Top News

රජයේ ටෙන්ඩර්වලින් සියයට 10 ක් පොඩි අයට වෙන්කරයි

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් සහ කුඩා ව්‍යාපාර වර්ධනයට උපකාර කිරීම සඳහා රාජ්‍ය ප‍්‍රසම්පාදනය තුලින් ඒවාට වඩා හොඳ අවස්ථා ලබා දීම අවශ්‍ය වන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. ඊයේ (05) සිය අයවැය කතාව තුළින් මුදල් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. ඒ අනුව සියළු අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල ප‍්‍රසම්පාදන වටිනාකමින් අවම වශයෙන් සියයට 10 ක්…

(0)Comments | March 6, 2019 10:31 am

ලැයිස්තුගත සමාගම්වල කාන්තා නියෝජනයට නව නීති

සංස්ථාපිත මණ්ඩලයන්හි කාන්තා නියෝජනය දිරිමත් කිරිම සඳහා යෝජනා කිහිපයක් මෙවර අයවැයෙන් ඉදිරිපත් වී තිබේ. ඒ අනුව සංස්ථාපිත මණ්ඩලවල අනිවාර්යය කාන්තා නියෝජනය හදුන්වාදීම සඳහා යෝජිත පෙළගැස්ම පහත පරිදි වේ. කොළඹ කොටස් වෙළදපොලෙහි ලැයිස්තුගත සියළුම සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලයන්හි කාන්තා නියෝජනය සියයට 30 ක් විය යුතු බවට ශී‍්‍ර ලංකා සුරකුම්පත් කොමිෂන් සභාව විසින් ස්වෙච්ඡා ඉලක්කයන් හඳුන්වා දෙනු ඇත….

(0)Comments | March 5, 2019 5:26 pm

ළමා ගිණුම් – මාසික පොළිය රු. 5,000 ට වඩා වැඩි නම් බදු

මූල්‍ය ආයතනයක පවත්වාගෙන යනු ලබන තැන්පතු ගිණුම් මත වයස අවු. 18ට අඩු ළමුන් විසින් උපයනු ලබන පොළී ආදායම මසකට රු.5,000/- ක් දක්වා ආදායම් බද්දෙන් නිදහස් කරනු ලබන බව 2019 අයවැය යෝජනාවන් හි සඳහන් වේ.

(0)Comments | March 5, 2019 5:25 pm

පාස්පෝට් – එක්දින ගාස්තුව රු. 15,000 ක් දක්වා ඉහළට

2019 ජූනි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ගුවන් ගමන් බලපත්‍රවල වෙනස්කම් සිදුකිරීම සඳහා වන ගාස්තු සහ නව බලපත්‍ර නිකුත් කිරීම සඳහා වන ගාස්තු සංශෝධනය කර තිබේ. ඒ අනුව ගමන් බලපත්‍රවල වෙනස්කම් සිදුකිරීම සඳහා දැනට අයකරනු ලබන ගාස්තුව රු. 500 සිට රු. 1,000 ක් දක්වා වැඩි කර ඇත. මීට අමතරව සාමාන්‍ය සේවාව යටතේ ගමන්…

(0)Comments | March 5, 2019 5:10 pm

ඉලෙක්ට්‍රික් කාර් මිල පහළට. පෙට්‍රල්/ හයිබ්‍රිඩ් ඉහළට. අයවැයෙන් වාහන මිල ඉහළ යන්නේ මෙහෙමයි

මෝටර් රථ වාහන සඳහා අයකරනු ලබන බදු තවදුරටත් ඉහළ නැංවීමට මෙවර අයවැය 2019 තුළින් යෝජනා වී තිබේ. අදාළ අයවැය යෝජනාවෙහි මෙසේ සඳහන් වේ. “මෝටර් රථ වාහන සඳහා වන නිෂ්පාදන බදු සහ සුඛෝපභෝගී වාහන ආනයන බදු 2019 මාර්තු 06 දා සිට බලපැවැත්වෙන පරිදි සංශෝධනය කරනවා. එසේ වුදව කුඩා එන්ජින් ධාරිතාවන් සහිත මෝටර් වාහන සඳහා මෙම සංශෝධනය…

