Featured News

SLT-MOBITEL වෙතින් නවක තාක්ෂණික ව්‍යවසායකයන් වෙනුවෙන්  ‘Entrepreneurship Studio’

රු. මිලිනයක් දක්වා ආයෝජන ඇතුළුව තවත් ආකර්ෂණීය ප්‍රතිලාභ රාශියක් ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, නවක තාක්ෂණික ව්‍යවසායකයන්ගේ නවෝත්පාදන හා ව්‍යවසායකත්ව හැකියාවන් වර්ධනය කිරීමේ පියවරක් වශයෙන්, ‘Entrepreneurship Studio’ නමින් පුරෝගාමී නව වැඩසටහනක් පසුගියදා එළිදැක්වීය. නවක තාක්ෂණික ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර දියුණු කිරීමේදී අවශ්‍ය වන ආයෝජන, මගපෙන්වීම් සහ සම්බන්ධතා ආදිය සම්බන්ධයෙන්…

(0)Comments | June 11, 2021 12:00 pm

සදාහරිත සේවකයින් රැසක් SLIM උපාධි ප්‍රධානෝත්සවයේදී අලෙවිකරණ වෘත්තිකයින් ලෙස කිරුළු පලදී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය වාණිජ වන වගා සමාගම වන සදාහරිත වැවිලි සමාගමේ කාර්ය මණ්ඩලයේ 40 කට අධික පිරිසක් මෑතකදී පැවැත්වූ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) උපාධි ප්‍රදානෝත්සවයේදී වෘත්තීය අලෙවිකරණ සුදුසුකම් හිමිකර ගත්තේය. අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ගරු ජී. එල්. පීරිස් මහතා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූ මෙම උපාධි ප්‍රදානෝත්සවය SLIM ආයතනයේ නිලධාරීන්ගේද සහභාගිත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ…

(0)Comments | June 11, 2021 11:48 am

ආයතන 16 කට වැඩි සංඛ්‍යාවකට ආධාර කරමින් කොමර්ෂල් බැංකුව සෞඛ්‍ය අංශයට සහයෝගය දක්වයි

කොවිඞ්-19 වසංගතයෙන් පීඩාවට පත්වූවන් සඳහා සහයෝගය දැක්වීමට කොමර්ෂල් බැංකුව විසින් ආරම්භ කර තිබෙන වැඩසටහන යටතේ මේ දක්වා දිවයින පුරා පිහිටි රජයේ රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී (MOH) කාර්යාල 16 කට වැඩි සංඛ්‍යාවකට වෛද්‍ය සහ පුද්ගලික ආරක්ෂණ උපකරණ බැංකුව විසින් පරිත්‍යාග කර තිබේ. කොවිඞ්-19 වසංගතයේදී ජනතාවට සෞඛ්‍ය පහසුකම් ලබාදෙන කණ්ඩායම්වල ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුවේ…

(0)Comments | June 11, 2021 11:44 am

කැපිටල් ට්වින්පීක් ව්‍යාපෘතියට වර්ග අඩි 40,000ක් පුරා පැතිරුණු අති නවීන නේවාසික පහසුකම් සහ සේවා එක්කෙරෙයි

සන්කෙන් ව්‍යාපාර සමූහයට අයත් කැපිටල් ට්වින්පීක්, දැවැන්ත නේවාසික මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිවන වර්ග අඩි 40,000ක වපසරියක් පුරා විහිදුණු සුඛෝපභෝගි පහසුකම් එළිදැක්වීමට නියමිත බව පසුගියදා නිවේදනය කෙරුණි. මහල් 50කින් යුත් ද්විත්ව කුළුණු සංකීර්ණයක් ලෙස ඉදිවන කැපිටල් ට්වින් පීක්ස්හි නේවාසිකයින්ට මෙම සියලු පහසුකම් හා සේවාවන් අත්විඳීමේ හැකියාව හිමි වේ. දකුණු ආසියාවේ උසම අහස් පාලම (sky bridge)…

(0)Comments | June 11, 2021 11:40 am

Daraz ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විදේශ සංචාර සඳහා නිල අනුග්‍රාහකයා බවට පත් වෙයි

වර්තමානය වන විට ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සමග බද්ධවී ඇති බව පැවසුවහොත් එය නිවැරදිය. මෙම ජනප්‍රියත්වයට වයස, ස්ත්‍රී පුරුෂ භාවය, ජාති හෝ ආගම් යන කිසිදු සීමාවක් අදාල නොවේ. එමනිසා ම 2021 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විදේශ සංචාර සඳහා නිල අනුග්‍රාහකයා ලෙස තම අනුග්‍රාහකත්වය සහතික කිරීමට Daraz ආයතනය කටයුතු කොට ඇත. 2021 වර්ෂය තුළ…

(0)Comments | June 9, 2021 4:20 pm

රයිනෝ සමූහ ව්‍යාපාරයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන්ටිලේටර් යන්ත්‍ර 8ක පරිත්‍යාගයක්

