ETI ආයතනයේ වත්කම් අලෙවි කිරීමේ ගනුදෙනු සම්බන්ධයෙන් පසුගිය පෙබරවාරි 26 දින ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ජාතික ආර්ථික සභාවේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට භාජනය වූ බව ජාතික ආර්ථික සභාවේ මහ ලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා පවසයි. මේ සම්බන්ධයෙන් ජාතික ආර්ථික සභාව පහත නිරීක්ෂණ ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ, බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවක්…
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවලින් නිපුණතා සංක්‍රමණිකයින් බැහැර කොට ප්‍රාදේශීය කලාප වල ස්ථාපිත කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පසුගිය වසරේදී තීරණය කළේය. ඒ අනුව එම වැඩසටහන යටතේ ඔස්ට්‍රේලියානු වීසා හිමිවන සංක්‍රමණිකයින් කුමන ලෙසකින් හෝ designated areas හෙවත් නියම කළ ප්‍රදේශයෙන් බැහැර වුවහොත් ඔවුන්ගේ වීසා අහෝසි කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පියවර ගැනීමට සූදානම් බව The Age පුවත්පත වාර්තා කර…
Maersk Holdings හි ප්‍රධාන විධායක නිලධාරි සොරෙන් සේකාව් (Soren Skou) මහතා ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය. ශ්‍රී ලංකාවේ බහාලුම් හැසිරවීමේ ව්‍යාප්තිය වැඩිදියුණු කිරීම පිළිබඳ Maersk Holdings හි දායකත්වය පිළිබඳව මෙහි දී ජනාධිපතිතුමා වෙත කරුණු ඉදිරිපත් කෙරුණු අතර ඒ පිළිබඳව මේ වන විට Maersk Holdings ආයතනය ශ්‍රී ලංකා වරාය…
දේශීය සීනි අවශ්‍යතාවයෙන් 9%ක පමණ ප්‍රමාණයක් දේශීයව නිපදවන අතර ඉතිරි 91%ක අවශ්‍යතාවය ආනයන මඟින් සපුරාගනු ලබයි. එබැවින් සීනි හා උක් කර්මාන්ත සංවර්ධනය කිරීම මඟින් අති විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට හැකිවනු ඇත. මෙම කරුණු සැලකිල්ලට ගෙන උක් වගා කළ හැකි නව ඉඩම් සොයා උක් වගාව ව්‍යාප්ත කර ලංකාවේ සීනි නිෂ්පාදනය ඉහළ නැංවීමට අවධානය යොමු…
විදුලිබලය සැපයීමේ විශ්වසනීයත්වය වැඩි දියුණු කිරීමට සහාය වීමේ ව්‍යාපෘතිය යටතේ පන්නිපිටිය ග්‍රිඩ් උපපොලෙහි මොගාවාර් 100ක ධාරිතාවයෙන් යුත් බ්‍රේකර් ස්විච් කැපැසිටර්ස් බැංකු සවි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඉන්දියාවේ M/s. Seimens Ltd. වෙත පිරිනැමීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ…
• රුපියල් බිලියන 14 ක් හෙවත් ලාභයෙන් 45% ක් බදු ලෙස රජයට ගෙවයි • ශ‍්‍රී ලංකා නව ගණකාධිකරණ ප‍්‍රමිති 09 ට සංක‍්‍රමණය තුලින් රුපියල් බිලියන 05 ක පිරිවැයක් • පිට පිටම තුන්වන වසර සඳහාත් ණය පොත සහ තැන්පතු රුපියල් බිලියන 100 ක වර්ධනය ඉක්මවයි • දළ ආදායම 21% කින් රුපියල් බිලියන 138 ක් දක්වා ඉහළට…
විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික කර්මාන්තය ගෝලීය අගය එකතු කිරීමේ සැපයුම් ජාලයට අවතීර්ණ වෙමින් පවතින අතර, ආර්ථික සහයෝගීතා හා සංවර්ධන සංවිධානයේ නිෂ්පාදන කර්මාන්ත වර්ගීකරණයට අනුව මෙරට ඉලෙක්ට්‍රොනික හා විද්‍යුත් යන්ත්‍රෝපකරණ කර්මාන්ත ක්ෂේත්‍රය මධ්‍යම – ඉහළ තාක්ෂණික හා ඉහළ තාක්ෂණික ඝනයට අයත් වේ. ඒ අනුව රථවාහන, විදුලි සංදේශය, පරිභෝජ්‍ය ඉලෙක්ට්‍රොනික භාණ්ඩ, කර්මාන්ත ස්වයංක්‍රීයකරණය, අන්තර්ජාල උපාංග නිෂ්පාදනය හා වෙනත්…
පකිස්ථාන සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් පකිස්ථාන ගුවන් කලාපය තාවකාලිකව වසා දැමීම හේතුවෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගම පාකිස්ථානයේ ලාහෝර් සහ කරච්චි වෙත 2019 පෙබරවාරි මස 28 වැනි බ්‍රහස්පතින්දා සිදු කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් අත්හිටුවීමට කටයුතු යොදා තිබේ. ලාහෝර් සහ කරච්චි වෙත පියාසර කිරීමට ගුවන් ප්‍රවේශ පත්‍ර වෙන්කර ඇති මගීන්ට අවශ්‍ය වැඩි දුර උපදෙස් ඔවුන්ගේ සංචාරක…
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් මේ වන විට රෝග රාශියක් සඳහා ඖෂධ වර්ග නිෂ්පාදනය කරනු ලබන අතර, එම ආයතනය සහ අනෙකුත් පෞද්ගලික නිෂ්පාදකයින් විසින් දැනට මෙරටට අවශ්‍ය වන ඖෂධ ඒකක බිලියන 02 ක් පමණ වාර්ෂිකව නිපදවනු ලබයි. එම ප්‍රමාණය වෙළෙඳපොළ ඉල්ලුමෙන් 12% ක් සපුරාලීමට ප්‍රමාණවත් වන අතර, ඉතිරි 88% ක වෙළෙඳපොළ ඖෂධ අවශ්‍යතාව ආනයනය කරනු…
විදේශීය විශ්වවිද්‍යාල/ උපාධි පිරිනමන ආයතනයන්ට අනුබද්ධව පිරිනමනු ලබන විදේශීය උපාධි පාඨමාලා පවත්වනු ලබන අධ්‍යාපන ආයතනයන් ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන යනු ලබන අතර, මෙම ආයතන විසින් පවත්වාගෙන යනු ලබන පාඨමාලා දේශීය මෙන්ම විදේශීය ශිෂ්‍යයින් විසින් ද හදාරනු ලබයි. මෙම උපාධි පාඨමාලාවන් හි ප්‍රතීතණය සහ තත්ත්ව ආරක්ෂණය අදාළ මව් විශ්වවිද්‍යාලය/ උපාධි පිරිනමන ආයතන විසින් සිදු කළ ද,…
Video Story