Featured News

2023 සණස ජාතික සම්මේලනය අභිමානවත් ලෙස පැවැත්වේ

සණස නායක විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ සංකල්පයක් වන ‘වැය අඩු කරමු – අය වැඩි කරමු’ යන තේමාව යටතේ ක්‍රියාත්මක සණස සමිති 1250ක් සංවර්ධනය කිරීම තුළින් ගම්මාන 5000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනට අදාළ තුන් අවුරුදු ඉදිරි සැළසුම එළි දැක්වීමේ සමාරම්භක වැඩසටහන (සණස ජාතික සම්මේලනය) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අභිමානවත් අයුරින් පැවැත්විණි. මේ සඳහා…

(0)Comments | December 4, 2023 11:04 am

ප්ලැටිනම් අනුග්‍රාහකත්වයක් පිරිනමමින් ෆස්ට් කැපිටල් හෝල්ඩිංග්ස්, CR&FC සමග රග්බි පිටියට පිවිසෙයි

ජනශක්ති සමූහයේ  සමාගමක් වන ෆස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී, ඉදිරියේ එළඹෙන රග්බි ක්‍රීඩා සමයේ දී  ප්ලැටිනම් අනුග්‍රාහකයා  වශයෙන් සිලනීස්  රග්බි ඇන්ඩ් ෆුට්බෝල් ක්ලබ් (CR&FC) සමග ඇති කරගත් හවුල්කාරිත්වය සාඩම්බරයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. ෆස්ට් කැපිටල් ආයතනය රග්බි ක්ෂේත්‍රයට පිවිසෙන පළමු  අවස්ථාව මෙම සහයෝගීතාව මගින්  සනිටුහන් කෙරෙයි. විශාල ක්‍රීඩාලෝලීන් සංඛ්‍යාවකගේ ආදරයට පාත්‍රව තිබෙන ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවෙහි…

(0)Comments | December 2, 2023 12:21 pm

කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් අනුස්මරණ ක්‍රිකට් තරඟාවලිය දෙසැම්බර් 08 සිට 10 දක්වා මහනුවර අස්ගිරියේදී

ධර්මරාජ විද්‍යාලයීය ක්‍රිකට් පදනම මඟින් සංවිධානය කරනු ලබන කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් අනුස්මරණ ක්‍රිකට් තරඟාවලිය දෙසැම්බර් 08 වැනිදා සිට 10 වැනිදා දක්වා මහනුවර අස්ගිරිය ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. කණ්ඩායම් 8ක් තරඟ වදින මෙම ක්‍රිකට් තරඟාවලිය සඳහා කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා විසින් පිහිටුවන ලද ප්‍රමුඛ පෙලේ පාසල් වන ආනන්ද, නාලන්ද, මහින්ද, ධර්මපාල,…

(0)Comments | December 1, 2023 11:05 am

Super King Detergents සමාගම Lanka Business Award සම්මාන දිනයි

විෂබීජනාශක සහ පිරිසිදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟී එන ව්‍යාපාරයක් වන Super King Detergents සමාගම Lanka Business Awards සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම විෂබීජනාශක සහ පිරිසිදුකාරක සන්නාමය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. Business World International Organization (BWIO) සංවිධානය කළ සම්මාන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. එහිදී Super King Detergents කළමනාකාර අධ්‍යක්ෂ රාමසාමි සිවසංකර් මහතා වෙත…

(0)Comments | November 30, 2023 4:48 pm

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය සිය දශක දෙකක සුවිසල් මෙහෙවර සාඩම්බරයෙන් සමරනු ලබයි

මෙරට මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ප්‍රමුඛතම ආයතනය වන  ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) පිහිටුවන ලද්දේ 2002 වසරේ ඔක්තෝම්බර් මාසයේදීය. ශ්‍රී ලංකා මැණික් වෙළෙඳුන්ගේ සංගමය, ශ්‍රී ලංකා ස්වර්ණාභරණ නිෂ්පාදන අපනයනකරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා මැණික් තාක්ෂණික ශිල්පීන්ගේ සහ අපනයනකරුවන්ගේ සංගමය ආදී මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිත සංගම් කිහිපයකම එකමුතුවෙන් ආරම්භ කරන ලද මෙම සංගමය ඔස්සේ…

