Featured News

අපේ හපනෙකු හැදූ ලෝකයේ පළමු රළ නොනගින යාත්‍රාව බේරේ වැවේදී එළිදකී

මෙරට නව නිපැයුම්කරුවෙකු වන ඉන්ද්‍රසිරි කරුණාතිලක මහතාගේ සිහින සැබෑ කරමින් ඔහු විසින් නිපදවූ රළ නොනගින පරිසර හිතකාමී යාත‍්‍රාව කොමර්ෂල් බැංකුවේ සහයෝගය තුළින් පසුගියදා බේරේ වැවේදී දියත් කරන ලදී. අඩි 12 ක දිගකින් යුක්ත පරිසර හිතකාමී ‘නදී යාත‍්‍රා’ නමින් නම්කළ මෙම යාත‍්‍රාවේ ගමන් කළ මුල්ම මගීන් අතර මෙරට අද්විතීය නව නිපැයුම්කරුවෙකු වූ දේශමාන්‍ය රේ විජේවර්ධන මහතාගේ…

(0)Comments | May 27, 2014 11:59 am

ගණිකාවන් බුරුතු පිටින් බහින නිසා අමුතු ප්‍රවර්ධන වැඩසටහන්

බ්‍රසීලයේ පැවැත්වෙන 2014 ලෝක කුසලාන පා පන්දු තරගාවලිය සැලකෙන්නේ ගණිකාවන් බුරුතු පිටින් පැමිණෙන ලිංගිකත්වය අතින් ලෝකයේ වැඩිම අවධානයක් දිනාගත් ලෝක තරගාවලිය ලෙසයි. මේ නිසාම, ආරක්ෂාකාරී ලිංගික හැසිරීම් සිය අලෙවි ප්‍රවර්ධන උපක්‍රමයක් ලෙස කොන්ඩම් නිපදවන සමාගම් විසින් යොදාගෙන තිබෙන බවත් ඒ සඳහා දැවැන්ත ප්‍රචාරයක් ලබාදී තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මේ අනුව, මෙම තරගාවලියේ…

(0)Comments | May 25, 2014 3:34 am

චීනය සහ ඇමරිකාව යා කිරීමට මුහුද යටින් අධිවේගී දුම්රිය මාර්ගයක්

චීනය සහ ඇමරිකාව ලෝක ආර්ථික බලය අල්ලා ගැනීම සඳහා සීතල යුද්ධයක පැටලී සිටී. මේ වනවිට, ලෝක ආර්ථික බලවතා ඇමරිකාව වුවත් මේ වසර අවසන් වනවිට චීනය ආර්ථික බලවතා වනු ඇතැයි වාර්තා පළවී ඇත. මේ අතර, වාර්තා වන්නේ ලෝකයේ විශාලතම අධිවේගී දුම්රිය මාර්ග පද්ධතිය හිමි චීනය විසින් චීනයේ සිට ඇමරිකාව දක්වා මුහුද යටින් දිවෙන අධිවේගී දුම්රිය මාර්ගයක්…

(0)Comments | May 21, 2014 5:41 am

PayPal ලංකාවෙන් වාර්තාවක් ඉල්ලයි. සම්පත් සමග තවත් බැංකු තුනක්

සම්පත් බැංකුව හරහා මෙරටට පේපෑල් මුදල් හුවමාරු සේවාව හඳුන්වාදීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මුලින් අදහස් කර තිබුණත් ඒ සඳහා තවත් බැංකු තුනක් පමණ සම්බන්ධ කර ගැනීමට මහ බැංකුව අදහස් කර තිබෙන බව අනාවරණය වේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ උසස් නිළධාරියෙකු අප සමග අදහස් දක්වමින් ඒ පිළිබඳව අදහස් දැක්වූයේ මෙසේයි. “අපි මුලින්ම හිතුවේ පේපෑල් සේවාව…

(0)Comments | May 14, 2014 10:10 am

කොට්ටාව නගරය සංවර්ධනය කිරීමට නව සැලසුමක් එයි

දකුණු අධිවේගී මාර්ගයේ මාකුඹුර පිවිසුමට ආසන්නතම නගරය වන කොට්ටාව නගරය සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රධාන සැලසුමක් සකස් කර තිබේ. මෙහි පුළුල් කිරීමේ කටයුතු වෙනුවෙන් කොට්ටාවේ පරිවාස හා ළමාරක්ෂණ දෙපාර්තමේන්තුව සතු අක්කර 04 ක ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට සූදානම් වේ. මෙම සැලසුමට අනුව, කොට්ටාව නගරය තුළ වෙළෙඳ සංකීර්ණයක්, වාණිජ මධ්‍යස්ථානයක්, ජාතික නිවාස…

(0)Comments | May 9, 2014 4:48 am

අතුරුගිරිය පෝරේ අධිවේගී පිවිසුමේත් නව නගරයක් ?

