ඩොලර් බිලියන 6.8 ක් දක්වා පහත වැටී තිබෙන අතර පසුගිය පෙබරවාරි මාසයේදී එම ප්‍රමාණය ඩොලර් බිලියන 7.4 ක් විය. මීට පෙර අඩුම…
ලෝකයේ අති සාර්ථක ආර්ථික කතාන්දරයක් ලෙසින් සැලකිය හැකි සිංගප්පූරුව ලෝකයේ සුපිරිතම ආර්ථිකයක් බවට හැරවූ අසාහය නායක ලී ක්වාන් යූ අවුරුදු 91 ක් ආයු වළදා පරලෝ සැපත්විය. සිංගප්පූරුවට මෙම වාසනාව ගෙන දුන්නේ ලී විසින් නිර්මාණය කළ අවංක මෙන්ම ප්‍රායෝගික ආණ්ඩුව හේතුවෙනි. ජාතික ආණ්ඩුවක් නිර්මාණය කරමින් ඉදිරියට යෑමට දඟලන අපිටද මෙම ප්‍රායෝගික නායකයාගේ ජීවිතයෙන් ඉමහත් ආදර්ශයක් ලබාගත…
ඩොලර් බිලියන 1.4 ක් ආයෝජනය කෙරෙන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය හෙවත් පෝර්ට් සිටි ව්‍යාපෘතිය අත්හිටුවීම නිසා සිය සමාගමට දිනකට රුපියල් ලක්ෂ 500 කට ආසන්න පාඩුවක් සිදුවෙමින් තිබෙන බවත් දැනට ඉදිකර තිබෙන මීටර් 200 කට වැඩි දිගකින් යුතු දියකඩනය (breakwater) වැඩ නතර කිරීම නිසා විනාශ වී තිබෙන බවත් ව්‍යාපෘති සමාගම වන චයිනා කන්ස්ට්‍රක්ෂන් කමියුනිකේෂන් සමාගම කියයි….
ඉන්දියානු බජාජ් සමාගම විසින් නිපදවූ පළමු මෝටර් රථය වන RE60 අඩුමිල මෝටර් රථය මෙරට වෙළඳපොළට හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය ලබාගැනීමට අවශ්‍යව තිබෙන බවත් එයට අදාළ කටයුතු මේ වනවිට සිදුවෙමින් තිබෙන බවත් අනාවරණය වේ. මෙම මෝටර් රථය මෙරට වෙළඳ පොළට හඳුන්වා දීමට සූදානම් වන මෙරට බජාජ් නියෝජිතයා වන ඩේවිඩ් පීරිස් සමාගම මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා…
Video Story