(0)Comments | November 30, 2023 3:58 pm

Uber Eats ශ්‍රී ලංකාව තුළ වසර 5ක් සම්පූර්ණ කරයි

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ම ආහාර හා පාරිභෝගික භාණ්ඩ බෙදාහැරීමේ යෙදුම වන Uber Eats, ශ්‍රී ලංකාව  තුළ වසර 5ක් සම්පූර්ණ කර ඇති අතර, වර්තමානය වන විට  Uber Eats කොළඹ, නුවර, ගාල්ල ඇතුළු ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 6ක් ආශ්‍රිත ව සේවා  ලබා දෙමින් මෙම වසර 5 පුරා මිලියන 32කට අධික බෙදාහැරීම් සංඛ්‍යාවක් සිදු කර ඇත. මෙම සන්ධිස්ථානය සනිටුහන්…

(0)Comments | November 30, 2023 11:53 am

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ 2023 වසර සඳහා වූ ‘Nations Business Advisory Forums’ සම්මන්ත්‍රණ මාලාව සාර්ථක ලෙස නිමාව දකී

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව 2023 වසර සඳහා සංවිධානය කළ Nations Business Advisory Forums සම්මන්ත්‍රණ මාලාව පසුගියදා සාර්ථක ලෙස කොළඹදී අවසන් විය. මෙහි අටවැනි සහ අවසන් සම්මන්ත්‍රණය පසුගියදා ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැත්වුණු අතර, 350 කට අධික පිරිසක් ඊට සහභාගී වූහ. සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශකයා වූ JB Securities Ltd හි ප්‍රධාන විධායක නිලධාරී සහ Advocata Institute හි සභාපති මුර්තසා ජැෆර්ජී…

(0)Comments | November 29, 2023 4:14 pm

කොමර්ෂල් බැංකුවේ කාඩ්පත් හිමියන්ට වෙළෙඳසල්  3500කට අධික ප්‍රමාණයකින් 50%ක් දක්වා විශේෂ වට්ටම්

කොමර්ෂල් බැංකුවේ අපේක්‍ෂිත උත්සව සමයේ කාඩ්පත් ප්‍රවර්ධනය දියත් කිරීමත් සමග, බැංකුවේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට සිය සාප්පු සවාරි උද්යෝගිමත් ලෙස ආරම්භ කිරීමට හැකිවී තිබේ. 2023 නොවැම්බර් මැද සිට දෙසැම්බර් 31 දක්වා නිශ්චිත දින හෝ කාලසීමාවන්හිදී හෝ රටපුරා පිහිටි අලෙවිසල් 3500කට වැඩි ප්‍රමාණයකින් 50% දක්වා වට්ටම් පිරිනැමීමට සමාගම් 450කට අධික සංඛ්‍යාවක් සමග නැවත වරක් හවුල්වී…

(0)Comments | November 29, 2023 4:09 pm

ICAC 2023 සමුළුව පරිගණක ක්ෂේත්‍රයේ සීමාවන් පුළුල් කරමින් තාක්ෂණික දියුණුව අනාගතය කරා රැගෙන යයි

SLIIT විසින් පවත්වනු ලබන පරිගණක ක්ෂේත්‍රයේ ප්‍රගතිය සම්බන්ධයෙන් වන 5 වැනි ජාත්‍යන්තර සමුළුව (International Conference on Advancements in Computing – ICAC) බත්තරමුල්ල, වෝටර්ස් එජ් හෝටලයේදී ලබන දෙසැම්බර් මස 07 සහ 08 යන දිනවලදී පැවැත්වීමට නියමිතය. SLIIT හි පරිගණක පීඨය විසින් වසරක් පාසා සංවිධානය කරනු ලබන මෙම ජාත්‍යන්තර සමුළුව හරහා පරිගණක ක්ෂේත්‍රයේ අනාගත තාක්ෂණික නවෝත්පාදන නිමැවුම්…

(0)Comments | November 29, 2023 3:31 pm

ශ්‍රීලංකන් ගුවන් සේවය කොළඹ සහ මදුරෙයි අතර ගුවන් ගමන්වල සත්වන සංවත්සරය සමරයි

ශ්‍රීලංකන් ගුවන් සේවය කොළඹ සහ තමිල්නාඩුවේ මදුරෙයි අතර ගුවන් ගමන් ආරම්භ කර වසර 7 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පසුගියදා විශේෂ උත්සවයක් සංවිධානය කරන ලදි. මදුරෙයි නගරය වෙත පියාසර කරන, ඉන්දියාවට අයත් නොවන එකම ගුවන් සේවය ශ්‍රීලංකන් ගුවන් සේවය වීම විශේෂත්වයකි. මේ ඔස්සේ මදුරෙයි නගරය සහ කොළඹ නගරය අතර මෙන්ම, පොදුවේ තමිල්නාඩුව සහ ශ්‍රී ලංකාව අතර…

(0)Comments | November 29, 2023 3:22 pm