Featured News

AIA ශ්‍රී ලංකා, කොමර්ෂල් බැංකුවේ නිත්‍ය බැංකු රක්ෂණ සහකරු ලෙස  සුවිශේෂී වූ හවුල්කාරිත්වයකට එළැඹෙයි

ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික බැංකුව වන කොමර්ෂල් බැංකුව (Commercial Bank of Ceylon PLC – “Commercial Bank”),  මෙරට  බැංකු රක්ෂණයේ (Bancassurance) පුරෝගාමී සමාගම වන AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (AIA ශ්‍රී ලංකා) සමඟින් සුවිශේෂී වූ දිගු කාලීන බැංකු රක්ෂණ හවුල්කාරීත්වයකට එළැඹි බවත්,  ඒ අනුව AIA ශ්‍රී ලංකා, කොමර්ෂල් බැංකුවේ නිත්‍ය බැංකු රක්ෂණ සහකරුවා ලෙස ඉදිරියේ දී කටයුතු…

(0)Comments | December 7, 2023 9:01 am

BCI Campus හි සත්කාරකත්වය දරන ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපති මෙරටේ තරුණයන්ගේ පුහුණුව සහ අධ්‍යාපන කටයුතු වැඩි දියුණුවට මුලපුරයි

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ (International Chamber of Commerce – ICC) සභාපතිනී මාරියා ෆර්නැන්ඩා ගාර්සා මහත්මිය ශ්‍රී ලංකාවේ කරනු ලැබූ සිය මංගල සංචාරය අතරතුරදී බෙනඩික්ට් XVI ජාත්‍යන්තර උසස් අධ්‍යාපන ආයතනය (BCI) වෙත පසුගියදා පැමිණියාය. ඇයගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ වූයේ රටේ තරුණ තරුණියන් සඳහා අධ්‍යාපනික සහ පුහුණු අවස්ථා වැඩිදියුණු කිරීම සඳහා හවුල්කාරීත්වයක් සහිත දැක්මක් ඉදිරිපත් කරමින් BCI…

(0)Comments | December 6, 2023 4:44 pm

DIMO වෙතින් Mercedes-Benz StarDiscovery+

Mercedes-Benz සඳහා නිවහන වන DIMO, Mercedes-Benz මෝටර් රථ තුළ සැඟවුණු සුවිශේෂීත්වයන් හඳුන්වාදීමට Mercedes-Benz පාරිභෝගිකයින් සඳහා සංවිධානය කරන ලද Mercedes-Benz StarDiscovery+ පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. Mercedes-Benz AG පුහුණු තාක්ෂණික විශේෂඥයින් විසින් මෙහෙයවන ලද StarDiscovery+ හීදී පැමිණ සිටි පිරිසට විවිධ මාදිලි වලට විශේෂිත, තාක්ෂණික උපදෙස් ලබා දීම සිදු කෙරුණි. DIMO සපයනු ලබන සුවිශේෂී අලෙවියෙන් පසු සේවාව පිළිබඳව…

(0)Comments | December 6, 2023 3:08 pm

සෙලාන් බැංකුවේ ATM යන්ත්‍රයක් හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණයේ විවෘත කෙරේ

සෙලාන් බැංකුව, කොළඹ නගර මධ්‍යයේ අලුතින් විවෘත වූ හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණය තුළ ATM යන්ත්‍රයක් ස්ථාපිත කිරීමට පසුගියදා පියවර ගත්තේ ය.   පසුගියදා මෙම යන්ත්‍රය නිල වශයෙන් විවෘත කරන ලද අතර හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණය වෙත පැමිණෙන සියලුම දෙනාට මෙය ඉමහත් පහසුවක් වනු නො-අනුමාන ය. සෙලාන් බැංකුවේ දීපව්‍යාප්ත ATM ජාලය තවදුරටත් පුළුල් කරමින් මෙලෙස නව…

(0)Comments | December 6, 2023 12:12 pm

අදානි ග්‍රීන් එනර්ජි සමාගම, තිරසාර සූර්ය බලශක්ති උත්පාදනයක් සහතික කිරීම සඳහා රොබෝ තාක්ෂණය භාවිත කිරීම අරඹයි

දැනට ක්‍රියාත්මක වෙමින් පවතින සහ ඉදිරියේ දී ක්‍රියාත්මක වීමට නියමිත  සූර්ය බලශක්ති ව්‍යාපෘති හරහා, බලශක්ති උත්පාදනයට ජල පරිභෝජනය අවම කිරීම වෙනුවෙන් නවතම තාක්‍ෂණය සඳහා ආයෝජනය කිරීමට අදානි ග්‍රීන් එනර්ජි සමාගම කටයුතු කරයි. අදානි ග්‍රීන් එනර්ජි සමාගම  සිය  සූර්ය බලශක්ති නිෂ්පාදන කළඹෙන් මෙගාවොට් 4,830ක ප්‍රමාණයක් සිය රොබෝ තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ ආවරණය කිරීමට කටයුතු කරන අතර, එමඟින්…

(0)Comments | December 6, 2023 12:02 pm

සෙත් රූ ආයුර්වේද රූපලාවණ්‍ය පුහුණු පාසල පාඨමාලා අවසන් කළ සිසු සිසුවියන්ට සහතික පිරිනමයි