පිටත වටරවුම් මාර්ගයේ කොට්ටාවේ සිට කඩුවෙල කොතලාවල දක්වා කොටස මේ වනවිට විවෘත කර තිබුණත් කොතලාවල පිවිසුම යොදා තිබෙන්නේ තාවකාලික පිවිසුමක් ලෙසත් අතුරුගිරිය පොරේ වෙල්යාය පිහිටි ස්ථානයේ නව පිවිසුමක් පැමිණෙන බවත් අප මෙයට පෙර වාර්තා කළේය. මේ අනුව, මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මේ වනවිට අතුරුගිරිය පොරේ වෙල්යායේ කොටසක් ගොඩ කරමින් එම නව පිවිසුම ගොඩනැගීම ආරම්භ කර…

(0)Comments | May 7, 2014 12:38 pm

බෝට්ටු වලින් යන-එන පිටකොටුව පාවෙන වෙළඳ පොළේ රඟ මෙන්න -Photos

විදේශීය සංචාරකයින්ට දේශීය භාණ්ඩ අලෙවි කිරීමේ මූලික අරමුණෙන් නිර්මාණය කළ පිටකොටුව බැස්ටියන් මාවතේ වෙළඳ සැල් 92 කින් සමන්විත “පාවෙන වෙළඳ පොළේ“ (Floating Market) ඉදිකිරීම් අවසන් කළ බවත් එය ළඟදීම විවෘත කිරීමට නියමිත බවත් ව්‍යාපෘතිය භාර ගෘහ නිර්මාණ ශිල්පිනී, තුෂාරි කාරියවසම් මහත්මිය පවසයි. ඇය අප සමග සඳහන් කළේ මෙම වෙළඳ සැල් 92 කට අමතරව තවත් පාවෙන…

(0)Comments | May 1, 2014 4:37 pm

වෙන්චර් එනජින් යළිත් වරක් ව්‍යවසායකයින් දිරිගැන්වීමට සූදානමින්

ශී‍්‍ර ලංකාවේ ව්‍යවසායකයින් දිරි ගැන්වීමේ අරමුණින් වඩාත් ඵලදායි ව්‍යාපෘති වෙනුවෙන් අනුග‍්‍රාහකත්වය දැක්වීමේ අරමුණින් කි‍්‍රයාත්මක බ්ලූ  ඕෂන් ව්‍යාපාරය (Blue Ocean Ventures) හා ඉන්දියන් ඒන්ජල් ජාලයේ (Indian Angel Network) ඒකාබද්ධව පවත්වනු ලබන වෙන්චර් එනජින් 2014 (Venture Engine 2014) අඛණ්ඩව තුන්වැනි වරටත් කි‍්‍රයාත්මක කෙරේ. පසුගිය දෙවසකර කාලය තුළ ව්‍යාපාරික අවස්ථා 12ක් පණ ගැන්වීමට සිය දායකත්වය සපයමින් රුපියල් මිලියන…

(0)Comments | May 1, 2014 4:36 pm

ගාලු මුවදොර, ෂැන්ග්‍රි-ලා සැලසුම වෙනස් වෙයි

කොළඹ ගාලු මුවදොර ඉදිරිපිට හොංකොං හි, ෂැන්ග්‍රි-ලා සමාගම විසින් ඉදිකරන හෝටලයේ පෙර සැලසුම වෙනස් කර තිබෙන බවත් නව සැලසුමට අනුව හෝටලය ඉදිකරන ස්ථානය අසලින් ගමන් කරන අධි ධාරිතා විදුලි රැහැන් පවා ඉවත් කිරීමට සිදුව තිබෙන බවත් අනාවරණය වේ. මේ පිළිබඳව අප සමග ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අදහස් දැක්වූයේ මෙසේයි. “හෝටලයේ මුලින් තිබූ…

(0)Comments | April 24, 2014 9:08 am

සැම්සුන්ග් ගින්න ලංකාවේ දුරකතන වලටත් බලපානවාද ?

සැම්සුන්ග් සමාගමේ දකුණු කොරියාවේ පිහිටි ප්‍රධාන දත්ත මධ්‍යස්ථානයේ අද ඇතිවූ ගින්නෙන් වූ හානිය නිසා ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින් වෙත සමාගම විසින් සපයන සේවා වලට ගැටලුවක් ඇතිවී නැතැයි සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික්ස් සමාගමේ මෙරට නියෝජිතයින් කියයි. අප සමග අදහස් දක්වමින් සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික්ස් ශ්‍රී ලංකා ශාඛාවේ ජංගම දුරකතන අංශයේ, නිෂ්පාදන කළමනාකරු, කපිල පෙරේරා මහතා මේ බව සඳහන් කළේය. සැම්සුන්ග් නිෂ්පාදන…

(0)Comments | April 21, 2014 8:47 am