ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (05) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 174.9847 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල සටහන් වූයේ රු.178.8381ක් ලෙසින් සටහන් විය. ඩොලරයේ විකුණුම් මෙලෙස මුල් වරට රු. 179 සීමාවෙන් මෙපිටට පැමිණියේ පසුගිය 2018 නොවැම්බර් 11 වනදායින් පසුවය. මේ අතර නිරූපිත එතැන් එ.ජ.ඩොලරයේ විනිමය…
අද (05) දිනයේ දී කොළඹ පිටකොටුවේ 4 වන හා 5 වන හරස්වීදිවල සියලූම වෙළෙඳසැල් වසා දමා හර්තාල් ව්‍යාපාරයක් දියත් වී ඇත. මෙම හර්තාල් ව්‍යාපාරයට සම්බන්ධ වෙළෙඳුන් පවසන්නේ මේ වන විට ක්‍රියාත්මක කර ඇති රේගු බදුවලට අමතරව අධික වියදම් ප්‍රමාණයක් තමන්ට දරන්නට සිදුවීම මෙම හර්තාල් ව්‍යාපාරයට හේතු වී ඇති බවයි. අත්‍යාවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමයේ…
ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක කේන්ද්‍රීය ලක්ෂණ එළිදැක්වීම උදෙසා වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් පත් කළ මහජන කොමිසම වෙත විවිධ පාර්ශ්වයන් විසින් ලබාදුන් අදහස් සාරාංශ කොට සකස් කරන ලද අතුරු වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම ඊයේ (04) පස්වරුවේ කොළඹ 07 විද්වත් වෘත්තිකයන්ගේ සංගම් මධ්‍යස්ථානයේ දී සිදු විය. වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා…
ATM යන්ත්‍ර හරහා වංචා සහගත ආකාරයෙන් මුදල් ලබා ගැනීමේ සිද්ධි කිහිපයක් වාර්තා වී ඇතැයි LankaClear ආයතනය පවසයි. කෙසේ වෙතත් LankaClear ආයතනය මෙහිදී අවධාරණය කර සිටින්නේ තම අනුබද්ධිත ආයතනයක් වන LankaPay ගෙවුම් ජාලය හරහා ක්‍රියාත්මක වන ATM යන්ත්‍රවල ආරක්ෂාව තහවුරු කර ඇති බවයි. මෙහිදී LankaClear ආයතනය වැඩිදුරටත් පවසන පරිදි ATM යන්ත්‍ර හරහා මුදල් ලබා ගැනීමේ දී…
පසුගිය කාලපරිච්ඡේදයේ දී දකින්නට ලැබුණු දේශපාලන උච්ඡාවචනයන් හා අස්ථාවර තත්ත්වය මේ වන විට යථා තත්ත්වයට පැමිණ ඇති බව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා පවසයි. මෙහිදී වැඩිදුරටත් ජෝන් කීල්ස් සභාපතිවරයා අවධාරණය කර සිටින්නේ රටේ ආර්ථික හා ව්‍යාපාර වර්ධනය උදෙසා දේශපාලනික ස්ථාවරභාවය හා ප්‍රතිපත්තිවල අඛණ්ඩතාවය අත්‍යාවශ්‍ය සාධකයක් බවයි. ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි…
වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) දා බත්තරමුල්ල, සෙත්සිරිපාය (දෙවන අදියර ), 11 වන මහලේ පිහිටි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ පරිශ්‍රයේදී, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 10ක් සඳහා නව සභාපතිවරුන් හා විධායක අධ්‍යක්ෂකවරුන් හට පත්වීම් ප්‍රදානය කිරීම සිදු කෙරිණි. එහිදී ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනයේ සභාපතිනිය ලෙස ආචාර්ය විශාකා සූරියබණ්ඩාර මහත්මිය ද…
එක්සත් ජනපද ඩොලරයක රුපියල් අගය අද (31) දිනයේ දී යළිත් වරක් වාර්තාගත පහළ ගියේය. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 177.4187 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 181.2816 ක් ලෙසින් සටහන් විය. පසුගිය දෙසැම්බර් 12 වනදායින් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ අඩුම…
ශ්‍රී ලංකාවට ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ළදරු පුයර ආනයනය, නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇති බව රෝයිටර් පුවත් සේවය වාර්තා කර සිටී. ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ළදරු පුයර නිෂ්පාදිතවල, පිළිකාකාරක ඇස්බැස්ටෝස් අඩංඟු නොවන බවට තහවුරු කරන තුරු මෙම වාරණය බලපැවැත්වෙන බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ළදරු පුයර නිෂ්පාදිතවල පිළිකාකාරක ඇස්බැස්ටෝස් අඩංඟු බවට පසුගිය කාලයේ…
මහජනයා සතුව ඇති “අකුරු, ඉලක්කම් ලිවීමෙන්, ඉරි ඇදීමෙන් සහ වෙනත් අනවශ්‍ය දේ ලිවීමෙන් විකෘති කරන ලද මුදල් නෝට්ටු“ වාණිජ බැංකු විසින් බාර ගැනීම මේ වන විට නවතා දමා ඇත. තවද බැංකු ගෙවීම් පියවීමේ දී ඇතැම් බැංකුවවල තිබෙන ලියුම් කවරයක බහා මුදල් බාර ගැනීමේ යන්ත්‍රවලට මෙයාකාරයෙන් විකෘති කරන ලද මුදල් නෝට්ටු තැන්පත් කළහොත් එම බැංකුව විසින්…
විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයට අයත් ආයතනයන්හි අධ්‍යක්ෂ මණ්ඩල පත්කිරීම, විෂයභාර අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පෙරවරුවේ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදුකෙරිණි. ඒ යටතේ ලංකා විදුලිබල මණ්ඩලය, පරමාණුක බලශක්ති මණ්ඩලය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන කොමිසම, ලංකා විදුලි පුද්ගලික සමාගම, ලංකා ගල් අගුරු සමාගම සහ ලංකා…
Video Story