තෘතීයික හා වෘත්තීය පුහුණු අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි එකම ආයුර්වේද රූපලාවණ්‍ය අධ්‍යාපන ආයතනය වන සෙත් රූ ආයුර්වේද රූපලාවණ්‍ය පුහුණු පාසල විසින් පවත්වන ලද පාඨමාලා සාර්ථකව අවසන් කළ සිසු සිසුවියන්ට සහතික ප්‍රදානය BMICHහිදී පැවැත්විණි. එහිදී රූපලාවණ්‍ය නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් සහතික පාඨමාලාව / ඩිප්ලෝමා පාඨමාලාව, බාත් ඇන්ඩ් බොඩි කෙයාර් නිෂ්පාදන නිපදවීම පිළිබඳ සහතික පාඨමාලාව, ආයුර්වේද රූපලාවණ්‍ය…

(0)Comments | December 6, 2023 11:04 am

HNB FINANCE වත්තල ශාඛාව නව නිවහනකට පිවිසෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC හි වත්තල ශාඛාව පසුගියදා ඉඩකඩ සහිත නව නිවහනකට ගෙන යනු ලැබීය. HNB FINANCE සමාගමේ සේවාවන් දීපව්‍යාප්තව පවත්වාගෙන යමින් තම පාරිභෝගිකයින් වෙත වඩාත් වැඩි පහසුකම් සහිතව සිය මූල්‍ය සේවාවන් ලබා දීමේ අරමුණෙන් ශාඛාවන් නව ස්ථානයන් වෙත රැගෙන යෑම සිදු කරනු ලබයි. අභිනව වත්තල ශාඛාව කොළඹ මීගමුව ප්‍රධාන…

(0)Comments | December 6, 2023 8:40 am

Arpico සමග උත්සව සමයේ මිහිර විඳිමින් නිවාඩු කාලය විචිත්‍රවත්ව සමරන්න

‘Arpico සමගින් උත්සව සමයේ මිහිර විඳින්න’ යන ප්‍රචාරණ තේමාව යටතේ එළඹෙන උත්සව සමය වෙනුවෙන් Arpico, සිය පරිභෝගිකබවතුන් සඳහා අසිරිමත් නත්තල සැමරීමට අවශ්‍ය සෑම දෙයක්ම එකම වහලක් යටින් ලබා ගැනීමට හැකි වන පරිදි, දිවයින පුරා පිහිටි Arpico සුපිරි වෙළඳ සංකීර්ණ සූදානම් කර ඇති බවට සාඩම්බරව නිවේදනය කරයි. නිවසට අවශ්‍ය ප්‍රමිතියෙන් සහ උසස් තත්ත්වයෙන් යුත් භාණ්ඩ පහසුවෙන්…

(0)Comments | December 5, 2023 1:38 pm

කොමර්ෂල් බැංකුවේ ‘අරුණළු සිත්තම්’ චිත්‍ර තරගාවලියේදී ළමා කලාකරුවන් 135කට අධික සංඛ්‍යාවක් සම්මාන ලබයි

කොමර්ෂල් බැංකුව විසින් පවත්වනු ලබන දීපව්‍යාප්ත ළමා චිත්‍ර තරගාවලිය වන ‘අරුණළු සිත්තම්’හි සිව්වන සංස්කරණය පසුගියදා සමාප්තියට පත්වුණු අතර, එහිදී ශ්‍රී ලංකාවේ සහ විදේශීය රටවල් කිහිපයක වෙසෙන ළමා කලාකරුවන්ට ඔවුන්ගේ නිර්මාණාත්මක ප්‍රකාශනයන් වෙනුවෙන් රුපියල් මිලියන 03ක (ලක්ෂ 30ක) මුදලක් ත්‍යාග වශයෙන් පිරිනැමිණි. වයස අවුරුදු 4 – 16ත් අතර ළමුන් සඳහා වූ මෙම තරගය, බැංකුවේ ළමා ඉතුරුම්…

(0)Comments | December 5, 2023 1:01 pm

මූල්‍ය ආයතන සඳහා වන CT සම්මාන උළෙලේදී කොමර්ෂල් බැංකුව ‘හොඳම භාණ්ඩාගාර කණ්ඩායම’ ලෙස ජයග්‍රහණය කරයි

ආසියාවේ භාණ්ඩාගාර කණ්ඩායම් හා ප්‍රධාන මූල්‍ය නිළධාරීන් සඳහා වෙන් වූ මුද්‍රණ ප්‍රකාශනය වන Corporate Treasurer විසින් පිරිනමනු ලබන 2023 CT සම්මාන උළෙලේදී මූල්‍ය ආයතන ක්ෂේත්‍රයේ ‘හොඳම භාණ්ඩාගාර කණ්ඩායම’ සඳහා වන සම්මානය කොමර්ෂල් බැංකුව විසින් දිනා ගන්නා ලදී. කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – භාණ්ඩාගාර අසේල විජේසිරිවර්ධන මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය: “බැංකුවේ සුවිශේෂී කාර්යසාධනය පිටුපස ඇත්තේ…

(0)Comments | December 5, 2023 11:13 am