2019 මාස අටක කාලයක් සඳහා මර්බන් බොරතෙල් (Murban Crude Oil) මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සිංගප්පූරුවේ M/s Swiss Singapore Overseas Enterprises Pte. Ltd., වෙත පිරිනැමීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා ඉදිරිපත් කළ යෝජනාව…
පසුගිය ද හඳුන්වා දෙන ලද කාබන් බද්ද වර්ජනය කරන ලෙස ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටින්නේ කොළඹ සහ ගම්දිපහ දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක නොවන කාබන් බද්ද, කළුතර දිස්ත්‍රික්කය තුළ පමණක් ක්‍රියාත්මක කිරීම නීති විරෝධී බවයි. අමාත්‍යවරයාගේ මෙම සටහන පහතින්…
2019 වර්ෂයෙහිදී ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමේ අරමුණ පෙරදැරිව ලෝක බැංකු සමුහයේ සමාජිකයකු වන ජාත්‍යන්තර මුල්‍ය ආයතනය (IFC) හා කොළඹ කොටස් හුවමාරුව එක්ව අබණ්ඩව සතරවන වසරටත් සීනුව නාද කොට ගනුදෙනු ආරම්භ කිරීම කොළඹ කොටස් හුවමාරුව තුල අද දින සිදු කරනු ලබයි. විශේෂයෙන්ම මෙම සබදතාවය තුලින් ගෝලීය ආර්ථිකය සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය සඳහා කාන්තා සහභාගීත්වය දිරිමත් කිරීමට…
2015 වසරේ දී රු. 11,730 ක්ව පැවති පහළ මට්ටමේ රජයේ නිලධාරියෙකුගේ වැටුප 2020 වසර වන විට රු. 24,250 ක් දක්වා වැඩි වී ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය අයවැය කතාවේ දී කියා සිටියේය. මෙහිදී හෙද වැටුප් රු. 15,620 සිට රු. 32,525 ක් දක්වා ද, උපාධිධාරී ගුරු වැටුප් රු. 16,100 සිට රු. 33,300 දක්වා ද,…
2018 වසරේ දෙවන භාගය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් කොළඹ දිස්ත්‍රික්කය ආවරණය කරමින් ගණනය කරන ලද ඉඩම් මිල දර්ශකය 125.9 ක අගයක් වාර්තා කරන ලද අතර එය 2017 වසරේ දෙවන භාගයේ වාර්තා වූ අගයට සාපේක්ෂව සියයට 18 ක වර්ධනයකි. නේවාසික, වාණිජ හා කාර්මික යන ඉඩම් මිල දර්ශකයේ අනු දර්ශක තුනෙහිම ඉහළ යාම මෙම වර්ධනය…
වසරකට මෙට්‍රික් ටොන් මිලියන 10ක ධාරිතාවයක් සහිත අපනයනය සඳහා පෙට්‍රෝලියම් පිරිපහදුවක් හම්බන්තොට ඉදිකිරීමට සිංගප්පූරුවේ සිල්ව පාර්ක් ඉන්ටර්නැෂනල් (පුද්ගලික) සමාගම සහ ඕමාන් සුල්තාන් රාජ්‍යයේ තෙල් හා ගෑස් අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව පිහිටුවා ගත් ව්‍යාපාරයක් පවත්වා ගෙන යාම පිණිස යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. අදාළ ආයෝජන යෝජනාවේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් යෝජිත කර්මාන්තය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය වන ඉඩම් අක්කර…
ශ්‍රී ලංකා මහ බැංකුවේ වෝහාරික විගණන කටයුතු සඳහා සුදුසු ගෝලීය පරිචයක් සහ ජාත්‍යන්තර පළපුරුද්දක් සහිත ආයතනවල සේවය ලබා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව සිදුකරන ලද තාක්ෂණික යෝජනා ඇගයීමේ හා මූල්‍ය යෝජනා ඇගයීමේ ප්‍රතිඵල මත අමාත්‍ය මණ්ඩල උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි තෝරා ගන්නා ලද ඉන්දියාවේ BDO India…
2019 අයවැයෙන් වාහන බදු අතිශය ලෙස වැඩි කර ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පවසයි. අයවැය පිළිබඳ සම්බන්ධයෙන් විශ්ලේෂණයක් ඉදිරිපත් කරමින් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසන්නේ රේගු බද්දට අමතරව සුඛෝපභෝගී බද්දක් හඳුන්වා දී ඇති බවත්, මෙහිදී වටිනාකම ගණනය කරන ආකාරය පිළිබඳව තවම නිශ්චිත තීරණයක් නොමැති බවත්ය. මේ…
අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ දී භෞතික විද්‍යා, ජීව විද්‍යා, තාක්ෂණය, වාණිජ හා කලා විෂයය ක්ෂේත‍්‍රයේ රටේ ඉහළම ප‍්‍රතිඵල පෙන්වනු ලබන්නන් සඳහා හාර්වර්ඩ්, MIT, ඔක්ස්ෆර්ඩ්, කේම්බි‍්‍රජ් වැනි ඉහළම ගණයේ විශ්වවිද්‍යාලවල උපාධි ලබා ගැනීමට පහසුකම් සැලසීම සඳහා වන Scholarship for Educational Excellence- SEE අරමුදල දියත් කරනු ලබන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි….
අන්තර්ජාලය ඔස්සේ හෝටල් පහසුකම් වෙන්කරවා ගැනීමේ ක‍්‍රමවේදයෙහි ඇති වාසි පිළිගන්නා අතරේ සංචාරක ක්ෂේත‍්‍රයේ නිරත කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ක‍්‍රමයෙන් විධිමත් ආර්ථික ක‍්‍රියාවලියට අවතීර්ණ කරවීමේ අවශ්‍යතාව රජය අවබෝධ කරගෙන සිටින බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය අයවැය කතාවේ දී කියා සිටියේය. ඒ අනුව, 2020 අපේ‍්‍රල් මස 01 දිනෙන් පසුව අන්තර්ජාලය ඔස්සේ නවාතැන් පහසුකම් වෙන්…
Video Story