(0)Comments | March 5, 2019 4:25 pm

රජයේ සරසවි වරම් නැති සිසුන්ට රු. ලක්ෂ 11 ක පොළී රහිත ණයක්

අපොස උසස් පෙළ සඳහා තුන් ලක්ෂයක සිසු පිරිසක් පෙනී සිටින බවත්, එයින් රජයේ විශ්වවිද්‍යාල වෙත පිවිසෙන්නේ මෙයින් සෑම වසරකම 30,000 ක ප්‍රමාණයක් බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීම මහතා පවසයි. අද දින 2019 අයවැය කතාව කරමින් මුදල් අමාත්‍යවරයා මෙහිදී යෝජනා කළේ මෙලෙස උසස් පෙළ විභාගය සමත්ව රාජ්‍ය විශ්ව විද්‍යාල වරම් නොලද සිසුන් සඳහා රාජ්‍ය නොවන විශ්ව…

(0)Comments | March 5, 2019 4:08 pm

සේවකයින් 250 ට වැඩි ආයතනවලට ළමා සුරැකුම් මධ්‍යස්ථාන

මීට සුළු මොහොතට පෙර මුදල් අමාත්‍යවරයා සිය අයවැය කතාව කරමින් සේවකයින් 250 ට වැඩි සංඛ්‍යාවක් සහිත වාණිජ ආයතනවල ළමා සුරැකුම් පහසුකම් සහිත මධ්‍යස්ථාන ඉදිකිරීම දිරිමත් කරනු ලබන බව කියා සිටියේය. “විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවෙන් සියයට 50 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සිසුවියන් වීම පිළිබඳව අප ආඩම්බර වුව ද, ශ්‍රම බලකායේ කාන්තා දායකත්වය සියයට 30 ක් පමණ…

(0)Comments | March 5, 2019 3:04 pm

ටයර් කර්මාන්තය සඳහා පුද්ගලික අංශයට අංග සම්පූර්ණ පර්යේෂණ පහසුකම් ලබා දීමට රුපියල් මිලියන 500 ක් අයවැයෙන් වෙන් කරයි

අද (05)  දින අයවැය 2019 යෝජනා ඉදිරිපත් කරමින් ටයර් කර්මාන්තය සඳහා අංග සම්පූර්ණ පර්යේෂණ පහසුකම් ලබා දීමට රුපියල් මිලියන 500 ක් වෙන් කරනු ලබන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටියේය. “රට තුළ ටයර් නිෂ්පාදනය සහ රබර් ආශ්‍රිත කර්මාන්ත සඳහා අවශ්‍ය රබර් කිරි හිඟකම ප්‍රධාන ගැටළුවක් වී පවතිනවා. මේ සඳහා රබර් අලුතින් වගා කිරීම…

(0)Comments | March 5, 2019 2:40 pm

අයවැය කියන්නේ බොරුවක්ද? සෑහෙන දුරට එකඟවෙන්න සිදුවෙනවා – විගණකාධිපති කියයි

පසුගිය දශක දෙක තුනක කාලපරිච්ඡේදය තුළ අයවැය පිළිබඳ අවධානය යොමු කළ විට එය යම් යම් දත්තයන්ගේ එකතුවක් මිසක, යථාර්ථයට බොහෝ දුරස් වූ සංකල්පයක් බවට පත්ව ඇති බව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසයි. මෙහිදී ‘අයවැය කියන්නේ බොරුවක්ද“ යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් විගණකාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, එම ප්‍රකාශය සමඟ සෑහෙන දුරට එකඟතාවයක් පළ කිරීමට සිදුවන බවයි. අද…

(0)Comments | March 5, 2019 1:42 pm

බිම් බෝම්බ ඉවත් කිරීමට නෝරවේ රජයෙන් ඩොලර් මිලියන 7 ක්

ශ‍්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා NOK මිලියන 60 (ඇ.ඩො. මිලියන 7) ක් අවුරුදු තුනක කාලයක් ඇතුළත ලබාදීමට නෝර්වේ රජය තීරණය කර ඇත. ‘ශ‍්‍රී ලංකාව බිම් බෝම්බ හේතුවෙන් විශාල වශයෙන් පීඩා විඳ ඇත. නමුත් මේ වනවිට ශ‍්‍රී ලංකාවේ අරමුණ වන්නේ බිම් බෝම්බ වලින් තොර රටක් නිර්මාණය කිරීමය. මේ වසරේදී බිම් බෝම්බ තහනම් කිරීමේ ගිවිසුමේ…

(0)Comments | March 5, 2019 12:53 pm