අඩ සියවසකට අධික කාලයක් තිස්සේ මෙරට ජනතාවට සේවය සලසන රයිනෝ සමූහ ව්‍යාපාරය, COVID-19 රෝගය මැඩලීමේ සටන තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, මිලියන 10 කට අධික වටිනාකමකින් යුත් දැඩි සත්කාර ඒකක වෙන්ටිලේටර් යන්ත්‍ර (ICU Ventilators) 8 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළේ ය. ජනතාවගේ සහ පරිසරයේ යහපත අරමුණු කරගත් සමාගමක් වශයෙන්, මෙරටට විවිධාකාරයේ විපත්…

(0)Comments | June 9, 2021 4:18 pm

සෙලින්කෝ ලයිෆ් විසින් High Flow Nasal Cannula උපකරණ මඩකළපුව ශික්ෂණ රෝහලට පරිත්‍යාග කරයි

කොවිඞ්-19 වසංගතයෙන් පීඩාවට පත් රෝගීන් සඳහා ප‍්රතිකාර ලබාදෙන රෝහල් වලට සහයෝගය දැක්වීමට සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර තිබෙන වැඩසටහන යටතේ High Flow Nasal Cannula (HFNC) උපකරණ සමාගම විසින් පසුගියදා මඩකළපුව ශික්ෂණ රෝහලට ප‍්රදානය කරන ලදී. මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්රයේ ප‍්රමුඛයා විසින් මෙවැනිම උපකරණ කොළඹ දකුණ ශික්ෂණ රෝහලට ප‍්රදානය කිරීමෙන් සති කිහිපයකට පසුව මෙම ප‍්රදානය කිරීම…

(0)Comments | June 9, 2021 4:14 pm

2021 HUAWEI කාන්තා සංවර්ධකයින්ගේ සමුළුව සාර්ථකව අවසන් වේ

HUAWEI විසින් සංවිධානය කරන ලද කාන්තා සංවර්ධකයින්ගේ සමුළුව (HWD) මෑතකදී සාර්ථකව අවසන් වූ අතර, එහිදී විවිධ ක්‍ෂේත්‍ර සහ විවිධ වෘත්තීන්හි කාන්තාවන් එක්වී තාක්ෂණික ක්ෂේත්‍රයේ වර්ධනය උදෙසා කාන්තාවන්ගේ සහභාගීත්වය වර්ධනය කළ හැකි ආකාර පිළිබඳ සාකච්චා සිදු කරන ලදී. එහිදී, විශේෂයෙන්ම තාක්ෂණික හා විද්‍යාත්මක ක්ෂේත්‍රයේ කැපී පෙනෙන කාන්තා නියෝජිතයින් විසින් ඔවුන් සතු තාක්ෂණික දැනුම සහ ක්ෂේත්‍ර ප්‍රවීණතා…

(0)Comments | June 9, 2021 4:08 pm

සොෆ්ට්ලොජික් ලයිෆ් COVID-19 වසංගත සමයේදී සිය රක්ෂණ ඔප්පු හිමියන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් ‘Call a Doctor’ පහසුකම දියත් කරයි

ශ‍්‍රී ලංකාවේ සීඝ‍්‍රයෙන් වර්ධනය වන සහ හොඳම සෞඛ්‍ය රක්ෂණය හිමි සොෆ්ට්ලොජික් ලයිෆ් ආයතනය සිය රක්ෂණ ඔප්පු හිමියන්ගේ සෞඛ්‍ය යහ පැවැත්ම වෙනුවෙන් තවදුරටත් කැපවෙමින් නවතම සේවාවක් හඳුන්වාදීමට පසුගියදා කටයුතු කරන ලදී. ඒ, සතියේ දින 7 පුරාත් දවසේ පැය 24 පුරාත් නොමිලේ ක‍්‍රියාත්මක වන ‘Call a Doctor’ සේවාවයි. විශේෂයෙන් පවතින COVID-19 වසංගත කාලය තුළ රක්ෂණ ඔප්පු හිමියන්ගේ…

(0)Comments | June 9, 2021 4:06 pm

ගංවතුරින් විපතට පත් ප‍්‍රජාවට සහාය වීමට එයාර්ටෙල් වෙතින් සන්නිවේදන පහසුකම්

පවතින හදිසි ආපදා තත්වයට ප‍්‍රතිචාරයක් වශයෙන් ගංවතුරින් පීඩාවට පත් ප‍්‍රදේශවල ජීවත් වන සිය පරිශීලකයින්ට නොමිලේ ඇමතුම් කාල හා ඬේටා පහසුකම් ලබා දීමට කටයුතු කර ඇති බව එයාර්ටෙල් ලංකා සමාගම නිවේදනය කර ඇත. රුපියල් මිලියන 8කට අධික වටිනාකමින් යුත් සහන ලබා දෙමින් ගංවතුරින් දැඩි ලෙස පීඩාවට පත් ජනතාවට සන්නිවේදන පහසුකම් ලබා දීම සඳහා 2021 ජුනි 07…

(0)Comments | June 9, 2021 4:04 pm